ඔන්න එකමත් එක ගමක හිටියලු පිච් මැස්සෙක් (ඒ කිව්වේ මැච් පිස්සෙක් )මුගේ වැඩේම කිරිකට් මැච් බලන එකමලු.එංගලන්තේ ප්රාන්ත මැච් එකක් උනත් නොබලා ඉන්නේ නැති ගානටලු ටෝක් එක.ඒත් මැච් වල උනේ මොකක්ද ඇහුවමලු පොරගේ හැටි තේරෙන්නේ.ඉතිං හිතාගනින්කෝ හැටි.පොරගේ කතාවලින් එකක් දෙකක් තමයි මේ කියන්න යන්නේ.
දවසක් ඉතිං ඉන්ග්ලන්ඩ් වර්සස් ශ්රී ලංකා වන්ඩේ එකක්ලු.ටොස් එක නසාර් හුසේන්ට ඇවිත් (ඔව් ඔව් ඉස්සර තමයි )උන් ඉස්සෙල්ලා බැට් කරනවලු.ටික වෙලාවකින් අපේ කතානායකයා එනවලු මෙහෙම කියාගෙන.
"ඉවරයි, ඉවරයි.අපි අද පරදිනවා"
"ඒ මොකෝ @#න් අයියා කේස් එක ? "
"අන්න දෙන්නෙක් තියාගෙන නෙලනවා අම්බානෙක අපිට "
"කවුද බන් ඔච්චර ගහන එවුන් දෙන්නා ?"
"නම නම් හරියට මීටර් නෑ....ආහ්, පාටි නල් සිප් ද මොකක්ද එකක්, අසූ ගානක් යකෝ ඌ"
( හිනාව අමාරුවෙන් තද කරන්) "සිරාවට ? "
"ඔව් යකෝ...ඊට හපන් අනිත් එකා, මල මඟුලයි, ඌ දැන් දෙසියපනහත් පැනලා.ටර්ටල්ද මොකක්ද ප@යෙක් "





