වෙරළ පාපන්දු රන් පදක්කම අහිමි කල රාජතාන්ත
අද අවසන් වුණ වෙරළ පාපන්දු අවසාන මහා තරගය කාගේත් හද කම්පා කිරීමට සමත්වූ ඉතාමත් උද්වේගකාරීවූ තරගයක් විය. ශ්‍රී ලාංකීය ක්‍රීඩකයන් බංග්ලාදේශ පාපන්දු කණ්ඩායම සමග තරග කල මෙම තරගය ශ්‍රී ලංකා වාසී ක්‍රීඩා ලොලීන්ගේ වඩාත් අවදානය දිනා ගැනීමට සමත් විය.
ශ්‍රී ලාංකික යොවුන් ක්‍රීඩකයන් තම මූලික වටයේ තරග තුනම ඉතා විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරමින් මෙම අවසන් තරගයට ඇතුලුවීම කාගේවත් ප්‍රශංසාවට බදුන් නොවූ සුදුවීමක් වීය.
ශ්‍රී ලංකා කණ්ඩායම නියොජනය කරමින් සහභාගිවූ ක්‍රීඩකයින් අතර ඇත දුර බැහැර ප්‍රදේශ වලින් පැමිණ ශ්‍රී ලංකා කණ්ඩායම නියොජනය කිරීමේ වාසනාව ලැබූ ලාබාල ක්‍රීඩකයන් පිරිසක් සිටියහ.
ඔවුන් සැම තරගයක් සදහාව අවතීර්ණ වූයේ රට ගැන හැගීමෙන් මෙන්ම ආත්මාභිමානී හැගීමකිනි. වෙරළ පාපන්දු ක්‍රීඩාව සමස්ත ශ්‍රී ලාංකිකයන් මෙන්ම ක්‍රීඩකයන්ටද නුහුරු නුපුරුදු අත් දැකීමක් විය. තණකොළ සහිත රළු පොළවේ දූවිලි සමග උරෙන් උර ගැටී හිතේ ඇති ආසාව හා ක්‍රීඩා ශීලීත්වය හේතුවෙන් ඉතා සංයමයෙන් අධිෂ්ඨානයෙන් යුතුව කරන ක්‍රීඩාවක් වන පාපන්දු ක්‍රීඩාව ඔනැම අවස්ථාවක ජය පරාජය තීරණය විය හැකි ක්‍රීඩාවක් ලෙසද ඉතා ප්රකටය.
එම ක්‍රීඩාව වැලිපොළව මත වෙනස් පන්දුවකින් ඉතා වේගවත් ආකාරයෙන් ක්‍රීඩාවේ නැගීම ඉතාමත් අපහසුය. වැරදි ඉතාමත් අවම කර ගනිමින් ක්‍රීඩා කළ යුතු අතර ඉතාමත් දූරදර්ශීලෙස ක්‍රීඩාකළ යුතුය.
ශ්‍රී ලංකාව නියොජනය කළ ක්‍රීඩකයන් අතර වෙරළ පාපන්දු ක්‍රීඩාව විනා ඔවුන්ගේ සාමාන්‍ය පාපන්දු ක්‍රීඩාව වුවද ඉතා අපහසුකම් මැද ක්‍රීඩාකල ක්‍රීඩකයන් විය. ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ ක්‍රීඩකයා කොළඹ සමාජයේ හැදී වැඩුන ක්‍රීඩකයෙකු නොවේ. ඔහු මඩකලපුවේන් ක්‍රීඩාවට දායාද කල තරුණයෙකි. එසේම අනිකුත් සැම සියලුදෙනා මින් පෙට රූපවාහිනියේවත් මෙවන් තරග නරඹා නැති බව සැබැය.
අවසාන තරගයේ උරෙන් උර ගැටී තම මව්බිම රනින් සැරසීමට තම ගත රුහිරු කැපකල මේ තරුණ කොල්ලන්ගේ කැපවීම, ක්‍රීඩාවට ඔවුන්ගේ තිබුණ ආදරය අවාසනාවන්ත ලෙස පුස්සක් බවට පත් විය.
තරගය ආරම්භයේ සිටම බංගලාදේශ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාශය ඉහල තැනක පැවතියේය. ඒ ඔවුන්ගේ ක්‍රීඩා තාක්ශනයේ තිබූ නිපුණතාවය හා අත්දැකීම් බහුලත්වය විය. එසේම ඔවුන්ගේ ක්‍රීඩා රටාව ක්‍රීඩාවේ සම්මත ක්‍රීඩා නීති රීති අභිබවා ගිය අවස්ථා රැසක් පිළිබිඹු කළ අතර අවසානයේදී එය තරග තීරකයන් හට හිසරදයක් ගෙන ඒමට සමත් විය.
ක්‍රීඩාවේ ජීව ගුණය හා සමබරතාවය රැක ගැනීමේ අවශ්‍ය තාවය තදින්ම දැනුන අවස්තා බොහොය. තරගයේ 28 වන විනාඩියේදී අනිසි බලපැමක් හේතුවෙන් ලාංකික ක්‍රීඩකයන් හට දඩුවම් අවස්තාවක් ලබාදුන් අතර එයට කුපිතවූ බංගලාදේශ ක්‍රීඩකයන් විනිසුරු තීරණය අභියොගයට ලක්කිරීමේ වරදට රතු කාඩ් පතක් ලබාදී ක්‍රීඩකයෙක් තරගයෙන් ඉවත් කිරීමට සිදුවිය. මෙම සිදුවීමට පෙර කහ කාඩ්පත් නොයෙක් විට බංගලාදේශ ක්‍රීඩකයන්හට ලබා දෙමින් ඔවුන්ගේ වරද වටහා ගැනීමේ අවස්ථාව ලබාදීමට විනිසුරුවරුන් කාරුණික විය.
රතු කාඩ්පතෙන් ඉවත් වූ ක්‍රීඩකයාත් සමගින් බංගලාදේශ කණ්ඩායම අපහසු තාවට පත් විය. ඒක් කණ්ඩායමටකට 5 දෙනකු පමණක් ක්‍රීඩා කිරීම සම්මත නීති රීතිවක පැහැදිලිව සටහන්වී තිබින.ඒ අනුව කණ්ඩායම තරග කරුවන් 4 දෙනෙකු සමගින් තරගයට අවතීර්නය වූ අතර එය ඔවුන්ට ඉතා අපහසුතාවයට පත් කරන්න්නක් විය. ඉන් මද වේලාවකට පසුව තවත් ක්‍රීඩකයෙකු නොමනා හැසිරීමෙන් තරගයෙන් ඉවත් කළ අතර තරගය ක්‍රීඩකයන් තිදෙනෙකු හා අතිරේඛ ක්රීඩකයනෙක් අයෙකු ක්‍රීඩාකිරීමේ හැකියාව පැවතුණි.
ඉන් නොබො වේලාවකින් බංගලාදේශ කන්ඩායම ඉතා කලහකාරී ලෙස පිටියෙන් ඉවත් වූ අතර කළහකාරී ලෙස හැසිරෙනු දැකගත හැකිවිය.
තරග සංවිධායකයින් අත නිසි ලිපි ගොනු හා තරග නීති රීති මාලාව නොතිබීමේ වරද වැහීමට සිදු වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමටය.
තරගය එක දිගට පැවැත්වීමේ අවශ්‍යතාවය ඇතිව රතු කාඩ්පත් හේතුවෙන් ඉවත් කළ ක්‍රීඩකයන් නැවත තරගය වෙත එක් කළ අතර අවසානයේ සියලුම ක්‍රීඩකයන් ක්‍රීඩා කලේය.
විනිසුරු තීරණ අභියොගයට ලක්කල ක්‍රීඩකයින් නැවත තරගයේ යෙදවීම විනිසුරු තීරණ සමච්චලයට ලක්කල තීරණයක් විය. මෙය ක්‍රීඩාවේ ජීව ගුණය විනාශ කිරීමක් විය.
තරගාවලියේ සංවිදායකයන්ගේ දුර්වලතාවය හේතුවෙන් මෙම පදක්කම අහිමිවූ අතර එය ක්‍රීඩාවේ හා විනිශ්ච කරුවන්ගේ ගරුත්වය හැල්ලුවට ලක් කලේය. ඉතාමත් අවිනීත ක්‍රීඩාවක නිරත වූ ක්‍රීඩකයන් පිරිසකට යටත් වෙමින් ඉතා විනයානුකූලව ක්‍රීඩා කල දුර බැහැර පෙදෙස්වලින් පැමිණි ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගේ උත්සාහය හැල්ලුවට ලක් කලේය.
ක්‍රීඩකයින්ගේ විනය රාජතාන්ත්‍රික බව හා එක් කිරීම මින් පසු වත් නැවැත්වීමට ක්‍රියා කිරීම ක්‍රීඩා පරිපාලකයන්ගේ යුතුකමයි.
Source: http://www.cricturf.com/sinhala/54-documentry/2687-2011-10-10-18-22-53.html
අදාල වීඩියොව නරඹන්න.
bump karanna
othana sellam karapu kollo Colombo 7star school wala ewun neweyi.. un dura palathwalin ewilla reta pavement eke nidagena ude practise karala aye hawasa gewal wala yana kollo. ampara madakalapuwa kalmunai wage dura idala ewilla peya dekak sellam karala yana aya. un iye match eka lesiyen gahana eka kaapu loku lokkanta monawa wenna oneda.

Last edited: