1. විෂයක් ගැන භාගෙට ඉගෙන ගත්තම වෙන වින්නැහිය තමයි ඔයාගේ කමෙන්ට් එකේ පේන්න තියෙන්නේ. Flora of Ceylon කියල පොත් සෙට් එකක් තියනවා බහුතරයක් විදේශිකයින් ලියපු. රොබට් නොක්ස්ගේ මුල් පොත බැලුවත් ඔයාගේ අංක 1 කාරණාවට උත්තරේ තියනවා.
2. විමලසුරේන්ද්‍ර මහතා හදුන්වන්නේ Father of Hydropower කියල මිසක් ඔයා ලියපු විදියට Father of Hydroelectriciy මගුලකින් නෙමෙයි. ඔයා නැට්ට පාගන් දගලන්නේ. එතුමාට තිබ්බ සමස්ත Hydropower සම්බන්ධ දැනුමටයි එහෙම හදුන්වන්නේ. ඒක නිසා ඔයා ලියපු Pelton Wheel (Phelton නොවේ) කතා කිසිම අදාලත්වයක් නැති ඒවා. Hydropower කියන්නේ ජල විදුලියට කියල කියන්නේ එහෙන් මෙහෙන් භාගෙට ඉගෙන ගත්ත අය. ජල විදුලියට කිසිම සම්බන්ධයක් නැති විස්මිත ජලාශයකුත් තියනවා එතුමා හදපු. උල්පත් ජලය අවම මතුපිට ගලායාමක් සහිතව පරිභෝජනයට දෙන්න. දන්නේ නැත්නම් ගිහින් බලන්න එක ගොඩනගන්න කරපු වික්‍රමය. ඉන්ජිනේරින් ගැන හොද දැනුමක් තියන අය දන්නවා එතුමාගේ ටැලන්ට් එක. ඒ කිසිකෙනෙකුට එතුමා Father of Hydropower ලෙස හදුන්වනවට විරුද්දතාවක් පෙන්වල නෑ. නමුත් ඔයාට ඒක අවුල් වගේ නේ.... ජල විදුලියට අමතරව ලෝකෙට සුලන්, ගල් අඟුරු, න්‍යෂ්ටික තාක්ෂණ වලින් විදුලිය හදන ක්‍රම ආව. ඔයා කියන විදියට ලංකාවට හදුන්වාදීමත් සිම්පල් වැඩක් නම්, කෝ ලංකාවේ එකෙක්වත් කොපි කරලා හරි ඒ තාක්ශනේ රටට හදුන්වා දුන්නද ? කැඩුනමත් චීනෙන් එනකන් බලන් ඉන්නවා. Hydroelectriciy / Hydropower දන්නේ නැති ඔයාට වඩා ඒ මිනිස්සු මේ රටට ලොකු සේවයක් කරලා තියනවා. විවේචන නම් ඕන ගොනෙක්ට කරන්න පුළුවන් නේ.
ඔව් ලංකාව ගැන දන්න ලංකාවෙ හිටපු රොබට් නොක්ස් වගේ අය කෙනෙක් දෙන්නෙක් එහෙම කියන්න ඇති ඒත් ඔයා හිතන තරම් ලංකාව ඔය පෙරදිග මුතු ඇටය තියා ශ්‍රී ලංකාව කියන නමින්වත් ලෝක ප්‍රසිද්ධ නෑ.
LoL ලස්සන වචන හරඹයක් Hydroelectriciy, Hydropower. ඇයි එතුමා ඉදිකරපු ලක්ශපාන විදුලිය නෙමෙයිද උත්පාදනය කරන්නෙ? ඒ කතා වැඩක් නෑ මම කියන point එක ඔයාගෙ උත්තරේම තියෙනවා ලංකවෙ අය ලංකාවෙ ඉන්ජිනේරුවන් හැරුනම වෙන ලෝකෙ කොහෙද එතුමාව Father of Yydropower කියල හදුන්වන්නෙ????
අනිත් එක hydropower වලට turbine එක අදාලම නෑලු ලොලේ ලොල් Hydropower, Hydroelectriciy දෙකේම අවසාන ප්‍රතිපලය ජලයේ විභව ශක්තිය චාලක ශක්තිය බවට පෙරලල විදුලිය උත්පාදනය. ඒකෙදි ප්‍රදානම දේ තමයි ජලාශය/ එතනින් රැගෙන එන ජලය/ ටබයිනය / විදුලි ජනකය. ඒකෙනුත් ටබයිනය විදුලි ජනකය සුවිශේෂයි. එතුමා හදපු කිසිම බලාගාරයක ලංකාවෙ හදපු ටබයින් හෝ ජනක යන්ත්‍ර නෑ. නොරෙච්චොලෙ වගේම තමයි වෙනසකට තියෙන්නෙ මේව යුරෝපෙ ජපානෙ වගේ රටවල නිශ්පාදිත නිසා කැඩෙනව අඩුයි. කොහොමත් ජල විදුලි බලාගාර කැඩෙනව අඩුයි ඒකට හේතුව තාප බලාගාර වගේ complex systems නෑ ජල විදුලි උත්පාදනයේදී. අනිත් එක ලංකාවෙ සුලං විදුලි බලාගාර, සෝල බලාගාර වගේම dendro, LNG, Diesel වගේ එකී නොකී බලාගාර සෑහෙන්න තියෙනවා.
මේක විතරක් නෙමෙයි අපේ මිනිස්සු දාගත්තු අපේ අය විතරක් කියන විරුදාවලි කියාගත්ත ඒව මම ඕනෙ තරම් දැකල තියෙනවා ඒකෙන් දැන් මතක්වෙන එකක් තමයි "ආසියාවේ රිදී සීනුව" SWRD බණ්ඩාරනායටද කොහෙද එහෙම කියන්නෙ හැබැයි ලංකාවෙ හැරුනම ආසියාවේ වෙන කොහේහරි එතුමාව එහෙම හදුන්වනවද?
ඔය ලංකාවෙ කියල උඩ පනින එකත් උතුර දකුණ නුවර කියල උඩපනින එකේම තවත් දුගුවක් බ්‍රෝ. ඇති දෙයක් නෑ ලෝකෙ මොකෙක්වත් පඩේකට ගනන් ගන්නෙත් නෑ.
ත්‍රෙඩ් එකේ මතෘකාවට අදාල නැති නිසා මෙතනින් එහාට රිප්ලයි දාන්න බලාපොරොත්තුවකුත් නෑ.