විසදුනා_බයික් ප්‍රශ්නේ

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    විසදුනා_බයික් ප්‍රශ්නේ

    හැමෝටම මතක ඇති නේ, බයික් ප්‍රශ්නයක් කියලා ත්‍රේඩ් එකක් නිර්මාණය කරලා අපේ අයගෙන් මම උදව්වක් ඉල්ලුව හැටි.

    බලපු නැති අය මෙතන ගිහිල්ලා බලලා ඉන්න කෝ.​

    ත්‍රේඩ් එක දාලා මම බලාපොරොත්තු වුනාටත් වඩා ඉක්මණින් ම මේ වෙනුවෙන් උපකාර කරන්න එළකිරි එකේ එළකිරි සහෝදරයෙක් සහභාගි වුනා. ඇත්තටම අගය කරන්න පුලුවන් ඒ සහෝ ගෙන් මට ලැබුන සහයෝගය.
    බයික් එක ඒ සහෝ ගේ වර්ක් ෂොප් එකට ගෙනියලා බැටරිය චාර්ජ් කරලා දුන්නා. බයික් එකේ බැටරියේ තමයි මේ ගැටළුව ඇවිත් තිබිලා තියෙන්නේ.
    මේ සහෝගේ රාජකාරිය ඉවර වේලා අපේ ගෙදරට ගොඩ වේලා මේ උපකාරය කරන්න වේලාවක් වෙන් කරාට බෙහෙවින්ම ස්තුතියි, ඇත්තටම උඹලා වගේ උදවියව අගය කරන්න පුලුවන් හිතේ කිසිම ලෝභ කමක් නැතිව.

    බැටරිය චාර්ජ් කර ගත්තාට ඒ වේලාවට විතරක් බයික් එකෙන් ප්‍රයෝජන ගන්න පුලුවන් වුනත්, නතර කලාම බැටරිය ආයෙත් පණ ගන්වන්න විදියක් නෑ, ඒ කියන්නේ බැටරිය දෙඩ් වේලා. මේකට බැටරියක් දා ගන්න ඕන වෙනවා. මම දාන්න යන්නේ නෑ, බයික් අයිතිකාරයා ආවාම මිනිහාටම දා ගත්තදෙන්.
    කොහොම වුනත් මේ සහෝ මේ වගේ බයික් ගැන හොද දැනුමක් තියෙන එකෙක් කියලා පෙනුනා බයික් එක ගැන කියපු කතා වලින්.
    ඒ සහෝ බයික් වලින් ලබාපු මිහිරි වගේම අමිහිරි අත්දැකිම් ගැනත් සුහදව සුළු මොහොතකට හෝ කතාබහක යෙදෙන්නත් අපිට පුලුවන් කම ලැබුනා.
    මේ සහෝ කරපු උදව්ව ගැන මේතාක් කල් කතා කලාත් මේ සහෝ කවුද කියලා තවම මම කියලා නෑ නේ.
    වෙන කවුරුත් නෙවෙයි, මේ ඉන්නේ ඒ එළකිරි සහෝදරයා.

    Mahesh1297

    Kawasaki%20Ninja%20250R%2006.jpg


    ඇත්තටම උඹ අනිවාර්යෙන් ම හිත හොද එකෙක් බං, උඹට ජයෙන් ජයම අත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ආහ් තවත් දෙයක් කියන්න බැරි වුනා, මේ බයික් එකේ අයිතිකාරයා මේ බයික් එක විකුණන කතාවක් මට කියලා තිබ්බා, මේ බයික් එක ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මට පුද්ගලිකව පි.එම් එකකින් විස්තර අහන්න, මම බයික් අයිතිකාරයාගේ නම්බර් එක දෙන්නම් වැඩි විස්තර අහලා කතා බහ කරගනිල්ලා.

    බයික් එකේ පින්තුර ටිකක් අප්ලොඩ් කලා



    2vbaiv5.jpg


    1z5np7r.jpg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,573
    17,627
    113
    Auckland
    elakiri machan.. aya oya battary eken duwanna epa !! CDI ekata ehema hoda na.. bulb ehemath pichcheyi

    battery ekak nam Rs3000ta adu wey not sure
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    elakiri machan.. aya oya battary eken duwanna epa !! CDI ekata ehema hoda na.. bulb ehemath pichcheyi

    battery ekak nam Rs3000ta adu wey not sure

    ඇත්ත.:yes::yes: ඕවගෙ CDI බඩු බනිස් වුනොත් සදා සොත්ති කියල තමා පොතපතේ සඳහන් වෙන්නෙ..:dull:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    elakiri machan.. aya oya battary eken duwanna epa !! CDI ekata ehema hoda na.. bulb ehemath pichcheyi

    battery ekak nam Rs3000ta adu wey not sure

    ඇත්ත.:yes::yes: ඕවගෙ CDI බඩු බනිස් වුනොත් සදා සොත්ති කියල තමා පොතපතේ සඳහන් වෙන්නෙ..:dull:

    ඔව්, උඹලාගේ කතාව හරි බං, මේ බයික් එක බලන්න ආපු එකාත් ඕය කතාවම කිව්වා. කොහොමත් බැටරියක් මාරු කරන්න වෙයි. මම බැටරි එකේ ෆොල්ට් එකක් තියෙන කතාවක් දන්නවා නම්, මෙහෙම ත්‍රේඩ් දාලා ඉන්නෙත් නෑ, කොහොමත් කොයි තරම් චාර්ජ් කලාත් බැටරිය ඩෙඩ් වේලා නම් ඉතින් අමුතුවෙන් බලලා තේරුමකුත් නෑ නේ. බයික් අයිතිකාරයා තව සතියකින් වගේ එයි නේ එතකොටම අරූට බැටරියක් අරන් එන්න කිව්වා නම් හරි.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    එලකිරිරියේ ෆට්ට හෙල්ප්ෆුල් බොක්කවල් සෑහෙන්න ඉන්නවා බන් ,
    මම කාර් හොයනකොට උන්ට වැඩ වැඩියි .....
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එලකිරිරියේ ෆට්ට හෙල්ප්ෆුල් බොක්කවල් සෑහෙන්න ඉන්නවා බන් ,
    මම කාර් හොයනකොට උන්ට වැඩ වැඩියි .....

    ඔව්, බං, ඒ වගේ එවුන් ගොඩාක් අඩුයි මේ කාලේ හැටියට හොයා ගන්න. ඇත්තටම මේ වගේ එවුන් ඉන්න එක ගැන හදවතින් ම සතුටු වෙන්න පුලුවන් බං.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    :D යකෝ බැට්‍රියේ කේස් එකක්ද.... එල එල දැන් හරිනේ..... අයිතිකාරයා තාම ආවේ නැද්ද බං.....??
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    :D යකෝ බැට්‍රියේ කේස් එකක්ද.... එල එල දැන් හරිනේ..... අයිතිකාරයා තාම ආවේ නැද්ද බං.....??

    ඔව් බං, බැටරිය ඩෙඩ් වේලා, බැටරිය චාර්ජ් කරාම එක දිගටම දුවන්න පුලුවන්, ඒත් නැවතුවාට පස්සේ වැඩ නෑ, දැන් වැඩ නෑ, ඒ හින්දා කොහොමත් අලුත් බැටරියක් දාන්න වෙනවා. අයිතිකාරයා අදත් කතා කලා, මු මේ මාස අන්තිමේට ලු එන්නේ, අනික බං මේක විකුණන්න තියෙන එකක් නේ, ඒ හින්දා ඌගෙන් බයික් එක ගන්න එකෙක් ව මේ සතිය ඇතුලට එවනවා කිව්වා. ඌට බයික් එක පෙන්නන්න කියලා කිව්වා.