වෙරළු ඇහින්දැයි සිසුන් තුන්දෙනෙකු ගස් බැ
බිම වැටී තිබූ වෙරළු ඇහිලූ පාසල් සිසුන් තිදෙනෙකු ගස් බැඳ තිබියදී ප්‍රදේශවාසීන් විසින් බේරාගැනීමේ සිද්ධියක් හැටන් - ලිඳුල - නාගසේන ප්‍රදේශයෙන් වාර්තාවනවා. 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුන් තිදෙනෙකු ඊයේ (08) දිනයේදී නිවසට යන අතරතුර ප්‍රධාන මාර්ගයේ නිවසක් අසළ බිම වැටී තිබූ වෙරළු ගෙඩි කිහිපයක් ඇහිඳගෙන ඇති බව සඳහන්. එම අවස්ථාවේදී නිවසේ හිමිකරු පාසල් සිසුන් තිදෙනා අදාළ වෙරළු ගසේම බැඳ පහරදී තිබෙනවා. පසුව මාර්ගයේ ගමන් ගත් ප්‍රදේශවාසියෙකු මෙය දැක පාසල් සිසුන් තිදෙනා ඉන් මුදවාගෙන ලිඳුල පොලීසියට භාරදී ඇති බවයි වාර්තාවන්නේ. ඉන් අනතුරුව ලිඳුල පොලීසිය නිවෙස් හිමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසියට ප්‍රකාශයක් ලබාදෙමින් නිවෙස් හිමියා සඳහන් කර ඇත්තේ දිනපතා පාසල් සිසුන් ගල් ගසා වෙරළු කැඞීම සිදුකරන බවයි. මේ හේතුව නිසා පාසල් සිසුන් බියවැද්දීමට මෙම සිසුන් තිදෙනා ගස් බැඳීම සිදුකළ බවයි නිවෙස් හිමියා පොලීසියට සඳහන් කර ඇත්තේ. ලිඳුල පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කලේ පාසල් සිසුන් තිදෙනා ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළ බවයි.

Last edited: