මහා වෙදමහත්තයා Maha Wedhamahaththaya
athS1plo5nsortehd ·මේ පලවෙනි ෆොටෝ එකේ තියෙන්නේ හමුදාපති ඊයේ(22) කරපු ප්‍රකාශය.
.
ලංකාවේ ඔක්කොම වෛද්‍යවරුන්ගෙ සංගම් (SLMA, GMOA, AMS, SMIC) එකතු වෙලා ජනාධිපති ට 19 වෙනිදා යවපු ලියුම.
ඒකෙ මෙහෙම තියෙනවා.
"Therefore, we together and in unison, most respectfully demand the government to go for a minimum two weeks (14 days) lockdown or even a curfew, continuously and at a stretch, of the entire country, considering the following scientific observations."
ඊට පස්සෙ මේ විදිහට දවස් 14ක් ලංකාව ලොක්ඩවුන් කරන්න ඕනෙ ඇයි කියන එකට විද්‍යාත්මක හේතු 6ක් පෙන්වලා දුන්නා. (ලිපිය බලන්න)
(සරලවම කිව්වොත් SARS CoV-2 වෛරස් එකේ ඉන්කියුබේෂන් පීරියඩ් එක දවස් 7යි. එතකොට ඒකෙ පැතිරීම සම්පූර්ණයෙන්ම පාලනය කරන්න ඕනෙ නන් ඒ වගේ දෙගුණයක කාලයක් ආසාදිතයින්ගෙ සංචරණය නවත්තන්න ඕනෙ. ලංකාවෙ PCR පොසිටිව් වෙන ආසාදිතයින් ගණන වගේ තුන් ගුණයක් ඩිටෙක්ට් නොවී සමාජයේ ඉන්නවා කියලා ප්‍රජා වෛද්‍ය විශේෂඥයන් උපකල්පනය කරනවා. එහෙනන් මේ හැමෝගෙන්ම පැතිරීම නවත්තන්න පුලුවන් එකම විදිහ දවස් 14ක ලොක්ඩවුන් එකක් විතරයි.)
ජනාධිපති තුමාට, වෛද්‍ය සංගම් වලින් මේ ලියුම යවන්නේ මැයි 19 වෙනිදා. යුධහමුදාපති මේ ප්‍රකාශය කරන්නේ මැයි 22 වෙනිදා. දැන් මෙතන ඇත්ත කියන්නෙ කවුද කියන එක ඔබම තීරණය කරන්න.
*** වැදගත් ***
මේ පැන්ඩමික් එක "අපි තමයි හරි", "අපිට නොහැක්කක් නොමැත", "ඕක තමයි අපි කිව්වෙ" වගේ ප්‍රකාශ කරලා ඊගො බැට්ල් දිනන්න උත්සාහ කරන වෙලාවක් නෙමෙයි. ඇත්ත බැට්ල් එක දිනුවට පස්සෙ ක්‍රෙඩිටි එක කවුරු ගත්තත් අපිට කමක් නෑ.
හැබැයි එතකන්, තමන් ප්‍රවීණත්වයක් නොදරන ක්ෂේත්‍රයක ප්‍රවීණයො දෙයක් කිව්වම ඊගො එක පැත්තකින් තියලා ඒක අහන්න පුරුදු වෙන්න ඕනෙ. මේක ජනාධිපතිටයි, හමුදාපතිටයි දෙන්නටම අදාලයි. මොකද ඒගොල්ලො තමන්ගෙ ඊගො එක සැටිස්ෆයි කරන එකේ මිල ගෙවන්න වෙන්නෙ මහ ජනතාවට. ඒක දැනට ප්‍රෙඩික්ට් කරලා තියෙන විදිහට සැප්තැම්බර් අග වෙද්දි කෝවිඩ් මරණ 21000 ක්. අපි ඒ මිල ගෙවන්න ලෑස්තිද???
#Covid19SL
