විවාහයට බලපාන කේන්දරේ 7 කොටුව

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    විවාහයට බලපාන කේන්දරේ 7 කොටුව

    විවාහ දිවියට බලපාන ග්‍රහයින්
    ජ්‍යෙdතීර්වේදී ආර්. ඇම්. ටී. බී. රත්නායක
    කේන්දරේ 7 වැන්නෙන් විවාහ ජීවිතය ගැන දැනගන්න.

    සිකුරු ග්‍රහයා සහ කේන්ද්‍රයේ 07 වැන්න විවාහ කෙතේ සරු නිසරු බව සංකේතවත් කරන අතර අනෙක්‌ ග්‍රහයන්ගේ බලපෑම් කෙරෙහිද ජ්‍යෙdතීර් වේදය මගින් ඒ බව කල්තියා දැනගැනීමට පොරොන්දම් ගැළපීම මගින් (පරීක්‌ෂාව) යම් විනිශ්චයකට පැමිණිය හැකි වන්නේය. හඳහනේ හත අධිපතියා සහ ඔහු සමඟ සිටින ග්‍රහයින්, හත්වැන්නේ නවාංශක අධිපතියා සේම කුජ ග්‍රහයා ගැන සොයා බැලීම වටනේය. රවි 07 වැන්නේ සිටී නම් තරමක අහංකාර වූ දැඩි සිතක්‌ ඇති සහකරුවකු/ සහකාරියක ලැබීමට පුළුවන. එසේම එවන් කේන්ද්‍ර හිමියන්ගේ විවාහය ප්‍රමාදවීමටද ඉඩ තිබේ. සඳුÊ07 වූ විට ඔහු හෝ ඇය ඉතා කරුණාවන්තය. කාමාශා බලවත් වුවද ඒවා පාලනය කර ගනී. 07 අධිපතියා අඟහරු නොවී සිකුරු සමඟ 01, 04, 07, 10 වැනි ස්‌ථානයක සිටියහොත් එකී අයගේ විවාහ ජීවිතය සැපවත් වන්නේය. හත්වැන්නාධිපතියා එහිම වී නම් ධනවත්, කුලවත් අයකු විවාහයට ලැබෙයි. පවුල් ජීවිතය සතුටින් ගෙවිය හැකිය. සහකරු හෝ සහකාරිය සැර පරුෂ නොවී, කලහකාරී නොවී කරුණාවන්තව සමගියෙන් ජීවත්වීමේ භාග්‍යය උදාවෙයි. විවාහයෙන් පසු දෙදෙනාගේ දියුණුව වඩාත් තීව්‍ර වෙයි.

    කුජ (අඟහරු) 07 වැන්නේ සිටි විට දෙදෙනා අතර අසමගිය සේම කලහකාරී තත්ත්වයක්‌ උද්ගතවී අනෙකා පරයා කටයුතු කරන බිරිඳක හෝ ස්‌වාමි පුරුෂයකු ලැබීමට ඉඩකඩ වැඩිය. එසේම මුත්‍රා ආබාධ හා වකුගඩු රෝගද වැළඳිය හැකිය. හත්වැන්න අධිපති ග්‍රහයා බුධ සමඟ යෙදුණේ නම් එකී විවාහ කෙත සරුවෙයි. බුද්ධිමත් බවින් හා දැනුමෙන් පෝෂණය වී දියුණුව උදාවන්නේය. කේන්ද්‍රයේ ලග්නාධිපතියා සමඟ 07 අධිපතියා සිටීමෙන් දෙදෙනාගේ අෙන්‍යාන්‍ය සම්බන්ධතා බොහෝදුරට සාර්ථක වෙයි. සමාන ගතිගුණ පැවැත්ම නිසා සාර්ථක විවාහ ජීවිතයක්‌ ගත කිරීමට හැකි වන්නේය.

    ගුරු (බ්‍රහස්‌පතී) 07 වැනි ස්‌ථානයේ සිටීමෙන්ද යහපත් සහකරුවකු/ සහකාරියක ලැබීමේ ඉඩකඩ වැඩිවේ. ස්‌වාමියා හෝ භාර්යාව හෝ නොවී ගුණගරුක වන්නේය. හත්වැන්නේ සිටින අධිපති ග්‍රහයා 10 වැන්නේ සිටින අධිපතියා සමඟ වූ කල තම සේවා රැකියා, කර්මාන්ත ආදියේ දියුණුව උදාවෙයි. 07 අධිපතියා සිව්වැන්න අධිපතියා සමඟ සිටින විට විවාහය බෙහෙවින් ආලය පදනම් කරගෙන සිදුවන අතර ජීවත්වන තාක්‌ කල් යෙහෙන්, සමගියෙන්, සමාදානයෙන් කල් ගෙවයි.

    07 වැනි ස්‌ථානය කෲර ග්‍රහයින් දෙදෙනකුට මැදිව සිටින විට විවාහ දිවියේ ගැටලු හා කරදරකාරී තත්ත්වයන් උදාවෙයි. රාහු 07 සිටින්නේ නම් ස්‌ත්‍රීන්ගේ ආශ්‍රය අධිකවී හරි හම්බකරගත් වස්‌තුව, ධනය නාස්‌තිවීමට පුළුවනි. සිකුරු 07 වැන්නේ ශුභදායකව යහපත්ව සිටි විට විවාහයෙන් පසුව වාසනාව උදාකරයි. ස්‌ත්‍රී කේන්ද්‍රයක 08 වැන්නේ කෲර ග්‍රහයකු (කුජ) සිටීනම් ඇය වැන්දඹුවක වීමේ ඉඩකඩ වැඩිය. එසේම ශනි (සෙනසුරු) 08 වැන්නේ සිටීමද විවාහය අතෘප්තිමත් කරයි. ශනි සමඟ සඳු 08 සිටීමෙන් සහකාරිය විවාහ එකකට වැඩි ගණනක්‌ සිදුකර ගන්නේය.

    විවාහය ප්‍රමාද කරන්නේ ශනිය.

    07 ට අදාළ ග්‍රහයින් ශනි සමඟ වීම ඊට එක්‌ හේතුවකි. එසේම 07 වැන්න ශනිට අයත්වී නම් (මකර - කුම්භ) විවාහය ප්‍රමාද නොකරයි. සිකුරු සමඟ රාහු සිටීමෙන් විවාහය ඉක්‌මන් කරවයි. අඩු වයසින් විවාහ කටයුතු සිදු වන්නේය. පසුව එවැන්නක්‌ සිදුවීම ගැන දුක්‌වෙයි. කුජ - කේතු එකට සිටීමද විවාහය කල් යැමට හේතුවකි. බොහෝ විට විවාහය සිදුවන්නේ විරුද්ධවාදීකම් මැද්දේය. කොටින්ම හත්වැන්න අධිපතියා සමඟ රාහු හෝ කේතු හෝ සිටීම යහපත් නොවේ. විවාහයට මුලින් විරෝධතා එල්ල වී පසුව නිරාකරණය වීමේ ප්‍රවණතාවයක්‌ද ඇතිවිය හැකිය. ලග්නාධිපතියා සහ 07 සිටින ග්‍රහයා එකට සිටීමෙන් ඉක්‌මන් විවාහයක්‌ සිදුවෙයි.

    සිකුරුට අයත් වෘෂභ, තුලා රාශිවල සිකුරු සිටීමෙන් කාමය වැඩිවෙයි. ලෞකික ආශාවන් කෙරෙහි සිත් වහා යොමුවේ. වෘෂභ රාශිගතව සිකුරු සිටීමෙන් පහත් හැඟීම්වලින් තොරවෙයි. ආලය, ප්‍රේමය, වැනි කටයුතුවලදී බාධක - අභියෝග එල්ල නොවේ. තුලා රාශි ගතවූ සිකුරු චාම් ගති සිරිත්වලට යොමු වේ. ඥති සම්බන්ධතා වැඩි දියුණු වේ. වෘෂභ රාශිගතව සිකුරු සිටීමෙන් විෂ්ණු යෝගය යෙදෙයි. මේ නිසා පෙනුම හැඩරුව දැකුම්කලුයි. ප්‍රසන්නයි. අලංකාරය, විනෝදය කෙරෙහි සිත් යොමුවෙයි. ස්‌ථිර විවාහය වෙයි. වැන්දඹුවක වුවහොත් තවත් විවාහයක්‌ ගැන නොසිතයි, භූමිලාභ, ඉඩකඩම්, යාන, වාහන ලැබීමේ භාග්‍යය උදාවන්නේය. තුලා රාශි ගතවූ සිකුරුගෙන් පියුමාකාර යෝගය යෙදෙයි. මේ යෝගය නිසා උසස්‌, යහපත් අය ආශ්‍රයට ලැබේ. විවාහ දිවියේ සතුට සැප ලබයි. දුරාචාරයට යොමු නොවේ. දේපළ ඉඩකඩම් ලැබීමේ භාග්‍යය ලබයි. සිකුරු මීන රාශියේදී උච්ච වීම නිසා මහඖෂධ යෝගය ඇති වේ. මෙයින් අදාළ පුද්ගලයා නැණවත් ගුණවත්, අයකු සේම අන් අයගෙන් කිත් පැසසුම් ලබයි.

    සතුට, ප්‍රීතිය පවුල් ජීවිතයට උදාවන තවත් ග්‍රහ පිහිටීමක්‌ ලෙස රවි - චන්ද්‍ර දෙදෙනාගෙන්ද බැලිය හැකිය. රවි හෝ සඳු තමන්ට හිමි ස්‌ථාන (සිංහ - කටක) මාරුවී සිටීමේදී ඒ යුවළගේ සෙනෙහස තරවෙයි. මතභේද අරගලවලින් තොරව අෙන්‍යාන්‍ය විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමට හැකිවීමෙන් පවුල් කෙත සරුසාර වන්නේය.

    මීරිගම විද්‍යාල මාවතේ සාමවිනිසුරු
     

    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    monada machan me rashi gatha wenawa kiyanne. eka kendare thiyenne koheda. 7ta adipathi kauda kiyala danne nane. kotuwalata adipathi grahyo kauda??
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    owa athatama balapanawada banz .sikuru 7 hitiyama hodai kiyla neda normally kiyanne:) +4 added ela pawusi:):)
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    07 අධිපතියා සිව්වැන්න අධිපතියා සමඟ සිටින විට mea kiyanne mokakda therennea ?
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    • Like
    Reactions: බින්දු