ඉංග්රීසින්ගෙ කතාවක් තියනව "ඉතිහාසය ලියන්නෙ ජයග්රහකය" (එහම නැත්තම් බලය අල්ලගත්ත කෙනා) කියල. ඒක තමයි මේ වෙන්නේ. අවුරුදු 5යි ගියෙ, බලං යද්දි යුද්ධෙ දිනල තියෙන්නෙ හමුදාපති කෙනෙක් නැතිවනේ?
මේ පාලනය මෙහෙමම තිබුනොත් තව අවුරුදු 10 කින් සරත් ෆොන්සේකා කියන නම කිසිම ඉතිහාස පොතක තියෙන එකක් නෑ. මට වෙලාවකට හිතෙනව මේ වගේ රට වෙනුවෙන් කැප කිරීම් කරපු කීදෙනෙක් ශ්රී ලංකාවේ ඉතිහාසෙ මේ විධියට දුෂ්ටයො කරල හරි මකල දාල හරි තියනවද කියල.
මිනිහට දේශපාලනේ බෑ. අපි හැමෝටම ඒක තේරෙනව. එත් මිනිහගෙ රස්සාව මිනිහ හරියට කළා විතරක් නෙමේ තව පොඩ්ඩෙන් එකට මැරුනුත් කනව. අද මේ "කළගුණ" ගැන කතාකරන, එදා ජයග්රහණය ඇහින් දැක්ක මිනිස්සුම මෙයාට ගරහන එක ලෝක පුදුමයක්.