වීරයෙක් මැරෙන්න මොහොතකට පෙර

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    වීරයෙක් මැරෙන්න මොහොතකට පෙර

    8137_596534740500400_6388822727530297443_n.jpg

    වර්ෂ 1918-19 කාලයේදී ජර්මානු කොමියුනිස්ට් වාදීන් බවාරියා නමින් සමාජවාදී සමුහාන්ඩුවක් ගොඩනැගීම වෙනුවෙන් සන්නද්ධ අරගලයක් දියත් කරන ලදී. එම අරගලයට නායකත්වය දෙනු ලැබුවේ Eugen Leviné නම් නිර්භය විප්ලවවාදියා විසිනි. ඔහුගේ නායකත්වයෙන් යුත් කොමියුනිස්ට් වාදීන් විසින් 1919 අප්‍රේල් 12 වෙනි දින බලය අත්පත් කරගත් අතර , පසුව සමාජවාදී ප්‍රතිසංෂ්කරන දියත් කරමින් පීඩිත ජනතාවට බොහෝ වටිනාකම් ගෙන එන ලදී. ලොවේ ප්‍රථම වරට රතු හමුදාවක් ගොඩනගමින් ධනවතුන්ගේ උතුරායන ධනය පීඩිත ජනයා අතර සමසේ බෙදා දෙන ලදී. මුදල් , ආහාර බෙදා හැරීමේ බලය මෙන්ම මහා මන්ධිර වලද බලය රතු හමුදාව අත්පත් කරගන්නා ලද අතර, නිවාස අහිමි දහස් සංඛායත ජනයාට එකී මන්ධිර වල නවාතැන් සපයා දුනි. කම්හල් වල බලය හිමිකරුවන්ගෙන් කම්කරුවෙන් වෙත දෝලනය විය. එතෙක් වරප්‍රසාධ ලත් පන්තියට පමණක් හිමිකම් කිවූ අධ්‍යාපන ක්‍රමයේ පවා වෙනස්කම් සිදු කරන ලදී.

    එහෙත් එහි ප්‍රතිලාභ සමාජයට භුක්ති විඳීමට නම් නොහැකි විය. ධනේශ්වර සුදු හමුදාව නමින් ප්‍රකටව සිටි ජර්මානු මිලිටරි ඒකකය විසින් විසින් සමාජවාදී රතු හමුදාව සමග වීදි සටන් ආරම්භ කළේය. සමාජවාදීන්ට එරෙහිව සටන් වැදීම වෙනුවෙන් සියලුම පහසුකම් සපයන ලද්දේ ජර්මානු වංශවත් පැලැන්තිය විසිනි. එම හමුදාවට 30000 ක් පමණ පිරිසක් මුදල් හා බව භෝග වෙනුවෙන් බඳවා ගැනීමට ඔවුන්ට හැකි විය. එම පිරිස බවාරියා ජනරජය ගොඩනගා තිබු මියුනිච් නගරාසන්නව අති බිහිසුණු ලෙස සටන දියත් කළේය. එම සටනින් සමාජවාදී භට හමුදාව පරාජයට පත් වුවද , ධනේශ්වර සුදු හමුදාවේ දහසකට අධික පිරිසක් සටනේදී ඝාතනය කර දැමීමට ඔවුන් සමත් විය. එමෙන්ම සමාජවාදී ආණ්ඩුවට සහය පලකල බොහෝ පිරිසක් ඝාතනය කළේය. 700 කට අධික පිරිමින් හා කාන්තාවන් අත්අඩංගුවට පත් වු අතර ඉන් සටනට නායකත්වය දුන් පිරිස තෝරා වෙඩි තබා මරා දැමීය. ඒ අතර සටනට නායකත්වය දුන් Eugen Leviné නම් කොමියුනිස්ට් වාදී නායකයාද විය. මියුනිච් නගරයේ Stadelheim බන්ධනාගාරයේදී ඔහුට වෙඩි තබා මරා දැමීමට මොහොතකට පෙර මෙම චායාරුපය ගන්නා ලදී. මින් පෙනී යන්නේ කුමක්ද ? නිවැරදි සමාජ මෙහෙයවරක් වෙනුවෙන් පෙනී සිටින්නට මරණය යනු අති උදාර පරිත්‍යාගයක් බවය
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඔය වර්ෂ වකවානු නම් වැරදි වෙන්න ඕනේ. මොකද දෙවන ලෝක යුධ සමයට පෙර ජර්මනියේ කොමුයුනිස්ට් පාලනයකට අර ඇද්දේ නැහැ.