වෛද්‍ය උපාධිය මුදලට විකිණේ!

chan5

Active member
  • Jan 15, 2011
    290
    50
    28
    aho admin

    1. Lankawe nidahs adyapanen minissunge sali walin igena gena Doctor kenek wela eeta passe wadi padiyata lankawa dala pitarata gihin wada karanna hondai. Padi wadi une naththan strike karanna hondai

    2. Z score eka adu aatha palathakin B, C ekak dan medical faculty gihin lorry talk denna hondai.

    3. Engineering, Law, Arts etc.. hama dema international degree aran awith lankawe wada karanna puluwan. Medicine witharak ba, ai lankawe medical standard eka loke No1 ne. lol Ehema naththan local AL loku result naththan dena beth angata allane na ne. lol
    Habai lankawe MBBS kalla pitarata gihin Special karala lankawata enna hondai. Ethkota salli wiyadam kalla igena gaththta kamak na. LOL

    Lankawe medical faculty eke kattiyage moda joke mewa thama. Salli wiyadam kalla hari degree ekak karanna minissu mahanasi wenna ona. Nikan denne na ne pass wenne ona. Doctors la kiyane devi varu nemei. Anik aya wagema igena gaththa dein rassawa karana aya. Enisa kawruth aathmartha kamee wenna honda na ewagema anik kenage awasthawata akul helana eka waradi.

    GTRZ - u know abt IT, have some decent knowledge abt, bikes, colombo stock exchange as i noticed . seems u know little abt medicine in sri lanka..dont have time now , i ll reply later, dont forget to see. until then
    think ... DO YOU LIKE TO TAKE YOUR MOTHR WITH HEART ATTACK, TO A DOCTOR FROM A PRIVATE INSTITUTE WHO HAS GOT 3S FOR AL.......?

    if it's yes - i admit , ur correct.
    if it's no - i have some serious explanations..
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113

    Today also there are doctors with A/L results like A,B,C or even less from rural areas. Also there are some students with 3A's who couldn't select to Medical faculty from Colombo district. If one of those student can afford the cost he may register for this degree & continue his education. what's wrong with this? Even in government universities minimum requirement for admission to a course of study in Medicine is only 3 S :P

    medicalb.png

    Uploaded with ImageShack.us

    medicalb.png
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මචන්ලා මම නම් එකඟයි පෞද්ගලික විශ්ව විද්යාල දාන එකට හැබැයි රජයේ ඒවගේ අඩුපාඩුකම් වෙන්න නොදී..දෙගොල්ලම අපේ රටේ..

    මචන්ලා මමත් ඔය කියන පෞද්ගලික විශ්ව විද්යාලයක ඉගෙනගන්න කොල්ලෙක්..ඒත් බන් උබල හිතන තරම් ලේසියට අපිව පාස් කරන්නේ නෑ අනිත් එක තමයි මගේ හොඳම යාලුවෙක් පහුගිය දවස් වල මමත් එක්ක තරහ උනා.. :sorry: ඌ මට ගහන්න ආව හේතුව මේකයි උ හපුගල ඉන්ජෙක් ජෙප්පො උන්ගේ ඔලු හෝදලා මම ඒ ලෙවල් එක පාරයි කරේ මන් බයෝ කරේ මට ඒ තුනක් නැ c.s.s තිබ්බේ. අපේ අම්මටයි තාත්තටයි මහ ලොකු සල්ලියක් නෑ..ඒත් ඒ දෙන්නාට වියදම් කරන්න පුලුවන් උපාධියක් කරන්න මම පලවෙනි සැරෙන් පස්සෙ ආව.(දැන් කවුරු හරි අහවි ඇයි ඔච්චර අමාරුනම් ඇයි එක පාරක් ඒ ලෙවල් කරල ඕක කරන්න ගියේ කියල :) ) හේතුව මේකයි මගේ හිතේ ලොකු ආසාවක් තියෙනව අඩු වයසින් යන්න පුලුවන් උපරිම දුර යන්න සරලවම කිවුවොත් අඩුම තරමේ අවු 25 වෙද්දි මගේ සල්ලි වලින් කාර් එකක් ගන්න වගේ එහෙම අදහසක්.. :yes:

    ඒ ලේවල් කරලා ඕක කරන්න ටිකක් කාලයක් යනවනේ ඒකයි ඒ අතින් නම් අපේ ජාතික විශ්ව විද්යාල හරි අකාර්යක්ශමයි :( ඉතින් මගේ යාලුව 2 පාර කරලා කැම්පස් සිලෙක්ට් වෙලා 1 සෙමෙස්ටර් එක ඉවර කරද්දි මම මගේ 3 ඉයර් එකේ පලවෙනි සෙමෙස්ටෙර් එක ඉවරයි.(සාධාරන තරහක් එනව තමයි :) )

    ඒත් මූ මට දැන් එක එක ඒව කියනවා මන් ඉතින් හිනාවෙවී අහන් ඉන්නවා එක පාරටම මූ කියපි උබල නිසා කෙලවෙන එවුන් ගැන උබලට ගානක් නැද්ද ඔන්න ඔය වගේ කතා ටිකක්..මන් දන්න සින්හලෙන් මූට කියල දෙනව මූ නෙවෙයි අහන්නෙ අන්තිමට මේකා මට කියපි යකෝ කැත වැඩ කරන්නෙපා බල්ලෝ කියලා..:shocked::sorry:

    මචන් මගෙත් ඉවසීමේ සීමාව පැන්නා මන් ඌට කිවුවා මන් ඉගෙනගන්නේ මගේ අම්මගෙයි තාත්තගෙයි සල්ලිවලින් ඒක නිසා තොපි එකෙක්වත් ඒ ගැන වොරි වෙන්න ඕන නෑ කියලා..අන්තිමට මූ මට ගහන්නත් ආව අපිත් එක්ක හිටපු වෙන යලුවෙක් තමයි මූව ඇදල ගත්තෙ..මට ඇත්තටම මන් ගැන මාර ලැජ්ජාවක් ඇතිඋන බන් මේ වගේ එකෙක්ද මන් මෙච්චර කාලයක් අශ්‍රය කලේ කියලා.මොනවා උනත් බන් එකට පාඩම් කරලා එකට කාල බීල හිටපු එකෙකුට අතක් උස්සන්න තරම් හයියක් මට නෑ.මමත් හරි බලගන්නම් මචන් කියලා ආව මන් දන්න තරමට උට එහෙම උනේ ජේ.වී.පී බල්ලො නිසා එදායින් පස්සේ මන් උගේ මූනවත් බලන්නේ නෑ..ඔන්න ඕක තමයි මචන්ලා අපේ කැම්පස් යන කොල්ලො කෙල්ලො ගොඩ දෙනෙකුට වෙන්නෙ උන්ට උන්ගේ යාලුවෝ විතරක් නෙවෙයි දෙමව්පියෝ පවා අමතක කරවනවා ඕකුන් ඒකයි වෙනස්විය යුත්තේ..
     
    Aug 18, 2011
    6,147
    788
    0

    මෙඩි ෆැකල්ටි වල ජෙප්පෝ නැති තරම්. ඒත් ඕන කෙනෙක්ට තමන් කැමති පක්ශෙකට සපෝට් කරන්න, චන්දේ දෙන්න අයිතියක් තියෙනවා නේ. ඒක නිසා ජෙප්පෝ ඉන්නත් පුලුවන්. ඔය කියන විදියේ මොල හෝදන සීන් නම් අපිට නැතෝ.

    මෙතන තියෙන ප්‍රශ්නේ මේ පෞද්ගලික වෙද කඩේ නිසි ප්‍රමිතියක් නැති ඩිග්‍රියක් දෙන එක. ඒක නිසා ඒකට මම විරුද්ධයි. ඕකෙන් කෙල වෙන්නේ වෙද කඩේ කරන එවුන්ටවත්, ඩිග්‍රී ගන්න එවුන්ටවත් නෙවෙයි රටේ ඉන්න මිනිස්සුන්ට. වැරදියට ලෙඩ diagnose කරාම, surgery අවුල් ගියාම රටේ අනිත් මිනිස්සුන්ටත් තේරේවි ;);)

    Aug 18, 2011
    6,147
    788
    0
    ත්‍රෙඩ් එක දැම්මේ වෙන එකෙක් :P මෙතන ටැග් දාලා නම් තියෙන්නේ මට :D
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    බින්දු;10846497 said:

    මෙඩි ෆැකල්ටි වල ජෙප්පෝ නැති තරම්. ඒත් ඕන කෙනෙක්ට තමන් කැමති පක්ශෙකට සපෝට් කරන්න, චන්දේ දෙන්න අයිතියක් තියෙනවා නේ. ඒක නිසා ජෙප්පෝ ඉන්නත් පුලුවන්. ඔය කියන විදියේ මොල හෝදන සීන් නම් අපිට නැතෝ.

    මෙතන තියෙන ප්‍රශ්නේ මේ පෞද්ගලික වෙද කඩේ නිසි ප්‍රමිතියක් නැති ඩිග්‍රියක් දෙන එක. ඒක නිසා ඒකට මම විරුද්ධයි. ඕකෙන් කෙල වෙන්නේ වෙද කඩේ කරන එවුන්ටවත්, ඩිග්‍රී ගන්න එවුන්ටවත් නෙවෙයි රටේ ඉන්න මිනිස්සුන්ට. වැරදියට ලෙඩ diagnose කරාම, surgery අවුල් ගියාම රටේ අනිත් මිනිස්සුන්ටත් තේරේවි ;);)

    මචන් මම නම් කියන්නේ අපි මූද හත් ගවුවක් තියලා අමුඩේ ගහන්න ඕන නෑ කියලා..ඕකෙන් අවුට් වෙන එවුන් කොලිෆයිඩ්ද නැද්ද කියල බලන්න ටෙස්ට් එකක් තියන්න ඕන අර පිටරට ඩිග්‍රී කරලා එන එවුන්ට වයිද්ය සබාවෙන් (මන් ඒකෙ නම මොකද්ද කියල හරියටම දන්නේ නෑ ) තියන එක්සෑම් එක වගේ..උන්ට පිටරට ඩිග්‍රී කරලා එන්න හොඳ නම් ඇයි ලන්කාවේ ඕක කරන්න දෙන්න බැරි?

    මේකයි පිටරට ඩිග්‍රිය කරන එකා එක්ක ලන්කවේ මෙඩ්ඩෙකුට ගැටෙන්න තියෙන අවස්තාව අඩුයි මොකද දෙන්නා ඉන්නෙ රටවල් දෙකක නිසා එතකොට ලන්කාවේ ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් එකක් ඇරියම ලන්කාවේ තියෙන මෙඩිකල් එක්සිබිශන්,වර්ක් ශොප්ස්,ඩේස් ඔන්න ඔය වගේ දේවල් වලට කට්ටියට සිද්ද වෙනවා එකට හමු වෙන්න..එහෙම වෙලාවට රජයේ වෛද්ය සිසුන් සහ පොද්ගලික වෛද්ය සිසුන් එකිනෙකා මුනගැහෙනවා ඔන්න ඔය වෙලාවෙදි තමයි ආන්ඩුවේ කැම්පුස් වල ඉන්න කොල්ලො කෙල්ලොන්ට තමන් ඉස්කොලේ යද්දි එකට කාපු බීපු එකට පාඩම් කරපු එකට පිස්සු නටපු සගය ගැන ඉරිසියා හිතෙන්නේ (ඉරිසියාවට ඔය එක මෙඩ්ඩෙක්වත් බෙහෙත් හොයගෙන නෑනේ ) එතකොට තව මෙහෙම වෙන්නත් පුලුවන් ප්‍රයිවට් කරන එකා තමන්ගේ බෙන්ස් එකෙන් කැම්පස් යද්දී රජයේ කැම්පස් එකේ කොල්ලො බාටා දෙක දාගෙන බස් එකේ එල්ලිලා යන්නේ (අපිත් බාටා දාල තමයි බන් යන්නේ ඩෙක් දාන්නේ නෑ )

    අනිත් එක තමයි රජයේ කැම්පස් වල තමන්ට ලැබෙන මහපොල අරන් එකෙන් කාර් එකට පැට්‍රොල් ගහන මන් දන්න අනාගත බලු දොස්තරලත් ඉන්නවා.. මචන් ඒ ගැනත් පොඩ්ඩක් හිතලා බලපන්..මේ කැම්පස් ඇතුලෙන් එලියට දාන්නේ ලෙඩ්ඩු මරන හරක් නම් ඒකට විරුද්දව අනාගතේදි ජනතාව පාරට බහින එක නවත්තන්න උබටවත් මටවත් බෑ..උබලා මධ්යස්තව හිතපල්ලා..උබේ අදහස් වල කුහකකම කියන දේත් තියෙනව ඒකට මන් මුකුත් කියන්නේ නෑ අපි රහත් වෙලා නෑනේ බන් නැද්ද?
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    පෞද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධ වීමත් මාළඹේ කඩයට විරුද්ධ වීමත් කියන්නේ දෙකක්...

    පෞද්ගලික විශ්වවිද්‍යාල වලට එකඟ බොහෝ වෛද්‍යවරු මාළඹේ කඩයට විරුද්ධයි. මේකට හේතු ගොඩක් තියනවා.

    1. අදාළ කිසිදු ආයතනයකින් අනුමැතිය නොලබා ආරම්භ කිරීම.
    2. උපාධිය වෛද්‍ය සභාවෙන් අනුමත නොකර තිබියදී (අවස්ථා ගණනාවකදී ලිඛිතව දන්වා ඇත ) ජනතාව නොමඟ යවමින් සිසුන් අද්දා ගැනීම.
    3. වෛද්‍ය සභාවෙන් අනුමත නොකළ උපාධියකට ඉගෙන ගන්නා කෙනෙකුට කිසි විටකත් රජයේ රෝහල් වල පුහුණුව දිය නොහැක. නමුත් මෙය නොසලකා හෝමාගම රෝහලේ පුහුණුව දැනටමත් සූදානම් කර ඇති බව ප්‍රසිද්ධ පුවත්පත් වලට ප්‍රකාශ නිකුත් කිරීම.
    4. විදේශ උපාධියක් දෙන බව මුලින් පවසා පසුව දේශීය උපාධියක් දෙන බව කීම.
    5. දෙවන වසරේ සිට සායනික පුහුණුව දෙන බව කීම (කොහේද??).

    මේ සියල්ලෙන් පෙනී යන්නේ මෙය අමු මගඩියක් බවයි.

    යම් විදිහකින් මොවුන් වෛද්‍ය සභාව ලවා දේශපාලන බලපෑමකින් හෝ මෙය අනුමත කරගතහොත් act16 විභාගයද පැවැත්විය නොහැක.

    අනික් බරපතල ප්‍රශ්ණය නම් මොවුන්ට සීමාවාසික පුහුණුව පෞද්ගලික රෝහල් වල දී ගැනීමට අවසර දුනහොත් එහි තත්වය ගැන වග කියන්නේ කවුද?:no:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මචන් මම නම් කියන්නේ අපි මූද හත් ගවුවක් තියලා අමුඩේ ගහන්න ඕන නෑ කියලා..ඕකෙන් අවුට් වෙන එවුන් කොලිෆයිඩ්ද නැද්ද කියල බලන්න ටෙස්ට් එකක් තියන්න ඕන අර පිටරට ඩිග්‍රී කරලා එන එවුන්ට වයිද්ය සබාවෙන් (මන් ඒකෙ නම මොකද්ද කියල හරියටම දන්නේ නෑ ) තියන එක්සෑම් එක වගේ..උන්ට පිටරට ඩිග්‍රී කරලා එන්න හොඳ නම් ඇයි ලන්කාවේ ඕක කරන්න දෙන්න බැරි?

    මේකයි පිටරට ඩිග්‍රිය කරන එකා එක්ක ලන්කවේ මෙඩ්ඩෙකුට ගැටෙන්න තියෙන අවස්තාව අඩුයි මොකද දෙන්නා ඉන්නෙ රටවල් දෙකක නිසා එතකොට ලන්කාවේ ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් එකක් ඇරියම ලන්කාවේ තියෙන මෙඩිකල් එක්සිබිශන්,වර්ක් ශොප්ස්,ඩේස් ඔන්න ඔය වගේ දේවල් වලට කට්ටියට සිද්ද වෙනවා එකට හමු වෙන්න..එහෙම වෙලාවට රජයේ වෛද්ය සිසුන් සහ පොද්ගලික වෛද්ය සිසුන් එකිනෙකා මුනගැහෙනවා ඔන්න ඔය වෙලාවෙදි තමයි ආන්ඩුවේ කැම්පුස් වල ඉන්න කොල්ලො කෙල්ලොන්ට තමන් ඉස්කොලේ යද්දි එකට කාපු බීපු එකට පාඩම් කරපු එකට පිස්සු නටපු සගය ගැන ඉරිසියා හිතෙන්නේ (ඉරිසියාවට ඔය එක මෙඩ්ඩෙක්වත් බෙහෙත් හොයගෙන නෑනේ ) එතකොට තව මෙහෙම වෙන්නත් පුලුවන් ප්‍රයිවට් කරන එකා තමන්ගේ බෙන්ස් එකෙන් කැම්පස් යද්දී රජයේ කැම්පස් එකේ කොල්ලො බාටා දෙක දාගෙන බස් එකේ එල්ලිලා යන්නේ (අපිත් බාටා දාල තමයි බන් යන්නේ ඩෙක් දාන්නේ නෑ )

    අනිත් එක තමයි රජයේ කැම්පස් වල තමන්ට ලැබෙන මහපොල අරන් එකෙන් කාර් එකට පැට්‍රොල් ගහන මන් දන්න අනාගත බලු දොස්තරලත් ඉන්නවා.. මචන් ඒ ගැනත් පොඩ්ඩක් හිතලා බලපන්..මේ කැම්පස් ඇතුලෙන් එලියට දාන්නේ ලෙඩ්ඩු මරන හරක් නම් ඒකට විරුද්දව අනාගතේදි ජනතාව පාරට බහින එක නවත්තන්න උබටවත් මටවත් බෑ..උබලා මධ්යස්තව හිතපල්ලා..උබේ අදහස් වල කුහකකම කියන දේත් තියෙනව ඒකට මන් මුකුත් කියන්නේ නෑ අපි රහත් වෙලා නෑනේ බන් නැද්ද?

    1. ටෙස්ට් එක ලියන්න තරම් ව්අත් කොලිෆයිඩ් නැති එක නේ ප්‍රශ්නේ. මෙඩිකල් ඩිග්‍රී එකකට අඩුම ගානේ කරලා තියෙන්න ඕන සායනික පුහුණුවීම් මට්ටම, බේසික් නොලේජ් එක මේ ඩිග්‍රී එකේ නැති එක නේ ප්‍රශ්නේ. මේකේ ඉන්න ලෙචාලා කවුද?? මේකේ මේන් යුනිය කොහෙද තියෙන්නේ? ඇයි මේක සමාගමක් විදියට රෙජිස්ටර් කරේ කියන දේවල් පොඩ්ඩක් හොයලා බලන්න. එතකොට තේරේවි :P ඔයා දන්නවද කලිනුත් උතුරු කොලඹ වෛද්‍යවිද්යාලය කියලා එකක් පටන් අරගෙන වෙච්ච දේ?? මීටත් වඩා සුරංගනා කතා කියලා ඒක පටන් ගත්තේ. අන්තිමට කෙලවර වුනේ කොහෙන්ද දන්නවද :shocked:

    2. මෝඩ තර්ක ගේන්න එපා සහෝ. පොඩ්ඩක් මෙඩි ෆැක් එකක් ලගට ගිහින් බලන්න. ඕන තරම් කාර්, බයික් තියෙන අය ඉන්නවා. අර එක යාලුවෙක් කිව්වා වගේ බෙන්ස් තියෙන අයත් ඉන්නවා. මෙතන තියෙන්නේ සල්ලි නැති එකා සල්ලි තියෙන එකාට ඉරිසියා කරන සීන් එකක් නෙවෙයි. :P

    3. මෙරිට් පාස් එකක් ගන්න කෙනාට ඊට සැලකීමක්/ඇගයීමක් විදියට මහපොල දෙනවා. ඒකෙන් මොනාද කරන්නේ කියන එක ඒ අදාල මහපොල ලාභියාගේ අයිතියක්. කාර් තියෙන අය පෙට්‍රල් ගහවි. කාර් නැති අය බස් එකේ යන්න ටිකට් ගනීවී. කාර් තියෙන කෙනාට මහපොල හම්බුනා කියලා ඉරිසියා කරන්න එපා. ඌ පෝසත් වුනත් දස්සයෙක් නේ :rolleyes::rolleyes:

    4. උඹ තරම් කුහකව ( පෙට්‍රල් ගහන කතන්දරේ ) මෙතන මම අදහස් දක්වලා නෑ. මම කෙලින්ම කියලා තියෙනවා අදාල ප්‍රමිතිය තියෙනවා නම් කිසි ප්‍රශ්ණයක් නෑ. අදාල ප්‍රමිතිය නැති නිසයි මේකට විරුද්ධ කියලා.

    5. අපි වැඩ කරන්නේ මැශින්, සිමෙන්ති, ටයිල්, කම්පියුටර්, සොෆ්ට්වෙයාර් එක්ක නෙවෙයි. මනුස්ස ජීවිතත් එක්ක. හිතන්න ඔයාගේ අම්මා තාත්තා ලෙඩ වෙලා බෙහෙත් ගන්න හොර දොස්තර කෙනෙක් ලගට ගෙනිහින්, diagnosis වැරදිලා ජිල්මාට් එකක් වුනොත්??:rolleyes: වැරදීම් ඕන තරම් වෙනවා. ඕවා මොනවද පොඩි මිස් එකක් නේ. සොෆ්ට්වෙයාර් හදනකොටත් මෙහෙම දේවල් වෙනවා << මේවා කියලා ශේප් එකේ ඉන්නවද :rolleyes::rolleyes: ඔයාගේ තුවාලයකට හරියට බෙහෙත් කියන්නේ නැතුව නිකන් ඇන්ටි බයොටික් එකක් දීලා ගෙදර යවලා කකුල කපන්න වුනොත්?? අනේ මගේ පරන කරුමයක් වෙන්න ඇති, ඒ දොස්තරගේ වැරැද්දක් නෑ කියලා හිත හදාගෙන ඉන්නවද?? එහෙම ඉන්න පුලුවන් නම් කිසිම ප්‍රශ්ණයක් නෑ :rofl:
     
    jayashan1

    Member
    Oct 24, 2010
    80
    6
    0
    Kandy
    බින්දු;10840177 said:
    එයාලා සල්ලි ගත්තට යම් ඩිග්‍රියක් කරන්න තියෙන මූලික සුදුසුකම "සල්ලි" නෙවෙයි නේ.
    ඒ යුනි වල කොලිටියත් මැක්සි නේ.

    මෙතන තියෙන ප්‍රශ්නේ මේ වෙද කඩේ හාවඩ් එකේ බ්‍රාන්ච් එකක් නොවීම ( නෝ කොලිටි) සහ සල්ලි කියන සුදුසුකම මත ලමයි ගැනීම නේ :P:P

    bindu oyata sure da meke exam ehema thiyanne naha kiyala???
     
    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    උබ කතාකරන්නේ ලොකු සමාජවාදයක් ඔලුවේ තියාගෙන කියලා මට හිතෙනවා. හෑබෑයි මචන් සමාජවාදය ලස්ස්නට රතු පාට්න් පොත් වල තිබ්බට ඒක රටකට අනුගත කිරීම ලේසි පහසු දෙයක් නෙම්යි, හෑම රටකටම ගෑලපෙන ආන්ඩු ක්‍රමයක් තියෙනව, ඕන රටකට පුලුවන් නොයෙකුත් අත්හදාබෑලීම් කරන්න නමුත් අවසානයේ ඒකේ එක තෑනකින් නවතිනව, සමාජවාදය හෝ මාක්ස්වාදය කියන්නේ ධනවාදයේ 3වන කාර්තුවේ තියේන මෙ ලොකයට ගෑලපෙන්නේ නෑති දෙයක් (100%ක් නේමේයි )අන්න ඒ නිසයි ලොකේ රටවල් ඉතාම සුලු ප්‍රමානයක් පමනක් තවමත සමාජවාදීව ඉන්නේ
    සමාජවාදය අසාර්ථක වුනේ ධනවාදී රටවලින් එල්ල වුන දැඩි බලපෑම, එහි වටිනාකම තෙරුම් ගැනීමට තරම් මිනිසා මුහුකුරා ගොස් නැති වීම, මිනිසාගේ දැඩි පෙරේතකම සහ එය ක්‍රියාවට නැංවීමට සුදුසු විශිෂ්ට නායකත්වයන් නැති වීම නිසා.සමානතාවය කියන එක ක්‍රියාත්මක කරන්න පුලුවන් වාතාවරනයක් නිසැකවම ලොව තුල තියෙනවා.නමුත් තන්හාධික මිනිසා ඒ යතාර්ථය පිලි ගැනීමට ලෑස්ති නෑ.තමාට තියෙන අවශ්‍යතාවයන් අනිත් සියලූම මිනිසුන් සතු වෙන බව පිලි ගැනීමට තරම් මානසික සංවර්ධනයක් නැතිකම හේතුවක්.විශේෂයෙන්ම ලෝකය අද පාලනය කරන්නේ සල්ලිම මත්තේ නැහෙන බහු ජාතික සමාගම් රාශියක්.මේ අය පරිසරය විනාශ කරමින්, රටවල් ජනතාවගේ සංස්කෘතිය, මානව ධර්ම වනසමින් ලෝකය විනාශය කරා දක්වමින් සිටිනවා.අද මිනිසා තුල තියෙන වංචනික සහ අපාරාධ බහුල වීම, මිනිස් ආතතිය වැඩි වීම යන දේවල් වලට මූලික හේතුව මේ මිනිසා තුල තියෙන විෂමතාවය.ධනවාදය මේ විෂම තාවය සහ ඇති නැති පරතරය විවිධ මට්ටම් ඇති කරමින් භයානක ලෙස වැඩි කරමින් සිටිනවා.අපි මොන දියුනුවක් ලැබුවත් වැඩක් නෑ ලෝකයේ ජෛව ගෝලය විනාශ කරමින්.තව වසර 2000ක් වෙනකොට මේ ලෝකය පවතින්න ඕනි.විෂමතා වැඩි කරමින් කරන තාවකාලික සංවර්ධනය කොපමන සීඝ්‍ර වුනත් ඒක වැඩක් නෑ.මිනිසාට තාක්ෂනික දියුනුව පරිසරයට සමගාමිව ලබන්න ඕනතරම් කල් තියෙනවා.සමාජවාදය වෙනුවට ඇනාකිසම් කියලා දර්ශනයකුත් දැඩි ලෙස වර්ධනය වෙමින් පවතිනවා.
     
    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    [QUOTEවෘත්තීය සමානාත්මතාවය කියන්නේ වෛද්‍යවරයාටයි, ඉංජිනේරුවාටයි, ටොයිලට් සුද්ද කරන කෙනාටයි එකම පඩිය හා වරප්‍රසාද දෙන එකට වෙන්න ඇති.

    එතකොට මිනිස්සු වෛද්‍යවරු, ඉන්ජිනේරුවරු වෙන්න මහන්සි වෙන්නේ අහවල් අමාරුවකටද? උන් ඔක්කොම ටොයිලට් සුද්ද කිරීම, පාරවල් අතුගෑම, ටිකට් කැඩීම වගේ සරල රස්සා කරයි... :rolleyes:

    වෘත්තීය සමානාත්මතාවය කියල එකක් මේ ලෝකෙ කවදාවත් තියෙන්න බැහැ.. වෛද්‍ය වෘත්තියේ අවදානම ඉතාම වැඩියි. අවම වශයෙන් x-ray technician පවා දෛනිකව විශාල අවදානමක් ගන්නවා.. පාරවල් අතුගාන රස්සාවේ මොන අවදානමක්ද?

    ][/QUOTE]
    සමානතාවය ගැන මූලික අදහස ලෝකයට ප්‍රතමයෙන් දේශනා කරේ බුදුන් වහන්සේ.උඹේ ඔය ධර්ම චක්කරය ගලවලා අයින් කරපන්.
    හැම රස්සවක්ම රස්සවක්.ඒක අමතක කරන්න එපා.වෘත්තිය විෂමතාවය ඉවත් කිරීම තුලින් සිදුවන්නේ යම් කිසි වෘත්තියකට සැබවින්ම කැමති අය ඒ සඳහා යොමු වෙනවා.වෛද්‍ය වෘත්තියට එන්නේ සමාජ පිලි ගැනීමට ධනයට ආශා කරන එවුන් නෙවෙයි.වෛද්‍යවරයෙක් ලෙස මිනිසා සුවපත් කිරීමට අවංකවම කැමති අය. වැසිකිලි සෝදන්නන්, පාර අතු ගාන්නන් මිනිසාට අවශ්‍යයි.ඒ අයට සමාන තැන් දෙන එක අනිවාර්යයි. මේ ලෝකේ හැමෝටම වෛද්‍යවරු වෙන්න බෑ.හුඟක් අයට පුලුවන් කම තිබුනත් වෙන්න බෑ.ඒ ඉඩකඩ අවම වීම නිසා.මේය වෙනත් වෘත්ති වලට ගියත් ඒ අයට සාධාරනය සිදු කරන්න ඕන.වඩු බාස්ලා, දොස්තරලට වඩා හම්බ කරන රටවල් ලෝකයේ තියෙනවා. එහෙම නැත්නම් බාස්ලා දොස්තරලට වඩා හම්බ කරන රටවල් ලෝකයේ තියෙනවා.එහෙම කියලා වෛද්‍ය වෘත්තියට ඉල්ලුම අඩු වෙලා නෑ.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    සමානතාවය ගැන මූලික අදහස ලෝකයට ප්‍රතමයෙන් දේශනා කරේ බුදුන් වහන්සේ.උඹේ ඔය ධර්ම චක්කරය ගලවලා අයින් කරපන්.

    මිනීමරුවන්ව වීරයන් කරල වර්ණනා කරන අය දැන් බණ කියන්නත් එනවා.... :rolleyes:

    බුදු දහමේ ඔය කියන පුද්ගල සමානාත්මතාවයක් නැහැ.

    පුද්ගලයෝ අට දෙනෙක් බුදු දහමේ විස්තර කෙරෙනවා. ත්‍රිහේතුක පුද්ගලයා අහේතුක පුද්ගලයාට වඩා උසස් මිසක් සමාන වෙන්නේ නැහැ. මාර්ග ඵල ලබාගත් කෙනා නොගත් කෙනාට වඩා උසස් මිසක් සමාන වෙන්නේ නැහැ.

    බුදු හාමුදුරුවෝ කිසිම විටකත් ත්‍රිහේතුක පුද්ගලයාට දක්වපු සැලකිල්ල හා අවධානය අහේතුක පුද්ගලයාට දීලා නැහැ... කිසිම විටකත් මාර්ග ඵල ලබාගත් පුද්ගලයාට දක්වපු ගෞරවය මාර්ග ඵල නොගත් කෙනාට දීලා නැහැ (උදා- පොථිල හාමුදුරුවන්ට 'හිස් පොථිල' කියා ඇමතීම )

    බුදු දහමේ හැටියට බලු අසූචි අනුභව කරල බල්ලෙක් වගේ ජීවත් වෙච්ච (ත්‍රිහේතුක) ජම්බුකාජීවක යහපත් ජීවිතයක් ගත කරන අහේතුක කෙනෙකුට වඩා උසස්.

    වැසිකිලි සෝදන්නන්, පාර අතු ගාන්නන් මිනිසාට අවශ්‍යයි.ඒ අයට සමාන තැන් දෙන එක අනිවාර්යයි. මේ ලෝකේ හැමෝටම වෛද්‍යවරු වෙන්න බෑ.හුඟක් අයට පුලුවන් කම තිබුනත් වෙන්න බෑ.ඒ ඉඩකඩ අවම වීම නිසා.මේය වෙනත් වෘත්ති වලට ගියත් ඒ අයට සාධාරනය සිදු කරන්න ඕන.

    අධික අවදානමක් සහිත රැකියා කරන අයට එම අවදානමට සරිලන විදිහට වැටුප් හා වරප්‍රසාද වැඩි වශයෙන් දෙන්නේ නැත්නම් ඒක අසාධාරණයක් නෙවෙයිද? :rolleyes:

    කෝච්චි ටිකට් කඩන රස්සාවේ කිසිම අවදානමක් නැහැ. නමුත් X-ray තාක්ෂණ ශිල්පියෙක් ගන්න, ඔහු හෝ ඇය දිනපතා තමන්ගේ ශරීරය අනුන් වෙනුවෙන් විකිරණ වලට නිරාවරණය කරමින් කොතරම් අවදානමක් ගන්නවද?

    මේ දෙන්නටම එකම් විදිහට සලකනවනම් කෙනෙක් x-ray තාක්ෂණ ශිල්පියෙක් වෙන්න උත්සහ කරන්නේ පශ්චාත් භාගයේ අමාරුවකටද? :lol:

    හැම කෙනාම බලයි කිසිම අවදානමක් නැති රස්සාවකට යන්න.
    කිසියම් විෂයකට කැමැත්තක් තියන කෙනා බලයි ඒ විෂය සම්බන්ධ අඩුම අවදානම සහිත රැකියාවට යන්න.

    A/L වලට ලැබෙන රස්සාවයි, උපාධියක් විතරක් අරගෙන ලැබෙන රස්සාවයි, පශ්චාත් උපාධියට ලැබෙන රස්සාවයි එකම වගේ නම් අහවල් ලබ්බකටද පශ්චාත් උපාධි ගන්නේ?:rolleyes:
    අඩුම ගානේ අහවල් රෙද්දකටද අනුන්ට බරක් වෙලා කැම්පස් යන්නේ? අඩුම වයසෙන් ඕනෑම රස්සාවකට ගියාම හරිනේ...

    මේ වගේ බහුබූත තියෙන්නේ තමුන්නාන්සේලා මල් තියල වඳින රතු පාට පොත් වල විතරයි..
    මේ බහුබූත එකක් වත් ප්‍රායෝගික නෑ...

    තමුන්නාන්සේට ජෙප්පො කවල තියන ලණු ටික දිරවන්න එක ආත්මයක් මදි වෙයි වගේ.. :lol:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you

    අඩුම ගානේ අහවල් රෙද්දකටද අනුන්ට බරක් වෙලා කැම්පස් යන්නේ? අඩුම වයසෙන් ඕනෑම රස්සාවකට ගියාම හරිනේ...

    campus යන්නේ අහවල් රෙද්දකට නෙමෙයි බන්.ඒකේන් සමාජයට ඕන කරන skills තියෙන මනුෂ්‍යයෙක් හදනවා.එකේන් society එක analyze කරන්න පුලුවන් dial එකක් හදනවා.ඒකටයි uni තියෙන්නේ.නිකන්ම ජොබ් එකක් කරන එකෙක් හදන එක නෙමෙයි.
     
    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    අධික අවදානමක් සහිත රැකියා කරන අයට එම අවදානමට සරිලන විදිහට වැටුප් හා වරප්‍රසාද වැඩි වශයෙන් දෙන්නේ නැත්නම් ඒක අසාධාරණයක් නෙවෙයිද? :rolleyes:

    කෝච්චි ටිකට් කඩන රස්සාවේ කිසිම අවදානමක් නැහැ. නමුත් X-ray තාක්ෂණ ශිල්පියෙක් ගන්න, ඔහු හෝ ඇය දිනපතා තමන්ගේ ශරීරය අනුන් වෙනුවෙන් විකිරණ වලට නිරාවරණය කරමින් කොතරම් අවදානමක් ගන්නවද?

    මේ දෙන්නටම එකම් විදිහට සලකනවනම් කෙනෙක් x-ray තාක්ෂණ ශිල්පියෙක් වෙන්න උත්සහ කරන්නේ පශ්චාත් භාගයේ අමාරුවකටද?
    :lol:
    මේවා ප්‍රශ්න නෙවෙයි.මේවා පහසුවෙන්ම විසඳා ගන්න පුලුවන් ප්‍රශ්න.තරුනයින්ට පුලුවන් හමුදා සෙබලෙක්ගේ වැ‍ටුපට සමාන ගෙවීම් කරන අවදානම් අඩු ‍රැකියා හොයා ගන්න.නමුත් එහෙම තිබියදිත් හුඟක් අය අවදානම් සහිත හමුදාවට බැ‍ඳෙන්නේ දේශප්‍රේමය නිසා.මේකට උදාහරන ලෝකයේ හුඟක් රටවලින් දෙන්න පුලුවන්.අපි ඇති කරන්න ඕනි දේශප්‍රේමය.සේවා ප්‍රේමය, සමාජ ප්‍රේමය.එහෙම නැතුව මුදල් ප්‍රේමය මත දුවන ‍රැකියා නෙවෙයි.
     
    leolanka

    Banned
    Jul 3, 2011
    425
    63
    0
    බුදු හාමුදුරුවෝ කිසිම විටකත් ත්‍රිහේතුක පුද්ගලයාට දක්වපු සැලකිල්ල හා අවධානය අහේතුක පුද්ගලයාට දීලා නැහැ... කිසිම විටකත් මාර්ග ඵල ලබාගත් පුද්ගලයාට දක්වපු ගෞරවය මාර්ග ඵල නොගත් කෙනාට දීලා නැහැ (උදා- පොථිල හාමුදුරුවන්ට 'හිස් පොථිල' කියා ඇමතීම )

    බුදු දහමේ හැටියට බලු අසූචි අනුභව කරල බල්ලෙක් වගේ ජීවත් වෙච්ච (ත්‍රිහේතුක) ජම්බුකාජීවක යහපත් ජීවිතයක් ගත කරන අහේතුක කෙනෙකුට වඩා උසස්.

    මේක පවතිනවා යැයි විශ්වාස කරන ලෝක ධර්මයක් මිස බුදු හාමුදුරුවන් නිර්මානය හෝ අනුමත කරන දෙයක් නෙවෙයි.සංසාරය පවතිනවා කීවට, සංසාරය බුදුන්ගේ නිර්මානයක් නෙවෙයි.අන්න ඒ වගේ.ආධ්‍යත්මික උසස් බව සහ ලෞකික උසස් බවට දක්වන සැලකිල්ල සමාන නෑ. සමාජ හිතාකාමියෙකුට , අපරාධ කරුවෙක්ට වඩා සැලකිල්ලක් හිමිවන එක පුදුමයක් නෙවෙයි.ආධ්‍යත්මික උසස් අයට ගරු කරන්න ඕනි.ආධ්‍යත්මික සමානතාවය ගැන මම උනන්දු නැත.
    :D