විස්සයි:20 ලෝක ශූරයන්ට රුපියල් කෝටි 52 ක්

Wild Cat

Member
Mar 24, 2016
796
214
0
Sri Lanka
විස්සයි:20 ලෝක ශූරයන්ට රුපියල් කෝටි 52 ක්

66556.jpg

ඉන්දියාවේදී පැවැත්වෙන හයවැනි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කොල්කටාහි ඊඞ්න් ගාඞ්න්ස් ක‍්‍රීඩාංගණයේදී අනිද්දා (03) රාත‍්‍රී පැවැත්වේ. විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වෙන මෙම තරගය රාත‍්‍රී 7.00 ට ආරම්භ වේ. මෙහිදී ශූරයන්ට ඩොලර් මිලියන 3.5 ක් හෙවත් රුපියල් කෝටි 52 කට අධික දැවැන්ත ත්‍යාග මුදලක් පිරිනැමන අතර අනු ශූරයන්ට ඩොලර් මිලියන 1.5 ක් හෙවත් රුපියල් කෝටි 22 කට අධික මුදලක් හිමිවේ.

අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වූ නවසීලන්තයට සහ ඉන්දියාවට ඩොලර් 750,000 ක් හෙවත් රුපියල් කෝටි 11 බැගින් පිරිනැමීමට නියමිතය.

මෙවර අවසන් මහ තරගය විස්සයි20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ නොමැකෙන තරගයක් වෙමින් පළමු වරට එක රටකට දෙවැනි වරට ශූරතාව දිනාගැනීමේ අවස්ථාව උදාවී තිබේ. මීට පෙර පැවැති තරගාවලි පහේදීම කිසිඳු රටක් දෙවරක් ශූරතාව දිනා නැත.

එංගලන්තය 2010 වසරේ කොදෙව් දූපත්හිදීද, කොදෙව් පිල 2012 වසරේ ශ‍්‍රී ලංකාවේදීද, ශූරයන් බවට පත්ව තිබේ.

මුම්බායිහිදී ඊයේ (31) රාත‍්‍රී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී කොදෙව් ක‍්‍රීඩකයෝ ලකුණු 193 ක් හඹාගොස් සත්කාරක ඉන්දීය පිල පරාජය කිරීමත් සමග සත්කාරක රටට විස්සයි20 ලෝක කුසලාන අපළය ඉදිරියට ගෙනගියහ.

දකුණු අප‍්‍රිකාවේදී 2007 වසරේ ආරම්භ වී මේ දක්වා පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලි හයේදී කිසිඳු සත්කාරක රටකට ශූරතාව දිනා ගැනීමට නොහැකි වූ අතර ශ‍්‍රී ලංකාව 2012 වසරේ ශ‍්‍රී ලංකාවේදී අනු ශූරතාවයෙන් සෑහීමට පත්විය.

නවදිල්ලිහි ෆෙරෝෂ් ෂා කොට්ලා ක‍්‍රීඩාංගණයේදී පසුගිය බදාදා පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී එංගලන්තය කඩුලූ 7 කින් නවසීලන්තය පරාජය කරමින් අවසන් මහ තරගයට සුදුසුකම් සපුරා ගත්තේය.

කොදෙව් සහ එංගලන්ත කණ්ඩායම් හෙට (02) පස්වරු 2.00 සිට ඊඞ්න් ගාඞ්න්ස් ක‍්‍රීඩාංගණයේදී අවසන් පුහුණු සැසිවලට සහභාගි වීමට නියමිතය.

මෙම තරගාවලියට සමගාමීව පැවැත්වෙන පස්වැනි විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ඕස්ටේ‍්‍රලියානු කාන්තා පිල සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල අතර කොල්කටාහි ඊඞ්න් ගාඞ්න්ස් ක‍්‍රීඩාංගණයේදී අනිද්දා (03) පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ පිරිමි සහ කාන්තා අවසන් මහ තරග දෙකට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් දෙකම සුදුසුකම් ලබා සිටීම ද කැපී පෙනෙන සිද්ධියකි.

මේ දක්වා වසර දෙකකට වරක් පැවැති විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය වසර හතරකට වරක් පැවැත්වීමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව තීරණය කර ඇති අතර හත්වැනි තරගාවලිය 2020 වසරේ ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වීමට නියමිතය.

එංගලන්ත සංචිතය:
ඔයින් මෝගන් (නායක), මුයින් අලී, සැම් බිලින්ස්, ජොස් බට්ලර්, ලියම් ඩෝසන්, ඇලෙක්ස් හේල්ස්, ක‍්‍රිස් ජොර්ඩන්, ලියාම් ප්ලන්කට්, අදිල් රෂීඞ්, ජෝ රූට්, ජේසන් රෝයි, බෙන් ස්ටෝක්ස්, රීස් ටොප්ලි, ජේම්ස් වින්ස් සහ ඬේවිඞ් විලි

බටහිර ඉන්දීය කොදෙව් සංචිතය:
ඩැරන් සැමී (නායක), සැමුවෙල් බද්‍රි, සුලෙයිමෙන් බෙන්, කාලෝස් බ‍්‍රැත්වයිට්, ඞ්වේන් බ‍්‍රාවෝ, ජොනතන් චාල්ස්, ලෙන්ඞ්ල් සිමන්ස්, ක‍්‍රිස් ගේල්, ජේසන් හෝල්ඩර්, ඈෂ්ලි නර්ස්, දිනේෂ් රැම්ඞීන්, ඔන්ද්‍රි රසල්, මාලන් සැමුවෙල්ස්, එවින් ලූවිස් සහ ජෙරමි ටේලර්


Source
 
  • Like
Reactions: Welusumana

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,581
    2,410
    113
    ඕක මොකද්ද එක මිනිහගෙන් රුපියලක් වගේ කැපෙනවා ඇති.. :D