වේදනාත්මක පාස්කුව !

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    වේදනාත්මක පාස්කුව !

    මම වෙනදට දෙවියන් වදින්න යන්නේ වෙන පල්ලියකට..
    ඒත් පාස්කුනේ! ඒ නිසා මමයි තාත්තයි, අම්මයි , අක්කයි ඔක්කොම කොච්චිකඩේ ගියා..
    දමිල ඔහු කැඩිචච් සිංහලෙන් සෙමින් .. සෙමින් කියා සිටියා..
    ඊට පස්සෙ මොකද වුණේ? මම ඇසුවා

    මම පල්ලියට ගිහින් යාඥා කරන්න ඇස් දෙක පියා ගත්තා විතරයි...
    ඒත් එක්කම
    එකපාරටම ගින්දරක් එක්ක මහා ශබ්දයක් එක්ක මම උඩින් ගිහින් එළියට විසිවුනා..

    මට සිහිය තිබුණා. මම නැගිටින්න බැලුවා. එකකොටයි දැනගත්තෙ මගේ කකුල කැඩිලා කියලා .

    හැමෝම හැම තැනම දුවනවා. මට යන්න බැරි නිසා මම එතනම හිටියා. ඒත් කවුරු හරි ඇවිල්ලා මාව පල්ලියෙන් එළියට තිබ්බා..

    ඊටත් ටික වෙලාවකට පස්සේ කව්රු හරි මාව ට්‍රයිෂෝ එකකින් හොස්පිටල් ගෙනාවා.

    දැන් කොහොමද සනීපද? මා ඇසුවා
    හා ෂනීපයි. මද සිනහවකින් ඔහු පැවසුවා..

    එතකොට පවුලෙ අනික් අය? මම විමසුවා

    ඒ ගොල්ලො වෙන හොස්පිටල් එකකනේ, යැයි දිගු සුසුමක් හෙලූ ඔහු ජනේලයෙන් පාර දෙස කාංසාවෙන් බලා සිටියා..
    ඔවුන් කවදා හෝ එන පෙර මග බලන නියායෙන්..

    නමුත්....
    ඔහුගේ දයාබර පියා, මව සහ සහෝදරිය එදින, එම මොහොතෙම ඔහුව මෙලොව තනිකර ස්වර්ගස්ථ වූ බව ඔහු හැරෙන්නට අන් සියල්ලෝම දන්නා බව පමණක් අපි දනිමු.්‍
    මේ සියල්ල සිදුවන විට ඔහුට වයස අවුරුදු 20 ක් ලැබුවා පමණි.....


    f1twlRc.jpg

     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    There is no GOD higher than TRUTH. (Mahatma Gandhi)

    Three things cannot be long hidden. The Sun, The Moon and THE TRUTH. (Buddha)

    දෙවියන් සම්බන්ධව අප අසා ඇත.... කවුරුන් හෝ කිවූ පමණින් අප ඒ වෙනුවෙන් දිවි හිමියෙන් කැප වී ද සිටිති.... සියල්ලොම නිර්මාණය කළේ මිනිසුන් වන අපමය.... අඩුම තරමේ දෙවියන්ට සිටීමට දෙවොල තැනූවෝද අප ය.... එහි යදින්නේ ද අප ය... එය පුපුරවා විනාශ කරන්නේ ද අපය... එය රැුකවල්ලා සුරක්ෂා කරන්නේ ද අපය.... එවන් දෙවියන්ගෙන් ඇති ඵලය කිම....? මේ අහස යට මේ පොළව මත ඇති සියල්ලක්ම නියත ස්වභාව ධර්මයට යටත් ය.... එයට ආගමක් නැත... එයට ජාතියක් නැත... එයට කුලයක් නැත.... ස්වභාව ධර්මය එරෙහි වූ කල සියල්ල අවසානය.... සත්‍ය සත්‍යම වේ... එය සැගවිය හැකි වුවද නැති කර දැමිය නොහැක....​