වෛද්‍ය ඊලියන්ත වයිට්

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    වෛද්‍ය ඊලියන්ත වයිට්

    ඊලියන්ත වයිට් ලියාපදිංචි වෛද්‍යවරයෙකු නොවේ - වෛද්‍ය සභාව

    DREliyantha.jpg


    ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙසින් තමන් හඳුන්වා ගන්නා ඊලියන්ත වයිට් ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු නොවන බව බීබීසී සංදේශය පවසයි.

    ඔහු එම සභාව යටතේ වෛද්‍යවරයෙකු, දන්ත වෛද්‍යවයෙකු හෝ සහකාර වෛද්‍යවරයෙකු ලෙසින් ලියාපදිංචිව නොමැති බව එහි ලේඛකාධිකාරී වෛද්‍ය එන් ජේ නෝනිස් කියා ඇත.

    වෛද්‍යවරයෙකු ලෙසින් සුදුසුකම් නොමැති පුද්ගලයින් මෙරට කී‍්‍රඩකයින් හට තහනම් ඖෂධ නියම කිරීම සම්බන්ධයෙන් කළ විමසීමකදී වෛද්‍ය නෝනිස් ඒ බව පවසා තිබේ.

    කි‍්‍රකට් කී‍්‍රඩක උපුල් තරංග ඇතුළුව තහනම් උත්තේජක භාවිතා කළ බවට චෝදනා එල්ලව ඇති කී‍්‍රඩකයින් සයදෙනෙකුට වයිට් මහතා ප‍්‍රතිකාර කළ බව කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ද පිළිගෙන කොට ඇත.

    තහනම් ඖෂධයක් නියම කරනු ලැබූ වෛද්‍යවරයෙකු නොවන පුද්ගලයෙකුට එරෙහිව කටයුතු කිරීමට සුවඳ විලවුන් හා ඖෂධ පනත යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට බලය පැවරී ඇති බව ද වෛද්‍ය නෝනිස් කියා තිබේ.

    කී‍්‍රඩකයින්ට ප‍්‍රතිකාර කිරීම සඳහා වයිට් මහතාට අවස්ථාව ලබාදුන් කී‍්‍රඩා වෛද්‍ය ඒකකයේ ප‍්‍රධානී ගීතාංජන් මෙන්ඩිස් ඒ සම්බන්ධයෙන් කිසිවක් පැවසීම ප‍්‍රතික්‍ෂේප කොට ඇත.

    වයිට් මහතාගේ බ්ලොග් අඩවියට අනුව ඔහුගෙන් ප‍්‍රතිකාර ලබාගැනීම ජනාධිපති ලේකම් කාර්යාලය හරහා සිදුකළ යුතු වේ.

    ඒ අනුව, එහි සඳහන්ව තිබූ විද්‍යුත් තැපැල් ලිපින දෙකකට බීබීසීය විසින් යවා ඇති ලිපියකට සති දෙකක් ගතවීද පිළිතුරක් ලැබී නොමැත.
     
    • Like
    Reactions: kitZrocks

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    අනේ මන්ද..මෙකෙන් අන්තිමට කෙලවුනේ තරංගට..:(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :angry:

    http://www.lankaenews.com/Sinhala/news.php?id=17325



    ජනාධිපතිගේ ජීවකයා හෙවත් ඊලියන්ත වයිට් චෞර වෙදනාගේ පැටිකිරිය මෙන්න
    (ලංකා ඊ නිව්ස් -2011.ජුනි.03, ප.ව.5.30) මීට කලකට පෙර ඉරිදා ලංකාදීප පුවත්පතේ අනුග්‍රහයෙන් ලංකාවට පහල වූ එළොවින් ආ ජීවකයා නම් තක්කඩියෙකුට අපේ හුදී ජන සමාජයත්, ප්‍රභූ ජන සමාජයත් රැවටුනු මුග්ධ ආකාරය බොහෝ දෙනාට තවම අමතකව නොමැත. කෙසේ නමුත් එළොවින් ආ ජීවකයා නොහොත් කැලූම් වීරසිංහ කවුරුද යන වග හෙළිවීමත් සමග ඔහුගේ ඒ ජවනිකාවට තිත වැටුනි. ලංකාවට මෙවැනි තක්කඩියන්ගෙන් හිඟයක් නොමැති අතරම අනවරත ලෙස යලි යළිත් රැවටීමට භාජනය වීමටම උපන් ජනතාවක්ද සිටින නිසා මෙය නිමා නොවන ජවනිකා පෙළකි.

    මෙහි අළුත්ම පුරුක වන්නේ රජ මැදුරේ වැඩ වසන ඊලියන්ත වයිට් නැමැත්තාය. කලකට පෙර ඔහු භාවිත කල නම ඊලියන්ත ලින්ඩ්සේ විය. මීට අවුරුදු දාහතකට දහ අටකට පෙර ඔහුගේ ආශාව වූයේ ගායකයෙකු වීමටයි. ඔහු පෙනුමෙන් රූකාන්ත ගුණතිලකට තරමක් සමාන වූ නිසා එය ඔහුගේ ආශාවට භෞතික නිමිත්තක් ද විය. මේ වන විට ඔහු කොළඹ කොස්ගස් හන්දියේ කුප්‍රකට ජැක්පොට් සූදු යන්ත්‍ර තුනක් කුලියට දී තිබුණු අතර එම සූදුව තහනම් කරන තෙක් ඉන් උපයාගත් මුදල් ඔහු වැය කළේ ජනමාධ්‍ය සමාජයේ සම්බන්ධකම් ගොඩනගා ගැනීමටය. එලෙස ඇතිකරගත් මාධ්‍ය මිතුරන්හට මත්පැනින් සංග්‍රහ කොට තම ඉලක්කය කරා යන ගමනට ඔවුන්ගෙන් ප්‍රචාරක අනුග්‍රහයක් සහ ඊට මාවත එළිපෙහෙලි කර ගැනීමක් අපේක්ෂා කෙළේය.

    පළමු සූදු ව්‍යාපාරයට තිත වැටීමෙන් අනතුරුව ඔහු දෙල්කඳ විෙජ්රාමයේ මෝටර් රථ අමතර කොටස් වෙළඳ සලක් ආරම්භ කළ මුත් එයද අසාර්ථක විය.

    මේ අනුව ඔහුගේ ව්‍යාපාරයන් මෙන්ම ගායකයෙකු වීමේ සිහිනයත් ව්‍යර්ථ වීමෙන් අනතුරුව (එනම් සියළු උත්සාහයන් අසාර්ථක වීමෙන් අනතුරුව) වසර කිහිපයක් ඔහු පිළිබඳ ආරංචි මාත්‍රයක් හෝ නොමැති විය.

    කාලයාගේ ඇවෑමෙන් ඔහු ලංකාව වැනි රටකට ඔබින සාර්ථක වීමේ මග දැන පිරිසිඳ අද වනවිට රාජ අනුග්‍රහය සහිතව ලංකාව් රස්පුටින් ලෙස නැතහොත් සායිබාබා ලෙසින් රජ මැදුරට ප්‍රාදුර්භූත වී මහා හාස්කම් කරන්නකු ලෙසින් හා රෝග සුව කරන්නෙකු ලෙසින් ප්‍රචලිත වී ඇත.

    මීට කලකට පෙර සචින් තෙන්ඩුල්කාර්ද මොහුගෙන් ප්‍රතිකාර ගැනීමට රජ මැදුරටම පැමිණියේය. දක්ෂ නමගිය ක්‍රීඩකයෙකු වුවද මෙවැනි ගුප්ත දේවල් කෙරෙහි මහත් මුග්ධ ලෙසට අන්ධ විශ්වාසයන්හි එල්බ ගත් එවැනි අය ලොව තවත් වෙත්. ඊට කප්පරක් උදාහරණ ඉදිරිපත් කිරීම හෝ මොවුන්ගේ ගුප්ත ආශාවන් කෙරෙහි යොමු වීමට බලපාන මනෝ විශ්ලේෂණාත්මක හේතු පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම හෝ මෙහිදී අපේක්ෂා නොකරමි. කෙසේ නමුත් සචින් තෙන්ඩුල්කාර් යනු තම මවු බිමේදීම සායිබාබා බැතිමතෙකු වන හෙයින් මෙසේ ලංකාවට පැමිණ ඊලියන්ත වැන්නෙකුගේ සරණ පැතීම අරුමයක්ද නොවේ.

    එAලියන්ත පවසන්නේ තමා ඉදිරියෙන් රෝගියා වාඩි වූ කළ වෑල්ඩිං කරන විට නිකුත් වන ආලෝකය මෙන් ඔහුගෙන් නිකුත් වන ආලෝකයක් තමන්ට පෙනෙන බවත් එA අනුව ඔහුගේ අභ්‍යන්තර සිස්ටම් එක තමාට අවබෝධ වන බවත් එA අනුව නිල ශාස්ත්‍රය අනුව වෙදකම් කරන බවත් ය

    මෙම චෞර වෙදාගේ ප්‍රතිකාර නිසා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තහනම් උත්තේජක චෝදනාවන්ට ලක්වී සිය ක්‍රීඩා දිවිය විනාශ මුඛයට යවා ගැනීමට සිදුව තිබේ.

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ආරම්භක පිතිකරු උපුල් තරංග, බර ඉසිලීමේ ශ+රයා විදානගේ සහ අලූත්ම ගොදුරු නම් ශ්‍රී ලංකා රගර් පිළේ ක්‍රීඩකයන් තිදෙනෙක් වෙති.


    -අමර විශ්වනාථ තේනුවර-