විෂයන් 09ක් අනිවාර්ය වෙයි..උසස් පෙළට අලුතින&#3

Athugala

Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    44
    SL
    විෂයන් 09ක් අනිවාර්ය වෙයි..උසස් පෙළට අලුතින&#3

    විෂයන් 09ක් අනිවාර්ය වෙයි..උසස් පෙළට අලුතින් එකතුවන විෂයන් මෙන්න

    උසස් පෙළ විෂය නිර්දේශයට නව විෂයන් ගණනාවක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

    එළඹෙන ඔක්තෝම්බර් මාසයේ සිට නියමු ව්‍යාපෘතියක් ලෙසත්, 2019 වසරේ සිට සමස්ත පාසල් පද්ධතියම ආවරණය වන පරිදිත් මෙම විෂයන් පාසල් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    මෙම විෂය ධාරාව වෘත්තීය විෂය ධාරාව ලෙස හඳුන්වනු ලබන අතර, එය පොදු විෂය මාලාව සහ ව්‍යවහාරික විෂය මාලාව ප්‍රධාන කොටස් දෙකකින් සමන්විතය. ඒ අනුව පොදු විෂය මාලාව යටතේ ප්‍රධාන විෂය ක්ෂේත්‍ර 09ක් ආවරණය කෙරන අතර උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට ඇතුළත් වන සියලු සිසුන් අධ්‍යයන වසර දෙකට අයත් පළමු මාස 6 දී මෙම විෂය කෂේත්‍ර අනිවාර්යයෙන් ම හැදෑරිය යුතුය.

    සිසුන් විසින් ප්‍රගුණ කළ යුතු එම විෂය ක්ෂේත්‍ර පහත දැක්වේ.

    1. පළමු බස (සිංහල හෝ දෙමළ)

    2. ව්‍යවහාරික ඉංග්‍රීසි සහ සන්නිවේදන කුසලතා සංවර්ධනය

    3. සෞන්දර්ය රසාස්වාදය හා සබැඳි කුසලතා

    4. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කුසලතා

    5. පුරවැසිභාවයට අදාළ කුසලතා

    6. සමාජ යහපැවැත්ම සඳහා අවශ්‍ය සෞඛ්‍ය හා ජීවන කුසලතා

    7. ව්‍යවසායකත්ව කුසලතා

    8. ක්‍රීඩා හා අනෙකුත් විෂය සමගාමී ක්‍රියාකාරකම්

    9. වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන්

    මෙම පොදු විෂය මාලාව හඳුන්වාදීමේ අරමුණ වන්නේ සිසුන් තුළ ප්‍රායෝගික වැඩලෝකයට අත්‍යවශ්‍ය වන පෞරුෂත්වය ඇතුළු අනෙකුත් මූලික කුසලතා තහවුරු කිරීමයි.

    ඉන් අනතුරුව, ඉතිරි මාස 18 තුළ අධ්‍යයනය කිරීමට පහත විෂයයන් 26 අතුරෙන් කැමති එක් විෂයක් තෝරාගැනීමට සිසුන්‍ට අවකාශ හිමි වෙයි.

    ව්‍යවහාර විෂයයන් (26)

    1. ළමා මනෝවිද්‍යාව හා ආරක්ෂණය (Child Psychology and care)

    2. සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණය (Health and Social Care)

    3. ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා (Physical Education ad Sports)

    4. ප්‍රාසාංගික කලාව (Performing Arts)

    5. කාර්යසිද්ධි කළමනාකරණය (Event Management)

    6. ශිල්ප කලා (Arts and Crafts)

    7. අභ්‍යන්තර නිර්මාණකරණය (Interior Designing)

    8. විලාසිතා නිර්මාණකරණය (Fashion Designing)

    9. ග්‍රැ‍ෆික් නිර්මාණකරණය (Graphic Designing)

    10. කලාව හා පිරිසැලසුම්කරණය(Art and Designing)

    11. භූ දර්ශන නිර්මාණකරණය (Landscaping)

    12. ව්‍යවහාරික උද්‍යාන විද්‍යා තාක්ෂණ අධ්‍යයනය (Applied Horticultural Studies)

    13. පශු සම්පත් නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය (Livestock Product Studies)

    14. ආහාර නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය(Food Processing Studies)

    15. ජලජ සම්පත් තාක්ෂණ අධ්‍යයනය(Aquatic Resource Studies)

    16. වැවිලි බෝග නිෂ්පාදන තාක්ෂණ අධ්‍යයනය (Plantation Product Studies)

    17. ඉදිකිරීම් තාක්ෂණ අධ්‍යයනය (Construction Studies)

    18. මෝටර් යාන්ත්‍රික තාක්ෂණ අධ්‍යයනය(Automobile Studies)

    19. විදුලිය හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ අධ්‍යයනය (Electrical and Electronic Studies)

    20. පේෂකර්ම හා ඇඟලුම් තාක්ෂණ අධ්‍යයනය (Textile and Apparel Studies)

    21. ලෝහ සැකසුම් තාක්ෂණ අධ්‍යයනය (Metal Fabrication Studies)

    22. ඇලුමිනියම් පිරිසැකසුම් තාක්ෂණ අධ්‍යයනය (Aluminum Fabrication Studies)

    23. මෘදුකාංග සංවර්ධනය6(Software Development)

    24. වෙබ් නිර්මාණකරණය (Web Development)

    25. සංචරණය හා ආගන්තුක සත්කාර (Tourism and Hospitality)

    26. පාරිසරික අධ්‍යයනය (Environmental Studies)


    source : http://breakingnews.lk/15372
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ආට් කරල දෙලොවටම වැඩක් නැතුව තපිනවට වඩා මේ වගේ එකක් කරන එක නම් හොඳයි.. කවි කතන්දර පුරාවෘත නිසඳැස් ගද්‍ය මොනාටද මෙච්චරම... ඇති වැඩකුත් නෑනෙ