වෙරළු ඇහින්දැයි සිසුන් තුන්දෙනෙකු ගස් බැ

anurusun

Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    වෙරළු ඇහින්දැයි සිසුන් තුන්දෙනෙකු ගස් බැ

    බිම වැටී තිබූ වෙරළු ඇහිලූ පාසල් සිසුන් තිදෙනෙකු ගස් බැඳ තිබියදී ප්‍රදේශවාසීන් විසින් බේරාගැනීමේ සිද්ධියක් හැටන් - ලිඳුල - නාගසේන ප්‍රදේශයෙන් වාර්තාවනවා. 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුන් තිදෙනෙකු ඊයේ (08) දිනයේදී නිවසට යන අතරතුර ප්‍රධාන මාර්ගයේ නිවසක් අසළ බිම වැටී තිබූ වෙරළු ගෙඩි කිහිපයක් ඇහිඳගෙන ඇති බව සඳහන්. එම අවස්ථාවේදී නිවසේ හිමිකරු පාසල් සිසුන් තිදෙනා අදාළ වෙරළු ගසේම බැඳ පහරදී තිබෙනවා. පසුව මාර්ගයේ ගමන් ගත් ප්‍රදේශවාසියෙකු මෙය දැක පාසල් සිසුන් තිදෙනා ඉන් මුදවාගෙන ලිඳුල පොලීසියට භාරදී ඇති බවයි වාර්තාවන්නේ. ඉන් අනතුරුව ලිඳුල පොලීසිය නිවෙස් හිමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලීසියට ප්‍රකාශයක් ලබාදෙමින් නිවෙස් හිමියා සඳහන් කර ඇත්තේ දිනපතා පාසල් සිසුන් ගල් ගසා වෙරළු කැඞීම සිදුකරන බවයි. මේ හේතුව නිසා පාසල් සිසුන් බියවැද්දීමට මෙම සිසුන් තිදෙනා ගස් බැඳීම සිදුකළ බවයි නිවෙස් හිමියා පොලීසියට සඳහන් කර ඇත්තේ. ලිඳුල පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කලේ පාසල් සිසුන් තිදෙනා ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළ බවයි.

    112863_1.jpg

    112863_2.jpg

    112863_3.jpg

    112863_4.jpg
    112863_5.jpg

    112863_6.jpg
    112863_7.jpg

    :shocked::shocked::(:(:(
     
    Last edited:

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මුව අත්අඩංගුවට නෙමෙයි අල්ලලා ඇට දෙක ලාච්චුවේ දාල තලන්න තිබ්බේ..අයි යකෝ බිම වැටිච්ච වෙරළු ගෙඩියක් ඇහින්ද කියල පොඩි උන්ව ගස් බදින්න ඕනෙද...:angry::angry::angry:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,093
    113
    Dubai
    ලමා කාලයක් කියලා එකක් ගත නොකරපු පාදඩයෙක්ගේ වැඩක්. මේ වගේ දෙයක් කරාට රජ කාලේ දඩුවම් දෙන්න ඕන පරයට
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මුව අත්අඩංගුවට නෙමෙයි අල්ලලා ඇට දෙක ලාච්චුවේ දාල තලන්න තිබ්බේ..අයි යකෝ බිම වැටිච්ච වෙරළු ගෙඩියක් ඇහින්ද කියල පොඩි උන්ව ගස් බදින්න ඕනෙද...:angry::angry::angry:

    :angry::angry::angry::yes:
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මුව අත්අඩංගුවට නෙමෙයි අල්ලලා ඇට දෙක ලාච්චුවේ දාල තලන්න තිබ්බේ..අයි යකෝ බිම වැටිච්ච වෙරළු ගෙඩියක් ඇහින්ද කියල පොඩි උන්ව ගස් බදින්න ඕනෙද...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මුව අත්අඩංගුවට නෙමෙයි අල්ලලා ඇට දෙක ලාච්චුවේ දාල තලන්න තිබ්බේ..අයි යකෝ බිම වැටිච්ච වෙරළු ගෙඩියක් ඇහින්ද කියල පොඩි උන්ව ගස් බදින්න ඕනෙද...:angry::angry::angry:

    :angry::angry:
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    උට ළමා කාලයක් තියෙන්න නැතුව ඇති........
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඉස්කෝල ලග ගෙවල් තියෙන උන්ගෙන් තමා අහන්ඩ වෙන්නෙ අන්ඩපාල වැඩ කරන පොඩ්ඩන්ගෙන් තියෙන කරදරේ. ඔය ඇහිලුව කිව්වට සමහර විට ගල් ගහල කඩන්ඩ ඇති.
    හැබැයි තිරිසන් විදියට හැසිරෙන්නෙ නැතිව අල්ලගෙන විදුහල්පතිට භාර දුන්නනං ඉවරයි. අනික කොහොමද බං මේ වගේ පොඩි උන්ට ගහන්නෙ මූනවල් බලාගෙන.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාර ප#යෙක්නේ බං ඌ.. එල්ලලා ගහන්න ඕන ඔහොම එවුන්ට..:angry:

    හොරකමත් හොද නැහැ.. අහලා වෙරළු ඇහින්දා නම් හොඳයි..:yes: අනික සමහර පොඩි අය ඉන්නවා ගස් වලට මහා පොලු වලින් ගහනවා.. වහලවල්, ජනෙල් ඉවරයි ඉතිං..:dull:

    හැබැයි ඉතිං ඔය කාලෙ පුංචි පුංචි හොර වැඩ කරන එක ආතල්.. :rofl:
     
    Spotlight

    Member
    Jun 27, 2015
    27
    15
    0
    මුව අත්අඩංගුවට නෙමෙයි අල්ලලා ඇට දෙක ලාච්චුවේ දාල තලන්න තිබ්බේ..අයි යකෝ බිම වැටිච්ච වෙරළු ගෙඩියක් ඇහින්ද කියල පොඩි උන්ව ගස් බදින්න ඕනෙද...:angry::angry::angry:

    කියනකොට ඔහොම තමයි. මුන් බිම වැටිච්ච ඒවා නොවෙයි. අර ගෙවල් වල වහල උළු වලට පොලු ගල් වලින් ගහන්න ඇති. නැත්නම් නිකන්ම ගස් බදින්නේ නැහැ මුන්ව.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මාර ප#යෙක්නේ බං ඌ.. එල්ලලා ගහන්න ඕන ඔහොම එවුන්ට..:angry:

    හොරකමත් හොද නැහැ.. අහලා වෙරළු ඇහින්දා නම් හොඳයි..:yes: අනික සමහර පොඩි අය ඉන්නවා ගස් වලට මහා පොලු වලින් ගහනවා.. වහලවල්, ජනෙල් ඉවරයි ඉතිං..:dull:

    හැබැයි ඉතිං ඔය කාලෙ පුංචි පුංචි හොර වැඩ කරන එක ආතල්.. :rofl:

    පොඩි එවුන් ඉස්කෝලේ යන පාරට ඉදිලා වැටිලා තියෙන වෙරළු ඇහිඳින්නත් අවසර ගන්න ඕනෙද බන් ගෙදරට ගිහින් අහලා? :baffled:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඕකේ දෙපැත්තක් තියෙනවා,කොල්ලන්ගේ ඉස්කෝලවල් ළග ගෙවල් ගෙවල් තියෙනවා නම් ,ඉස්කෝලේ චාටර් එකක් නම් ඉතින් ගෙවල් වල ඉන්න එවුන් ඉදලා ඉවරයි, අරුන් ගල් ගහනවා, බෝල ගහනකොට බෝල එවනවා , එක එක ගෙඩි කඩන්න වත්තට පනිනවා, ගෙදර කෙල්ලෙක් එහෙම හිටියොත් විහිළු කරනවා, එක විකාරයයි. පොඩි කියලා නෑ, උන් කරන වැඩ දැක්කම නමුත් මෙහෙම ගස් බදින්නේ නැතුව, විදුහල්පතිට පැමිණිලි කරානම් හරි, එහෙමත් බැරි නම් පොලිසියට කියනවා.
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    ඉස්කෝල ලග ගෙවල් තියෙන උන්ගෙන් තමා අහන්ඩ වෙන්නෙ අන්ඩපාල වැඩ කරන පොඩ්ඩන්ගෙන් තියෙන කරදරේ. ඔය ඇහිලුව කිව්වට සමහර විට ගල් ගහල කඩන්ඩ ඇති.
    හැබැයි තිරිසන් විදියට හැසිරෙන්නෙ නැතිව අල්ලගෙන විදුහල්පතිට භාර දුන්නනං ඉවරයි. අනික කොහොමද බං මේ වගේ පොඩි උන්ට ගහන්නෙ මූනවල් බලාගෙන.
    ow ban meheth innawa epa karapu podi ewun tikak, wayasata nwe unge wada, kunuharpa kiyagaththa gamanamai, gahaka gediyak thiyenna denne na ,a madiwata polu gahanwa gas walata ewa roof ekatath watenawa :angry: unta mukuth kiynnath ba kiwwoth adaagena yanawa gewal walata hoda ahinsaka un wage,ita passe gedara un enawa redda ussagena kunuharpa kiyagena podi unta deweni na :baffled: