වේදනාත්මක පාස්කුව !
මම වෙනදට දෙවියන් වදින්න යන්නේ වෙන පල්ලියකට..
ඒත් පාස්කුනේ! ඒ නිසා මමයි තාත්තයි, අම්මයි , අක්කයි ඔක්කොම කොච්චිකඩේ ගියා..
දමිල ඔහු කැඩිචච් සිංහලෙන් සෙමින් .. සෙමින් කියා සිටියා..
ඊට පස්සෙ මොකද වුණේ? මම ඇසුවා
මම පල්ලියට ගිහින් යාඥා කරන්න ඇස් දෙක පියා ගත්තා විතරයි...
ඒත් එක්කම
එකපාරටම ගින්දරක් එක්ක මහා ශබ්දයක් එක්ක මම උඩින් ගිහින් එළියට විසිවුනා..
මට සිහිය තිබුණා. මම නැගිටින්න බැලුවා. එකකොටයි දැනගත්තෙ මගේ කකුල කැඩිලා කියලා .
හැමෝම හැම තැනම දුවනවා. මට යන්න බැරි නිසා මම එතනම හිටියා. ඒත් කවුරු හරි ඇවිල්ලා මාව පල්ලියෙන් එළියට තිබ්බා..
ඊටත් ටික වෙලාවකට පස්සේ කව්රු හරි මාව ට්‍රයිෂෝ එකකින් හොස්පිටල් ගෙනාවා.
දැන් කොහොමද සනීපද? මා ඇසුවා
හා ෂනීපයි. මද සිනහවකින් ඔහු පැවසුවා..
එතකොට පවුලෙ අනික් අය? මම විමසුවා
ඒ ගොල්ලො වෙන හොස්පිටල් එකකනේ, යැයි දිගු සුසුමක් හෙලූ ඔහු ජනේලයෙන් පාර දෙස කාංසාවෙන් බලා සිටියා..
ඔවුන් කවදා හෝ එන පෙර මග බලන නියායෙන්..
නමුත්....
ඔහුගේ දයාබර පියා, මව සහ සහෝදරිය එදින, එම මොහොතෙම ඔහුව මෙලොව තනිකර ස්වර්ගස්ථ වූ බව ඔහු හැරෙන්නට අන් සියල්ලෝම දන්නා බව පමණක් අපි දනිමු.්
මේ සියල්ල සිදුවන විට ඔහුට වයස අවුරුදු 20 ක් ලැබුවා පමණි.....