විස්සෙන් මූ දහ තුනක්ම අයින් කරලා..
මචන්ලා මට අද මාර වැඩක් උනා.. අපේ ගෙවල්ගාව අයියා කෙනෙක් ඉන්නවා පොර ඉන්නේ ඉතාලි. ඉතින් පොර ගෙදරට ලැප් එකක් අරන් දීලා තියෙන්නේ තාත්තටයි අම්මටයි ස්කයිප් එකෙන් කතාකරන්න.. දැනට අවුරුදු 2ක විතර ඉඳන් ඒ ලැප් එක හොඳට වැඩ කළා.. ඒ අන්කලූයි ඇන්ටියි එයාලගේ පුතත් එක්ක සකයිප් කතා කරනවා.. ඒක සෙට් කරලා දුන්නෙ මම. ඒ නිසා ඒ අයියත් රට ඉඳන් ආවම මට මොනව හරි අරගෙන අපේ ගෙදරත් එනවා.. ඉතින් මොකක් හරි අවුලක් උනොත් හදලා දෙන්නෙ මම...
ඔන්න අද හවස ඒ අන්කල් ලැප් එකත් අරන් අපේ ගෙදර එනවා.. බැලින්නම් ලැප් එකේ ස්ක්යිප් නෑ..කලින් ලැප් එකේ විස්ටා තිබ්බේ... ඒ අන්කල්ගෙ පණඩිත මුණුපුරෙක් ඒකට වින්ඩෝස් සෙවන් දාලා.. ඒත් නෙට්වර්ක් ඩ්රයිව් එක හොයාගන්න බැරුව පොර ස්කයිප් දාලා නෑ... ඉතින් ඒ අනකල් මට ඇවිත් කියපු කතාව දන්නවද....
අනේ පුතේ බලන්න මේ අපේ පණ්ඩිතයා යස අපූරුවට තිබ්බ කොම්පියුටරේට අලූතින් මොකක්ද දානවා කියලා දාලා දැන් වැඩ කොරන්නෙ නැහැ..
මම ඇහුවා උගෙන් මොකද කළේ කියලා
ඌ කිව්වා පුතේ මේකේ විස්ස තිබ්බේ ඕන් මම හත කරා කියලා...
වැඩියෙන් තිබ්බ විස්සෙන් මූ දහ තුනක්ම අයින් කරලා.. ඒක වෙන්න ඇති පුතේ දැන් කතා කරන්න බැරුව ඇත්තේ..
අනේ පුතේ මේක හදලා දෙන්න කියලා මට කිව්වා...
මම බැලූවා මේ මොකක්ද මේ කතාව කියලා..
බැලින්නම් විස්ටා අයින් කරලා සෙවන් දාපු එක ඒ අන්කල්ට තේරිලා තියෙන්නේ විස්ස හත කළා කියලා.....
පස්සේ මම ඒකෙ ඩ්රයිවර්ස් දාලා ස්කයිප් හදලා දුන්නා...
පස්සේ මට ඒක මතක්වෙන හැම වෙලේදීම බඩ පැලෙන්න හිනා...
මේක අද හවස මට වෙච්ච සත්යම සිදුවීමක්.....

Last edited: