වෙනස

ncbrando

Member
Jan 31, 2014
838
115
0
වෙනස ?

වෙනසක වෙනස මට වෙනසකි වෙනස් වෙන
උඹ මට සතෙකි ලොකු වෙනසකි වෙනස් වෙන
වනසනු පිණිස සැනසෙන කල මිනිස් වෙස
සැනසෙනු කොහොම මේ වෙනසද වෙනස් කර


ගැලපෙන වෙනස වෙනසකි නොවෙනස්ම වන
ඒ වෙනසටම අකමැති වීමයි වෙනස
මේ කී වෙනස හෙට වෙන්නත් පුළුවන් වෙනස
ඇයි ඒ වෙනස වනසන්නේ කියන් තොස

දැලි පිහියෙන්ද කිරි කන්නට මෙමට තලා
මරණ තුනක් මැද පැණි කන්නට හිතලා
හංස රජෙකු ලෙස දියෙනුත් කිරි බීලා
ඉන්නට හැකිද පවසන් මට උදම් වෙලා

ඔරලෝසුවෙද නොවෙනස් කටු නොමැතිම නම්
නොගෙවුණු ඇරඹුමක් අප හට නොමැතිම නම්
රැයකට පසුව යළි එන්නේ උදයක් නම්
නොවෙනස් වෙන්න හැකි දෝ අප කා හට නම්

-මාලන් විදානපතිරණ