වෙරළාශ්‍රිත සංග්‍රාම භූමිය

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    වෙරළාශ්‍රිත සංග්‍රාම භූමිය

    S6dEFmF.jpg


    හඳුන්වාදීම

    Littoral warfare යනු සමුද්‍රතීරය,දූපත් අවට,අවහිර කරන ලද ජල ප්‍රදේශවල එනම් කෙටියෙන් කියන්නේ නම් ගැඹුරු මුහුදෙන් පිටත සිදුකරන සංග්‍රාමයයි.මෙම සංග්‍රාමය විවෘත මුහුදේ කෙරෙන සටන්වලින් වෙනස් වේ.


    ඊට හේතුවන්නේ,

    *මෙම ජල ප්‍රදේශ මුහුදු බොකු,දූපත් පෙළ අතර පිහිටා තිබේ.එම නිසා විශාල යාත්‍රා හැසිරවීමට ප්‍රමාණවත් ඉඩක් නොමැත.තවද විශාල ප්‍රමාණයේ යාත්‍රා නොගැඹුරු ජල ප්‍රදේශවල සෙමින් යාත්‍රා කරන නිසා ප්‍රහාරවලට ලක්වීමේ ඉඩකඩ වැඩිය.​

    *කුඩා/කුරු සබ්මැරීන සහ නිශ්ශබ්ද ඩීසල් සබ්මැරීනවලට නොගැඹුරු මුහුදේ ශබ්ද නොනඟා සැඟවී සිටීමට පුලුවනි.

    *එම ප්‍රදේශ වෙරළට ආසන්න නම් සතුරන්ට ඔවුන්ගේ සන්නද්ධ වේග ප්‍රහාරක යාත්‍රා යොදාගෙන ප්‍රහාර එල්ල කල හැකිය.එවැනි යාත්‍රාවලින් එල්ල වන මිසයිල ප්‍රහාර සමූහයකට නූතන ගුවන් ආරක්ෂණ පද්ධති පවා විනාශ කර දැමීමට පුලුවනි.​


    නොගැඹුරු මුහුද සහ සීමා සහිත ඉඩකඩ නිසා මෙහිදී විවෘත මුහුදේ යොදාගන්නා උපායමාර්ගවලට වඩා වෙනස් උපායමාර්ග වල යෑමට සිදුවේ.

    IvX8hhM.jpg

    වෙරළාශ්‍රිත සංග්‍රාමික නෞකා වේගවත්,කඩිසර,හොඳින් ආයුද සන්නද්ධ වූ,ආත්මාරක්ෂාව සලසා ගත හැකි ඒවා විය යුතුය.ඒවා සතුව ගොඩබිම්,ගුවන් සෙවුම් රේඩාර් සහ සෝනාර් පද්ධති තිබිය යුතුය.මේවායේ ප්‍රචාලනය ඩීසල් එන්ජින් හෝ පම්ප්ජෙට් එන්ජින් යොදාගෙන සිදුකරන නිසා අධික වේගයෙන් යාත්‍රා කල හැකිය.සාමාන්‍යයෙන් මෙම යාත්‍රා ශීඝ්‍රයෙන් වෙඩි තැබීමට හැකි මධ්‍යම ප්‍රමාණයේ තුවක්කුද,නෞකා නාශක මිසයිලද,ටෝර්පිඩෝ සහ කෙටි දුර ගොඩබිම සිට ගුවනට එල්ල කරන මිසයිලවලින්ද සන්නද්ධය.වෙරළාශ්‍රිත සංග්‍රාමික යාත්‍රා එක්කෝ තනි අරමුණක් එනම් ගොඩබිම් ප්‍රහාරක හෝ සබ්මැරීන නාශක සංග්‍රාම හෝ එම අරමුණු කිහිපයකම පෙරදැරි කරගෙන නිර්මාණය කරයි.මෙම වර්ගයේ නෞකාවල ජල විස්ථානය ටොන් 300-3000 අතර වේ.එය තීරණය වන්නේ රටේ අවශ්‍යතාවය මතයි.


    රුසියාව,චීනය සහ ඉන්දියාව ආදී රටවල වෙරළාශ්‍රිත සංග්‍රාමික හැකියාව ඉතා ඉහළ මට්ටමක තිබේ.ඔවුන් මිසයිලවලින් සන්නද්ධ අධි වේග ප්‍රහාරක යාත්‍රා රැසක් භාවිතා කරයි.නොගැඹුරු මුහුදේ නිහඬ ඝාතකයින් ලෙස හඳුවන්වන ඩීසල්-විදුලි සබ්මැරීන වැඩිම ප්‍රමාණයක් තිබෙන්නේද මෙම රටවල් සතුවයි.ඩීසල් සබ්මැරීනවලට නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා නිශ්ශබ්දව කිමිදීමේ හැකියාව තිබේ.ලොව හොඳම නාවික හමුදාවලට පවා අතිශය - නිශ්ශබ්ද මෙම සබ්මැරීන අනාවරණය කරගැනීම දුෂ්කර කාර්යයක් වී තිබේ.ඊශ්‍රායලය යනු වෙරළාශ්‍රිත සංග්‍රාමික යාත්‍රා බහුලවම භාවිතා කරන තවත් රටකි.

    GpV4qJA.jpg
    ඉන්දියානු නාවික හමුදාවේ වීර් පන්තියේ corvette වර්ගයේ යාත්‍රා​

    JzpYhIQ.jpg
    රුසියානු Buyan M පන්තියේ වර්ගයේ corvette නෞකාවක්​

    තම වෙරළාශ්‍රිත සංග්‍රාමික හැකියාවන් දියුණු කරගත යුතු යැ‍යි අවබෝධ කරගත් එක්සත් ජනපදයද වෙරළාශ්‍රිත සංග්‍රාමික නෞකා(Littoral Combat Ship (LCS)) සිය නාවික හමුදාවට හඳුන්වා දී තිබේ.මේවා අධි තාක්ෂණික,මිලෙන් අධිකතම,අධි වේගී ප්‍රහාරක යාත්‍රා වේ.තම ආසියානු තරඟකරුවන් භාවිතා කරන ටොන් 1000 පමණ ජලය විස්ථාපනය කරන යාත්‍රා මෙන් නොව ඇමෙරිකානු වෙරළාශ්‍රිත සංග්‍රාමික යාත්‍රා ප්‍රමාණයෙන් විශාල වන අතර ඒවා ටොන් 3000+ ජල කඳක් විස්ථාපනය කරයි.තවද හෙලිකොප්ටර් ගෙන යාමට තරම් ඉඩක් ඒවා සතුවේ.රුසියාවද සිය සැහැල්ලු මිසයිල ප්‍රහාරක යාත්‍රා(විස්ථාපනය ටොන් 2100)බර අවි සහ හෙලිකොප්ටරයක් ගෙන යා හැකි අයුරින් නිපදවා තිබේ.මෙම නව ප්‍රවණතාවය අනුව යමින් ඉන්දියාවද සබ්මැරීන නාශක ටොන් 3000+ ඉක්මවන විස්ථාපනයක් සහිත යාත්‍රා නිපදවීමට යොමුවී තිබේ.යුරෝපා රටවල්ද විශාල ප්‍රමාණයේ යුද නෞකාවලට අභියෝග කල හැකි වේග ප්‍රහාරක යාත්‍රා සිය වෙරළාරක්ෂාවට යොදවා තිබේ.

    sV4Gy6e.jpg

    LCS Independence නෞකාව

    5qNxdkL.jpg
    රුසියානු Stereguschy පන්තියේ වර්ගයේ corvette නෞකාවක්​

    මෙවැනි යාත්‍රා භාවිතා කිරීමේ වාසි වන්නේ ඒවා අඩි 15ක් පමණ ගැඹුරු ජලයේ පවා හැසිරවීමේ හැකියාවයි.වැනි අනෙකුත් යාත්‍රාවලට මෙම කලාපයේ මෙහෙයුම් කිරීමේ හැකියාවක් නොමැත.ඉපිළුම් ගැඹුර අවම වෙරළාශ්‍රිත සංග්‍රාමික යාත්‍රාවලට එම කාර්යය පහසුවෙන් කල හැකිය.විශාල ප්‍රමාණයේ නෞකා නොගැඹුරු මුහුදේ මෙහෙයුම් කරන්නේ අලසවයි.ගැඹුරු මුහුදේ මෙහෙයුම් සඳහා නිර්මාණය කල සෝනාර් පද්ධති නොගැඹුරු මුහුදේදී භාවිතා කරන විට නාවිකයින් ව්‍යාකූලත්වයට පත් කරයි.ගැඹුරු මුහුදු ප්‍රදේශවල භාවිතා කිරීමට නිර්මාණය කල ටෝර්පිඩෝ නොගැඹුරු මුහුදේ ඉලක්ක සොයාගැනීම සහ පහරදීමට භාවිතා කිරීම ප්‍රශ්න ඇතිකරයි.නොගැඹුරු මුහුදේ තිබෙන අවහිර නිසා ධ්වනි තරංග භාවිතා කිරීම නිරවද්‍ය ප්‍රතිඵල අත් කර නොදෙයි.බලවත් destroyer වර්ගයේ නෞකා සීමා සහිත මුහුදු ප්‍රදේශවලදී හැසිරවීමේ අපහසුව සහ වේගය ප්‍රමාණවත් නොවීම මත වේග ප්‍රහාරක යාත්‍රාවල පහසු ඉලක්ක වීමේ හැකියාව ඉහළය.එය යටි වියනක් සහිත ඝන වැසි වනාන්තරයක් තුල හස්ථියෙක් හැසිරවීමට සමානය.එවැනි භූමියක හස්ථියාට වේගයෙන් ගමන් කල නොහැකි අතර වේගවත් සහ මාරාන්තික සතුන්ගේ ප්‍රහාරවලට ලක්වීමේ අවධානමද වැඩිය.ඊට සමාන අයුරින් විශාල ප්‍රමාණයේ යාත්‍රාද නොගැඹුරු,සීමා සහිත ජල ප්‍රදේශවලදී අවධානම් සහිතය.වෙරළාශ්‍රිත සංග්‍රාමික යාත්‍රා නිපදවන්නේ මෙම හේතුව නිසාය.

    මෙම යාත්‍රාවල සංවේදක උපාංග නිර්මාණය කර තිබෙන්නේ කෙටි දුරක මෙහෙයුම් සඳහා යෝග්‍ය වන ලෙසයි.ඒවා නොගැඹුරු මුහුදේ තත්ත්වයන් හමුවේ ව්‍යාකූලත්වයට පත් නොවන ලෙස සැලසුම් කර තිබේ.නමුත් වර්තමානයේ නිපදවා තිබෙන සමහර වෙරළාශ්‍රිත සංග්‍රාමික නෞකාවලට ගැඹුරු මුහුදු ප්‍රදේශවලද මෙහෙයුම් සිදුකිරීමට පුලුවනි.එවැනි විශාල ප්‍රමාණයේ වෙරළාශ්‍රිත සංග්‍රාමික යාත්‍රා වලට වෙරළාශ්‍රිතව මෙන්ම සාගරයේදීද මෙහෙයුම් කිරීමට හැකි බලවත් සංවේදක උපාංග තිබේ.Steregushchiy,Independence,Kora යන පන්තිවල යාත්‍රා සතුව එම හැකියාව තිබේ.

    ලිපියේ ඊළඟ කොටසින් ඇමෙරිකා එක්සත් ජනපදය සතුව වෙරළාශ්‍රිත සංග්‍රාමික යාත්‍රා සම්බන්ධව කතා කරමු.



    දෙවන කොටසින් හමුවෙමු.​




    Source:defencyclopedia.com

    -HarshaLulzSec-