වෙබ් අඩවියක දැක්‌වෙන Error Pages cPanel භාවිතයෙන් Customized කිර&#3539

hornetboy

Active member
  • Dec 7, 2012
    880
    147
    43
    වෙබ් අඩවියක දැක්‌වෙන Error Pages cPanel භාවිතයෙන් Customized කිර&#3539

    අපි වෙබ් අඩවියකට සම්බන්ධ උනාම ඔබ දැකලා ඇති සමහර වෙලාවට error pages දිස්වෙනවා. මේ error pages නොයෙක් හේතු නිසා ඇතිවෙන්න පුළුවන්. උදාහරණයක් විදියට අපිට ඔනෑ කරන පිටුව එම සර්වර් එකේ නොතිබීම, අපිට එම පිටුව ලබාගැනීමට බලතල මදිවීම ( authorization problems) ආදී කාරණා නිසා error pages දිස්වෙන්න පුළුවන්. නමුත් ඔබ දැකලා ඇති මෙහෙ දිස්වෙන error pages ගොඩක් වෙලාවට බොහොම සරලව සැකසුනු පිටු. බොහොමයක් ඒවා සුදු පසුබිමේ කළු අකුරු වලින් වරද( error එක) පෙන්නනවා. මේ ලිපියෙන් මම පෙන්වන්න යන්නේ cPanel භාවිතයෙන් මෙම error pages customize කරන්නේ කොහොමද කියන එකයි (ඔබට කැමති theme එකක් එහෙම දාලා මේ error pages සකසාගන්න පුළුවන්). මේ සඳහා ක්‍රම දෙකක් තියනවා.

    පළමු ක්‍රමය:

    cPanel වලට log වෙන්න. ඉන්පසු Advanced--> Error pages වෙතට යන්න. එතනදී ඔබට පෙනෙයි cPanel වලට දර්ශණය කරවිය හැකි error pages වල ලැයිස්තුවක්. ඒ ඕන එකක් උඩ click කලාම ඒ page සංස්කරණය කරන්න පුළුවන් පිටුවකට ඔබව යොමුවෙයි. එතනින් ඔබට කැමති පරිදි අදාල error page එක සංස්කරණය කරගන්න පුළුවන්.

    දෙවෙනි ක්‍රමය:

    ඔබට පොඩ්ඩක් සංකීර්ණ error page එකක් හදන්න ඔනේ නම් අනුගමනය කරන්න ඕන ක්‍රමය මේකයි. මුලින්ම අවශ්‍ය error page එක(සාමාන්‍ය html පිටුවක්) ඔබේ පරිගණකයෙන් හදාගන්න. ඊට පස්සේ එම පිටුව අවශ්‍ය පරිදි නාමකරණය කරලා ( rename) server එකේ public_html folder එකට upload කරන්න. නාමකරණය කරන්න ඕනෑ ආකාරය මෙසේයි.

    400.shtml : Bad request
    401.shtml : Authentication required
    403.shtml : Forbidden
    404.shtml : Page not found
    500.shtml : Internal server error

    මතක තියාගන්න ඕන දෙයක් තමා පිටුව rename කරද්දී පිටුවේ extension එක .shtml විදියට වෙනස් කරන්න ඕන බව.



    මචන් පෝස්‌ට්‌ එක හොද නම් සලකපල්ලා හොදේ...මම එලකිරි එකට අලුත් කොල්ලෙක් මචන්ලා :)
     
    • Like
    Reactions: binoj