වෙසක් කූඩුවට කැටයම්

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    වෙසක් කූඩුවට කැටයම්

    මේ දවස් වල වෙසක් කූඩු හදන්න කෙසේ වෙතත් හදපු කූඩුවක් ගෙනල්ල හරි අලවන්න හිතාගෙන ඉන්න අයට ඔන්න මම ගානෙ ලස්සන ලේසියෙන්ම කපල ගන්න පුලුවන් කැටයම් ටිකක් ගෙනාව....දැන් කතුරක්, පැන්සලක්,A4 හරි මොනව හරි කඩදාසියක් අරගෙන වැඩේට බහිමු...

    GMNNcWs.jpg


    මුලින්ම ..මේ හැම මල් හැඩතලයක්ම යන්නෙ එකම හැඩේකට නවා ගත්ත කඩදාසියක...ඒක නිසා පහල තියන විදියට කඩදාසිය නවල හදාගන්න....වැඩි කොටස් කපල ඉවත් කරන්න...

    XFUCkKy.jpg


    RL2kB2e.jpg


    මේ හදා ගත්ත හැඩය පාවිච්චි කරල තමයි ඊලඟට තියන හැම කැටයමක්ම කපන්න යන්නෙ....ඔයාල තමයි තීරනය කරන්න ඕන කැටයමේ ප්‍රමානය..තව රූපය බලල නිවැරදි පැත්තට හැඩතලය ඇද ගන්න ඕන...වැරදුනත් එක පාරයි ආයිත් වෙන්නෙ නෑ...ක්‍රමේ අල්ල ගත්තම කැමති හැඩයක් තනියම කපන්න පුලුවන්..මේ පැහැදිලි වෙන්න පහල images බලන්න..

    n6kG2WR.jpg


    FCgazNA.jpg


    RfDQNrb.jpg


    QKg0Wbw.jpg


    සමහර තැන් වලදි බ්ලේඩ් එකක් පාවිච්චි කරන්න වේවි. එතකොට යටින් වීදුරු තහඩුවක් තියා ගත්තම ලේසියෙන්ම හැඩතල කපන්න පුලුවන්..
    කපල ඉවර වුනාම නැමුම් පාරවල් නම් පේන්න විදියක් නෑ..තදට පාරවල් තියනව නම් අයන් කරල ගන්න...

    දැන්...template දානව....ගොඩක් තියන නිසා ටික ටික post කරන්නම්.....step by step කියන්න දෙයක් නෑ..තනියම බලල වැඩේ ගොඩ දාන්න පුලුවන්...මෙතන තියන හැම හැඩයක්ම මම කපල බලල නෑ.. ..තව ඉතිං මේව මොන විදියට යොදා ගන්නවද කියල තීරනය වෙන්නෙ ඔයාලගෙ නිර්මානශීලිත්වය අනුව තමයි...හදල photo එකක් දාන්න පුලුවන් නම් තවත් හොදයි....


    මේව ගත්තෙ එක තැනක් කියල නෑ.....හැම තැනින්ම හොයා ගෙන එකට එකතු කරල තමයි post කරෙ.....නිකම්ම යන්නෙ නැතුව හිත හැදෙන්න මොනව හරි කියල යන්න නැත්නම් මගෙ මහන්සිය අපරාදෙ. 😟😟
    තව ලියවැල්, පරන කැටයම් තියන පොතක් තියනව කැටයමක් බලා ගන්න ඕන නම් කියන්න photo ගහල දාන්නම් ...
    Om GIF
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අඩේ තිබ්බ කොල සේරම කපලා කපලා ඉවර වෙලා එකක් කපා ගත්තා.දැන් හොර පාරෙන් කඩේ යන්න යන්නෙ කොල ගෙන්න. ඉස්සරහා ඇම්බියුලන්ස් එකක් නතර කරලා තියෙනවා 😅