වෛද්‍ය ඊලියන්ත වයිට්
ඊලියන්ත වයිට් ලියාපදිංචි වෛද්‍යවරයෙකු නොවේ - වෛද්‍ය සභාව
ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙසින් තමන් හඳුන්වා ගන්නා ඊලියන්ත වයිට් ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු නොවන බව බීබීසී සංදේශය පවසයි.
ඔහු එම සභාව යටතේ වෛද්‍යවරයෙකු, දන්ත වෛද්යවයෙකු හෝ සහකාර වෛද්‍යවරයෙකු ලෙසින් ලියාපදිංචිව නොමැති බව එහි ලේඛකාධිකාරී වෛද්‍ය එන් ජේ නෝනිස් කියා ඇත.
වෛද්‍යවරයෙකු ලෙසින් සුදුසුකම් නොමැති පුද්ගලයින් මෙරට කී‍්‍රඩකයින් හට තහනම් ඖෂධ නියම කිරීම සම්බන්ධයෙන් කළ විමසීමකදී වෛද්‍ය නෝනිස් ඒ බව පවසා තිබේ.
කි‍්‍රකට් කී‍්‍රඩක උපුල් තරංග ඇතුළුව තහනම් උත්තේජක භාවිතා කළ බවට චෝදනා එල්ලව ඇති කී‍්‍රඩකයින් සයදෙනෙකුට වයිට් මහතා ප්‍රතිකාර කළ බව කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ද පිළිගෙන කොට ඇත.
තහනම් ඖෂධයක් නියම කරනු ලැබූ වෛද්‍යවරයෙකු නොවන පුද්ගලයෙකුට එරෙහිව කටයුතු කිරීමට සුවඳ විලවුන් හා ඖෂධ පනත යටතේ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට බලය පැවරී ඇති බව ද වෛද්‍ය නෝනිස් කියා තිබේ.
කී‍්‍රඩකයින්ට ප්‍රතිකාර කිරීම සඳහා වයිට් මහතාට අවස්ථාව ලබාදුන් කී‍්‍රඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානී ගීතාංජන් මෙන්ඩිස් ඒ සම්බන්ධයෙන් කිසිවක් පැවසීම ප්‍රතික්ෂේප කොට ඇත.
වයිට් මහතාගේ බ්ලොග් අඩවියට අනුව ඔහුගෙන් ප්‍රතිකාර ලබාගැනීම ජනාධිපති ලේකම් කාර්යාලය හරහා සිදුකළ යුතු වේ.
ඒ අනුව, එහි සඳහන්ව තිබූ විද්‍යුත් තැපැල් ලිපින දෙකකට බීබීසීය විසින් යවා ඇති ලිපියකට සති දෙකක් ගතවීද පිළිතුරක් ලැබී නොමැත.