ශනි අපලයට බඳින නීල මණ්ඩල යන්ත්‍ර

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ශනි අපලයට බඳින නීල මණ්ඩල යන්ත්‍ර


    හැමදාම වගේ කියන්න ඕන මේ ත්‍රෙඩ් එක ජ්‍යොතිෂ ඉගෙන ගන්නා හා ඒ ගැන ආසාවක් උනන්දුවක් දක්වන අයටයි.. අනෙක් අයට හුදෙක් කාලය කාදැමීමක් විය හැක.


    ශනි ග්‍රහයා අසුභ පල දෙන ග්‍රහයන් අතර ඉස්සරහින්ම ඉන්න ග්‍රහයා කියා මා කිව්වොත් කවුරුත් ඊට විරෝධය පාන එකක් නෑ. ඒ නිසාම ජ්‍යොතිෂ ගැන යම් දැනුමක් තියන ඕනම කෙනෙක් ශනිග්‍රහයා ගැන විශේෂ සැලකිල්ලක් හා ඔහුට තරමක අකමැත්තක් දක්වනවා. සමහරු ශනි ග්‍රහයා ගැන අනවශ්‍ය බියක් ඇති කරගන්න අතර සමහර ඇත්තන් ඒ බියෙන් ප්‍රයෝජන ගන්නවාත් මා පුද්ගලිකවම දැක තිබෙනවා:growl:.

    කොහොම නමුත් ශනි ග්‍රහයාගේ අපල වල තියන කරදරකාරි ගතිය හා සිදුවන හානිය නිසාම ශනි අපල සඳහා ඉතා විශාල යන්ත්‍ර සංක්‍යාවක් නිර්මානය වෙලා තිබෙනවා. :cool:මේ අතරින් ශනි මෘතුන්ජය හා නීල මණ්ඩල කියන යන්ත්‍ර කාන්ඩ දෙක විශේෂයි. බොහෝ දෙනා සිතා සිටින්නේ මේ නමින් ඇත්තේ හුදෙක් යන්ත්‍ර දෙකක් පමනක් බවයි. නමුත් මේ නම් වලින් යන්ත්‍ර කාන්ඩ දෙකක්ම ඇති අතර. මේ අතරින් නීල මණ්ඩල කාන්ඩය ගැන අපි අවධානය යොමු කරමු.

    01.
    2h6dgs4.jpg


    නීල මණ්ඩලය නමින් බොහෝ දෙනා දන්නේ මේ යන්ත්‍රයයි. මේ යන්ත්‍රය සෙනසුරුගේ ඒරාෂ්ඨක වලින් මෙන්ම සෙනසුරුගේ බලපෑම නිසා එන යක්ෂ දෝෂ වැනි බාහිර දෝෂ වලින්ද ආරක්ෂාව ලබා දෙයි. නමුත් අන් ග්‍රහයන් කෙරෙහි බලපෑමක් නැත.

    02.
    fjhkrs.jpg


    ත්‍රී අක්ෂර නීල මන්ඩලය නමින් හැඳින්වෙන මෙම යන්ත්‍රයේ බලපෑම හුදෙක් ශනිග්‍රහයාට හා ඒ මගින් ඇතිවෙන සාමාන්‍ය ග්‍රහ අපල වලටය.


    03.
    111095j.jpg


    මහා නීල මණ්ඩලය නමින් හැඳින්වෙන මෙම යන්ත්‍රය ඉතා බලගතු එකකි:). සෙනසුරු ග්‍රහයාගේ අරිටු දෝෂ භංග කරන අතරම. අනෙක් ග්‍රහයන්ගෙන් ඇතිවන සාමාන්‍ය අපල තත්වයන් සමනය කරයි. :yes:


    04.
    vpg84g.jpg


    විෂ්නු නීල මණ්ඩලය නමින් හඳුන්වන මෙය ගුරු මුෂ්ඨි නිසා අභාවයට ගිය එකකි.:( අනෙක් යන්ත්‍ර ලන්කාවේ භාවිතාවනු දක්නට ලැබුනත් විෂ්නු නීල මණ්ඩලය දක්නට නොලැබෙන තරම්ය. ඉතාමත් බලගතු යන්තරයක් වන මෙය සියලුම දරුනු ශනි අපලවලට භාවිතා කල හැක. නමුත් සුලු සුලු අපල වලට බැඳිම සුදුසු නැත.:no:


    මේ සියලූම යන්තර 23000 වාරයක් ජප කල යුතු අතර අවමය 2300කි. (ශනිට අදාල ජප සංක්‍යාව 23000කි) මෙහිදී විශේෂයෙන් කිව යුතු දෙයක් ඇත, එනම් මේ යන්තර වලින් කෙරෙන කාර්යය එකින් එකට වෙනස් වන අතර ආවාට ගියාට යන්තර දැමීම සුදුසු නැති බවයි. විශාල අපල ඇති තැනකට සුලු බලයක් ඇති යන්තර දැමීමත් සුලු අපලයක් ඇති තැනකට විශාල බලයක් ඇති යන්තර දැමීමත් නිසා යන්තරයේ නිසි පල ලබාගැනීමට නොහැකි වී සියල්ල උඩුයටිකුරු වී ඇදුරාගේ ශ්‍රමයත් ආතුරයාගේ මුදලුත් නිකරුනේ නාස්තිවී ගිය අවස්ථා සමාජයේ බොහෝය, තමා පලඳින යන්තරය ගැන දැනුවත් වීමට යන්තරය පලඳින්නට අයිතියක් ඇති අතර ඒ පිලිබඳව දැනුවත් කිරිම ඇදුරාගේද යුතුකමකි.


    http://tharaka-eli.blogspot.com/2014/06/blog-post_27.html
     
  • Jul 6, 2012
    10,698
    2,925
    113
    ඔය දාල තියෙන්නෙ;)
    මම හිතුවෙ ඒත් නීල මණ්ඩලය කියන්නෙ එක යන්ත්‍රයක් විතරයි කියලා අයියණ්ඩී:eek:
    දිගටම මේ වගෙ ත්‍රෙඩ් දාන්න ප්‍රාර්ථනා කරනවා:yes::D
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එළකිරි කොල්ලෙක්;16830078 said:
    ඔය දාල තියෙන්නෙ;)
    මම හිතුවෙ ඒත් නීල මණ්ඩලය කියන්නෙ එක යන්ත්‍රයක් විතරයි කියලා අයියණ්ඩී:eek:
    දිගටම මේ වගෙ ත්‍රෙඩ් දාන්න ප්‍රාර්ථනා කරනවා:yes::D

    ඔව් ගොඩදෙනා හිතන් ඉන්නේ ඒක එක යන්තරයක් කියලා.. බොහොම ස්තූතියි සහෝ..

    බොහෝම වටිනව සහෝ
    ගොඩක් ස්තූතී REP+5
    :):):):)

    බොහොම ස්තූතියි සහෝ

    බින්දු;16830104 said:
    senasuru bump :)
    :lol::lol:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කොහෙටද යකෝ දිරාමාර් වෙලා උන්නේ....??????????

    සුට්ටක් බිසී වුනා. අද අර ලේඩි ආවා.. ප්‍රොෆෙසර්ට දැන් සනීපයිලු.. :D:D මම හිතුවේ නෑ පොර මාරකේ පන්නයි කියලා..:yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැකැත් රාල;16830442 said:
    සුට්ටක් බිසී වුනා. අද අර ලේඩි ආවා.. ප්‍රොෆෙසර්ට දැන් සනීපයිලු.. :D:D මම හිතුවේ නෑ පොර මාරකේ පන්නයි කියලා..:yes::yes:
    එහෙනං පුතේ උඹට ඉන්න වෙන්නේ නෑ ඉස්සරහට...........
    ඒ මනුස්සයට මාර කන්ටැක්ට්ස් තියෙන්නේ......
    උඹ ගාවට තමා ඉතිං මුළු සෙටාර් එකම............

    ගානක් ගෙවපං මට......;)
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එහෙනං පුතේ උඹට ඉන්න වෙන්නේ නෑ ඉස්සරහට...........
    ඒ මනුස්සයට මාර කන්ටැක්ට්ස් තියෙන්නේ......
    උඹ ගාවට තමා ඉතිං මුළු සෙටාර් එකම............

    ගානක් ගෙවපං මට......;)

    ඔව් ඔව් පොර නොන්ජලයා වගේ හිටියට කෝටිපතියෙක්.. :yes:

    සුලු දෙයක් කාඩ් එකෙන් ගෙවන්නද චැක් එකක් දෙන්නද?:)