වෙළඳසැල්:උගුල් වලට ඔබත් රැවටුනාද බලන්න

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    වෙළඳසැල්:උගුල් වලට ඔබත් රැවටුනාද බලන්න

    වෙළඳසැල් වලින් අටවන මේ මනෝවිද්‍යාත්මක උගුල් වලට ඔබත් රැවටුනාද බලන්න

    අපි සමහර වෙලාවට සුපර් මාර්කට් එකකට යන්නෙ අත්‍යාවශ්‍ය බඩුවක් දෙකක් මිලදී ගන්නයි. ඒ උනත් ඒ ගන්න හිතන් හිටි දේවල් වලට අමතරව ගන්න හිතුවෙවත් නැති දේවලුත් මලුවලට පුරවගෙනයි හුඟක් වෙලාවට අපි ඒකෙන් එළියට එන්නෙ නේද? අන්තිමට හිතුවෙවත් නැති ලොකු ගාණකුත් වියදම් වෙලා.

    කොහොමද මෙහෙම වෙන්නෙ? ඔයාල නිකමටවත් හිතල තියනවද ඒ ගැන? නෑ නේද?

    හරි අපි කියන්නම් එහෙම වෙන්නෙ කොහොමද කියල.

    ඕගොල්ලො නොදන්නවට ඔයාලව වැඩිපුර බඩු ගන්න පොළඹවන්න සුපර් මාකට් විසින් අටවපු මනෝවිද්‍යාත්මක උගුල් බොහොමයක්ම තියනවා. ඔයාල සාප්පුවට ඇතුලු වෙන තැන ඉඳල පිටවෙන තැන දක්වා මේ දේවල් ක්‍රියාත්මකයි. අපි බලමුද මේ දේවල් මොනවද කියල. මේ දේවල් ගැන දැනුවත් උනොත් ඔයාලගේ ආර්ථිකේටමයි වාසි.



    1. ඇස් මට්ටමේ බඩු

    image05.jpg


    සුපර් මාර්කට් එකක තට්ටු කිහිපයකින් යුතු රාක්ක වල තමයි බඩු අසුරලා තියෙන්නෙ. මේ තට්ටු වලින් ඔබේ ඇස් මට්ටමට සහ අත පොවන මට්ටමට සමාන තට්ටු වල තමයි ගණන් වැඩිම සහ මාකට් වලට ලාභ වැඩියෙන් ලැබෙන බඩු අසුරන්නෙ. හැබැයි ඔබ පහත රාක්ක දිහාත් ටිකක් විමසලා බැලුවොත් හුඟක් වෙලාවට සාධාරණ මිලෙන් යුතු හොඳ භාණ්ඩ හම්බුවෙන්න ඉඩ තියනවා.


    2. අත්‍යාවශ්‍යම බඩු තියන තැන

    image08.gif


    අපි නිතර මිලදී ගන්න අත්‍යාවශ්‍යම බඩු වන හාල්, මස් මාලු, කිරි, බිත්තර වගේ දේවල් සාප්පුවට ඇතුලු උන හරියෙම තිබ්බනම් කොච්චර ලේසිද නේද? ඒ උනත් මේ දේවල් විකුණන්න තියෙන්නෙ සාප්පුවෙ මැද හරියෙ හෝ කෙළවරකට වෙන්නයි. අත්‍යවශ්‍ය බඩු හොයාගෙන රාක්ක අතරින් ඇවිදින අතරේ අනිත් රාක්කවල ලස්සනට ප්‍රදර්ශනය කරල තියන අමතර භාණ්ඩ වලටත් අපේ ඇස් යොමු කරන්න තමයි එහෙම කරන්නෙ.


    3. ලොකු Carts

    image07.jpg


    අත්‍යවශ්‍ය බඩු කීපයක් විතරක් මිලදීගන්න යන දවසක කවදාවත් තල්ලු කරන බඩු කරත්තයක් ගන්න එපා. ඒ මගින් වැඩිපුර බඩු ගන්න ඔබේ මනස පොළඹවනවයි කියන එක පරීක්ෂණ මගිනුත් ඔප්පු වෙලා තියනවා. බඩු කීපයක් විතරක් ගන්න හිතන් යන වෙලාවලට කාට් එකක් නොගෙන අතින් එල්ලාගෙන යන බාස්කට් එකක් අරගන්න මතක තියාගන්න


    4. හම්මේ සුවඳ

    image10.gif


    දැන් දැන් සුපර් මාර්කට් හැම එකකම වගේ බේකරි එකකුත් තියනවා. මේවා සාප්පුවට ඇතුල් වෙන ස්ථානයට කිට්ටුවෙන් තිබෙන නිසා අපි ඇතුලු වෙද්දීම පාන් බනිස් බේක් වෙන සුවඳවලින් අපේ නහයවල් පිරෙනව. මේ දේවල් ඔබට නොදැනීම ඔබේ ඛේට ග්‍රන්ථි ක්‍රියාත්මක කරවීමටත් කුසගිනි ඇතිකරවීමටත් සමත් වෙනවා.

    මේකෙන් වෙන්නෙ අනවශ්‍ය විදිහට ආහාර ද්‍රව්‍ය පිළිබඳ ඔබේ හිතේ ආශාවක් ඇති කරවන එකයි. එතකොට බේකරි ආහාර විතරක් නෙමෙයි වෙනත් අනවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගන්නත් ඔබ නොදැනුවත්වම පෙළඹෙනව.



    5. පළතුරු රාක්ක

    image09.jpg


    බොහොමයක් සාප්පු වලට ඇතුලු වුණ ගමන් අපේ ඇසට දකින්න ලැබෙන්නෙ පළතුරු රාක්කයි. එක එක පාට එක එක වර්ගෙ රසවත් පළතුරු ලස්සනට ප්‍රදර්ශනය කරල තියනවා.

    මේවාගේ වර්ණ මගින් බඩු මිලදී ගන්න සැරසෙන අපිට නොදැනුවත්වම අපේ මානසික මට්ටම සතුටුදායක තත්ත්වයකට පත් කරවනවා. වෙළඳසල ගැන මිත්‍රශීලී හැඟීමක් ඇති කරවන්නත් මේ වර්ණ සමත් වෙනවා. ඉතින් මිත්‍රශීලී පරිසරයක සන්තෝසෙන් බඩු මිලදීගන්න ගියාම ඊළගට වෙන දේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ නේද?



    6. 99න් අහු උනා

    market-psychological-tricks-aniwa-06.jpg


    මේකනම් වැඩි දෙනෙක් දන්න දෙයක් උනාට ආයෙත් මතක් කරන එක හොඳයි කියලා හිතුවා. ඒ තමයි මේ 99 සෙල්ලම. රුපියල් 200 වෙනුවට රුපියල් 199 හැටියට දැම්මම අපේ ඔලුවට දැනෙන්නෙ රුපියල් එකසිය ගාණක බඩුවක් මිලදී ගත්ත හැටියටයි. අන්තිමේදි එහෙම බඩු කීපයක් මිලදී ගත්තම අපි හිතන්නෙත් නැති වැඩි මුදලක් වියදම් වෙලා.


    7. ෆ්‍රෙෂ් පළතුරු සහ එළවලු

    image11.jpg


    සුපරි වෙළඳසැල් වල විකුණන්න තියන පළතුරු වලට නිතර වතුර ස්ප්‍රේ කරනව. තෙතමන ගතියට පේන නිසා මේවා හරි නැවුම් පළතුරු කියල අපේ හිත රවට්ටන්නයි මෙහෙම කරන්නෙ. නමුත් ඇත්තටම වෙන්නෙ මෙහෙම වතුර ස්ප්‍රේ කිරීම නිසා ඒවායේ බර වැඩිවීම වගේම ඉක්මනට නරක් වෙන්න බලපාන එකයි.


    8. ගොඩක් ගත්තම ගාණ අඩුයි

    image12.gif


    අපි ගොඩක් විට දකින දෙයක් තමයි කිහිපයක් එකට ගත්තම ගාන අඩුයි කියල විකුණන ඒවා. සමහර වෙලාවට මෙහෙම දේවල් දැක්කම් ඒ ලැබෙන සුලු ලාබෙ නිසා අපි පටස් ගාල මේව මිලදී ගන්නවා. ඒත් අපි හිතන්න ඕන කාරණයක් තමයි එහෙම කීපයක් මිලදී ගන්න එක අපේ පරිභෝජන රටාවට ගැලපෙනවද කියල. ලාබ නිසා අනවශ්‍ය ප්‍රමාණ අරන් නරක් උනාම හෝ කල් පැන්නාම විසි කරල දානවට වඩා අවශ්‍ය ප්‍රමාණය අරන් සැනසෙන එක වාසිදායකයි.


    9. වෙලාව කීයද?

    image13.gif


    මොන දේ තිබ්බත් බොහෝ සුපර්මාර්කට් වල හොයාගන්න නැතිදෙයක් නම් තියනවා. ඒ තමයි වෙලාව ටිකක් බලාගන්න ඔරලෝසුවක්. මේ වෙළඳසැල් වලින් උත්සාහ කරන්නෙ පුලුවන් තරම් කාලයක අපිව බඩු අතර අතරමං කරල ඒ මගින් වැඩි මුදලක් වැය කරවන්න සලස්වන්න. වෙලාව පෙන්නන ඔරලෝසුවක් නැති නිසා කාලය ඕනෑවට වඩා ගතවෙලා කියල හැඟීමක් අපිට දැනෙන්නේ නැහැ.



    10. යන ගමනුත් ගමු

    image14.jpg


    තමන්ට අවශ්‍ය බඩුත් අනවශ්‍ය බඩුත් අරගෙන ගෙවීම් කවුන්ටරය ගාවට එන ඔබව අල්ලගන්න එතනත් පොඩි උගුලක් තියනවා. ඒ තමයි ගෙවීම් කවුන්ටරය ගාව තියන චොකලට් ආදී රසකැවිලි වර්ග. මෙච්චර රාක්ක තිබෙද්දි මේවා කවුන්ටරය ගාව තියන එකේ තේරුම් මොකක්ද කියල හිතුවද?

    වෙහෙසකර හෝ තෘප්තිමත් ෂොපින් කිරීමකට පස්සෙ පොඩි රසකැවිල්ලක් රස විඳින්න ඔබේ හිතට බල කරන්නයි එහෙම කරන්නෙ.



    source



    හොදයි නම් රෙපක් දාගෙන යන්න +13 වලින් දෙන්නම්..... :):):):):)
     
    Last edited by a moderator:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේකෙ එකෙකුත් කාලෙකට කලිං ඕවට රැවටිලා තමා expire වෙන්න ඔන්න මෙන්න තියෙන සෝස් බෝතල් දෙකක් උස්සං ඇවිත් විසික් කරන්න පෙරේත කමේ නිකං බීල තිබ්බෙ :baffled: :rofl:
     
    • Like
    Reactions: yosh371

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේකෙ එකෙකුත් කාලෙකට කලිං ඕවට රැවටිලා තමා expire වෙන්න ඔන්න මෙන්න තියෙන සෝස් බෝතල් දෙකක් උස්සං ඇවිත් විසික් කරන්න පෙරේත කමේ නිකං බීල තිබ්බෙ :baffled: :rofl:

    උබේ අනිත් අකවුන්ට් එකනේහ්... :baffled:
    දැන් එකෙන් එන්නෙම නෑ නෙහැ.. :baffled:
     
    • Like
    Reactions: yosh371

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    මේකෙ එකෙකුත් කාලෙකට කලිං ඕවට රැවටිලා තමා expire වෙන්න ඔන්න මෙන්න තියෙන සෝස් බෝතල් දෙකක් උස්සං ඇවිත් විසික් කරන්න පෙරේත කමේ නිකං බීල තිබ්බෙ :baffled: :rofl:

    :rofl::rofl::rofl:
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    199
    299
    3999

    රුපියලයි අඩු

    ඇයි මුලදි භාණ්ඩයක් ප්‍රචාරය කරන කොට ඇත්ත ගානට වඩා 1000 හෝ ඊට වඩා වැඩියෙන් ගාන දාන්නෙ පසුව ටික කාලලයක් ගියහම ඇත්ත ගාන දානව