වෙසතුරු සදිසි පියවරුන්..

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොහොම අගෙයි මචන්
    දිගටම මේ වැඩේ කරගන යන්න

    රෙප් 12+
    Thanks මචං

    අර්ථවත් Thread
    7+
    Thanks මචං
    නියමයි මචන්.... :love:

    ගීතයේ තියා මෙහි එන වචනෙක වත් තේරුම තේරුම් ගන්න බැරි තරම් පුංචි කාලෙත් මේ ගීතයට පුදුම ආසාවක් තිබුනෙ....ආසාවකින් ඇහුවෙ....
    ඒ සුනිල් එදිරිසිංහයන්ගේ ගායනයේ සහ රෝහණ වීරසිංහයන්ගේ තනුවේ තිබුනු සිත්ගන්නාසුළු බව නිසා වෙන්න ඇති....
    Thanks මචං
    පොස්ට් එක කලින් දැක්කාට අද තමයි මචන් නිදහසේ කියෙව්වේ
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    Thanks මචං
    Ela ela macho :D
    :D:D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මානුෂවාදී සාරාර්ථයේ ආර්ථික අභාග්‍යය.......

    අපි, හෙළයන්, කිසි විටෙක ආත්මාර්ථකාමී ජාතියක් වූයේ නැහැ. එමෙන් ම බුදු දහම වැනි ලෝකෝත්තර දර්ශනයකින් වසර දහස් ගනනක් තිස්සේ හික්මවනු ලැබූ අප, වස්තු තණ්හාවෙන් ලොබ බැද, මුදල පිටුපස හඹා ගියේ ද නෑ...

    නමුත්....

    අතිශය ම ලිබරල්වාදී වූ ආර්ථිකයකට බලාත්කාරයෙන් ඇද දමා බහුතරයක් ගේ මානසිකත්ව ලාභය ම ලෝභය කොට ගත් සේරිවාණිජ සමාජයක් නිර්මාණය කිරීමේ දේශපාලන වුවමනාවේ මානුෂික සහ සමාජ ඛේදවාචකයයි මේ ගීතයෙන් කියවෙන්නේ.......

    අපේ පියවරුන් වෙසතුරු රජුන් සේමය. කිසි දිනෙක පිහිටක් අවැසි උන්ට පිටුපෑවේ නැතිය. කෑම වේලාව සරි වූ කල්හි නිවෙසට පැමිණි කිසිදු දන්නා හෝ නොදන්නා කිසිවෙකු හිස් කුසින් ගියේ නැත. ඒ තිබෙන සම්බෝලය සහ බත් පත වුව ද අපේ පියවරුන් බෙදා හදා ගෙන බුදින්නට තරම් නිර්ලෝභී වූ නිසා ය. තමන් හට කොතරම් නැති වුවත්, දානය නම් සත් ක්‍රියාවෙහි යෙදීමට ඔවුන් ගේ මනස් නිර්ලොභී වූ නිසා ය ඒ. තමන් ට ලැබෙන පරිදි ජීවත් වන අපිස් දිවියක් ගත කල ඔවුන්, උපභෝග පරිභෝග භාණ්ඩ කෙරෙහි අැලුණා වුන් නොවේ.....

    නමුත් අපි.....

    අපි අපේ මනස් උපභෝග-පරිභෝග භාණ්ඩ වලින් ගහණය කල මානුෂ සාරාර්ථ නොදකින, ලාභය ම ලෝභය ද, ආත්මය ද, ජීවිතයේ සියළු ම දේ ද කරගත්, බලහත්කාරයෙන් අප පිට පැට වු සමාජයක ජීවත් වෙමු. අප පියවරුන් සේ නොව අපිස් ජීවිතයක් අපට හුරු නැත. අපේ දෙයක් නිර්ලොභී ව අනෙකෙක් ගේ සුඛය හෝ වේදනාව නිවීම පිණිස දන් දී අපට පුරුද්දක් නැත. එයට හේතුව වෙන කිසිවක් නොව අප පිට බලෙන් පටවා ඇති මේ නිරුවත් අධිපාරිභෝගී පන්ති සමාජයයි. මේ සමාජයේ පැවැත්ම තීරණය කරනු ලබන මහා ම සහ එකම සාධකය වන්නේ මුදල ම පමණිකි. ඉදින් දුකින් උපයා සපයා ගත් දේ අනෙකෙකු ගේ සුවය සදහා කැප කරන්නේ කෙසේ ද? එවිට අපි මේ පාහර ක්‍රමය තුළ අනාථයන් බවට පත් වෙමු. එකිනෙකා පරයා දුවන මේ ක්‍රමය තුල අසාර්ථක වන්නෙමු. එනිසා අප පියවරුන් වෙසතුරු සදිසි වුව අපි අදින්නපුබ්බකයන් සේ ඉතා ම මසුරුව අපේ හෘදය සාක්ෂිය බලහත්කාරයෙන් වල දමා, දානය-දීම අප දිවියෙන් නෙරපා හැර ඇත්තෙමු........ඒ මේ පවතින විෂම වූ ක්‍රමය නිසා විනා අප ගේ ආත්මය ලෝභී නිසා නොවේ...මේ ක්‍රමය තුල පැවතීමට නම්, ක්‍රමයට අනුගත විය යුතුය....නැතිනම්, අප ගේ පියවරුන් පිරූ පාරමී දම් පුරා, සුතඹුවන් සමග දුක් විදිමින් සමාජයේ සියළු ම කටුක දුක්ධ දෝමනස්ස අනුභව කළ යුතුය.....

    පොල්වත්තයා කී සෙයට එකල නොවෙමි. රොබර්ට් ප්‍රොෂ් පැවසුවේ කලාකෘතිය මිනිසා ආනන්දයෙන් ප්‍රඥාව කරා ඔසවා තැබිය යුතු බවය. ආනන්දයෙන් උපදනා සිතිවිලි පඥාව කරා එළඹවිය යුතුමය. නැතහොත් කලා කෘතියකින් මිනිසා යම් මට්ටමකට මානුෂීය කරණය කිරීමේ මුඛ්‍ය පරමාර්ථය ට කණ කොකා හඩන්නේය. එවිට විචාර-විග්‍රහ-අරුත් පසිදලීමේ කාරියේ දී එය විදින දනා ආනන්දයෙන් ප්‍රඥාව කරා ඔසවා තැබීම අදාල විචාරකයා ගේ ද මුඛය පරමාර්ථය විය යුතුය....

    කිඹුලා මාම.. මම උඹත් එක්ක එකඟයි.. ඒත් මගේ කමෙන්ට් එක වරදවා වටහාගැනීම ගැන කනගාටුයි.. ටොමාගේ විචාරය දේශපාලනීකරණය කරන්න කීපදෙනෙක් උත්සහ කරපු නිසා මම ඒකම කරන්නේ නැහැ කීමට හේතුව අන්තිමේ මේ ත්‍රෙඩ් එක ඇතුලේ ඉතුරු වෙන්නේ දේශපාලන වාදයක් විතරක් වෙන නිසයි..ඔබ තුමා කියනා ලෙසට රොබර්ට් ප්‍රොෂ් පැවසුවේ කලාකෘතිය මිනිසා ආනන්දයෙන් ප්‍රඥාව කරා ඔසවා තැබිය යුතු බවය. ආනන්දයෙන් උපදනා සිතිවිලි පඥාව කරා එළඹවිය යුතුමය. එය එසේනම් ප්‍රඥාව කරා එලබීමෙදී පවතිනා කළු පැල්ලම් ඉස්මතුවීම වැලක්වීමට නොහැකිය.. එය තාර්කිකව ඉස්මතු කිරීමේදී ටෝමාගේ මහන්සිය තවත් දේශපාලන මඩ ගොහුරක් බවට පත් කිරීමට නොහැකි නිසාවෙන් එසේ පවසා නිහඬ වන්නට සිදුවූ බව කනගාටුවෙන් ප්‍රකාශ කරමි..
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මල්ලි ඔයාගේ උත්සාහය ගොඩක් සාර්ථකයි. ඕනම තිත්ත ඇත්තක් කටුක විදියට විචාරය කරන්නත් පුළුවන්, සොඳුරු විදියට විචාරය කරන්නත් පුළුවන්. තිත්ත පැණි රස කරලා දුන්නම බහුතරයකට දිරවා ගන්න පහසුයි. ඔයා ඒක බොහොම සුන්දර විදියට කරලා තියනවා. මේ මගේ පෞද්ගලික අදහස. දිගටම කරගෙන යන්න.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මානුෂවාදී සාරාර්ථයේ ආර්ථික අභාග්‍යය.......

    අපි, හෙළයන්, කිසි විටෙක ආත්මාර්ථකාමී ජාතියක් වූයේ නැහැ. එමෙන් ම බුදු දහම වැනි ලෝකෝත්තර දර්ශනයකින් වසර දහස් ගනනක් තිස්සේ හික්මවනු ලැබූ අප, වස්තු තණ්හාවෙන් ලොබ බැද, මුදල පිටුපස හඹා ගියේ ද නෑ...

    නමුත්....

    අතිශය ම ලිබරල්වාදී වූ ආර්ථිකයකට බලාත්කාරයෙන් ඇද දමා බහුතරයක් ගේ මානසිකත්ව ලාභය ම ලෝභය කොට ගත් සේරිවාණිජ සමාජයක් නිර්මාණය කිරීමේ දේශපාලන වුවමනාවේ මානුෂික සහ සමාජ ඛේදවාචකයයි මේ ගීතයෙන් කියවෙන්නේ.......

    අපේ පියවරුන් වෙසතුරු රජුන් සේමය. කිසි දිනෙක පිහිටක් අවැසි උන්ට පිටුපෑවේ නැතිය. කෑම වේලාව සරි වූ කල්හි නිවෙසට පැමිණි කිසිදු දන්නා හෝ නොදන්නා කිසිවෙකු හිස් කුසින් ගියේ නැත. ඒ තිබෙන සම්බෝලය සහ බත් පත වුව ද අපේ පියවරුන් බෙදා හදා ගෙන බුදින්නට තරම් නිර්ලෝභී වූ නිසා ය. තමන් හට කොතරම් නැති වුවත්, දානය නම් සත් ක්‍රියාවෙහි යෙදීමට ඔවුන් ගේ මනස් නිර්ලොභී වූ නිසා ය ඒ. තමන් ට ලැබෙන පරිදි ජීවත් වන අපිස් දිවියක් ගත කල ඔවුන්, උපභෝග පරිභෝග භාණ්ඩ කෙරෙහි අැලුණා වුන් නොවේ.....

    නමුත් අපි.....

    අපි අපේ මනස් උපභෝග-පරිභෝග භාණ්ඩ වලින් ගහණය කල මානුෂ සාරාර්ථ නොදකින, ලාභය ම ලෝභය ද, ආත්මය ද, ජීවිතයේ සියළු ම දේ ද කරගත්, බලහත්කාරයෙන් අප පිට පැට වු සමාජයක ජීවත් වෙමු. අප පියවරුන් සේ නොව අපිස් ජීවිතයක් අපට හුරු නැත. අපේ දෙයක් නිර්ලොභී ව අනෙකෙක් ගේ සුඛය හෝ වේදනාව නිවීම පිණිස දන් දී අපට පුරුද්දක් නැත. එයට හේතුව වෙන කිසිවක් නොව අප පිට බලෙන් පටවා ඇති මේ නිරුවත් අධිපාරිභෝගී පන්ති සමාජයයි. මේ සමාජයේ පැවැත්ම තීරණය කරනු ලබන මහා ම සහ එකම සාධකය වන්නේ මුදල ම පමණිකි. ඉදින් දුකින් උපයා සපයා ගත් දේ අනෙකෙකු ගේ සුවය සදහා කැප කරන්නේ කෙසේ ද? එවිට අපි මේ පාහර ක්‍රමය තුළ අනාථයන් බවට පත් වෙමු. එකිනෙකා පරයා දුවන මේ ක්‍රමය තුල අසාර්ථක වන්නෙමු. එනිසා අප පියවරුන් වෙසතුරු සදිසි වුව අපි අදින්නපුබ්බකයන් සේ ඉතා ම මසුරුව අපේ හෘදය සාක්ෂිය බලහත්කාරයෙන් වල දමා, දානය-දීම අප දිවියෙන් නෙරපා හැර ඇත්තෙමු........ඒ මේ පවතින විෂම වූ ක්‍රමය නිසා විනා අප ගේ ආත්මය ලෝභී නිසා නොවේ...මේ ක්‍රමය තුල පැවතීමට නම්, ක්‍රමයට අනුගත විය යුතුය....නැතිනම්, අප ගේ පියවරුන් පිරූ පාරමී දම් පුරා, සුතඹුවන් සමග දුක් විදිමින් සමාජයේ සියළු ම කටුක දුක්ධ දෝමනස්ස අනුභව කළ යුතුය.....

    පොල්වත්තයා කී සෙයට එකල නොවෙමි. රොබර්ට් ප්‍රොෂ් පැවසුවේ කලාකෘතිය මිනිසා ආනන්දයෙන් ප්‍රඥාව කරා ඔසවා තැබිය යුතු බවය. ආනන්දයෙන් උපදනා සිතිවිලි පඥාව කරා එළඹවිය යුතුමය. නැතහොත් කලා කෘතියකින් මිනිසා යම් මට්ටමකට මානුෂීය කරණය කිරීමේ මුඛ්‍ය පරමාර්ථය ට කණ කොකා හඩන්නේය. එවිට විචාර-විග්‍රහ-අරුත් පසිදලීමේ කාරියේ දී එය විදින දනා ආනන්දයෙන් ප්‍රඥාව කරා ඔසවා තැබීම අදාල විචාරකයා ගේ ද මුඛය පරමාර්ථය විය යුතුය....
    දැන් එතකොට කිබුලයියා කියන්නේ රේඩියේටරේ බොයිල් කරන්න සිග්නල් ලයිට් එක වැඩිපුර පාවිච්චි කරන එක බාලපානවා කියලා??:baffled::baffled::baffled::baffled::rolleyes::rolleyes::nerd:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හැමදෙටම බලපාන්නෙ ආර්තිකය එක එකම නැහැ කියනවන්ම් බොරුවක්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :)
    මල්ලි ඔයාගේ උත්සාහය ගොඩක් සාර්ථකයි. ඕනම තිත්ත ඇත්තක් කටුක විදියට විචාරය කරන්නත් පුළුවන්, සොඳුරු විදියට විචාරය කරන්නත් පුළුවන්. තිත්ත පැණි රස කරලා දුන්නම බහුතරයකට දිරවා ගන්න පහසුයි. ඔයා ඒක බොහොම සුන්දර විදියට කරලා තියනවා. මේ මගේ පෞද්ගලික අදහස. දිගටම කරගෙන යන්න.

    Thanks අක්කේ :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18499032 said:
    දැන් එතකොට කිබුලයියා කියන්නේ රේඩියේටරේ බොයිල් කරන්න සිග්නල් ලයිට් එක වැඩිපුර පාවිච්චි කරන එක බාලපානවා කියලා??:baffled::baffled::baffled::baffled::rolleyes::rolleyes::nerd:
    :shocked: දැන් ඉතිං සිංහල සිංහල ඩික්ෂණරියක් හොයාගෙන ඉදපං. :lol:
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    Adai me song eke meaning eka danagaththe.

    Podi prob ekak thiyenawa mata.
    Mata eka kiyanna therenne na.
    Api mehema hithamu. oya dan oya song ekata oya widiye wicharayak kalane.
    Thawa kenekuta barida oya widiyata nathuwa wenasma meaning ekak thiyena wicharayak karanna?

    Mama dakala thiyenawa ehema wena welawal.
    Kasun kalharage song ekak thiyenawane "arabumama kadulak wela" kiyala.
    Mama dakka samahara aya liyala thiyenawa e song eka girl kenek eyawa dala giyapu eka ganai kiyanne kiyala. eth thawath thanaka mn dakka kasun e song eka kiyanne eyage ammata kiyala. anna e wage thaman kamathi widiyata song eka gana hithena widiya liyanna puluwanda?
     
    • Like
    Reactions: crazybuddy

    ඔව් පුලුවන් AL වලට ආට් කරපු මගේ යාලුවෝ මනමේ කුමරිව සාධාරණීකරණය කරන්න විචාරයන් ලියනවා. ගොඩක් අය සිංදු වලට රූප රචනා කරනවට විරුද්ද ඒකනේ. එහෙම රූප රචනා කරහම වෙන්නේ ප්‍රේක්ෂකයා රූප රචනාවේ හිර වෙන එක. එකම ගීතය තම තමන්ට අනන්‍ය ආකාරයට රස විදින්න තියෙන්න ඕනේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :shocked: දැන් ඉතිං සිංහල සිංහල ඩික්ෂණරියක් හොයාගෙන ඉදපං. :lol:

    ඔව් යකෝ... අම්බානක රිදුනා ඒක කියෝලා:lol::lol:
    අවංකවම සිංහලයෙක් විදිහට තමන් තමන්ගේ දේවල් ගැන නොදන්නාකම ගැන ලැජ්ජා හිතුනා:(:(:(:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18500150 said:
    ඔව් යකෝ... අම්බානක රිදුනා ඒක කියෝලා:lol::lol:
    අවංකවම සිංහලයෙක් විදිහට තමන් තමන්ගේ දේවල් ගැන නොදන්නාකම ගැන ලැජ්ජා හිතුනා:(:(:(:(

    ඔව් මචං ඒක ඇත්ත අපි අපේම මව් භාෂාවේ ගොඩක් වචන දන්නෙ නෑ. :(