විශිෂ්ටයකුගේ සමුගැනීම

Jun 19, 2013
437
104
0
විශිෂ්ටයකුගේ සමුගැනීම

ක්‍රීඩකයෙක් විදියට කොච්චර දෙයක් කරලා තියෙන කෙනෙක්ද... බලල bump දාල රෙප් දාල කමෙන්ට් කරලා පලයල්ලා මචන්ලා....
1057003_478683395541042_393759062_n.jpg



එදා මෙදා තුර ක්‍රිකට් වංශකතාවේ ශ්‍රී ලංකාවෙන් ලෝක ක්‍රිකට් කරලියට බිහි වූ විශිෂ්ට ක්‍රීඩකයෙකු වන සනත් ජයසුරිය සියලුම අන්තර්ජාතික තරග වලින් සමුගත්තේ අද වැනි දිනකය. වසර 22ක් පුරාවට ඔහුගේ පිත්තෙන්,පන්දුවෙන් සනිටුහන් වූ ලෝක වාර්තා රැසකි…,
1. එක්දින තරගවල වැඩිම ලකුණු ලබාගත් 3වෙනි ක්‍රීඩකයා (13430)
2. එක්දින තරග 400 ක්‍රීඩා කල ලොව පළමු ක්‍රීඩකයා
3. වැඩිම එක්දින තරග ගණනක් ක්‍රීඩා කල ක්‍රීඩකයන් අතර 2වෙනි ස්ථානය (445)
4. එක්දින ලකුණු 13000+ ක් හා එක්දින කඩුලු 300+ ක් ලබා ගත් ලොව පළමු හා එකම ක්‍රීඩකයා
5. එක්දින තරගවල වේගවත්ම අර්ධ ශතකය (පන්දු 17)
6. පිට පිටම එක්දින තරග 2ක දී ලකුණු 150+ ක් ලබා ගත් පළමු හා එකම පිතිකරුවා
7. එක්දින තරගවල ලකුණු 150+ සීමාව වැඩි වාර ගණනක් පසු කල එකම පිතිකරුවා (189,151,152,157)
8. එක්දින තරගවල වැඩිම 6 පහර ගණනක් එල්ල කල පිතිකරුවන් අතර 2වෙනි ස්ථානය (6 පහර 270)
9. එක්දින තරගවල වැඩිම 4 පහර ගණනක් එල්ල කල පිතිකරුවන් අතර 2වෙනි ස්ථානය (4 පහර 1500)
10. එක්දින ශතකයක් වාර්තා කල ලොව වයස්ගතම පිතිකරුවා (අවරුදු 39 දින 212 , 107 vs India)
11. එක්දින කඩුලු 300+ ක් ලබා ගත ලොව එකම නිත්‍ය ආරම්භක පිතිකරුවා
12. එක්දින තරගවල පළමු කඩුල්ල වෙනුවෙන් උපුල් තරංග සමග වැඩිම ලකුණු සබදතාවය ( ලකුණු 286 ඕවර 31.5)
13. රොෂාන් මහානාම සමග ටෙස්ට් තරගයක දී කඩුල්ලක් වෙනුවෙන් 2වෙනි වැඩිම ලකුණු සබදතාවය (576). මෙය ටෙස්ට් තරගයක දී 2වන කඩුල්ල සදහා වැඩිම ලකුණු සබදතාවය ද වේ.
14. එක්දින තරගවල තරගයේ වීරයා සම්මානය වැඩිම වාර ගණනක් දිනා ගත් ලොව 2වෙනි ක්‍රීඩකයා
15. එක්දින,ටෙස්ට් හා විස්සයි 20 අන්තර්ජාතික තරගවල වැඩිම කණ්ඩායම් ලකුණු ලබා ගත් ඉනිම් අතර වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කල පිතිකරුවා (එක්දින-157 , ටෙස්ට්-340 , විස්සයි 20-88)
16. එක්දින තරගයක දී තමා රැස් කල පෞද්ගලික ලකුණු සංඛායාවට වඩා වැඩිම ලකුණු පරතරයකින් ප්‍රතිවාදී පිල පැරද වූ ක්‍රීඩකයා ( සනත් 189,ඉන්දියාව 54 all-out )
17. එක්දින තරගාවලියක අවසාන මහා තරගයක දී වැඩිම ලකුණු ගණනක් ලබා ගත පිතිකරුවා (189 vs India Coca -Cola Champions Trophy)
18. ලෝක කුසලාන තරගාවලියක දී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා සම්මානය දිනා ගත් පළමු හා එකම ක්‍රීඩකයා
19. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු , ඉනිමක දී වැඩිම ලකුණු , පළමු ටෙස්ට් ත්‍රිත්ව ශතකය ලබා ගත් ක්‍රීඩකයා
20. ටෙස්ට් තරග 9ක් පිට පිටම ජයග්‍රහණය කල පළමු හා එකම ශ්‍රී ලාංකික ටෙස්ට් නායකයා
21. ශ්‍රී ලංකාව වෙනුවෙන් දැනට වැඩිම එක්දින ශතක ප්‍රමාණයක් (28) , පළමු විස්සයි 20 අර්ධ ශතකය වාර්තා කල ක්‍රීඩකයා
 
Last edited:
  • Like
Reactions: mil rox
Jun 19, 2013
437
104
0
sana kiyanne one welawaka form wenna puluwan ekek.match ekak goda gnna eka sana wage ayata gemak na.lankawen apu supiri porak

අනිත් එක මචන්, සනා කියන්නේ අපේ ටීම් එකට luck එක කියන දේ උපරිමයෙන්ම ගෙනාපු කෙනෙක්... අන්තිම කාලේදී මහින්දය සනාව දේශපාලනේට ගෙනල්ල කෑවේ නැත්නම්, අගය තවත් මහා ඉහලින් ලෝකේ මිනිස්සු කතා කරන්න තිබුන... පිටරටවල්වල මිනිස්සු, ශ්‍රී ලංකාව දැනගෙන හිටියේ, " ආ සනත් ජයසූරිය ඉන්න රටේද? " කියලයි ... මූ ගහනවා බලන්නයි මිනිස්සු මැච් බලන්නේ... සනා අවුට් උනාම අයිත් දැනගන්න ඕනේ ෆයිනල් රිසල්ට් එක ... ඒ තරමට අනිත් players ලා පරාදයි...
 
Jun 19, 2013
437
104
0
පරණ මැච් එකක සනයි කලුවයි ඉන්දියන් පඩික්කන් කාරයොන්ට එලවන හැටි බලපන්... මෙන්න ආශ්චර්යය... කොහොමද ටෝනි ගේ කෑගැහිල්ල... කළුව අවුට් කලාම සචින් ගේ කේන්තියත් බලපන් හිනා යනවා...


 
Last edited:
අඩෝ ඉස්සර මු අවුට් උනාම මට මැච් එක බලන්නත් එපා වෙනවා මම එඡ්චාරකට කැමති ක්‍රීඩකයෙක්, දැනට මේ ළඟටවත් එන්න පුළුවන් සංගට විතරයි,
හැබැයි දැන්නම් මේ හිපාටුවාව පෙන්නන්න බැහැ
 
Jun 19, 2013
437
104
0
පිස්සු පුසා;15213676 said:
අඩෝ ඉස්සර මු අවුට් උනාම මට මැච් එක බලන්නත් එපා වෙනවා මම එඡ්චාරකට කැමති ක්‍රීඩකයෙක්, දැනට මේ ළඟටවත් එන්න පුළුවන් සංගට විතරයි,
හැබැයි දැන්නම් මේ හිපාටුවාව පෙන්නන්න බැහැ

අන්න බලපන්, අපිට දෙයක් ගොඩනගාගන්න කොච්චර කාලයක්, කොච්චර කැප කිරීමක් කරන්න වෙනවද... එත් එක පුංචි දෙකින් එක කොච්චර ඉක්මනට නැති කරගන්න පුලුවන්ද කියල... හැබැයි දැන් අයිත් ටික ටික වැරදි තේරුම් අරගෙන හැදීගෙන එනවා වගේ... වෙනකන් ඉතින් කියන්න බෑ... බලාගෙන ඉම්මු...
 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සනා කියන්නේ එල ක්‍රීඩකයෙක්.ඊට වඩා මොනවා කියන්නද?
    එයාගේ පුද්ගලික ජීවිතය අපිට වැඩක් නෑ.
    කාලයක් පන්දු යවන්නන්ගේ භීතිකාව.......
     
    Jun 19, 2013
    437
    104
    0
    සනා කියන්නේ එල ක්‍රීඩකයෙක්.ඊට වඩා මොනවා කියන්නද?
    එයාගේ පුද්ගලික ජීවිතය අපිට වැඩක් නෑ.
    කාලයක් පන්දු යවන්නන්ගේ භීතිකාව.......

    විතරක් නෙමෙයි, පිතී කරුවන්ගේත් භීතිකාව වෙලා තිබුන... The best all rounder in the world cricket
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    sana ona team ekakata gahanawa,e wage gahana ekekwat ada nane
    sanagen mitawada deyak cricket walata ganna puluwan
    sana cha une politics nisa,ona ekak politics walata awoth eka wenawa
     

    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    පිස්සු පුසා;15213676 said:
    අඩෝ ඉස්සර මු අවුට් උනාම මට මැච් එක බලන්නත් එපා වෙනවා මම එඡ්චාරකට කැමති ක්‍රීඩකයෙක්, දැනට මේ ළඟටවත් එන්න පුළුවන් සංගට විතරයි,
    හැබැයි දැන්නම් මේ හිපාටුවාව පෙන්නන්න බැහැ

    :yes:
     

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ක්‍රිඩකයෙකුගෙ පෞද්ගලික ජිවිතය නොව හැකියාව, දක්ශතාවයයි පමනක් වැදගත් වන්නෙ.

    මටනම් සනත් ඉයෙත්, අදත්, හෙටත් සුපිරිම ක්‍රිඩකයෙක්...

    ශ්‍රි ලන්කිකයන් යනු හැමදෙයක්ම ඉක්මනින් අමතක කරන ජාතියකි.