වෙජිටීරියන්, වැරදි සීල වෘත හා පන්ඩිතයෝ....

AnuradhaRa

Well-known member
  • ඔව් බන්. ඕක කිව්වම මලකුණු කන පොන්ස්ලා කියනවා එහෙනම් උඹල බත් කන්නත් එපාලු. කුඹුරෙ කෘමි සත්තු මැරෙන්න බේත් ගනවනෙ ඒක නිසා. වතුර රත් කරල බොන්නත් එපාලු වතුරෙ ක්ෂුද්‍රජීවීන් මැරෙන නිසා :angry:

    මම දවසක් බේබද්දෙක්ට කිව්ව බීල නිකං නාස්ති වෙන්ඩ එපා කියල
    ඌ කියනව අපි හැමදාම ජීවත් වෙන්නෙ නෑනෙ කියල :lol:
    මාර තර්ක බං මුන්ට තියනේනෙ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,004
    1
    58,321
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම මස් මාලු නොකෑවොත් වෙන කෙනෙකුට පව් සිදුකරගැනීමේ අවස්ථාවක් නැතිවෙනව ලු. ඒක මට පිනක් ලු.:baffled:

    බෝධිසත්වයො පස් මහ බැලුම් බලල අද වගේ කාලෙක ඉපදෙන්න තීරණය නොකරපු එක පුදුමයක් නෙවෙයි. අද බුදු කෙනෙක් හිටිය නම් මුන් බුදුන්ටත් උගන්නයි:dull:
     
    pulliya

    Active member
  • Aug 23, 2008
    717
    63
    28
    SRI LANKA
    මම මස් මාලු නොකෑවොත් වෙන කෙනෙකුට පව් සිදුකරගැනීමේ අවස්ථාවක් නැතිවෙනව ලු. ඒක මට පිනක් ලු.:baffled:

    බෝධිසත්වයො පස් මහ බැලුම් බලල අද වගේ කාලෙක ඉපදෙන්න තීරණය නොකරපු එක පුදුමයක් නෙවෙයි. අද බුදු කෙනෙක් හිටිය නම් මුන් බුදුන්ටත් උගන්නයි:dull:

    එකෙන්ම

    :baffled:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83

    ade....., mekata subtitle daala neda, :shocked::cool:,
    (mama godak issara meka balala thiyenawa sub nathuwa).

    kauda danne naa subtitles damme?
    kauru unath pin athe wadak!
    11.gif

    i had this subtitle idea and i wanted to make subtitles to meany vegan videos, even by paying somebody to do it!,
    but then....."i took an arrow in the knee" :sorry:
    (wade kerune naa........ :sorry:, dan hithenawa karanna thibbe kiyala hohoma hari :sorry:)

    eka paarak 'cowspiracy' kiyana documentry eke trailer ekata nam mama subtitle hadala damma :sorry::lol:

    kollane, puluwannam deyyane kiyala danwath meka balanna :V.
    patta toke ekak oka denne :P.
    boring naa, balapanko :P
     
    Last edited:

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43

    ...මොකක් වුවද මන් නන් මස් මාලු නොකා ඉන්නේ සීලයක් රැකීමක් ලෙසින් නොගෙනය, අභය දානයක් ලෙසින් සිතාය...මන් අද හාල් මැස්සෙක්,මාලුවෙක් වුවද කෑමෙන් වැලකී සිටින විට ජීවිතයක් බේරෙන්නේය..මන්ද මන් මස් මාලු නොකා සිටින විට, කඩෙන් මස් ගෙදරට ගේන්නේ නැත..එවිට කඩේට ගේන්න සතෙක් මැරෙන්නේද නැත..එවිට එය අභය දානයක් වන්නේය....
    ..අසරන ජීවිතයක් බේරෙන්නේය...ඒ ගැන සිතීමෙන් එක් මස් වර්ගයක් හෝ කැමෙන් වැලකීමට සිතට ගන්නේ නම් ඉතාමත් වටින්නේය:):):)....

    නියමයි බ්‍රෝ, ගොඩක් ඔස්තාර්ල අද කරන්නෙ ලොජික් වලින් මස් මාලු කන එකේ වැරැද්දක් නැහැ කියල කියන්න හදන එක​, ලොජික්ස්වලින් පින් පව් තීරණය කරන එක​.
    Respect you
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,652
    113
    අද තරුන පරපුර බොහෝ විට මස් මාන්ස කෑමෙන් වැලකීමට පටන්ගෙන ඇති බව පෙනෙන්නේය..වැඩිහිටි අයද වයසට ගොස් හෝ නිර්මාන්සික වීමට පටාන් ගෙන ඇත්තේය:nerd::nerd:..සමහරු හරක් මස් නොකන නිර්මාන්සික වන අතර, තවත් කෙනෙක් හරක් මස් කන කුකුල් මස් නොකන නිර්මාන්සිකය,..තවත් අයෙක් මස් මාලු සියල්ලෙන්ම වැලකී යන්තන් කරෝල .......

    මම මේකට රිප්ලයි එකක් ගහනවද නැද්ද කියලා කල්පනා කරලා ඊට පස්සේ ඔන්න ඔහෙ කමක් නෑ රිප්ලයි එකක් දානවා කියලා හිතුවා. මම මේක ලියන්නේ

    1) මම පොර වීමට හෝ මම දන්නවා කියලා පෙන්නීමට නෙමේ.
    2) වාද කිරීමට නෙවේ.
    3) නුවනින් විමසා තේරුම්ගන්නා අයට තේරුම්ගැනීමට.
    4) නිර්මාංශික වීම සීලයක් ලෙස සිතමින් නොදන්නා කම නිසා සීලබ්බත පරාමාස කියන සංයෝජනය නිසා තමන්ට හානියක් කරගන්නා අය එයින් ගැලවීමටයි.

    බුදුරජාණන්වහන්සේ “තමන් වහන්සේ නැති කාලයකදී ධර්මය සහ විනය ගුරු කොට සලකන්න “ කියලා තමයි පැවසූවේ. ඒ කියපු කතාවේ ලොකු තේරුමක් තිබෙනවා. ඉතිං කෙනෙක් සැබෑ බෞද්ධයෙක් නම් කල යුත්තේ බුදුරජාණන්වහන්සේගේ දේශනාව අනුගමනය කිරීමයි. ඒ කියන්නේ තමන්ට ධර්මය සම්බන්ධයෙන් ගැටලුවක් ආපුවාම ධර්මයට සහ විනයට බහා තමයි බලන්න ඕනි.එතකොට ඒක ධර්මයට සහ විනයට ගැලපෙනවා නම් ඒක පිළිපැදීමත් එහෙම නොගැලපෙනවා නම් ඒක අතෑරලා දැමීමත් කිරීමයි හරි දේ. (මේ දේ කරන්න යම්කිසි මට්ටමකට ධර්මඤාණයක් තියෙන්න ඕනි. සහ තෙරුවන් කෙරෙහි සැකය කියන දේ නැති කරගන්න උත්සාහ කරන කෙනෙක් වෙන්න ඕන.)

    හරි දැං එමු මේ නිර්මාංශ ප්‍රශ්නයට.
    බෞද්ධ අපි හැමෝම දන්නවා නෙ දේවදත්ත හාමුදුරුවෝ ගැන. එයා සංඝබේධය කරන්න හිතාගන බුදුරජාණන්වහන්සේ ළඟට ආවා වර 5ක් ඉල්ලගන. ඒ වර තමයි...
    1) භික්ෂුවක් දිවි ඇති තෙක් පිණ්‌ඩපාතික විය යුතුයි.
    2) භික්ෂුවක් දිවි ඇති තෙක් වෘක්ෂ මූලික විය යුතුයි.
    3) භික්ෂුවක් දිවි ඇති තෙක් ශුන්‍යාගාරවල වාසය කල යුතුයි.
    4) භික්ෂුවක් දිවි ඇති තෙක් පාංශුකූලික විය යුතුයි.

    සහ දැන් මේ කතාවට අදාල එක
    5) භික්ෂුවක් දිවි ඇති තෙක් නිර්මාංශික විය යුතුයි.

    බුදුරජාණන්වහන්සේ ඕකට පිළිතුරු දුන්නේ මොකක් කියලද ? කැමති කෙනෙක්ට ඒ දේවල් අනුගමනය කරන්න පුලුවන්. අකමැති කෙනෙකුට ඒ දේවල් අනුගමනය නොකර ඉන්න පුලුවන් කියලයි.

    නිර්මාංශ ප්‍රශ්නය විසඳාගන්න කෙනෙකුට ඔන්න ඔය ටික ඇති. කොහොමද ඒ ටික ඇති වෙන්නේ ?

    අපි දන්නවා බුදුරජාණන්වහන්සේ මහාකාරුණිකයි කියලා. උන්වහන්සේ ලොවැසි සත්වයාට මෛත්‍රී සහගතයි කියලා. සබ්බ පාපස්ස අකරණං ගාථාවේ තේරුම දන්නවනේ නේද ? ඒකෙ කියන්නේ මොකද්ද ?
    “සියලු අකුසල් නොකිරීමද, සියලු කුසල් ඉපදවීමද, තම සිත මනාව පිරිසිදු කරගැනීමද සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි“
    ඒ කියන්නේ බුදු කෙනෙක් කිසිම විටෙක කිසිදු අකුසල කර්මයක් කිරීම අනුමත කරන්නේ නැහැ.

    ඉතින් මාංශ අනුභවය නිසා යම් කිසි ආකාරයක අංශු මාත්‍ර හෝ අකුසලයක් සිදුවෙනවා නම් බුදුරජණන්වහන්සේ දේවදත්ත හිමි අර වර පහ ඉල්ලපු වෙලාවේ නිර්මාංශික විය යුතුයි කියන එක අනුදැන වදාරන්න තිබුනා නේද ?

    ඉතිරි ටික ඊළඟ පෝස්ට් එකේ......
     
    • Like
    Reactions: jmzsl

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මමත් හිතන් ඉන්නේ මස් මාලු කෑම නවත්තලාම දාන්න..
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,652
    113
    බුද්ධ ධර්මය කියන්නේ තම තම නැණ පමණින් දැනගත යුතු සහ අකාලික ධර්මයක්.

    ඉතින් මම උඩ කියල තියන දේවල් වලින් නිර්මාංශික ප්‍රශ්නය විසඳාගන්න බැරි උදවියට තමයි මේ ටික දෙන්න යන්නේ. ටිකක ඇඩ්වාන්ස් ඒරියා එකක්.

    අහලා තියනවානේද උපාදානය ගැන. අවිද්‍යා පච්චයා සංඛාරා..... කියාගන යද්දි උපාදානය ගැන කියවෙනවා. උපාධානය කියන්නේ තණ්හාව නිසා හටගන්නා දෙය. බැඳීයාම සහ ග්‍රහණය වීම කියන අර්ථය තමයි ඒකෙ තියෙන්නේ. මේ උපාදාන ගැන හොඳ විස්තර තියෙනවා මජ්ජිම නිකායේ අලගද්පදූම සූත්‍රය, දීඝනික සූත්‍රය වගේ සූත්‍ර දේශනවා වල. මම මෙතන මූලාශ්‍ර දැම්මේ කැමති කෙනෙකුට ගිහිං කියවලා බලන්න. ඉතිං ඒ උපාදානයන් ගැන කියවෙන සූත්‍රවල විවිද උපාදානයන් වර්ග ගැන විස්තර කරලා තියනවා. දිඨ්ඨි උපාදාන, කාම උපාදාන, අන්තවාද උපාදාන සහ අපිට මෙතන්ට වැදගත් වෙන එක සීලබ්බත උපාදාන

    මොකද්ද සීලබ්බත උපාදාන කියන්නේ ? සූත්‍ර දේශනාවල සඳහන් වෙන පරිදි

    කෙනෙක් යහපත පිණිසයි කියලා විවිද මිත්‍යා සීලයන් වෘත අනුගමනය කරන්න පටන්ගැනීම. එහෙම කරනගමන් ඒක අනුගමනය කරන අය උසස් හා අනුගමනය නොකරන අය පහත් කියලා හෙලා දකින්නත් සීලබ්බත උපාදානයට අහුවෙච්චි අය පෙළඹෙන බව සඳහන් වෙනවා. මොනවද මේ මිත්‍ය වෘත ?

    1) උග්‍ර දුෂ්කර ක්‍රියා කරමින් ශරීරයට වද දීම
    2) නිර්වස්ත්‍රව වාසය කිරීම (මේ උදවිය නං අදත් ඉන්නවා ඉන්දියාවේ)
    සහ මෙන්න පොයින්ට් එක

    නිර්මාංශික වීම
    3) තව තියනවා.. ඔක්කොම ඕන නෑනේ මෙතන්ට :)

    එතකොට සූත්‍ර දේශනාවන් වල තියන ලෙසට මේදේවල් මිත්‍යා වෘත නැතිනම් ව්‍යාජ සීලයන්.

    බුදුරජාණන්වහන්සේ සීලය කියලා දේශනා කලේ “කයෙන් වචනයෙන් වෙන වැරදි අකුසල වලකාගෙන අනිත් අයට හානියක් නොවන ලෙස ජීවත් වීම“ කියන එක. එතකොට නිර්මාංශික නොවුනා කියලා සීලයට හානියක් වෙනවා නම් නිර්මාංශික වීම මිත්‍යා සීලයක් ලෙසට හඳුන්වන්න අවශ්‍යතාවයක් නැහැනේ නේද ?

    එතකොට මේ ව්‍යාජ සීලයන් අනුගමනය කිරීම නිසා කෙනෙකුට අවිද්‍යා සහගත කර්ම රැස්වෙනවා කියලා සූත්‍ර දේශනවාවල වැඩි දුරටත් විස්තර වෙනවා.

    හොඳට මතක තියාගන්න මෙතන මම මේ කියලා තියෙන්නෙ ත්‍රීකෝටි පාරිශුද්ධ මාංශය ගැන මිසක් සතෙක් අල්ලං ඔයාලම මරාගන කන එකවත්, කුකුල් ෆාම් එකට ගිහිං පණ පිටින් ඉන්න කුකුලෙකු මරලා දෙන්න කියලා ඌව කන එකවත් හෙට අපිට මාලු ටිකක් අල්ලලා ගෙනත් දෙන්න කියලා වෙන කෙනකු ලවා ප්‍රාණඝාතයක් කරවනගන කන මාංශය ගැනවත් නෙවෙයි. දැනට ඇති කියලා හිතෙනවා. කෙනෙකුට තවත් මේ ප්‍රශ්නය විසඳුනෙ නැත්නම් කියන්න. පුලුවන් විදිහට තව විස්තර දෙන්නම් මේ ගැටලුව ලෙහාගන්න.
     
    • Like
    Reactions: jmzsl and topkollek

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර

    okay. meat comes from the refrigerator section of the store. no lives were harmed during the process of specifically harvesting meat from animals. ergo it doesn't qualify as a violation of the first precept. The person who buys it from the butcher is entirely free of responsibility as per cause and effect.
     
    • Like
    Reactions: a2mdb

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,652
    113
    okay. meat comes from the refrigerator section of the store. no lives were harmed during the process of specifically harvesting meat from animals. ergo it doesn't qualify as a violation of the first precept. The person who buys it from the butcher is entirely free of responsibility as per cause and effect.

    මම පෝස්ට් එක දාපු අරමුණ උඩින්ම කියලා තියනවා. ඔබට කැමති නම් පිළිගන්න පුලුවන් අකමැති නම් පිළිනොගෙන ඉන්න පුලුුවන් :)
     
    Last edited:

    upsekara

    Junior member
  • Sep 29, 2011
    137
    12
    18
    පාණාතිපාත සූත්‍රය ත්‍රිපිටකය -> සූත්‍ර පි&#

    (27) 7. කම්‌මපථ වර්ගය

    4.7.1. පාණාතිපාත සූත්‍රය

    [සැවැත්නිදානයි]

    1. මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ වේ ද, එ පරිදි නිරයෙහි වේ. කවර සතර කරුණින් යත්:

    තෙමේත් පණිවා කරන්නේ වෙයි. මෙරමාත් පණිවායෙහි සමාදන් කරවයි. පණිවායෙහි ද අනුදන්නේත් වෙයි. පණිවා පිළිබඳ ගුණ කියන්නේත් වෙයි.

    මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූයේ ගෙණ වුත් බහා තැබූයේ යම්සේ වේ ද, එ පරිදි නිරයෙහි වේ.

    මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත වූයේ ගෙණ වුත් බහා තැබූයේ යම්සේ ද, එපරිදි ස්‍වර්‍ගයෙහි වේ. කවර සතර කරුණින් යත්:

    තෙමේත් පණිවායෙන් දුරු වූයේ වෙයි. මෙරමාත් පණිවායෙන් දුරු වීමෙහි සමාදන් කරවයි. පණිවායෙන් දුරු වීමෙහි අනුදන්නේත් වෙයි. පණිවායෙන් දුරු වීම පිළිබඳ ගුණ කියන්නේත් වෙයි.

    මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූයේ ගෙණවුත් බහා තැබූයේ යම්සේ ද, එසෙයින් ස්වර්‍ගයෙහි වේ.

    (9) 4. මචල වර්ගය

    4.2.4.1. පාණාතිපාතී සූත්‍රය

    (සැවැත් නිදානයි.)

    31. මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත පුද්ගල ගෙණවුත් බහන ලද්දක් සෙයින් නිරයෙහි නික්‍ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්:

    පණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණන්නේ වෙයි.

    මහණෙනි, මේ සතර කරුණින් සමන්වාගත වූයේ ගෙණවුත් බහන ලද්දක් සෙයින් නිරයෙහි බහන ලද්දේ වෙයි.

    මහණෙනි, සතර කරුණෙකින් සමන්වාගත පුද්ගල ගෙණවුත් බහන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි නික්‍ෂිප්ත ය. කවර සතර කරුණෙන යත්:

    පණිවායෙන් දුරුවූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරු වූයේ වෙයි. මුසවායෙන් දුරුවූයේ වෙයි.

    මහණෙනි, මේ සතර කරුණෙන් සමන්වාගත පුද්ගල ගෙණවුත් බහන ලද්දක් සෙයින් ස්වර්‍ගයෙහි බහා තබන ලද්දේ වෙයි.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම මස් මාලු නොකෑවොත් වෙන කෙනෙකුට පව් සිදුකරගැනීමේ අවස්ථාවක් නැතිවෙනව ලු. ඒක මට පිනක් ලු.:baffled:

    බෝධිසත්වයො පස් මහ බැලුම් බලල අද වගේ කාලෙක ඉපදෙන්න තීරණය නොකරපු එක පුදුමයක් නෙවෙයි. අද බුදු කෙනෙක් හිටිය නම් මුන් බුදුන්ටත් උගන්නයි:dull:

    :yes::yes::yes::yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Anna dial... Mamath oya seen eka Nisa thamai denata more than 10 year vegitarian... Hebei den elakiriye samaharak ewith bana deshana patan gani..
     
    May 26, 2008
    16
    3
    0
    Malabe
    mata vedio eke balanna widiyak naah.
    oya hithana wanawanam meke jeewayak thiyanawa kiyala... ehema hithala bithara noka inna....

    ehema naah kiyala widyathmaka tharka karana aya ehema naah kiyala kana eke ta wada wiwada karanna gihin nikan paw purawa ganna epa.

    chethana wai mulika wenne.... karuhari kiyana kathawak wishawasa karanna epa kiyala buduhamuduruwoma ne da kila thiyene thamange sihi nuwanin kalpana karanna

    thama thama nana pamanata therum ganna aya atherum gani...

    මම අවුරුදු දහයක් නිර්මාන්ෂයි.. එත් නිර්මාන්ෂවීම සීලයක් නෙවෙයි.. වෙන කෙනෙක් මරපු මසක් කෑවට ප්‍රාණඝාත අකුසලය සිද්දවෙන්නේ නැහැ. එත් බිත්තර කෑම , බිත්තර කැඩීමෙන් ප්රානඝාතයක් සිදුවෙනවා.. ෆාර්ම් බිත්තර කියල වෙනසක් නැහැ..

    මේ බන ටික හොඳින් අහන්න.. හිතේ තියන සැකය දුරුවේවි..

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    අකමැතිනම් නොකන එක හොදයි.ඒලවලු ජාතිම කන එක ඇගටත් හොද ඇති ඒත් ඉතින් පිනක් සිද්ද වෙන්නෙ නම් නෑ. පින් පව් ගැන බුදුන්ගේ ධර්මයෙන් ඉගෙන ගන්න. තමගෙ මතය තර්කය වරදින්න පුලුවන්. අනික පින් කරනවනම් තව ඕනෙ තරම් දේවල් තියෙනව. පින ගැන උනන්දුනම් "වේලාම සූත්‍රය" කියවන්න.