මානුෂවාදී සාරාර්ථයේ ආර්ථික අභාග්‍යය.......
අපි, හෙළයන්, කිසි විටෙක ආත්මාර්ථකාමී ජාතියක් වූයේ නැහැ. එමෙන් ම බුදු දහම වැනි ලෝකෝත්තර දර්ශනයකින් වසර දහස් ගනනක් තිස්සේ හික්මවනු ලැබූ අප, වස්තු තණ්හාවෙන් ලොබ බැද, මුදල පිටුපස හඹා ගියේ ද නෑ...
නමුත්....
අතිශය ම ලිබරල්වාදී වූ ආර්ථිකයකට බලාත්කාරයෙන් ඇද දමා බහුතරයක් ගේ මානසිකත්ව ලාභය ම ලෝභය කොට ගත් සේරිවාණිජ සමාජයක් නිර්මාණය කිරීමේ දේශපාලන වුවමනාවේ මානුෂික සහ සමාජ ඛේදවාචකයයි මේ ගීතයෙන් කියවෙන්නේ.......
අපේ පියවරුන් වෙසතුරු රජුන් සේමය. කිසි දිනෙක පිහිටක් අවැසි උන්ට පිටුපෑවේ නැතිය. කෑම වේලාව සරි වූ කල්හි නිවෙසට පැමිණි කිසිදු දන්නා හෝ නොදන්නා කිසිවෙකු හිස් කුසින් ගියේ නැත. ඒ තිබෙන සම්බෝලය සහ බත් පත වුව ද අපේ පියවරුන් බෙදා හදා ගෙන බුදින්නට තරම් නිර්ලෝභී වූ නිසා ය. තමන් හට කොතරම් නැති වුවත්, දානය නම් සත් ක්‍රියාවෙහි යෙදීමට ඔවුන් ගේ මනස් නිර්ලොභී වූ නිසා ය ඒ. තමන් ට ලැබෙන පරිදි ජීවත් වන අපිස් දිවියක් ගත කල ඔවුන්, උපභෝග පරිභෝග භාණ්ඩ කෙරෙහි අැලුණා වුන් නොවේ.....
නමුත් අපි.....
අපි අපේ මනස් උපභෝග-පරිභෝග භාණ්ඩ වලින් ගහණය කල මානුෂ සාරාර්ථ නොදකින, ලාභය ම ලෝභය ද, ආත්මය ද, ජීවිතයේ සියළු ම දේ ද කරගත්, බලහත්කාරයෙන් අප පිට පැට වු සමාජයක ජීවත් වෙමු. අප පියවරුන් සේ නොව අපිස් ජීවිතයක් අපට හුරු නැත. අපේ දෙයක් නිර්ලොභී ව අනෙකෙක් ගේ සුඛය හෝ වේදනාව නිවීම පිණිස දන් දී අපට පුරුද්දක් නැත. එයට හේතුව වෙන කිසිවක් නොව අප පිට බලෙන් පටවා ඇති මේ නිරුවත් අධිපාරිභෝගී පන්ති සමාජයයි. මේ සමාජයේ පැවැත්ම තීරණය කරනු ලබන මහා ම සහ එකම සාධකය වන්නේ මුදල ම පමණිකි. ඉදින් දුකින් උපයා සපයා ගත් දේ අනෙකෙකු ගේ සුවය සදහා කැප කරන්නේ කෙසේ ද? එවිට අපි මේ පාහර ක්‍රමය තුළ අනාථයන් බවට පත් වෙමු. එකිනෙකා පරයා දුවන මේ ක්‍රමය තුල අසාර්ථක වන්නෙමු. එනිසා අප පියවරුන් වෙසතුරු සදිසි වුව අපි අදින්නපුබ්බකයන් සේ ඉතා ම මසුරුව අපේ හෘදය සාක්ෂිය බලහත්කාරයෙන් වල දමා, දානය-දීම අප දිවියෙන් නෙරපා හැර ඇත්තෙමු........ඒ මේ පවතින විෂම වූ ක්‍රමය නිසා විනා අප ගේ ආත්මය ලෝභී නිසා නොවේ...මේ ක්‍රමය තුල පැවතීමට නම්, ක්‍රමයට අනුගත විය යුතුය....නැතිනම්, අප ගේ පියවරුන් පිරූ පාරමී දම් පුරා, සුතඹුවන් සමග දුක් විදිමින් සමාජයේ සියළු ම කටුක දුක්ධ දෝමනස්ස අනුභව කළ යුතුය.....
පොල්වත්තයා කී සෙයට එකල නොවෙමි. රොබර්ට් ප්‍රොෂ් පැවසුවේ කලාකෘතිය මිනිසා ආනන්දයෙන් ප්‍රඥාව කරා ඔසවා තැබිය යුතු බවය. ආනන්දයෙන් උපදනා සිතිවිලි පඥාව කරා එළඹවිය යුතුමය. නැතහොත් කලා කෘතියකින් මිනිසා යම් මට්ටමකට මානුෂීය කරණය කිරීමේ මුඛ්‍ය පරමාර්ථය ට කණ කොකා හඩන්නේය. එවිට විචාර-විග්රහ-අරුත් පසිදලීමේ කාරියේ දී එය විදින දනා ආනන්දයෙන් ප්‍රඥාව කරා ඔසවා තැබීම අදාල විචාරකයා ගේ ද මුඛය පරමාර්ථය විය යුතුය....