ලංකාවේ වැලේ වැල් නැතුව ඉඳලා කොහොමහරි ඇමෙරිකාවට පැනගත්ත බුවෙක් හිටියා. අපි කියමුකෝ "සිරා" කියලා. අමාරුවෙන් ඇමෙරිකාවට ආවට මොකද ජොබක් නැතිව පොර වේලි වේලි ඉන්නේ. ඔය අතරේ මිනිහට ආරංචි උනා මයික්‍රොසොෆ්ට් එකේ ජොබ් වේකන්සියක් ගැන.මෙදාට ඉන්ටවිව් තියෙනවා, අහවල් තැනට එන්න කියලයි දැනගන්න ලැබුනේ.
මිනිහත් ගියා කියමුකෝ. අම්ම ගහයි.. හෝල් එකෙන් එකයි සෙනග. මූට එවෙලෙම දමලා ගහලා එන්න හිතුනත් ආපු එකේ ඉඳලා බලනවා කියලා හිටියා. දැන් ඔක්කොම කට්ටිය හෝල් එකේ වාඩි වෙලා ඉද්දි පොඩ්ඩක් දැකලා පුරුදු බුවෙක් ස්ටේජ් එකට නැග්ගා. පිස්සු පීකුදු.. මෙන්න යකඩෝ බිල් ගේට්ස්. ඔන්න ගේට්ස් වැඩේ පටන් ගත්තා.
"නෝනාවරුනි, මහත්වරුනි, අපේ ඉන්ටවිව් එකට ආවට ස්තුතියි.කරුණාකර ආචාර්ය උපාධියක් තියෙන සොෆ්ට්වෙයා ඉන්ජිනියර්ස්ලා හැර අනික් අය ඉවත් වෙන්න."
මල කෙලියයි හෝල් එකෙන් භාගයක්ම හිස්. අපේ ලොක්කට මොන උපාධි ද.. ඕන *#ක් කියලා පොර නැගිටලා නොයා හිටියා.
ගේට්ස් ඊලඟට කිව්වා මෙහෙම.
"කරුණාකර ඔබේම කියා නව සොෆ්ට්වෙයා එකක් නිර්මාණය කොට ඇති අය හැර අනෙක් අය එලියට යන්න"
ඔන්න දැන් ඉතිරි පනහක් විතර ඕං. අපේ බුවා නෙමෙයි ඒත් නැගිට්ටේ.
ගේට්ස් ඊලඟට කිව්වා මෙහෙම.
"කරුණාකර වයස අවුරුදු 24ට අඩු අය හැර අනෙක් අය එලියට යන්න"
දැන් මුලු හෝල් එකේම ඉතිරි 8 දෙනයි.
ඊලඟ කඩඉම.
"කරුණාකර හංගේරියන් භාෂාව කතා කල හැකි අය හැර අනෙක් අය එලියට යන්න"
සිරා පිටිපස්ස බැලුවා.මූයි තව එකෙකුයි විතරයි ඉතිරි.
මූත් ඉතින් දස *#රියා. දැන් ඉතින් ඕන මගුලක් උනාවේ කියලා ඉන්නවා.
ඊලඟට ගේට්ස් කියනවා "මට බොහොම සතුටුයි ඔබ දෙන්නා ගැන. දැන් දෙන්නම හංගේරියන් භාෂාවෙන් කතා කරමුකෝ බලන්න "
කෙලියා තාප්පෙට. අපේ එකා සිංහල දන්නෙත් බාගෙට. හැබැයි මූත් ඇරියේ නෑ. හැරුනා පස්සට. කිව්වා අනිත් එකාට මෙහෙම,
"අය්යණ්ඩිය බිය නොවන්න. මැරෙනා සැටි මම පෙන්වමි"
එතකොට අනික් පොර කියනවා,
"චාමරගේ ආච්චිට, තෝත් ලංකාවෙද යකෝ "
රබර් කොපුව
සිරිපාල සහ බිරිඳ බස් හෝල්ට් එකේ බස් එක එනකම් බලන් ඉන්නවලු...
ඒ ඩබල විතරක් නෙමෙයි නේ පඩිපෙළ වගේ ළමයි අට දෙනෙකුත් එල්ලගෙනලු ඉන්නේ.
ඕන් ඉතින් බලන් ඉන්නවා බස් කට්ටක් තාම ආවේ නෑලු
ඔය අතරේ අන්ද මනුස්සයෙකුත් එනවලු බොහොම අමාරුවෙන් අර අන්ධ කට්ටිය පාර හොයාගන්න පාවිච්චි කරන කණවැල තියෙන්නේ.. ආන් එකකුත් වන වන..
මෙහම බලන් ඉන්න කොට ඉන්න කොට බස් එකක් ආවලු ගමකට පටවගෙන....
ඉතීන් කොන්දා සද්දෙ දාල කිව්වලු..
"තව දෙන්නෙක්ට විතරයි යන්න පුළුවන් ඊට වඩා දාගෙන ගිහින් මට දඩ කන්න බෑ කියල"
දැන් මක්කයි කරන්නේ ළමයි ටික හලල යන්න යැ,
කොහොම කොහොමෙන් හරි ළමයි ටිකයි ගෑනිවයි බස් එකට දාලා අන්ධ මනුස්සයවත් ෂේප් කරගෙන පයින් යන්න සෙට් කර ගත්තලු..
අන්ධ මනුස්සයා පොල්ලෙන් පාරට ඇන ඇන "ටික් ටික් ටික්" සද්දෙත් දාගෙන ඉස්සරහට යනවලු ... මේ සද්දේ සිරිපාලට හෙන වාතයක් උනාලු
සිරිපාල: මොනාද අන්කල් ඔය පොල්ලේ අගට රබර් එකක් දාගන්නකෝ... ඔය ටික් ටික් සද්දේ අනිත් මිනිස්සුන්ට කරදරයිනේ..
අන්ධ මනුස්සයා : උබ මගෙන් අහගන්න එපා තෝ මට කියන්නේ බන්.... උබ කලින් ඔය වැඩේ කරලා තිබුන නම් අපි දෙන්නම පයින් කට්ට කන්නේ නැනේ....
දැංද මේක දැක්කේ?පට්ට ත්‍රෙඩ් එක...
![]()
bump
bump
ඔන්න දවසක් එක මනුස්සයෙක්ට තමන්ගෙ වයිෆ් ගැන පොඩි සැකයක් මතුවුනාලු. ඉතින් එයා මේ ගැන එයාගෙ ඩ්‍රයිවර්ටත් කියලා ප්ලෑන් එකක් ගහලා දවසක් ගෙදරින් එලියට බැස්සලු ඔෆිස් එකේ වැඩවගයකට දුර යන්න තියනවා එනකොට රෑ වෙයි කියලා.
ඔහොම කියලා පැය දෙකක් විතර එහෙ මෙහෙ රවුම් ගහලා දෙක තුනක් දාගෙන ඩ්‍රයිවර්ටත් කාලක් විතර අරන් දීල කාර් එක පාර්ක් එකක නවත්තලා ඩ්‍රයිවර් එක්කම බස් එකක නැගලා ගෙදර ගියාලු. ගිහින් හිමීට සපත්තු දෙක ගලවලා පඩිය ලඟින් තියලා ළඟ තිබ්බ ඩුප්ලිකේට් යතුරෙන් ඉස්සරහ දොර ඇරියලු. කිසිම හැල හොල්මනක් නෑලු ගෙදර මිනිහගෙ සැකේ දැන් තවත් වැඩි වෙලාලු. ගියාලු උඩ තට්ටුවට ඩ්‍රයිවරුත් දැන් පස්සෙන් එනවලු. බෙඩ් රූම් එකේ දොර ළඟටම ආවලු. දොර ලොක් කරලලු. ඩ්‍රයිවර්ට කිව්වලු හිමීට දොරට කන තියලා බලන්න කියලා.
"හෙන කෙඳිරිලි හඬක් ඇහෙනව සර්" ඩ්‍රයිවර් කිව්වලු.
ඩ්‍රයිවර්ට එහෙම්ම ඉන්න කියලා මෙයා ගිහින් කොහෙන්ද මන්දා තුවක්කුවක් අරන් ආවලු. අරන් ඇවිත් බෙඩ් රූම් එකේ ඩුප්ලිකේට් යතුර ඩ්‍රයිවර්ට දීල කිව්වලු හිමීට දොර ඇරපන් කියලා. දොර අරිය විතරයිලු මෙන්න !. සැකේ ඇත්ත වෙලාලු.
හස්බන්ඩ්ව දැක්ක ගමන් දෙන්නම ඇඳෙන් බැස්සලු. හස්බන්ඩ්ගෙ අතේ තුවක්කුවක් තියනවා දැකලා වයිෆ් කෑගහන්න පටන් ගත්තලු.
"අනේ නිමල් ප්ලීස් මෙයාට නම් වෙඩි තියන්න එපා. මට වෙඩි තිබ්බත් කමක් නෑ මෙයාට නම් වෙඩි තියන්න එපා. ප්ලීස් නිමල් ප්ලීස්"
"කියපන් කවුද මූ? මන් නැති අතරෙ ගෙදරට මිනිස්සු ගෙන්න ගෙන #!$%#&!"
"මෙයා මන් දන්න කෙනෙක් අපි fb එකෙන් අඳුර ගත්තෙ. ප්ලස් මෙයාට නම් වෙඩිතියන්න එපා."
"මන් දැනගත්ත උදේ ඉඳන් රෑ වෙනකන් ෆේස්බුක් කියකිය තපිනකොට. ඇයි ඇයි උඹ කියන්නෙ මූට වෙඩි තියන්න එපා කියලා #!$%#&!?"
"ඔයා දන් නැති වුණාට අපි අද මෙහෙම ඉන්නෙ මෙයා නිසා. අපේ ගෙවල් කුලී මාස ගානකින් ගෙවල නෑ ඔයා කිව්වෙ අපි වෙන ගේකට යමු කියලා. දන්නවද කවුද ඒවා ගෙව්වෙ කියලා මේ සුරංග තමයි ඒවා ගෙව්වෙ. තව අපේ ලයිට් බිල්, වතුර බිල් ඒවා සේරම ගෙව්වෙත් මෙයා. සුරංග නැත්තං අපි අද මහ පාරෙ නිමල්. දැන් ඔයාගෙ පිටිපස්සෙ ඔය ඉන්න ඩ්‍රයිවර්ගේ පඩි බේරුවෙත් මේ සුරංග තමයි නිමල්. ප්ලස් නිමල් වෙඩිතියන්න එපා."
මෙහෙම කිව්වම නිමල්ගෙ කේන්තිය ටිකක් විතර නිවුනලු. මෙහම විනාඩි පහක් විතර අර මනුස්සය දිහා බලාගෙන ඉඳලා නිමල් ඩ්‍රයිවර්ගේ පැත්තට හැරුනලු. හැරිලා ඇහුවලු.
"හරි දැන් තමුසෙ දැක්කද මෙතන වෙච්ච දේවල් සේරම?"
"ඔව් සර්"
"එහෙනම් කියනවා බලන්න තමුසෙට මේවගේ අවස්තාවකට මුහුණ දෙන්න වුනොත් තමුසෙ මොකද කරන්නෙ කියලා?"
"මගේ පඩිය මදි සර් තව පහක්වත් ඕන සර්, තව මට නවතින්න දීල තියන කාමරේ හෙන අප්සට් සර් හූනෝ කැරපොත්තෝ මීයෝ පිරිලා සර්. තව අපේ පුතා ලබන අවුරුද්දෙ ඉස්කෝලෙ දාන්න ඕන සර් එකටත් මුකුත්... නේද...?
"ඕව කියන්නද ඕයි මන් කිව්වෙ ඔහෙට?"
"සර්ට නෙවේ සර් අපේ සුරංග මහත්තයට මං කිව්වෙ"



