ශරීරයට හා සිතට සුවය දෙවන ගෙවත්තක් සකසා ගන&#353

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    ශරීරයට හා සිතට සුවය දෙවන ගෙවත්තක් සකසා ගන&#353

    ~~~~~ශරීරයට හා සිතට සුවය දෙවන ගෙවත්තක් සකසා ගනිමු.~~~~~

    ගෙමිදුල ඇමදීම උදෑසනම කරන්න. මනස නිරවුල් කර සංසුන් කරවයි.


    නිතරම ගෙමිදුල හා අවට පිරිසුදුව තබා ගන්න. ගෙමිදුලේ ජල බැස්ම හොඳින් සකසන්න. දිරා නොයන ද්‍රව්‍යය එක්කොට පුළුස්සා දමන්න. දිරාපත් වන ද්‍රව්‍ය වලකට එක්කොට ස්වභාවික පොහොර තනා ගෙවතු බෝග, මල් ආදියට දමන්න.


    ගෙමිදු‍ලේ තණකොළ පිඩැලි වෙනුවට (හෝ ඒ අතර) උඳුපියලිය වවන්න. දිනපතා උදෑසන පිබිදී මේ මත ප
    ාවහන් නොමැතිව සක්මන් කිරීමෙන් ඇස් පෙනීම දියුණු වන අතර අක්ෂි රෝග වලටද යහපත් වේ.

    මල් ගස් මෙන්ම ඖෂධීය ශාක වවන්න. නික, සුදුහඳුන්, පාවට්ටා, අරළු, බුළු, නෙල්ලි, බෙලි, කුඹුක්, කොහොඹ, වෙනිවැල් ආදිය යෝග්‍යය. මේවා පිසගෙන හමන සුළඟින් ලැබෙන ඖෂධීය වාතය, සිරුරට සුව ගෙනෙයි. පෙණහළු නිරෝගී කරවයි. කුඹුක් ශාක අවට පරිසරය සිසිල් කර පසේ තෙතමනය රඳවයි.


    නිතරම සෙම්, සොටු, කෙළ ආදිය දැමීමට වැසිකිළි කැසිකිළි පමණක් භාවිත කරන්න. කිසි විටෙක ගෙමිදුලේ නොලන්න. මෙයින් විෂබීජ පැතිරීමේ අවදානම පහව යන අතරම නිවෙසට අහිතකර නොපෙනෙන බලපෑම් එල්ලවීමද අවම වේ.


    බොහෝ තද රතු පැහැ මල් වර්ග වවන්න එපා. ඒ වෙනුවට සුදු, කහ, රෝස, ලා නිල්, තැඹිලි වැනි ප්‍රියමනාප වර්ණ වලින් යුත් මල්වර්ග වවන්න. එවිට ගෙවැසියන්ට හා නිවසට හිතකර බලපෑම් (සම්‍යක් දෘෂ්ඨික දේව බැල්ම) වැඩිවේ. දරුවන්ගේ ගුණ නුවණ වැඩීමටද මෙය බලපායි. ඉදිරිපස දොරකඩ දෙපස වතුසුදු වැනි සුදු පැහැ මල් පඳුරු දෙකක් වවන්න. ශ්‍රියාකාන්තාව වඩිනවා මෙන් ආශිර්වාදයි.


    ගෙවතු මල්පැල හා බෝග වලට කෘතිම පොහොර, පළිබෝධනාශක ආදිය යෙදීමෙන් වලකින්න. මෙයින් පස, වාතය හා ජලය දුෂ්‍ය වනවා මෙන්ම පරාගනයට හිතකර මැසි සමනල් වර්ග ඇතුළු පාංශු හිතකාමී සතුන් විනාශ වේ.


    ගෙවත්තේ සස්සඳ පැළ වවන්න. සර්පයින් ගෙමිදුලට නොයේ. ගෙතුළද සස්සඳ ලී කැබැල්ලක් තබන්න. ගෙතුළටද සර්පයින් නොපැමි‍ණේ. බෝතල් ගස් තිබේ නම් ඉවත්කරන්න. මේ ගස් වල මල් වලින් විහිදෙන සුවඳට සර්පයින් ඇදී එයි. එමෙන්ම මේවාගේ කෙමියට ජලය පිරීමෙන් මදුරුවන් බෝ වේ.


    වැල් වියන් ලෙස වැඩෙන මල් වැල් හා පළතුරු වර්ග (වැල්දොඩම් වැනි) තිබේ නම් නිරතුරු විමසිල්ලෙන් සිටින්න. මෙවන් වැල් වදුලු තුළ සර්පයන් විශාල වශයෙන් බෝ වේ. වැඩිපුර වදුළ සෑදෙන විට වැල් කප්පාදු කරන්න.


    විසිතුරු වුවද විෂ සහිත පැළෑටි වර්ග කිසිවිටෙකත් වවන්න එපා. එවන් ඇතැම් පැලෑටි වල යුෂ ස්පර්ෂ වීමෙන් දෙනෙත් පවා අඳ විය හැකියි.


    උල් කටු සහිත වැටක් කප්පාදුවේදී නිතරම අත්වැසුම් ලාගන්න. එම කටු ඇණුනු විට ඉතා විෂ සහිතයි. මෙවන් කටු සහිත පැළෑටි නොවවන්නේ නම් වඩාත් උචිතය.


    ඉතා වටිනා ඖෂධීයමය මෙන්ම ඉතා විසිතුරු වූ සඳරාජ, වනරාජ, හිරුරාජ, බේඳුරු, විෂ්ණුක්‍රාන්ති, ජටාමාංශ වැනි දුර්ලභ විසිතුරු පැළැටි වලින් ඔබ ගෙමිදුල අලංකාර කරගන්න.

    සමන්පිච්ච, ගැටපිච්ච, සේපාලිකා, සල්, නා, අරලිය, සපු වැනි ප්‍රසන්න සුගන්ධයන් හමන මල්ගස් වවන්න. දේව ආකර්ෂණය වැඩි වේ. අමනුෂ්‍යය බලපෑම් දුරු වේ.

    පළතුරු ගස් කිපයක් වවා ගන්න. අඹ, බෙලි, දිවුල්, නෙල්ලි, නාරන්, දොඩම්, දෙළුම්, ගස්ලබු, කෙසෙල් ආදිය සුදුසුය.


    ගෙවත්තේ ඉඩ තිබේ නම් එළවලු, පළා, කුළුබඩු ආදිය වවාගන්න. කිසිදු කෘතිම පොහොරක්, පළිබෝධ නාශකයක් යොදන්න එපා.


    ‍ගෙවත්ත උදළු ගාන විට ප්‍රවේශමෙන් කරන්න. ඖෂධීය පැළෑටි වලට හානිනොවන අයුරින් උදලු ගෑමට වග බලා ගන්න. මොණරකුඩුම්බිය, ඇත්අඩි, හීන් නිදිකුම්බා, උඳුපියළිය, කඩුපහර, කීකිරිදිය, කුප්පමේනියා ආදි මෙකී නොකී බෙහෙත් පැළැටි ඔබ නොදැනුවත්වම ඔබ ගෙමිදුලේ තිබෙනු විය හැකිය. (එවිට උදළු ගාන්නේ කුමනවා දැයි ඔබට සිතෙනු විය හැක.. මෙදියත ඖෂධයට ගත නොහැකි පැළයක් ගසක් නොවන්නේය..! )


    සෙවණ දෙන විශාල ගස් ද මිදුලේ වවන්න. ඒ යට හිඳගැනීමට උචිත වන අයුරින් බංකු හෝ පු‍ටු වැන්නක් පිළියෙල කරන්න.


    මල්, පළතුරු නෙළන විටදී හා ශාක කප්පාදු කිරීමේදී ශාකයට නොරිදෙන අයුරින්, අවම හානි වන අයුරින් කරන්න. ඔබ නොදන්නා වුවද, ගස් වැල් වලටද යම් සංවේදනයක් පවතී. ශාක වලට සත්කාර කිරීමේදී සෙනෙහසින් කරන්න. උදෑසන පමණක් දිය ලන්න. සවසට කිසි විටෙකත් දිය ලන්නට එපා.


    ගෙවත්තේ පක්ෂීන්ට හා ලෙහෙනුන්ටද ආහාර ස්ථානයක් හා ස්නාන ස්ථානයක් (කුඩා පොකුණක් වැනි) පිළියෙල කරන්න. ඉතිරිවන යමක් ඔවුන්ටත් දෙන්න. ඔබගේ මානසික සුවය, ප්රීපතිය, සොම්නස වඩවයි.
    (from facebook):cool::cool::cool:
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    421.gif
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.


    totally agreed.. ela ++


    manදman;15115236 said:

    dawase ELAKIRI post1...!!!!


    හපොයියා;15115366 said:
    ස්තුතියි මචන් අපිව දැනුවත් කලාට.

    watinawa...
    +Rep :)

    ස්තුතියි මචන් අපිව දැනුවත් කලාට.


    :cool: