වෙසතුරු සදිසි පියවරුන්..

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ඇත්තටම මේ ගීතයේ තියෙන්නේ දේශපාලනමය අදහසක්, මේ අර්ථක්‍රමයෙන් ඒ අපේ තිබුන සංස්කෘතිය දියවෙලා යන හැටි තමයි පෙන්නුම් කරන්නේ, තනියම ආහාර ගන්න සංස්කෘතියක් අපිට තිබුනේ නෑ. අසල්වාසීන් සමඟ ඛෙදා හදාගෙන ආහාර ගැනිමේ සංස්කෘතියක් තිබුනත් මේ නාගරික සමාජයේ වෙසෙන ඒ පෙර පරපුරේ දු පුතුන් මේ සමාජ ආර්ථීක රටාව නිසා ඔවුන්ගේ හෘදසාක්ෂිය යටපත් වෙන හැටි මේ ගීතයෙන් අපුරුවට නිරුපනය වෙනවා. මුදල කියන දේ මිනිසුන්ගේ හර පද්ධතින්ට කරන බලපෑම මෙහි සියුම් ලෙස විග්‍රහ කරනවා.
 
  • Like
Reactions: Mr.Tom

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔය ගීතය අහම්බෙන් ඇහිල තිබුණත් තෙරුම ගැන ඒ හැටි තේරුණේ නෑ මට මෙච්චර කල්...:no: ඒ අතින් ඔයාගෙන් නියම විචාරයක් ලියවිලා තියෙනවා..:yes: අර මැදට එකතු කරපු පින්තූරෙත් එක්ක ඒක තවත් හිත ඇතුළට වැදුනා...:)

    මගේ රසාඤ්ඤතාවය අනුව මහා ලොකු විචාර ලියන්නනම් තේරෙන්නෙ නෑ..
    ඒත් ඔය ගීතය වගේම හිත ඇතුළෙ ලස්සන චිත්‍රයක් මවපු,ඒ වගේම කනට ඇහෙනකොට ඒ චිත්‍රෙ හිත ඇතුළෙ අඳෙන මම ආසම කරන ගීත දෙකක් තියෙනවා...

    අන්දර යායේ වැව් තාවල්හී
    සක්මන් කරනා අප්පච්චී
    දොළේ දියයි මට කෙතේ නිලයි
    ගහ වැලේ මලයි මට අප්පච්චි....

    ඉපදුනේ ගමක නූනත්, තාත්ත කුඹුරු වැඩ නොකළත්, ඒ ගීතයේ වචන වලින් හිතට හුරු පුරුදු ලෙන්ගතු හැඟිමක් දැනෙනව තාත්ත ගැන...

    මේ තියෙන්නේ අනිත් ගීතය...

    ගමට කලින් හිරු මුලු තැන් ගෙට වඩිනා
    ඒ හිරු එළියෙන් නැන මල් පොඩි පිපුනා
    ඒ මල් සුවඳේ අද ලොව් තුරු සුව විඳිනා
    කලා වැවේ නිල් දියවර අපේ අම්මා...

    අපේ අම්මලා කලා වැවට පොඩ්ඩක්වත් සමීප නූනත්, වෙල් එළි වල ඇවිදල දෙපා නොරිදුනත්, ඒ හැඟීම පපුවට දැනෙනව ගොඩාක් ගැඹුරට...

    (ගෙදර ආවේ නිදා ගන්න බලාගෙන උනත්, ත්‍රෙඩ් එක දැක්කාම හිතේ තියෙන අදහස නොකිය යන්න හිතුනේ නැති නිසයි මේ ටිකත් ඔයාගෙ ත්‍රෙඩ් එකටම එකතු කළේ අවසරයකින් තොරව..)

    • Like
    Reactions: DAMER

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේක කියවද්දී මට අද බුකියේ දැකපු දෙයක් මතක් උනා. එකේ කියනවා සිංහල තරුණ තරුණියන් විවාහය පරක්කු නිසා සිංහල ජාතිය නැතිවෙනවා එක නිසා ඉක්මනට බදින්න් කියලා. එක ඇත්ත උනාට එකට හේතුවමොකක්ද.
    කක කන්නි ඩ්ස්පලනය නිසා ජරාජීර්ණ වුන ආර්ථිකයක මිනිස්සු කොහොම ඉක්ක්මනට බසින්නද. බැදලා දරුවන්ට කන්න බොන්න් දෙන්නේ කොහොමද. ඉන්න ගෙයක් හදාගන්නේ කොහොමද. කෝ අපේ ඒකාලේ ගම්වල තිබුණු සව්බග්‍ය. අපි නගෙට වෙලා කාටවත් දෙන්න වෙයි කන දේවල අනිකය කි කියලා ගන්ගිලා කන්න උනේ ඇයි. මේ කල කන්නි පාලන ක්‍රමය නැති කරන කන් සිංහලයටවත් දෙමලටවත් නිවනක් ලැබෙන්න නැ. එකට කරන්නේ තියෙන්න එකමදේ අපි පටු මන සිතත්වයෙන්, අපු ආකල්ප වලින් මිදෙමු

    එහමම කියන්න්ත් බැහැ බන්. එත් මිනිසුන්ට කන්න බොන්න ටික ලැබුනා. එ නිසා එක දනුනෙ නැහැ. දැන් මිනිසුන් දුවන්නෙ ත්‍රගයක් පස්සෙ. එකයි වෙන්ස. ලමයි 1 හඩුවම එ තරගෙ දිනනන්න ලෙසි. 6 හැඩුවොත් අමාරුයි. 10 හැදුවොත් එට වඩා අමාරුයි

    එකම දෙ ආකල්ප වෙනස හා මිනිසුන්ගෙ තියන ආත්මාර්තකාමි ගති ගුන නැති විම
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :lol::lol::lol:

    ඔය ඒ ක‍ාලේ ගම්වල තිබුන සභග්‍යත්වය තියෙන්නෙ උඹේ හිතේ විතරයි. ඇත්තට එහෙම දෙයක් නැහැ.

    ඔව් ඔව් ඉස්සර හරියට මිනිසුන්ට කන්නත් නැහැ. කොස් පොල් කුබුරු තිබ්බත් බඩකින්නෙ. මහ්න්ද ආවයින් පස්සෙ තම්යි. මිනිස්සු සෞභාග්ය තත්වෙට පත් උනෙ.

    මිශ්නාරි අඩ්යාපනය ලබපු ක්‍රිස්තියනින් වෙච්ච මිනිසුන් කවඩ්ඩ බන් ලන්කවෙ අතියය හොදඉ කියලා කියන්නෙ:lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නNM පෙරෙරා කිවුවෙ මෙරටෙ කොස් ඩෙල් පොල් තියනකම් විප්ලව කරන්න බැහැ කියල

    එක ගැන හිතන්න
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කාලය මැවූ වෙනසක අරුමේ.. තමයි මචන්...වචන ටිකට සාධාරණයක් කරලා තියනවා උඹ...ඊට එහා ගිහින් මේ වටිනා සංකල්පනාව දේශපාලනීකරණය කරන්න මම කැමති නැහැ...
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    පට්ට සින්දුව, අපි තමා මෙ පරම්පරවෙ අන්තිම සෙට් එක ගමෙ සුන්දරත්වය විදල නගරයට ආපු. අපෙන් පස්සෙ උන් මෙ සුන්දර ගම හරියටම දකින්නේ නැ. අර්ධ නාගරිකරනය වෙච්ච ගමක් තමා තියෙන්නේ.
    මටනම් හිතෙන්නේ මෙ දෙවල් වලට අපිත් වැරදි කරයො කියල. අපි මේ කේදවාචකය දැක දැකත් ඔහේ මේ රැල්ලත් එකක දුවනව. පව් අපෙ පොඩි උන්.
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :D
    හොටු පෙරාගෙන අඬන ඒවා අතරෙ දෙයක් කරන්න ඉන්න අය.:yes::yes:
    :):yes::yes:
    ♥-Aurora-♥;18493214 said:
    :):)
    හොඳ උත්සාහයක් ටොමියෝ.හොඳට ලියල තියෙනවා.මේ ගීතයෙන් කියවෙන්නෙ. ගමේ ඉදන් නගරයට ඇවිත් පදිංචි වෙච්චි මිනිසුන්ගේ ඛේදවාචය. ගමේදී බෙදා හදාගත්ත මිනිස්සු. ලේවලම ඒක දිය කර ගත්ත මිනිස්සු නගරයේදී ආත්මාර්ථකාමි වුන විදිය ඒ්කට හේතුව.මේ කෑ ගහල කතා කරන්නෙ ඒ මිනිසුන්ගේ හෘධ සාක්ෂිය.:yes:

    Thanks bro
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :D
    ඇත්තටම මේ ගීතයේ තියෙන්නේ දේශපාලනමය අදහසක්, මේ අර්ථක්‍රමයෙන් ඒ අපේ තිබුන සංස්කෘතිය දියවෙලා යන හැටි තමයි පෙන්නුම් කරන්නේ, තනියම ආහාර ගන්න සංස්කෘතියක් අපිට තිබුනේ නෑ. අසල්වාසීන් සමඟ ඛෙදා හදාගෙන ආහාර ගැනිමේ සංස්කෘතියක් තිබුනත් මේ නාගරික සමාජයේ වෙසෙන ඒ පෙර පරපුරේ දු පුතුන් මේ සමාජ ආර්ථීක රටාව නිසා ඔවුන්ගේ හෘදසාක්ෂිය යටපත් වෙන හැටි මේ ගීතයෙන් අපුරුවට නිරුපනය වෙනවා. මුදල කියන දේ මිනිසුන්ගේ හර පද්ධතින්ට කරන බලපෑම මෙහි සියුම් ලෙස විග්‍රහ කරනවා.
    Thanks Bro
    :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය ගීතය අහම්බෙන් ඇහිල තිබුණත් තෙරුම ගැන ඒ හැටි තේරුණේ නෑ මට මෙච්චර කල්...:no: ඒ අතින් ඔයාගෙන් නියම විචාරයක් ලියවිලා තියෙනවා..:yes: අර මැදට එකතු කරපු පින්තූරෙත් එක්ක ඒක තවත් හිත ඇතුළට වැදුනා...:)

    මගේ රසාඤ්ඤතාවය අනුව මහා ලොකු විචාර ලියන්නනම් තේරෙන්නෙ නෑ..
    ඒත් ඔය ගීතය වගේම හිත ඇතුළෙ ලස්සන චිත්‍රයක් මවපු,ඒ වගේම කනට ඇහෙනකොට ඒ චිත්‍රෙ හිත ඇතුළෙ අඳෙන මම ආසම කරන ගීත දෙකක් තියෙනවා...

    අන්දර යායේ වැව් තාවල්හී
    සක්මන් කරනා අප්පච්චී
    දොළේ දියයි මට කෙතේ නිලයි
    ගහ වැලේ මලයි මට අප්පච්චි....

    ඉපදුනේ ගමක නූනත්, තාත්ත කුඹුරු වැඩ නොකළත්, ඒ ගීතයේ වචන වලින් හිතට හුරු පුරුදු ලෙන්ගතු හැඟිමක් දැනෙනව තාත්ත ගැන...

    මේ තියෙන්නේ අනිත් ගීතය...

    ගමට කලින් හිරු මුලු තැන් ගෙට වඩිනා
    ඒ හිරු එළියෙන් නැන මල් පොඩි පිපුනා
    ඒ මල් සුවඳේ අද ලොව් තුරු සුව විඳිනා
    කලා වැවේ නිල් දියවර අපේ අම්මා...

    අපේ අම්මලා කලා වැවට පොඩ්ඩක්වත් සමීප නූනත්, වෙල් එළි වල ඇවිදල දෙපා නොරිදුනත්, ඒ හැඟීම පපුවට දැනෙනව ගොඩාක් ගැඹුරට...

    (ගෙදර ආවේ නිදා ගන්න බලාගෙන උනත්, ත්‍රෙඩ් එක දැක්කාම හිතේ තියෙන අදහස නොකිය යන්න හිතුනේ නැති නිසයි මේ ටිකත් ඔයාගෙ ත්‍රෙඩ් එකටම එකතු කළේ අවසරයකින් තොරව..)

    සෑහෙන්න වටිනවා මල්ලී :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහමම කියන්න්ත් බැහැ බන්. එත් මිනිසුන්ට කන්න බොන්න ටික ලැබුනා. එ නිසා එක දනුනෙ නැහැ. දැන් මිනිසුන් දුවන්නෙ ත්‍රගයක් පස්සෙ. එකයි වෙන්ස. ලමයි 1 හඩුවම එ තරගෙ දිනනන්න ලෙසි. 6 හැඩුවොත් අමාරුයි. 10 හැදුවොත් එට වඩා අමාරුයි

    එකම දෙ ආකල්ප වෙනස හා මිනිසුන්ගෙ තියන ආත්මාර්තකාමි ගති ගුන නැති විම

    :yes::yes:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    බොහොම අගෙයි මචන්
    දිගටම මේ වැඩේ කරගන යන්න

    රෙප් 12+
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බෙදා හදා ගත්තන්න නේද වටින්නෙ....

    කාලය මැවූ වෙනසක අරුමේ.. තමයි මචන්...වචන ටිකට සාධාරණයක් කරලා තියනවා උඹ...ඊට එහා ගිහින් මේ වටිනා සංකල්පනාව දේශපාලනීකරණය කරන්න මම කැමති නැහැ...
    මානුෂවාදී සාරාර්ථයේ ආර්ථික අභාග්‍යය.......

    අපි, හෙළයන්, කිසි විටෙක ආත්මාර්ථකාමී ජාතියක් වූයේ නැහැ. එමෙන් ම බුදු දහම වැනි ලෝකෝත්තර දර්ශනයකින් වසර දහස් ගනනක් තිස්සේ හික්මවනු ලැබූ අප, වස්තු තණ්හාවෙන් ලොබ බැද, මුදල පිටුපස හඹා ගියේ ද නෑ...

    නමුත්....

    අතිශය ම ලිබරල්වාදී වූ ආර්ථිකයකට බලාත්කාරයෙන් ඇද දමා බහුතරයක් ගේ මානසිකත්ව ලාභය ම ලෝභය කොට ගත් සේරිවාණිජ සමාජයක් නිර්මාණය කිරීමේ දේශපාලන වුවමනාවේ මානුෂික සහ සමාජ ඛේදවාචකයයි මේ ගීතයෙන් කියවෙන්නේ.......

    අපේ පියවරුන් වෙසතුරු රජුන් සේමය. කිසි දිනෙක පිහිටක් අවැසි උන්ට පිටුපෑවේ නැතිය. කෑම වේලාව සරි වූ කල්හි නිවෙසට පැමිණි කිසිදු දන්නා හෝ නොදන්නා කිසිවෙකු හිස් කුසින් ගියේ නැත. ඒ තිබෙන සම්බෝලය සහ බත් පත වුව ද අපේ පියවරුන් බෙදා හදා ගෙන බුදින්නට තරම් නිර්ලෝභී වූ නිසා ය. තමන් හට කොතරම් නැති වුවත්, දානය නම් සත් ක්‍රියාවෙහි යෙදීමට ඔවුන් ගේ මනස් නිර්ලොභී වූ නිසා ය ඒ. තමන් ට ලැබෙන පරිදි ජීවත් වන අපිස් දිවියක් ගත කල ඔවුන්, උපභෝග පරිභෝග භාණ්ඩ කෙරෙහි අැලුණා වුන් නොවේ.....

    නමුත් අපි.....

    අපි අපේ මනස් උපභෝග-පරිභෝග භාණ්ඩ වලින් ගහණය කල මානුෂ සාරාර්ථ නොදකින, ලාභය ම ලෝභය ද, ආත්මය ද, ජීවිතයේ සියළු ම දේ ද කරගත්, බලහත්කාරයෙන් අප පිට පැට වු සමාජයක ජීවත් වෙමු. අප පියවරුන් සේ නොව අපිස් ජීවිතයක් අපට හුරු නැත. අපේ දෙයක් නිර්ලොභී ව අනෙකෙක් ගේ සුඛය හෝ වේදනාව නිවීම පිණිස දන් දී අපට පුරුද්දක් නැත. එයට හේතුව වෙන කිසිවක් නොව අප පිට බලෙන් පටවා ඇති මේ නිරුවත් අධිපාරිභෝගී පන්ති සමාජයයි. මේ සමාජයේ පැවැත්ම තීරණය කරනු ලබන මහා ම සහ එකම සාධකය වන්නේ මුදල ම පමණිකි. ඉදින් දුකින් උපයා සපයා ගත් දේ අනෙකෙකු ගේ සුවය සදහා කැප කරන්නේ කෙසේ ද? එවිට අපි මේ පාහර ක්‍රමය තුළ අනාථයන් බවට පත් වෙමු. එකිනෙකා පරයා දුවන මේ ක්‍රමය තුල අසාර්ථක වන්නෙමු. එනිසා අප පියවරුන් වෙසතුරු සදිසි වුව අපි අදින්නපුබ්බකයන් සේ ඉතා ම මසුරුව අපේ හෘදය සාක්ෂිය බලහත්කාරයෙන් වල දමා, දානය-දීම අප දිවියෙන් නෙරපා හැර ඇත්තෙමු........ඒ මේ පවතින විෂම වූ ක්‍රමය නිසා විනා අප ගේ ආත්මය ලෝභී නිසා නොවේ...මේ ක්‍රමය තුල පැවතීමට නම්, ක්‍රමයට අනුගත විය යුතුය....නැතිනම්, අප ගේ පියවරුන් පිරූ පාරමී දම් පුරා, සුතඹුවන් සමග දුක් විදිමින් සමාජයේ සියළු ම කටුක දුක්ධ දෝමනස්ස අනුභව කළ යුතුය.....

    පොල්වත්තයා කී සෙයට එකල නොවෙමි. රොබර්ට් ප්‍රොෂ් පැවසුවේ කලාකෘතිය මිනිසා ආනන්දයෙන් ප්‍රඥාව කරා ඔසවා තැබිය යුතු බවය. ආනන්දයෙන් උපදනා සිතිවිලි පඥාව කරා එළඹවිය යුතුමය. නැතහොත් කලා කෘතියකින් මිනිසා යම් මට්ටමකට මානුෂීය කරණය කිරීමේ මුඛ්‍ය පරමාර්ථය ට කණ කොකා හඩන්නේය. එවිට විචාර-විග්‍රහ-අරුත් පසිදලීමේ කාරියේ දී එය විදින දනා ආනන්දයෙන් ප්‍රඥාව කරා ඔසවා තැබීම අදාල විචාරකයා ගේ ද මුඛය පරමාර්ථය විය යුතුය....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    නියමයි මචන්.... :love:

    ගීතයේ තියා මෙහි එන වචනෙක වත් තේරුම තේරුම් ගන්න බැරි තරම් පුංචි කාලෙත් මේ ගීතයට පුදුම ආසාවක් තිබුනෙ....ආසාවකින් ඇහුවෙ....
    ඒ සුනිල් එදිරිසිංහයන්ගේ ගායනයේ සහ රෝහණ වීරසිංහයන්ගේ තනුවේ තිබුනු සිත්ගන්නාසුළු බව නිසා වෙන්න ඇති....
     
    • Like
    Reactions: Mr.Tom

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පොස්ට් එක කලින් දැක්කාට අද තමයි මචන් නිදහසේ කියෙව්වේ
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    මානුෂවාදී සාරාර්ථයේ ආර්ථික අභාග්‍යය.......

    අපි, හෙළයන්, කිසි විටෙක ආත්මාර්ථකාමී ජාතියක් වූයේ නැහැ. එමෙන් ම බුදු දහම වැනි ලෝකෝත්තර දර්ශනයකින් වසර දහස් ගනනක් තිස්සේ හික්මවනු ලැබූ අප, වස්තු තණ්හාවෙන් ලොබ බැද, මුදල පිටුපස හඹා ගියේ ද නෑ...

    නමුත්....

    අතිශය ම ලිබරල්වාදී වූ ආර්ථිකයකට බලාත්කාරයෙන් ඇද දමා බහුතරයක් ගේ මානසිකත්ව ලාභය ම ලෝභය කොට ගත් සේරිවාණිජ සමාජයක් නිර්මාණය කිරීමේ දේශපාලන වුවමනාවේ මානුෂික සහ සමාජ ඛේදවාචකයයි මේ ගීතයෙන් කියවෙන්නේ.......

    අපේ පියවරුන් වෙසතුරු රජුන් සේමය. කිසි දිනෙක පිහිටක් අවැසි උන්ට පිටුපෑවේ නැතිය. කෑම වේලාව සරි වූ කල්හි නිවෙසට පැමිණි කිසිදු දන්නා හෝ නොදන්නා කිසිවෙකු හිස් කුසින් ගියේ නැත. ඒ තිබෙන සම්බෝලය සහ බත් පත වුව ද අපේ පියවරුන් බෙදා හදා ගෙන බුදින්නට තරම් නිර්ලෝභී වූ නිසා ය. තමන් හට කොතරම් නැති වුවත්, දානය නම් සත් ක්‍රියාවෙහි යෙදීමට ඔවුන් ගේ මනස් නිර්ලොභී වූ නිසා ය ඒ. තමන් ට ලැබෙන පරිදි ජීවත් වන අපිස් දිවියක් ගත කල ඔවුන්, උපභෝග පරිභෝග භාණ්ඩ කෙරෙහි අැලුණා වුන් නොවේ.....

    නමුත් අපි.....

    අපි අපේ මනස් උපභෝග-පරිභෝග භාණ්ඩ වලින් ගහණය කල මානුෂ සාරාර්ථ නොදකින, ලාභය ම ලෝභය ද, ආත්මය ද, ජීවිතයේ සියළු ම දේ ද කරගත්, බලහත්කාරයෙන් අප පිට පැට වු සමාජයක ජීවත් වෙමු. අප පියවරුන් සේ නොව අපිස් ජීවිතයක් අපට හුරු නැත. අපේ දෙයක් නිර්ලොභී ව අනෙකෙක් ගේ සුඛය හෝ වේදනාව නිවීම පිණිස දන් දී අපට පුරුද්දක් නැත. එයට හේතුව වෙන කිසිවක් නොව අප පිට බලෙන් පටවා ඇති මේ නිරුවත් අධිපාරිභෝගී පන්ති සමාජයයි. මේ සමාජයේ පැවැත්ම තීරණය කරනු ලබන මහා ම සහ එකම සාධකය වන්නේ මුදල ම පමණිකි. ඉදින් දුකින් උපයා සපයා ගත් දේ අනෙකෙකු ගේ සුවය සදහා කැප කරන්නේ කෙසේ ද? එවිට අපි මේ පාහර ක්‍රමය තුළ අනාථයන් බවට පත් වෙමු. එකිනෙකා පරයා දුවන මේ ක්‍රමය තුල අසාර්ථක වන්නෙමු. එනිසා අප පියවරුන් වෙසතුරු සදිසි වුව අපි අදින්නපුබ්බකයන් සේ ඉතා ම මසුරුව අපේ හෘදය සාක්ෂිය බලහත්කාරයෙන් වල දමා, දානය-දීම අප දිවියෙන් නෙරපා හැර ඇත්තෙමු........ඒ මේ පවතින විෂම වූ ක්‍රමය නිසා විනා අප ගේ ආත්මය ලෝභී නිසා නොවේ...මේ ක්‍රමය තුල පැවතීමට නම්, ක්‍රමයට අනුගත විය යුතුය....නැතිනම්, අප ගේ පියවරුන් පිරූ පාරමී දම් පුරා, සුතඹුවන් සමග දුක් විදිමින් සමාජයේ සියළු ම කටුක දුක්ධ දෝමනස්ස අනුභව කළ යුතුය.....

    පොල්වත්තයා කී සෙයට එකල නොවෙමි. රොබර්ට් ප්‍රොෂ් පැවසුවේ කලාකෘතිය මිනිසා ආනන්දයෙන් ප්‍රඥාව කරා ඔසවා තැබිය යුතු බවය. ආනන්දයෙන් උපදනා සිතිවිලි පඥාව කරා එළඹවිය යුතුමය. නැතහොත් කලා කෘතියකින් මිනිසා යම් මට්ටමකට මානුෂීය කරණය කිරීමේ මුඛ්‍ය පරමාර්ථය ට කණ කොකා හඩන්නේය. එවිට විචාර-විග්‍රහ-අරුත් පසිදලීමේ කාරියේ දී එය විදින දනා ආනන්දයෙන් ප්‍රඥාව කරා ඔසවා තැබීම අදාල විචාරකයා ගේ ද මුඛය පරමාර්ථය විය යුතුය....

    :(:(:(:(:(:(:(:(
     
    සිංදුවේ ගැඹුර හරි හැටි විස්තර කලාට බොහෝම ස්තූතී කිඹුල අයියේ.