විහිළු කතා - මෙගා නූල 2

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    ඔන්න ඉතින් අපේ ඇම්ඩ මල්ලි ඉන්නේ පොරට හිටියා ගිරවෙක්. ගිරවෙක් කිව්වට ඌ කුණුහරප වකාරෙ. ඇම්ඩා මුට හැමදාම බිත්තරයක් දෙනවලු කෑමට.

    දැන් ඔහොම ඉන්නකොට ඇම්ඩට පිටරට ටුවර් එකක් සෙට් වුනාලු. ඉතින් ඇම්ඩට ගිරවව තනියම දාල යන්න බැරි නිසා මෙයා ගිරවව යාළුවෙක්ට බාර දීල බිත්තර පාර්සලයකුත් දීල යාලුවට කිව්වලු හැමදාම එක බිත්තරයක් දෙන්න කියල.

    දැන් ඇම්ඩ ගිහින්. යාලුවා ගිරවාවට බිත්තරයෙන් භාගයක් දීල ඉතුරු බාගෙ පොරම කෑවලු. ඉතින් ගිරවටත් මේක මාරම ප්‍රශ්ණයක්ලු. ඇයි ඉතින් භාගේ බිත්තරයක්නේ හම්බවෙන්නේ.

    ඔන්න ඉතින් ඇම්ඩ මල්ලිත් සාර්ථකව සංචාරය නිමාකරල ඇවිත් ගිරවා බලන්න ආවලු. ඇවිත් ගිරවගෙන් ඇහුවා.

    "ආ.. පෙත්තෝ බත් කෑවද?" කියල

    ගිරවට මළ පැනල හිටපු නිසා කිව්වලු.

    "පෙත්තෝ... පෙත්තො නෙමෙයි හුත්තො. කවුද මේ භාගෙට හුකපු කුකුල" කියල

    :D:D:D
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඇම්ඩ මුදලාලිට තියෙනවලු හොද තොග කඩයක්. මේ තොග බඩු කඩේට එහා පැත්තේ තියෙන්නේ මාතෘ සායනයක්ලු. (ළමයි හම්බෙන්න ඉන්න අම්මලට) ඉතින් හැමදාම වගේ තඩි බඩවල් උස්සගෙන අම්මල එනවලු මේ සායනෙට. ඇම්ඩ මුදලාලිත් ඉතින් කුකුලානේ.. හැමදාම අර අම්මලට විහිලු කරනවලු "ආ අම්මේ මොනවද ඔය බඩ ඇතුලේ හංගගෙන යන්නේ? මොනවා කරලද ඔය බඩ ලොකු උනේ" වගේ එක එක කතා කියල. ඉතින් හැමදාමත් මේක ඉවසන්න බැරිම තැන එක අම්ම කෙනෙක් දවසක් හැමෝම ඉස්සරහ ඇම්ඩගෙන් ඇහුවලු " ඈ මුදලාලිගේත් බඩ ලොකුයිනේ ඒ මොනවා කරලාද" කියල ඇහුවලු.. එතකොටම මූ කියාපි " නෑ අම්මේ මගේ මේ බඩේ අලිපැටියෙක් ඉන්නවනේ' කියල. ඉතින් අම්ම අහනවා "මුදලාලි කොහොමෙයි දන්නේ ඕක අලි පැටියෙක් කියල"එතකොට ඇම්ඩ කරපු දේ දන්නවද? නෑ නේද..??? එක පාරට ඇම්ඩ " ඇයි දෙයියනේ මේ හොඩවැල තියෙන්නේ එලියට ඇවිල්ල" කියල සරම ඉස්සුවලු...
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඔන්න ඉතින් අපේ ඇම්ඩ මල්ලි ඉන්නේ පොරට හිටියා ගිරවෙක්. ගිරවෙක් කිව්වට ඌ කුණුහරප වකාරෙ. ඇම්ඩා මුට හැමදාම බිත්තරයක් දෙනවලු කෑමට.

    දැන් ඔහොම ඉන්නකොට ඇම්ඩට පිටරට ටුවර් එකක් සෙට් වුනාලු. ඉතින් ඇම්ඩට ගිරවව තනියම දාල යන්න බැරි නිසා මෙයා ගිරවව යාළුවෙක්ට බාර දීල බිත්තර පාර්සලයකුත් දීල යාලුවට කිව්වලු හැමදාම එක බිත්තරයක් දෙන්න කියල.

    දැන් ඇම්ඩ ගිහින්. යාලුවා ගිරවාවට බිත්තරයෙන් භාගයක් දීල ඉතුරු බාගෙ පොරම කෑවලු. ඉතින් ගිරවටත් මේක මාරම ප්‍රශ්ණයක්ලු. ඇයි ඉතින් භාගේ බිත්තරයක්නේ හම්බවෙන්නේ.

    ඔන්න ඉතින් ඇම්ඩ මල්ලිත් සාර්ථකව සංචාරය නිමාකරල ඇවිත් ගිරවා බලන්න ආවලු. ඇවිත් ගිරවගෙන් ඇහුවා.

    "ආ.. පෙත්තෝ බත් කෑවද?" කියල

    ගිරවට මළ පැනල හිටපු නිසා කිව්වලු.

    "පෙත්තෝ... පෙත්තො නෙමෙයි හුත්තො. කවුද මේ භාගෙට හුකපු කුකුල" කියල

    :P:P:P:P:P:P:P:P:P:P:P:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කොහොමද?

    නෝනා : වෙන?
    වැඩකාරි :
    මම අර වැඩේත් නෝනට වැඩිය ගොඩක් හොඳට කරනවලු..:P නෝනා : මොනවා! එක කිව්වෙත් මහත්තයද? මම අද...
    වැඩකාරි : නෑ.. ඒක කිව්වෙ ඩ්‍රයිවර්..:rofl:
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    "සිනමාතල්"
    ~ තමන්ගේ තාත්තාට හෘදයාබාධයක් ඇති වීම නිසා පුළුවන් ඉක්මණට ඔහුව රෝහල වෙත ගෙන යාමට චිත්‍රපටයේ වීරයා හෙවත් 'කොල්ලා' ට වුවමනා වේ.
    හොලිවුඩ් සිනමාව
    වහා ක්‍රියාත්මක වී ඇම්බියුලන්ස් එකකට කෝල් එකක් දෙන කොල්ලා, විනාඩි කිහිපයකින් එතැනට පැමිණෙන ඇම්බියුලන්ස් එකේ දමාගෙන තාත්තාව රෝහලට රැගෙන යයි. අතරමගදී ඇම්බියුලන්ස් එක ගමන් කරන මාර්ගය බරාස් ගා හදිසියේ පැළී ගැඹුරු විවරයක් ඇති වෙයි. රියදුරා අසීරු බ්‍රේක් පහරකින් අනතුරුව රථය නවත්වා ගනියි. මොහොතකින් නුදුරු අහසේ මෙතෙක් වෙලා කැමෆ්ලජ් වී තිබූ පාවෙන පීරිසියක් මතු වේ. ඉන් ගොඩ බසින පිටසක්වළ ජීවීන් මිනිසුන් හා ගොඩනැගිලි විනාශ කරමින් පෘථිවිය ආක්‍රමණය කිරීම අමෙරිකාවෙන් පටන් ගනී.
    එතැනට හතර වටින් පැමිණෙන පොලිස් රථ හා යුධ හමුදා රථ පිටසක්වළයන් වටේට හිඳ වෙඩි තබන්නට පටන් ගනී. පිටසක්වළයන්ද ඔවුන්ගේ අද්භූත විනාශකාරී ආයුධ වලින් ප්‍රතිප්‍රහාර එල්ල කරයි. ඒවා පාවෙන පීරිසිය අසළදී ආපසු හැරවී පොළව වෙත් විත් අසළ වූ ගොඩනැගිලි වලට වදියි. කඩා වැටෙන විසල් කොන්ක්‍රීට් කුට්ටි වලට යට වී සාමාන්‍ය මිනිසුන් මිය යයි. මිනිසුන් විලාප තබමින් කෑ ගසමින් හිස් ලූ ලූ අත දිව යයි. අවටින් පැමිණෙන ගුවන් හමුදා ප්‍රහාරක යානා පාවෙන පීරිසියට මිසයිල ප්‍රහාර එල්ල කරයි. 'කොල්ලා' තවමත් ඇම්බියුලන්ස් එකේ ය. තාත්තා සමග තරමක් හාස්‍යජනක, එහෙත් සංවේදී කතා බහක් ඇති වෙයි. ලොව බේරාගන්නට හැකියාව ඇත්තේ කොල්ලට පමණක් බවත් ඊට නොබියව ඉදිරිපත් වන ලෙසත් තමාට කිසිවක් නොවන බවත් පවසන තාත්තා කොල්ලා දිරිමත් කරයි.
    මද සිනහවක් නගන කොල්ලා ඇම්බියුලන්ස් එකේ ඇළ වී සිටින තාත්තා වැළඳගෙන සිනහවක් සහිතව ඉන් එළියට බසියි. ඊට නුදුරින් සිටින පිටසක්වළයෙක් එය දැක කොල්ලට වෙඩි තියයි. ඉංග්‍රීසි කුණුහරුප කිහිපයක් කියන කොල්ලා බඩ පිනුමක් ගසා අසළ වූ වාහනයකට මුවා වෙයි. අසළ වෙඩි වැදී වැටී සිටින හමුදා නිලධරයෙක්ගේ තුවක්කුවක් ගන්නා ඔහු පිස්සුවෙන් වාගේ පිටසක්වළයන්ට වෙඩි පිට වෙඩි තබයි. තබන තබන වෙඩි පහරට සක්වළයෝ උන් උන් තැන්වල මැරී වැටෙයි. එය දකින දුෂ්ටයා හෙවත් හොරා, (**මේකේ හොරා පිටසක්වළයෙක් බව සළකන්න) කොල්ලා දෙස කෝපයෙන් බිහිසුණු බැල්මක් හෙළා ඔහු සිටින දෙසට බිල්ඩින් කුඩු පට්ටම් කරගෙන මිනී මරාගෙන සක්වළයන්ද මරාගෙන දුව එයි. හොරා එල්ල කරන වෙඩි පහරකින් අසළ තිබෙන ඇම්බියුලන්ස් එක පුපුරා කුඩු පට්ටම් වෙයි.
    කොල්ලා ඉංග්‍රීසියෙන් දම්සාරීඊඊඊ කියා කෑගසයි. (**ඉංග්‍රීසි බසින් දම්සාරී යන්න ඇසෙන්නේ "නෝ" කියා ය.) තාත්තා මැරූ තරහින් වියරු වැටෙන කොල්ලා අසළින් දුව එන සක්වළයෙක්ට මූණ නාළු වෙන්නට පහරක් එල්ල කර ඌගේ ආයුධය ගෙන හොරා ට වෙඩි පිට වෙඩි තබයි. එහෙත් හොරා දරුණු එකෙකි. ඌට වදින වෙඩිල්ලක් නැත. දුව එන හොරා කොල්ලා උස්සා පොළේ ගසයි. ඉන්පසු භයංකර ද්වන්දව සටනක් ඇරඹෙයි. කොල්ලා අම්බානක ගුටි කයි. ඉන් අමාරුවෙන් ගැළවෙන ඔහු ගොඩනැගිලි අතරින් දුව විත් අසළ වූ බිත්තියකට මුවා වෙයි.
    මේ අතර අසළින් පණ බේරාගන්නට දුවන ඇහැට කණට පේන කෙල්ලෙක් ද එතැනටම පැමිණ ඒ බිත්තියටම මුවා වෙයි. ඈතින් එන හොර පිටසක්වළයා කොල්ලා සොයමින් එතැනට විටින් විට වෙඩි තබයි. කොල්ලා "ෂික් මූට වෙඩි තිබ්බට මැරෙන්නෙම නෑ නේ!" කියා කුණුහරුප කිහිපයක් සමග ඉංග්‍රීසියෙන් කියයි. එවිට එතැනම මුවා වී සිටින කෙල්ල සක්වළයාගේ බුරිය මැදට වෙඩි තැබූ විට ඌට ඩැමේජ් වන බව පවසයි. කොල්ලා විශ්මයට පත්වන අතර කෙල්ල තමන් හට මැරුණ සක්වළයෙක් අධ්‍යයනය කරන්නට හැකි වූ බව පවසා ඒ විශ්මය දුරු කරයි. කෙසේ හෝ දරුණු සටනකින් අනතුරුව කොල්ලා බුරියට වෙඩි තබා හොර පිටසක්වළයා මරා දමයි. පිටසක්වළ ලොක්කා මිය යනු දකින අනිත් පොඩි පොඩි සක්වළ බච්චෝ සියල්ල අකුළාගෙන "නැවත එන" බව කියා පීරිසියට නැගී මාරු වෙයි.
    කැඩුණු බිල්ඩිමක් අසළ නැවැත්වූ ඇම්බියුලන්ස් එකකට බරව කෙල්ල සමග සුහද කතා බහක යෙදෙන කොල්ල ඇයව සිප ගනී. අසළ සිටින වෛද්‍ය සේවකයන් ඔහුගේ අතෙ සුළු තුවාල කිහිපයකට බෙහෙත් දමයි. හදිසියේම ඇම්බියුලන්ස් එක තුළින් තාත්තාගේ කටහඬ ඇසෙන අතර, පසුව බලද්දී කලින් විනාශ වී ඇත්තේ වෙනත් ඇම්බියුලන්ස් එකක් බව කොල්ලා දැනගනී. සියල්ලෝම සතුටින් සිනහ වේ.
    ප්‍රංශ සිනමාව
    කොල්ලා ඇම්බියුලන්ස් එකේ තාත්තා දමාගෙන රෝහල වෙත රැගෙන යන අතර අතරමගදී බයික් වලින් පැමිණෙන කළු හැඳගත් පුහුණු මැරයෝ ඇම්බියුලන්ස් එක වට කරයි. හැඳ සිටින ජැකට් වලින් ස්වයංක්‍රීය අවි එළියට ගන්නා ඔවුහු ඇම්බියුලන්ස් එකට වෙඩි තබයි. වේගයෙන් වාහනය එළවන්නට රියදුරාට කෑ ගසන කොල්ලා තමාගේ කකුලේ සඟවා තිබූ රිවෝල්වරයක් ගෙන නාඳුනන තුවක්කු කරුවන්ට පෙරළා වෙඩි තබයි. ඇම්බියුලන්ස් එකේ අයින් දොරක් විවර කරන ඔහු එහි වූ ඔක්සිජන් ටැංකියකින් ළඟම එන බයික් එකට පහර දෙයි. බයික් කරු පාලනයෙන් ගිලිහුණු බයික් එකද සමග වේගයෙන් ගොස් අසළ නවත්වා තිබූ කුණු ලොරියක ගැටෙයි.
    හදිසියේ රථයේ වහළයෙන් ඇතුළට වෙඩි පහරවල් පිට පිට එල්ල වෙයි. වැඩ කෑල්ලක් දමා අධි වේගයෙන් ධාවනය වන ඇම්බියුලන්ස් එකේ වහළයට නැගගන්නා කොල්ලා ඒ මත සිටිනා හොරෙක් සමග විසිල් නැති වැඩකෑලි කරණම් බල්ටි හා කුංෆු වූෂූ අංගම් පොර ඇතුළු බිහිසුණු වේගවත් සටන් ක්‍රම යොදාගනිමින් වහළය මත සිට සටන් කරයි. රථයට ළං වන බයික් කරුවෙක් අයිනේ දොරෙන් ඇම්බියුලන්ස් එකට ඇතුළු වෙයි. වහළය උඩ සිටින හොරාට සටාස් ගා අපර් කට් පහරක් එල්ල කරන කොල්ලා අයිනේ දොරේ එල්ලී කරණමක් ගසා ඇතුළේ සිටින බයික් කරුවාට අනික් පස දොර ගළවාගෙන එළියට විසි වන්නට පහරක් එල්ල කරයි. වැරදීමකින් අත වැදී ඇම්බියුලන්ස් එක ඇතුළත තිබෙන තරමක් විශාල පෙට්ටියක් වැනි යමක් විවර වේ. ඒ තුළ තිබෙන කාල බෝම්බයක් දකින කොල්ලා කලබල වෙයි. මේ අතර තව වාහනයක්ද දෙපසින් එළවා එන බයික් කරුවන්ට එකතු වෙයි. ඔවුහු විටින් විට වෙඩි තබමින් ඇම්බියුලන්ස් එක හප්පයි.
    වේගයෙන් පාර පුරා ධාවනය වෙන වාහන කිහිපයට පොලිස් රථ කිහිපයක්ද එක් වෙයි. ඉන් එකක සිටින පොලිස් නිලධාරිනී කෙල්ල වැඩකෑලි දමා හොරුන්ට වෙඩි තබයි. බිහිසුණු වෙඩි ප්‍රහාර හා හැප්පිලි මගින් වාහන හා ගොඩනැගිලි විනාශ වී යයි. හදිසියේ ඇම්බියුලන්ස් එකේ රියදුරාට වෙඩි වදියි. වහා ක්‍රියාත්මක වන කොල්ලා ඔහුව එහා සීට් එකට දමා රථය පදවන්නට ගනියි. හානි සිදුවූ ඇම්බියුලන්ස් එක අසීරුවෙන් පාලනය කරගෙන එය රෝහලට දෙසට රැගෙන යන අතර විටින් විට පැමිණෙන බයික් කරුවන් හා සටන් කරන්නට කොල්ලාට සිදු වෙයි. කෙසේ හෝ ඔවුන් මග හැර රෝහල් පරිශ්‍රයට ඇතුළු වෙන ඔහු තාත්තා හා රියදුරා එතැන දමා රෝහලේ සේවකයන්ට කෑ ගසයි. දුව එන රෝහලේ සේවකයන් තාත්තා හා වෙඩි කෑ රියදුරු ඇතුළට රැගෙන යනවාත් සමගම එතැනට පැමිණෙන බයික් කරුවන් එදෙසට වෙඩි තබයි.
    කරණම් ගසා අසළ වූ බිත්තියක් මත ඇවිද බයික් කරුවෙක්ට පහර එල්ල කරන කොල්ලා තුවක්කුවක් රැගෙන අනික් පසින් පැමිණෙන වාහනයට වෙඩි තබයි. මේ අතර ඇම්බියුලන්ස් එකට රිංගූ බයික් කරුවෙක් බෝම්බය රැගෙන දුවන්නට ගනියි. කොල්ලා ඒ පසු පස එළවයි. එතැනට පැමිණෙන පොලිස් රථයකින් බිමට බසින පොළිස් නිලධාරිනී කෙල්ල ද ඔවුන් පසු පසින් දුව යයි. බෝම්බය රැගත් බයික් කරුවා රෙස්ටෝරන්ට් එකක් ඇතුළට දිව යයි. කෑම හදන ස්ථාන අස්සෙන් ඔහු පසු පස දිව යන කොල්ලාට තවත් මැරයන් සමග සටන් කරන්නට වෙයි. බයික් කරුවා පඩිපෙළක් දිගේ ගොඩනැගිල්ලේ වහළයට ගොඩ වී වහළයෙන් වහළයට වැඩකෑලි දමමින් කරණම් ගසමින් පනිමින් දුවන්නට ගනියි. කොල්ලාද ඊට නොදෙවෙනි ලෙස ඔහු පසු පස වහළයෙන් වහළයට පනිමින් හඹා යයි. පැනගන්නට නොහැකිව ප්‍රංශ බසින් කුණුහරුප කියන කෙල්ල වීදි අතුරින් උඩ බලමින් ඔවුන් පසු පස හඹා එයි.
    අවසානයේ වහළයක් උඩ ත්‍රාසජනක සටනකට පසු හොරා වහළයෙන් වැටෙන්නට යයි. කොල්ලා බෝම්බයෙන් අල්ලාගෙන ඔහු වැටෙන එක වළක්වයි. එහෙත් වියරුවෙන් සිනාසෙන හොරා ටටා කියා ප්‍රංශ බසින් කියා බෝම්බය අතහරියි. උස ගොඩනැගිල්ලෙන් බිමට වැටෙන හොරා මියයයි. එතැනට එන කෙල්ල තමාගේ වෝකි ටෝකි එකෙන් බෝම්බ නිශ්ක්‍රීය අංශය හා සම්බන්ධව බෝම්බය නිශ්ක්‍රීය කරන්නට කොල්ලට උදව් කරයි. ත්‍රාසජනක මොහොතකට පසු බෝම්බය නිශ්ක්‍රීය කරයි. ඔවුන් සතුටින් උඩ පනින අතර බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරීන් ද ප්‍රීති ඝෝෂා නගයි. කොල්ලා පසු දිනෙක පොලිස් කෙල්ලගේ අතින් අල්ලාගෙන රෝහල්ගත කළ පියා බලන්නට යයි.
    දකුණු ඉන්දියානු සිනමාව
    පැයකට පමණ පසුව එන ඇම්බියුලන්ස් එකට තාත්තා දමාගන්නා කොල්ලා තාත්තා මැරුණාක් සේ හඬමින් පොළවේ හැපෙන අහළ පහළ මිනිසුන්ගෙන් අසීරුවෙන් ගැළවී රෝහල වෙත යන්නට පිටත් වෙයි. තත්පර කිහිපයකින් ඇම්බියුලන්ස් එක ට්‍රැෆික් එකේ හිර වේ. කෙසඟ සාමාන්‍ය තරුණයක් වන කොල්ලා එළියට බසියි. ඒ වෙලාවේම එතැනට පැමිණෙන මැරයෝ පිරිසක් ඔහුට පහර දෙන්නට සැරසෙයි. මැරයන්ට උපහාසාත්මක 'පන්ච් ලයින්' සහිත කතාවකින් පොඩි 'සද්දයක්' දාන ඔහු තනිව ඔවුන් හා සටන් කරයි. වට පිටාවේ මිනිසුන් රැස්වී ඒ දෙස මුව අයා බලා සිටියි.
    කෙසඟ කොල්ලා තඩාර සයිස් මැරයන්ට වාහන හෙළවී වැටෙන්නට පාරේ කඩ සාප්පු කුඩු වෙන්නට අඩි සීයක් දෙසීයක් විසි වී යන්නට තරම් තදින් කෝපයෙන් පහර දෙයි. හදිසියේම එතනට හොරා (**බොහෝ විට හොරා දූෂිත දේශපාලනඥයෙක් වීමට ඇති ඉඩ වැඩිය.) අඳුරු කණ්ණාඩි සහිත ජීප් රථයකින් පැමිණෙයි. කොල්ලා අවසාන මැරයාටත් පහර දී 'ලොකු සීන් එකෙන්' හොරා දෙස බලයි.
    හොරා වියරු ලෙස සිනහ සී අසුරු ගසයි. ජීප් රථයෙන් මැරයෝ විසි පහක් විතර බිමට බසියි. අවටින් ආයුධ රැගත් තව මැරයන් පැමිණෙයි. කෙල්ල ජීප් රථයෙන් බිමට බසින මැරයන් දෙදෙනකු අතරට මැදිව අසරණ වී සිටියි. මැරයෝ වියරු සිනහවකින් ඇයගේ බෙල්ලට පිහියක් තබා තර්ජනය කරයි. කෙල්ලගේ බෙල්ලට පිහියක් තබා තිබෙනු දුටු කොල්ලා කෑ ගසා ලොකු සීන් දාන්නට යයි. හොරා කෙල්ල අසළට ගොස් දැඟලුවොත් මරා දමන බව ලොකු සීන් එකෙන් පවසයි. කොල්ලා අසරණව අඩපණ වෙයි. වටෙන්ම එන මැරයෝ ඔහුට බිම වැටෙන තුරු පහර දෙයි. කෙල්ලට කරදරයක් වේ යැයි සිතා කොල්ලා කිසිවක් නොකර අම්බානක ගුටි කා නහයෙන් කටින් ලේ දාගෙන සිහි නැති ව බිම ඇද වැටෙයි. හොරා කෙල්ල ඇදගෙන යන්නට හදයි. ඇය කොල්ලාගේ නම කියා දුක්ඛිත ලෙස විලාප නගයි.
    ඒ විලාප ශබ්දයට කොල්ලා ඇස් අරියි. විගස දුහුවිලි අවුස්සාගෙන නැගී සිටියි. ඒ ශබ්දයට පසුපස බලන හොරා විශ්මයට පත් වෙයි. මැරයන්ට පහර දෙන්නට සන් කරයි. කෑ ගසමින් ආයුධ අමෝරා දුව එන මැරයන් දොළහකට පමණ දෙන එක පහරකින් දොළොස් දෙනාම විසි වී අඩි සියයක් එහා තිබෙන තාප්පයක් පෙරළාගෙන බිම වැටෙයි. කොල්ලා අසළ ඇම්බියුලන්ස් එකේ බෆර් එක මහ දවල් පාර මැද ගලවා ගෙන ඉන් දෙකේ දෙකේ සයිස් දරුණු පෙනුමැති මැරයන්ට පහර දෙයි. හොරා සමග දරුණු සටනකින් අනතුරුව කොල්ලා ජය ලබයි. හොරා අවාසනාවන්ත ලෙස මිය යයි. කෙල්ල කොල්ලා වෙත දුව විත් තුරුළු වී කඳුලු සළයි.
    වට වී සිටින මිනිසුන් ඔල්වරසන් සහ අත්පොළසන් මගින් කොල්ලා පසසයි. ඒ අතර ඇම්බියුලන්ස් එක පැත්තෙන් කොල්ලාගේ පියා කෙඳිරි ගානවා ඇසෙයි. කලබල වෙන කොල්ලා වට පිට බලයි. ට්‍රැෆික් එක තාම එසේම ය. වහා ක්ෂණිකව ක්‍රියාත්මක වෙන කොල්ලා ඇම්බියුලන්ස් එකේ වහලය මතට නැග වට පිට මිනිසුන්ගේ ලොමු ඩැහැ ගැන්වෙන ලෙස කතා කරයි. මිනිසුන්ද ඊට ඔල්වරසන් දෙයි. ඒ කතාවේ අවසානයට ඉතාම සංවේදී ලෙස තමන්ගේ පියාට වී තිබෙන අකරතැබ්බය ගැන පවසද්දී වටේ පිටේ එක් රැස් වුණු ජනතාවගෙන් එක් අයෙක් පැමිණ රෝගී පියා ඇම්බියුලන්ස් එකෙන් එළියට ගනියි. විගස සංවිධානය වෙන ජනතාව පාර දිගට අත්වැලක් සාදා රෝගී පියා අතින් අත රෝහල වෙත මාරු කර යවයි. කොල්ලා කඳුළු පිරුණු දෙනෙත පිස දමාගෙන සිනාසී කෙල්ලව තුරුළු කරගනී.
    බොලිවුඩ් සිනමාව
    දකුණු ඉන්දියානු සිනමාවට බොහෝ දුරට සමාන වන අතර වෙනස් වන්නේ කොල්ලා මදක් හැඩි දැඩි සුදු ලස්සන සල්ලි තියෙන කොල්ලෙක් වීම හා සටන් කරන ස්ථාන හා අනෙක් දේවල් මදක් වෙන්ඩ පොෂ් අලංකාරවත් ලුක් එකක් ගැනීම පමණක් බව සළකන්න.


    meka nam patta bn...:D
    :D:D:yes::yes:
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    නෝනා : වෙන?
    වැඩකාරි :
    මම අර වැඩේත් නෝනට වැඩිය ගොඩක් හොඳට කරනවලු..:P නෝනා : මොනවා! එක කිව්වෙත් මහත්තයද? මම අද...
    වැඩකාරි : නෑ.. ඒක කිව්වෙ ඩ්‍රයිවර්..:rofl:

    :D
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    එය මහා ක්‍රිකට් තරගයක් පැවති දිනයකි. විජේරත්න පිති හරඹය සඳහා ක්‍රීඩා පිටියට පිවිසෙත්ම ඔහුගේ බිරියගෙන් ඔහුට දුරකථන ඇමතුමක් ලැබුණි. ඔහුගේ ජංගම දුරකථනය ඒ අවස්ථාවේ තිබුණේ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා අතය. හේ එම දුරකථන ඇමතුමට මෙසේ පිළිතුරු දුන්නේය.

    “මැඩම්, අපෙ සර් මේ දැන් බැට් කරන්න ග්‍රවුන්ඩ් එකට ගියා විතරයි. බැට් කරලා පැවිලියන් එකට ආපු ගමන් මැඩම්ට කෝල් කරන්න කියල මම සර්ට කියන්නම්.” ලේකම්වරයා ඉමහත් සැලකිල්ලකින් විජේරත්නගේ බිරියට කීවේය.

    ”නෑ කමක් නෑ මම ලයින් එකේ ඉන්නං. එයා කවදාවත් වැඩි වෙලා විකට් එකේ ඉන්නෙ නැහැ.” බිරිය පිළිතුරු දුන්නාය.
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඕන්න එක කොල්‍ලෙක්ට,කෙල්ලගෙන් බූට් පාරක් කාල,ජීවිතේ එපා කියල,ජීවිතේ නැති කරගන්න ඕනෙ වුනාලු.

    දැන් ඉතින් කොල්ල දස අතේ කල්පනා කරනවලු කොහොමද? මැරෙන්නෙ කියල.

    ඉස්සෙල්ලාම හිතුවලු වහ බොන්න,ඒත් කොල්ලට ඒක ෂුවර් නෑලු. ඊට පස්සෙ හිතුවලු මුහුදට පයින්න. ඒත් ඌට ඒකත් ෂුවර් නෑලු.ඒ හින්ද පොර හිතුවලු බෙල්ලෙ වැල දාගන්න.උගෙ කරුමෙ කියන්නෙ ඒ වැඩෙත් ඌට ෂුවර්‍ නෑලු.පක්සෙ උට හිතුනලු වෙඩි තියාගන්න.ඌට ඒ වැඩෙත් හරියන්නෑලු.ඒ හින්ද මූ කල්පනා කරාලු මේ ඔක්කොම කරගෙන මැරෙන්න.එතකොට එකකින් හරි මැරෙයිනෙ,

    කොහොමහරි පොර මේ ඔක්කොම කරගෙන මැරෙන්න විදිහක් සැට් කරගත්ත.

    කොහොමද දන්නවද?

    මූ ඉස්සෙල්ලාම හොඳට මුහුදට බරවෙච්ච පොල් ගහක් හොයා ගත්තලු.ඊට පස්සෙ ලණුවකුයි,වහ බෝතලෙකුයි,තුවක්කුවකුයි අරගෙන ගිහිල්ල ලණුවෙන් ගහේ තොණ්ඩුවක් දාලා ඊට පස්සෙ බෙල්ලට තොණ්ඩුව දාල වහ බෝතලෙත් බීල,ගහේ එල්ලිල මරු විකල්ලෙන් දඟලනකොට තුවක්කුවෙන් වෙඩි තියා ගත්තලු. ඒත් ඒ වෙලාවෙත් ඌට කරුමෙ පඬිසන් දීල.

    මූ බෙල්ලෙ වැල දාගෙන වහත් බීල වෙඩි තියාගන්නකොට මුගෙ කරුමෙට දඟලල දඟලල වැරදිල වෙඩි තියාගෙන තියෙන්නෙ ලණුවටලු.ඒ පාර ලණුව කැඩිල මූව මුහුදට වැටිල. මූ මුහුදට වැටිච්ච පාරට පොරට වමනෙ ගිහින්,ඒ පාර බීපු වහ ටිකත් එලියට ඇවිත්,පස්සෙ ඉතින් තමන්ගෙ කරුමෙ කියල හිතාගෙන ගොඩට පීනල ඇවිත් කාලයක් සතුටින් ජීවත් වුනාලු......