වේයන්ගොඩින් ඇසෙන කඳුලු කතාව

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    වේයන්ගොඩින් ඇසෙන කඳුලු කතාව

    ‘‘බෙහෙත් එක දුන්න ගමන් බබා කෑගහුවා අම්මා මාව පිච්චෙනවා මට පවන් ගහන්න කියලා..නර්ස්ලට කීවට එයාලා ගණන් ගත්තේ නෑ‘‘ - මව් හිත දුක්ගිනි අවුලා අවසන් ගමන් ගිය පුංචි පුතුගේ මරණයට වග කියන්නේ කවුද..? වේයන්ගොඩින් ඇසෙන කඳුලු කතාව


    රමික දිම්සත්.... වේයන්ගොඩ මොට්ටුන්න ප්‍රදේශයේ පදිංචව සිටි ඔහු පසුගිය 11දා උණ රෝගය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබුණා.

    ඇතුළත් කර තුන්වන දින රාත්‍රියේ රමිකට රෝහලෙන් ලබාදුන් යම් ඕෂධයක් නිසා රෝගි තත්වය උත්සන්න වූ බව ඔහුගේ මව පවසනවා.

    ‘‘තුන්වෙනි දවසේ රෑ වෙලා බබාට දුන්නා බෙහෙත් එකක් එයාගේ සේලයින් එකට දාලා . බෙහෙත් එක දෙන්න කලින් චූටි ඉන්ජක්සන් එකකට දාලත් බෙහෙත් එකක් අතට දුන්නා.බෙහෙත් එක දුන්න ගමන් බබා කෑගහුවා .අම්මා මාව පිච්චෙනවා කියලා.අම්මා මට පවන් ගහන් කියලා කෑගහුවා.එතකොට එයාට මූත්‍රා යන්න පටන් ගත්තා ඉවරයක් නැතුව.මම ඊට පස්සේ නර්ස්ලට කීවා එයාලා ගණන් ගත්තේ නෑ.ඊට පස්සේ ටිකක් වෙලා එයටා නින්ද ගියා.ඊට පස්සේ දෙවනි පාරත් ඇවිල්ලා බෙහෙතක් දුන්නා.

    බබා ඇහරලා කෑගහුවා.ඊට පස්සේ පුතාට නින්ද ගියා.ඩොක්ටලයි නර්ස්ලයි දුවන් ඇවිත් පුතාව වටකරගෙන පපුව තද කළා.එතකොට ඩොක්ට කීවා අම්මා අපි බබාව අයි සී යූ එකට අරන් යනවා කියලා.එගොල්ලො අයි සී යූ තියන් ටිකක් වෙලා ඇවිත් කීවා අම්මා අපි බබාව කොළඹ අරිනවා කියලා.යනකොටත් එයාට සිහිය නෑ.කතා කරලවත් මම දිහා බැලුවේ නෑ....‘

    රිජ්වේ අර්යා ලමා රෝහලේ දැඩි සත්කාර ඒකකටෙ මාරු කර යැවුණු රමික් නැවතත්දින ගණනක් ප්‍රතිකාර ලැබුණද පියවි සිහිය ලැබී නැහැ

    අයි සී යූ එකට දාලා දෙවනි දවසේ ඩොක්ටර්ලා කීවා අම්මා ඔයා හිත හදාගන්නා බබාගේ මොලේ සෛල ඔක්කොම මැරිලා තියෙන්නේ කියලා.අම්මා බබා තවම හිටුපු තත්වමයි.මම දවල් වෙලා යද්දි අනේ මගේ පුතා මාව දාලා ගිහිල්ලා අනේ මට හිටපු එකම බොන්කක්කා එයා මාව දාලා ගිහිල්ලා....‘‘

    පසුගිය සිකුරාදා රිමික මොලොව හැරගියේ සියලු දෙනා දැඩි කම්පාවට පත් කරමිනි.

    මරණයට හේතුව තවමත් පරේෂණා මට්ටමේ පවතින බව ඥාතීන් පවසනවා.පශ්තාත් මරණ පරීක්ෂණ වාර්තාව තවමත් ලැබී නැහැ.තතු දන්නා ඥාතිවරයෙකු පවසන්නේ රෝහලෙන් ලබාදුන් ඕෂඨ හේතුවෙන් රමිකගේ ජීවිතට හානි වූ බවයි.




    0000.JPG


    000000000000000.JPG


    0000000000000000000.JPG


    00000000000000000066.JPG


    88888888888888.JPG





    Video-----> https://www.facebook.com/Gamiya2017/videos/1173676122766379/
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,411
    113
    නර්ස් ලා doctors ලා ගේ අධිරාජ්ජ්යක් තියෙන්නේ
     

    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    Nosalakilla nisa wechchi deyak wenna puluwan mona unath lamayata niwan sapa !!!
    Mewa issarahata wena eka nawaththa ganna oni!!
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    3 idiots එකේ තියෙන්නේ බන් හරියටම ඕකුන් ගැන කියලා.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    තතු දන්නා ඥාතිවරයෙකු පවසන්නේ රෝහලෙන් ලබාදුන් ඕෂඨ හේතුවෙන් රමිකගේ ජීවිතට හානි වූ බවයි.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තතු දන්නා ඥාතිවරයෙකු පවසන්නේ රෝහලෙන් ලබාදුන් ඕෂඨ හේතුවෙන් රමිකගේ ජීවිතට හානි වූ බවයි.

    ඇයි බන් මෙහෙම මිනිස්සුන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන්නේ ..නිවන් සුව ලැබේවා:(
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    තතු දන්නා ඥාතිවරයෙකු පවසන්නේ රෝහලෙන් ලබාදුන් ඕෂඨ හේතුවෙන් රමිකගේ ජීවිතට හානි වූ බවයි.

    නර්ස්ල දොස්තරල වෙනකොට නෑයෝ අදිකරණ වෛද්‍යවරු වෙනව :rolleyes: