විහිළු කතා (මෙගා නූල)

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔන්න පොලිස් ජීප් එක රෑ පාරෙ යනකොට පදුරක් අස්සෙන් හෙලවෙන සද්දයක් එනවලු...ඉතින් රාලහමි ජීප් එක නවත්තලා බලනකොට මිනිහෙක් පදුර අස්සෙ මොනවද කරනව දැකල එක පාරටම පිස්ටොල් එක අරගෙන මිනිහට එල්ල කරල කිව්වලු "සරෙන්ඩෙර්" කියල.....අනේ එ මනුස්සයා පදුර අස්සෙන් බොහොම බයාදු විදිහට ඔලුව දාල කිව්වලු...
    සර් රෙන්ඩ තමයි ආවෙ සර්....
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    දවසක් ලොරි රියදුරෙක් ගමනක් ගිහින් එනකොට ගෑනු කට්ටියක් නා ගෙන දියරෙද්ද පිටින් යනවලු මිනිහට මේක දැක්කම ඉන්නම බැරි උනාලු අර වැඩේ නොකර ඉතින් ලොරියත් ගහක් යටින් නවත්වලා ලොරිය යටට රිංගලා මිනිහා ඇස්දෙකත් පියාගෙන හෝ ගාලා වැඩේලු පාරේ යන මිනිස්සුන්ට පේන්නේ මිනිහා ලොරිය යටට වෙලා ලොරිය හදනවා වගේ කකුල් දෙක විතරයි එලියේ.
    ඔන්න ඉතින් වැඩේ අහවර වෙන්න ඔන්න මෙන්න තියෙන කොට කකුලට කවුදෝ තට්ටු කරනවා වගේ මිනිහට දැනුනලු
    කවුද?
    අපි පොලිසියෙන් තමුසේ ඔතන මොනවද කරන්නේ.
    මම සර් මේ ඇක්සල් එක තද කරනවා
    අපරාදේ තමුසෙට ඉස්සෙල්ලා තද කරන්න තිබුනේ බ්‍රේක් එක අන්න තමුසෙගේ ලොරිය බ්‍රේක් බුරුල් වෙලා කන්දෙන් පහලට පෙරලුනා දැන් ටිකකට ඉස්සෙල්ලා
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    දවසක් මනුස්සයෙක් ගියාලු පල්ලියකට එහෙ අලුත් වැඩියා කටයුතු වලට.
    මිනිහා බිත්තියේ ඇන ගහද්දි පියතුමා බලන් ඉන්නවා එක පාරටම මිටිය වැදුනා ඒ මනුස්සයාගේ ඇගිල්ලට ....මිනිහට කියවුනේ " අම්මට හුXXX" කියලලු,
    පියතුමාට මේක ඇල්ලුවේ නැහැලු කිව්වලු එක කියන්න එපා දරුවා දෙවියන්ටම ඔප්පුවෙච්චාවේ කියන්න කියලා,
    ඔහොම යද්දී එක පාරටම ආයේ ඇගිල්ල වැදුනලු,අම්මට කියල කියන්න ගිහින් බොහොම අමාරුවෙන් දෙවියන්ටම ඔප්පුවෙච්චාවේ කිව්වලු .දැන් පියතුමාට හරිම සතුටුයිලු.දැන් ඔහොම අකරතැබ්බ උනාම මිනිහ කියන්නෙම දෙවියන්ට ඔප්පුවෙච්චාවේ කියලු.
    ඔන්න කියතකින් කප කප ඉන්න ගමන් එක පාරටම කියත මිනිහගේ ඇගිල්ල උඩින් ගිහිල්ලා ඇගිල්ල කැපිලා වෙන් උනා මිනිහා කැපිච්ච ඇගිලි කැල්ල එතනටම තියලා කිව්වලු ,දෙවියන්ටම ඔප්පුවෙච්චාවේ ,,,කියපු ගමන් ඇගිල්ල තිබ්බ තැනටම සෙට් වුණා.......මේක බලන් හිටපු පියතුමා ෆුල් හොල්මන් උනාලු .කියවුනාලු එකපාරටම
    ,,
    ,,,,
    ,,,,,,,
    ,,,,,,,,,
    (අම්මට හුXXX සීන් එක නේද පුතා????)
     
    • Like
    Reactions: Chathurangaabey

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    විදේශ රටක සීත දෙශගුණයක් පවතින ප්‍රදේශයක ජීවත්වන විවාහක පුද්ගලයෙක් තම නිවාඩුව ගතකිරීමට උණුසුම් දේශගුණයක් පවතින ප්‍රදේශයක හෝටලයකට ගියාලු.තම බිරිද ව්යාපාරික කටයුත්තකට රට ගිහින් ඊළග දවසෙ මහත්තයා ඉන්න හෝටලේට එන්න සෑලසුම් කරලලු තිබුනෙ.

    හෝටලේට ඈතුල් වෙලා ටික වෙලාවකින් මහත්තයට හිතුනලු තම බිරිදට ඊ-මේල් එකක් යවන්න.මහත්තයට නෝනගෙ මේල් ඈඩ්‍රස් එක ලියාගෙන ආව කොලේ මග ඈරුන නිසා හිතේ මත්කෙට මේල් එක යෑව්වලු.කොහොම හරි අමතක වීම නිසා එක අකුරක් එහෙ මෙහෙ වීමෙන් මේල් එක ගියෙ විවාහක සෑමියා මිය ගිහින් එදින ආදාහන කටයුතු නිමකල වයසක නෝනා කෙනෙකුටලු.

    ඔන්න අර වයසක නෝනා අවමගුල් වෑඩ නිම වෙලා රාත්‍රියෙ කම්පියුටර් එක ඉස්සරහ වාඩිවෙලා මේල් එක ඕපන් කරලා දුටු දෙයින් කලන්තෙදාලා පුටුවෙන් ඈදගෙන වෑටුනලු.සද්දය ඈහිලා එතනට ආව කට්ටියට දක්කින්න ලෑබුන ඊ-මේල් එක කම්පියුටර් තිරයෙ මෙහෙම තියනවලු.

    ආදරණීය බිරිද වෙත,

    මම දෑන් මෙහෙට ඈතුල්වුනා විතරයි.හෙට ඔබගේ පෑමිණීමට මෙහි සියලු දෙයක්ම සූදානම් කර හමාරයි.
    මීට,
    ඔබගේ ආදරණීය ස්වාමිපුරුෂයා.

    පසුව ලියමි :- කිසිදේකට බය වෙන්න එපා මෙහෙ ඔහෙට වඩා හොදට රස්නෙයි.
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    මේ සිද්දිය වුනේ එංගලන්තෙදිලු. එහෙ කෝච්චියේ යද්දී කට්ටියකට සිදු උන දෙයක්. අර අපේ සමහර කෝච්චි වල තියෙන්නේ මුණට මුණ තියෙන සිට්. අන්න ඒ වගේ සිට් දෙකක වාඩි වෙලා යනවලු ලස්සන තරුණ කෙල්ලෙකුයි, වයසක ආච්චි කෙනෙකුයි, ඉන්දියන් කාරයෙකුයි, පකිස්තාන් කාරයෙකුයි. එදා ඒ කෝච්චි පෙට්ටියේ ටිකක් සෙනගත් වැඩිලු, ලයිට් ටිකක් ඩිම් වෙලාලු තිබුනෙත්. හිතන්නකෝ මේ ටිකක් ඉස්සර සිද්ද වෙච්ච දෙයක් කියලා. ඔන්න මේ කෝච්චිය එක පාරටම බින් ගෙයක් ඇතුලෙන් යන්න ගත්තලු. විනාඩි 2,3ක් ගියා. මුළු කෝච්චි පෙට්ටියම කළුවරයි. එක පාරටම ඇහුනා කව්රුහරි කිස් කරන සද්දෙකුයි ඒත් එක්කම කම්මුල් පාරක් වදින සද්දෙකුයි. බින් ගෙයින් එලියට එද්දී අර ඉන්දියන් කාරයාගේ කම්මුල රතු වෙලා, ඌ මූන අත ගගා ඉන්නවා.

    අර වයසක ආච්චි හිතනවලු " මු ෂුවර් එකටම කෙල්ලව කිස් කරලා කෙල්ල කම්මුල් පාරක් ගහලා" කියලා.

    කෙල්ල හිතනවාලු " මූ වැරදිලා මම කියලා හිතාගෙන වයසක ආච්චිව කිස් කරලා, ආච්චි කම්මුල් පාරක් ගහලා" කියලා.

    කම්මුල් පාර කාපු ඉන්දියන් කාරයා හිතනවලු " මේ පකිස්තාන් බුරුවා කෙල්ලව කිස් කරලා , කෙල්ල වැරදිලා මට ගහලා" කියලා.

    පකිස්තාන් කාරයා කල්පනා කරනවාලු ඊළග බින් ගේ ආවමත් ආයේ පාරක් කිස් කරන සද්දයක් දාලා, අරුගේ අනිත් කම්මුලටත් ගහන්න ඕනි" කියලා...
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඇම්ඩන් A/L එහෙම කරලා ගෙදරට වෙලා ඉන්නවලු...මිනිහා maths නෙ කරලා තියෙන්නෙ A/L වලට..පිස්සු කෙලපු හින්දා විභාගෙ ගැන ශුවර් එකකුත්නැහැල්ලු..

    ගෙදරට වෙලා නිකන් කකා බිබී ඉන්නවා කියලා අම්මත් කේස් දාන හින්දා මිනිහා දැන් ජොබ් එකක් හොයනවලු..
    ඔන්න මිනිහට මාර චාන්ස් එකක් සෙට් උනාලු..

    අවුරුදු දෙකක් රොකට් එකක හඳට ගිහින් ආපහු එන්න...මිනිහටත් මාර ෆන් එකනේ..මූ මේකට ඇප්ලිකේශන් එකක් දැම්මලු..කොහොමහරි මෑන්ට ඉන්ටර්වීව් කෝල් කරලා..මූ දැන් ඉන්ටර්වීව් එකට ගියාලු...

    වැඩේ භයානක හින්දා ඇප්ලයි කරල තියෙන්නෙ තුන් දෙනයි...

    ඔන්න මුන් තුන් දෙනාට එන්න කියල කිව්වලු..මේ අවුරුදු දෙකේ ඔයාලට ගෙනියන්න කැමැති දෙයක් ඉල්ලන්න කියලා...

    පලවෙනි මනුස්සයා කිව්වලු මට ගෙනියන්න සුපිරි කෙල්ලෙක්ව ඕනෙ කියලා...

    දෙවැනි මනුස්සයා කිව්වලු මට කියවන්න ඇතිවෙන්න පොත් ඕනේ කියලා...

    ඇම්ඩන්ගෙන් අහපුවම කිව්වලු මට මේ අවුරුදු දෙකට ඇතිවෙන්න ගන්ජා දෙන්න කියලා...

    දැන් ඔන්න කට්ටිය ඉල්ලුව පරිදි ඔක්කම දේවල්දීලා රොකට් එකේ හදට පිට කරාලු..රොකට් එකේ කැමරා හරි කරලලු තියෙන්නෙ....පාලක මැදිරියෙ ඉදන් කට්ටිය මොක්ද වෙන්නෙ කියල බ්ලාගෙන ඉන්නවලු..

    කෙල්ලෙක්ව ඉල්ලපු මනුස්සය හැම වෙලේම කෙල්ල එක්කම ඉන්නවලු...

    පොත් ඉල්ලපු එකා බලන බලන හැමැ වෙලාවෙම පොත් කියවනවලු...

    කට්ටිය ඇම්ඩන් දිහා බලද්දි මෙන්න මූ ගිහිල්ලා අර ගෑනිටයි මිනිහටයි හොදටම ගහනවලු...උන් දෙන්නගෙ බඩු මුට්ටු පෙරලනවලු.. ඊට පස්සෙ ඒවා ඇතුලෙ මොකක්දෝ හොයනවලූ...

    ඇදේ මෙට්ටෙඋස්සලබලනවලූ ආයෙත් අරමිනිහට ගහනවලු ..හරියට නිකන් පිස්සෙක්වගේ..

    ඊට පස්සෙ අර පොත් ඉල්ලපු මිනිහා ගාවට ගිහින් ඌටත් ගහනවලු...ඌගේ පොත් විසික්කරනවලු..එතන එකම කාලගෝට්ටියක්ලු...

    ඇම්ඩන් ඔහොම අවුරුදු දෙකේම අරුන්ට ගගහා මොකක්දො හෙව්වලු...

    අන්තිමට ඇම්ඩන් අවුරුදු එක හමාරක් විතර හොයලා හොයලා මේ වැඩේ හරි යන්නෙ නැහැ කියල මිනිහා ඒක
    නවත්වලා...

    දැන් අවුරුදු දෙකක් ඉවර වෙලා කට්ටිය ඔක්කම පෘථ්වියට ආවලු..හඳට ගියපු කට්ටියගෙ සේවය අගයන්න ඕනේ හින්දා කට්ටියව හදට යවපු තැන ලොක්කා ගියපු අයට කිව්වලු කැමැති දෙයක් ඉල්ලන්න කියලා...

    අර කෙල්ලෙක්ව එක්කන් ගිය එකාට දැන් ලමයි දෙන්නෙකුත් ඉන්නවා මිනිහා කිව්වලු...මට දැන් පවුලක් ඉන්නවා..ඒක හින්දා මුලු ජීවිතේටම ඇතිවෙන්න සල්ලි දීලා වාහන, අතට පයට වැඩකාරයෝත් එක්ක ගෙදරකුත්දෙන්න කියලා...

    පොත්ගුල්ලගෙන් අහපුවම ඌ කිව්වලු..
    මට දැන් සෑහෙන දැනුමක් තියෙනවා.... මට ඒක හින්දා හොද පඩියක් ලැබෙන
    ජොබ් එකක් හොයලා දෙන්න කියලා...

    ඇම්ඩන්ගෙ ඇස් දෙකත් අම්බානෙක රතු වෙලාලු මූ දත්මිටිකාගෙන.අත් දෙකේ ඇගිලි ටිකත්මිටි කරගෙන ඉන්නවලු...

    හරි ඇම්ඩන් දැන් ඔයාගෙ වාරේ....ඔයාට මොනාද ඕනේ කියල කියන්න...කියල ලොක්ක කිව්වලු..ඇම්ඩන් එක පාරම ලොක්කගෙ අම්මව මතක්කරලා හොද කුණුහරුප ටිකක් කියල..කිව්වලු
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    පරයෝ...!!. දැන් වත් මට ගිනි පෙට්ටියක් දීපන් අර "ගන්ජා" ටික ගහන්න කියලා..
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    බෝරින් උන දවසක් හමුබුන ජෝඩුවකි...කොල්ල්ට මාර කම්මැලි ඔන්න මූ හෙන චාර්ට් විහිලු කාරයා පැත්ට්කට ව් සිටින ත්ම පෙම්වතිය දෙස බලුවේ හෝද ච්ට්ර් එකක දිමේ පරම චේතනවේන්...

    කොල්ලා= වස්තුවේ මගෙ පනේ මේ මේ ඔයාට ඇහුන්ද ඒක ??
    කේල්ල= මොකක්ද මට ඇහුනේ නෑ නේ !!
    කොල්ලා = එහෙනම් තව ටිකකි සුවදක් ඒයි.
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    කඩ පිලට යන අක්කා කෙනෙක් දැක්කා පොඩි ළමයෙක් එලෙදෙනක්ව බලෙන් ඇදගෙන යනවා. දැන් අර අක්කට මාර අවුල. අක්කා පොඩි ළමයාගෙන් ඇහුවා...

    "ඇයි මල්ලියෝ ඔය සතාට කරදර කරන්නේ..?" පිදි එකා එලදෙනව අදින ගමන්ම උත්තර දුන්නා...

    "මේ එළදෙනව අපේ වස්සා ලඟට අරන් යන්න ඕන අක්කේ..."

    අක්කාට අවුල් ගොඩයි. පොඩි ළමයින්ට කියලා වැඩ ගන්න හැටි කියලා හිත හිතම මෙහෙම ඇහුවා...

    "ඉතිං මල්ලියෝ ඔය වැඩේ තාත්තටම කරන්න තිබ්බා නෙ" එළදෙන ඇදිල්ල පැත්තකින් තියලා ළමයා අක්කාගේ මූණ දිහා කන්න වගේ බලන් හිටියා...

    "පිස්සුද අක්කේ... මේ වැඩේ කරන්න පුළුවන් වස්සෙක්ටම විතරයි..!"
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔන්න එක දවසක් බස් එකක බඩ ලොකු සීයා කෙනෙක් වාඩි වෙලා යනවා. එහා පැත්තෙ හිටියෙ ප්‍රෙග්නන්ට් ගර්ල් කෙනෙක්. සීය ටික වෙලවකින් අර ගර්ල් ගෙන් අහුවලු දුවේ දැන් දූට ලැබෙන්නේ දුවෙක්ද පුතෙක්ද කියල. කෙල්ල කිව්වලු දුවෙක් කියලා. ටික වෙලාවකින් කෙල්ල අහුවලු එතකොට සීයට හම්බවෙන්නෙ මොකෙක්ද කියල. එතකොට සීයා කිව්වලු මටනම් පුතේ අලි පැටියෙක් කියල. කෙල්ල අහුවලු සීය කොහොමද දන්නේ කියලා. මේ තියෙන්නේ දුවේ හොඬේ කියලා, සරම ඉස්සුවලු.
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔන්න දවසක් අන්ධ මනුස්සයෙක් අතුරු පාරක යනවා. යනකොට ඉස්සරහින් හාමුදුරු කෙනෙක් එනවා. අන්ධයට කොහොමත් පාර පේන්නේ නෑනේ. හාමුදුරුවොත් අහක බලාගෙන ඇවිල්ලා අන්ධයගේ ඇඟේ හැප්පුනා.අන්ධයා වැටුනා. අන්ධයට පට්ට මල.හෝ ගාලා බනිනවා..

    "ඔහොමද බූරුවෝ පාරේ යන්නේ පේන්නැද්ද මම අන්ධ කෙනෙක් කියලා....තමුසේ කවුද?"

    "මම මහණ කෙනෙක් " හාමුදුරුවො සාන්ත දාන්තව කිව්වා කිව්වා.

    අන්ධයට අසූතුන්දාස්ගානට නැගලා හොඳ කුනුහරුපත් එක්ක මෙහෙම කිව්වා.

    "@##$#$*^&.... තොට පිස්සුද බූරුවෝ මහපාරේ රෙදි මහන්ඩ. බැරිවෙලාවත් ඉදිකට්ටක් වත් ඇනුනම් ! "
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    තම දියණියගේ ජංගම දුරකතනය නාද වනවා ඇසුණු පියා තමාගේ දෙනෙත් ඔරලෝසුව දෙසට යොමුකරවා වෙලාව මතක තබා ගත්තේය. දියණිය දුරකතනය කනේ තබාගෙන එක දිගට කතාකරගෙන යයි. ඇමතුමෙන් පසු තමා පසුකරගෙන යන දියණියෙගෙන් පියා මෙසේ විමසයි,

    පියා: දුව,ඇයි අද වේලාසනම කට් කළේ? ඔයා වෙනද කෝල් එකකට සාමාන්‍යයෙං පැයක්,එකහමාරක්වත් කතා කරනවනේ. අද පැය බාගයයි.

    දුව: අනේ ඩෑඩී මේ රෝන් නම්බර් එකකිං.
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ස(ර්):-මොකද ඔය ළමයා අද මේචචර පරක්කු
    නයනා:-මගේ පිටිපස්සෙන් කොල්ලෙක් ආවා ස(ර්)
    ස(ර්):-ඉතින් ඔය ළමයා පරක්කු උනේ?
    නයනා:-ඒ කොල්ලා ආවේ හෙමින් ස(ර්)
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    තම සැමියා නිවසින් බැහැරව ගිය අවස්ථාවක ඔහුගේ හොඳම මිතුරාව නිවසට ගෙන්වා ගත් කාන්තාවක් ඔහු සමඟ පෙම් සුව විඳිමන් සිටින අතරේ දුරකථනය නාද විය...........

    "අනේ ඇත්තද..? හොඳයි........හොඳයි...පරිස්සමෙන්..."
    ඈ ඊට පිළිතුරු දුන්නා

    "කවුද ඒ..?" සැමියාගේ මිතුරා ඇසුවේය

    "මේ අපේ මහත්තයා"

    "මොනවද එයා කිව්වේ..?"

    "එයා ඔයත් එක්ක කොහේදෝ ගමනක් ගිහින්ලු ඉන්නේ. එනකොට රෑ වෙයි කිව්වා"
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඔන්න ඉතින් අපේ ඇම්ඩන් කොලුවට පුංචි කාලෙදිම කජ්ජබිලින් වෙන්න ගත්තා, ඉතින් මිනිහගේ කජ්ජබිලින් වෙන්න ගත්ත පලවෙනි දවසෙ ටිකක් බය උනා, මිනිහ දඩිබිඩි ගාලා අපේ වතිල වෙද මහත්තයව හම්බවෙන්න ආවා. ඇවිත් කාරනාව කිව්වට පස්සෙ. අපෙ වතිල වෙද මහත්තයා කිව්වා, "බයවෙන්න කාරි නැහැ ඇම්ඩෝ ඕක ස්වාභාවිකයි" කියලා.

    එත් ඉතින් ඇම්ඩට මේක ලොකු ප්‍රශ්නයක්, ඇම්ඩා වතිල වෙදමහත්තයගෙන් ඇහුවා, "වෙදමහත්තයෝ ඇයි කජ්ජබිලින් වෙන්නෙ" කියලා. ඇම්ඩා පොඩි නිසා හරියටම කියන්නත් බැහැ. "කජ්ජබිලින් වෙන්නේ ගුල්වලට දාන්න" කියලා කිව්වා,

    දැන් ඉතින් ඇම්ඩට මේක ගුලකට දාලා ටෙස්ට්කොරලා බලනකන් ඉවසිල්ලක් නැහැ. ඇම්ඩා ගෙදර එනගමන් මේක ටෙස්ට්කොරලා බලන එක ගැන හිත හිත එනකොට ඇම්ඩා දැක්කා ගහක පොඩි ගුලක් තියෙනවා, ඇම්ඩට මාර හැපි එකක් ආවා, මොකද දැන් මේක ටෙස්ට්කොරලා බලන්න පුලුවන්නෙ, ඇම්ඩා ටක්ගාලා අහවල් එක අර ගුලට දැම්මා,

    දාලා විනඩියක්වත් ගියේ නැහැ, "බුදුඅම්මෝ" කියලා ඇම්ඩා අහවල් එක එලියට ගත්තා, මාර සීන් එක ඇම්ඩා අහවල් එක දාලා තියෙන්නෙ ගහක බැදලා තිබිච්ච බඹර වදයක් ඇතුලට, දැන් අහවල් එක ඉදිමිලා, ඒ මදිවට බඹරු එලව එලවා අහවල් එකට අනිනවා, ඇම්ඩා කැගහගෙන අපහු වතිල වෙදමහත්තයාලගේ ගෙදරට දිව්වා.

    "අනේ බුදු වෙදමහත්තයෝ මගේ කජ්ජට බඹරු ඇන්නො මට බැරියෝ" මොකද මොකද ඇම්ඩන් මේ කැගහනේ, අම්මො මේ මොකද මේ කජ්ජට වෙලා තියෙන්නෙ, අනේ බුදු වෙද මහත්තයෝ මම ගෙදර යනගමන් ගහක් තිබුන ගුලක් දැක්කා, මම ඉතින් මගේ කජ්ජ ඒ ගුලට දැමා, අයියො ඇම්ඩන් තමුසේ වැඩේ නාගෙනනේ, ඕවටම හදපු ගුල් ජාතියක් තියෙනවා, තමුසෙට ටික කාලයක් යන්කොට දැනගන්න පුලුවන් වේවි, එතකන් කජ්ජ පරිස්සන්කරගෙන් ඉන්නවා, එක එක ගුල් වලට දාන්නෙ නැතුව" කියලා අපේ වතිල වෙද මහත්තයා ඇම්ඩට කිව්වා.

    ඔන්න ඉතින් ටික කාලයක් ගියා, දැන් ඇම්ඩා ගුලක් දකිනකොට බයයි, ඇම්ඩගේ වයසත් හරි නිසා ගෙදරින් ඇම්ඩට කසාදයක් බන්දලා දුන්නා. දැන් ඉතින් ඇම්ඩගේ මංගල රාත්‍රිය, ඒ උනාට ඇම්ඩා කිසිම සද්දයක් බද්දයක් නැහැ, ඇදේ අනිත් පැත්තට හැරිලා ඇම්ඩා නිදි,

    මේක ඇම්ඩගේ පවුලට මාර ප්‍රශ්නයක් නිසා ඇම්ඩගෙන් මෙහෙම් ඇහුවා, "මොකද අනේ ඔයා කරන්නෙ, මම මේ බලාහෙන ඉන්නවා ඔයා වැඩ පටන්ගන්නකන්, කෝ ඔයා කිසිම ඇක්ට්යු එකක් නැහැනේ" කියලා, "අපෝ මටනම් බැහැ ඕවා ඇතුලේ බඹරු ඉන්නවා" කියලා ඇම්ඩන් කිව්වා, ඔයාට පිස්සුද අනේ මෙකේ ඇති බඹරෙක් නැහැ, "අනේ නිකන් බොරු නොකිය ඉන්නවා, මටනම් බැහැ" කියලා ඇම්ඩා කිව්වා, "මේකේ ඇති බඹරෙක් නැහැ ඇම්ඩන්, ඔයාට අවිශ්වාස නම් ඇගිල්ල දාලා බලන්නකො" කියලා ඇම්ඩන්ගේ පවුල කිව්වා.

    ඉතින් ඔන්න පවුලගේ වදේටම ඇම්ඩන් ඇගිල්ල දාලා බලන්න සෙට් උනා, ඇම්ඩන් බොහොම බයෙන් බයෙන් ඇගිල්ල දැම්මා, "බුදු අම්මෝ" කියාගෙන ඇම්ඩන් ඇගිල්ල එලියට අරගෙන කාමරයෙන් එලියට දුවන්න ලැස්ති උනා, "මොකද මොකද අනේ ඔයාට වෙලා තියෙන්නෙ, මෙකේ බඹරු නැහැයි කියලා ඔයාට දැන් තෙරෙනවනේ, ඉතින් මේ කොහෙද දුවන්න හදන්නේ", "බොරු කියන්න එපා ගෑනියේ, බඹරු නැත්තන් පැණි කොහොහෙන්ද" කියලා ඇම්ඩන් ඇහුවා...
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    දිනක් සෝමපාල නාමින් සිටියදී කැලෑව පැත්තෙන් කොල පොඩිවන සද්දයක් ඇසුනි ...
    සෝමපාල හැරී බැලුවේය ...

    කලු පාට මහා පර්වතයක් බඳු තනි දළයා ඔහු කරා ලඟා වන බවට ඔහුට පසක් වන්නට මොහොතක්වත් ගත නොවුනි ...
    අත තිබූ බාල්දිය බිම වැටුනි තම උපරිම ජවය යොදා සෝම පාල දුවන්නට විණි
    ලඟ ලඟින්ම තනි දළයාගෙ අඩි ශබ්දය ඇසෙන්නට විය .
    ඒ එක්කම සෝම පාල ගේ පය පැටලී බිමට ඇද වැටෙන්නට විය
    සෝම පාල ඇඳන් සිටි තුවායද බිම වැටී තිබිනි
    තනි දළයාගේ වේගය අඩු විය ...
    හෙමින් හෙමින් සෝමපාල ලගට තනි දළයා ලං විය ...

    සෝමපාල ලඟට ආ තනිදළයා හොඬවැල උස්සා කුන්චනාද කර ....
    දලය සෝමපාලට ලන් කරන්නට විය
    එක්වරම ...
    "තෝ කොහොමද යකෝ මෙච්චර චුට්ටං එකෙන් හුස්ම ගන්නේ ?...
    උඹව මරල පවු" කියා තනි දළයා කැලයට වන්නට විය
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    රෑ කෑම මේසේදි දෙවියන් යදින එක කතෝලිකයන්ගේ පුරුද්දක්..එදා රෑ කෑම මේසේදි ඕක කරන්න නියම වුණේ අපේ ඇම්ඩට..හැමදාම කට්ටි පැන්නට එදානම් ඇම්ඩගේ තාත්තා ඇම්ඩව අල්ලගත්තා.. 'අනේ තාත්තේ මං ඔරසන් කියන්න දන්නේ නෑනේ'
    ඇම්ඩා වෙනදා වගේම අදත් බේරෙන්න හිතාගෙන කිව්වා..

    'මොනවා දැනගන්නද බූරුවෝ..අපි ගැන,සහෝදරයෝ ගැන,අසල්වැසියෝ ගැන,දුප්පත් අය ගැන දෙවියන්ට කියලා ස්තූති කරන්න.ප්‍රසංශා කරන්න.නැති දේවල් ඉල්ලන්න'
    ඇම්ඩගේ තාත්තා ඇම්ඩට ඔරසන් කියන හැටි කියලා දුන්නා..

    ආදර දෙවියනි,
    ඔන්න ඇම්ඩත් පටන්ගත්තලු..

    මගේ බිස්කට් සහ අයිස් ක්‍ර්‍රිම් ඉවර කල අපේ අසල්වැසියන්ට හා ඔවුන්ගේ දරුවන් අපේ ගෙදරට එවපු එකට ගොඩක් ස්තූතියි.ඔවුන් නැවත අප නිවසට නොඑන සේ ආශිර්වාද කරන්න.
    මාගේ සොහොයුරියගේ සියලු ඇදුම් ඉරා දමා අහිංසක ඇය සමග ඇද උඩ පොරබැදූ අයියාට සමාවදෙන්න.
    ලග එන නත්තලේදී තාත්තාගේ දුරකතනයේ සිටින ඇදුම් පැලදුම් අහිමි කාන්තාවන්ට ඇදුම් ලබාදෙන්න දෙවියනි.
    අවසාන වශයෙන්,
    මාගේ පියා නිවසේ නොමැති අවස්තාවන් වල මාගේ මවගේ කාමරය පාවිච්චි කරන නිවසක් අහිමි මිනිසාට නිවසක් ලබාදෙන්න..
    ආමෙන්..

    සියලූ දෙනාටම රාත්‍රී කෑම අහිමි වුණාලූ..
     

    prabu721

    Member
    Feb 16, 2009
    7
    0
    0
    62805314909895767715_thumb.jpg



    27499313643018631101_thumb.jpg



    36477726470398139448_thumb.jpg



    26121547539007996955_thumb.jpg
    [/URL]


    78158553216581918385_thumb.jpg
     
    Last edited: