ශල්‍යකර්ම සදහා අතීතයේ භාවිත වු භායානක මේ&#3520

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    ශල්‍යකර්ම සදහා අතීතයේ භාවිත වු භායානක මේ&#3520

    ...ශල්‍යකර්ම සදහා අතීතයේ භාවිත වු භායානක මේවලම්...

    image011.jpg


    Amputation Knife (1700s)

    old-medic01.jpg


    මෙම වක් පිහිය 18 වන ශතවර්ශයේ සැත්කම් වලදී අංග ඡේදනයේදී වක්‍රකාර කැපුම් සමේ සහ මාංශ පේශිවල සිදු කිරීම සදහා යොද ගන්නා ලද බව පැවසේ. කෙසේවෙතත් 1800 ගණන් වලදී කෙලින් අතට දිග පිහි මේ කර්තව්‍ය කිරීමට වඩාත් ජනප්‍රිය වී ඇත. (හැබැයි අපේ රටේ සහ තවත් බොහෝ රටවල මෙවැනි පිහි කෝලාහල වලදී “සාමය ස්ථාපිත කිරීම” සදහා කරනු ලබන කැපීම් කෙටීම සදහා තවමත් භාවිතා කරනු ලබන බව මාධ්‍ය මගින් ගෙනෙනු ලබන පුවත් වලදී පෙනේ.විශේෂයෙන් මීට දශකයකට පමණ පෙර රුවන්ඩාවේ හා බු‍රුන්ඩි වල තිබූ හුටු හා ටුට්සි ගෝත්‍රික ගැටුම් වලදී මේ හැඩයේ පිහිවලට තිබී ඇත්තේ පුදුම ඉල්ලුමකි).

    Amputation Saw (1600s)

    old-medic02.jpg


    17 වන සියවසේදී භාවිතා වූ මෙම කියත යොදා ගෙන ඇත්තේ සැත්කම් වලදී අස්ථී කැපීමටයි.

    Arrow Remover (1500s)

    old-medic03.jpg


    මෙය 16 වන සියවසේදී භාවිතා වී ඇති අතර ඒ කාලයේ එකිනෙකා මරා ගැනීමට තුවක්කුද නිපදවී තිබුනත් පැරණි දුණු ඊතලත් භාවිතාකරන්නට ඇති බැවින් එසේ ඇනුන ඊතල ඉවත් කිරීමට යොදාගන්නා ලද්දකි.

    Artificial Leech (1800s)

    old-medic04.jpg


    පැරණි වෙදකම් වලදී අපවිත්‍ර වූ රුධිරය ඉවත් කිරීමට කූඩැල්ලන් සමහර විශේෂ යොදා ගත් බව ඔබත් දන්නවා ඇති. ඒත් ඉතින් හැම වෙලාවෙම කූඩැල්ලන් සොයා ගැනීමට නොහැකිවේද යන සැකයෙන්ද දන්නෑ මෙම කෘත්‍රිම කූඩැල්ලා 19 වන සියවසේදී සොයාගෙන තියෙන්නේ. මෙය විශේෂයෙන් ඇසේ සහ කනේ ඔපරේශන් වලට යොදාගත් බව කියවෙනවා.

    Bullet Extractor (1500s)

    old-medic05.jpg


    රොබින් හුඩ්ගේ කඩුව වගේ පේන මෙයත් 16 වන සියවසේදී භාවිතා වී ඇති අතර වෙඩි තැබීම් වලදී සිරුර තුලට කිදා බසින වෙඩි උණ්ඩ එලියට ඇද ගැනීමට භාවිතා කල “සුන්දර” මෙවලමකි.

    Cervical Dilator (1800s)

    old-medic06.jpg


    මෙම අනගි කුරිරු උපකරණය කාන්තාවන් වෙනුවෙන්ම හදන ලද්දක් බව පැවසෙන අතර මම කියනවාට වඩා ඔබම මෙම කොටස පරිවර්ථනය කරගත්විට එහි අනර්ඝත්වය හදුනාගත හැක.(This instrument was used to dilate a woman’s cervix during labor, with the amount of dilation measured on the scale by the handle. Such dilators fell out of favor because they often caused the cervix to tear.)

    Circumcision Knife (1770s)

    old-medic07.jpg


    අමනාපවෙන්න එපා මෙහෙම කියනවාට මෙම පිහිය යොදා ගෙන ඇත්තේ සමහර ආගම්වල පිරිමි ලමුන් වෙනුවෙන් ඉටුකරන චාරිත්‍රයක් (Ritual circumcision) ඉටුකිරීම සදහායි.

    Ecraseur (1870s)

    old-medic08.jpg


    මේ අමුතු උපකරණය ගැන කීමට ඇත්තේ මෙය ආධාරයෙන් සැත්කම කරන ස්ථානයට රුධිර ගමනය අඩාල කර ඇත.

    Hemorrhoid Forceps (1800s)

    old-medic09.jpg


    තේරෙන විදියට නම් මේක යොදා ගෙන තියෙන්නේ ඔපරේශන් වලදී රුධිර සැපයුම අවහිර කිරීමටයි.

    Hernia Tool (1850s)

    old-medic10.jpg


    මේක නම් නමේ කියන විදියට හර්නියා සැත්කම් වලදී භාවිතයට ගන්නා ලද්දකි.

    Hirtz Compass (1915)

    old-medic11.jpg



    මේ කියන කොම්පාසුව යොදාගෙන තියෙන්නේ සංචාරයේ යෙදෙන කොට අතරමං වුනාම උතුර දකුන සොයා ගන්න නෙමෙයි, වෙඩි වැදුන කෙනාගේ කොතනද bullet එක තියෙන්නේ කියල දැනගන්න.

    Hysterotome/Metrotome (1860s-90s)

    old-medic12.jpg


    මේ සවලක් වගේ උපකරණයත් සැත්කම් වලදී කැපුම් ඇති කරන්න ගත්ත එකක් වගේ.

    Lithotome (1740s-1830s)

    old-medic13.jpg


    මුත්‍රාශයේ ගල් ඇතිවුනාම ඒවා ඉවත් කිරීම සදහා මුත්‍රාශය කැපීමට ගත්ත Tool එකක්.

    Mouth Gag (1880s-1910s)

    old-medic14.jpg


    ඔපරේශන් වලදී සිහිය නැති කරල ඉන්න ලෙඩාගේ කටට මේක දාල තියෙන්නේ මුඛය හොදට විවෘත වීමෙන් වාතාශ්‍රය හොදට ලැබෙන්නයි.

    Scarificator (1910s-20s)

    old-medic15.jpg


    තේරෙන විදියට නම් මේක යොදා ගෙන තියෙන්නේ තුවාල නරක් වුනාම ඒවායේ අපවිත්‍ර රුධිරය ඉවත් කිරීමටයි.

    Skull Saw (1830s-60s)

    old-medic16.jpg


    ගස් කපන්න ගන්න Chainsaw එකේම කුඩා අවධියේ ෆොටෝ එකක් වගේ පේන මේ කියත යොදා ගෙන තියෙන්නේ හිස්කබලේ සැත්කම් වලදී අනෙක් උපකරන ඇතුල් කරන්න පහසුවෙන්න, ඊට කලින් හිස්කබලේ සැලකිය යුතු කොටසක් ඉවත් කරන්නයි.

    Tobacco Smoke Enema (1750s-1810s)

    old-medic17.jpg


    මෙම උපකරණය දැනුත් භාවිතා වුනා නම් අපේ සිගරට් බොන උදවිය හුඟක් සතුටුවේවි. ඒ කාලේ දුම්කොල දුම යොදාගෙන තියෙනවා මල බද්ධයට ප්‍රතිකාරයක් ලෙස ඒකට යොදාගත්ත මුලින් කියපු අයනම් ආස වෙයි කියල හිතෙන ගැජට් එකක්. වැඩි විස්තර පහල තියෙනවා. ටිකක් මහන්සිවුනොත් ඒක සිංහලට පෙරලල, මම කියන්නේ බොරුද කියල දැන ගන්න පුළුවන්.

    Tonsil Guillotine (1860s)

    old-medic18.jpg


    පේන විදියට නම් උගුරේ සෙම් ගෙඩි හැදිල අමාරුවුනාම ඒවා ඉවත් කරන්න ගත්ත එකක් වගේ.

    Trephine (1800s)

    old-medic19.jpg


    ඔපරේශන් වලදී හිස් කබල සිදුරු කරන්න ගත්ත එකක්.

    Vaginal Speculum (1600s)

    old-medic20.jpg


    මේක සිරුරේ තුවාල පිළිබද නිශ්චිත විනිශ්චයකට එන්න හොද දැක්කමක් ඒ ගැන ගන්න වගේම කාන්තාවන්ගේ රෝගාබාදවලදිත් ගත්ත එකක්ළු. වැඩි විස්තර ඔයගොල්ලම පහල ඉංග්‍රීසියෙනම් තියෙන විස්තරය සිංහලට පෙරලා ගෙන බලාගන්නව නම් වඩාත් මනාපයි. (Specula have been used for thousands of years to allow doctors better vision and access to the vaginal area (or other body cavities) by expanding after insertion. This 17th century European example, which appears to use a cranking motion to expand, is more ornate and intimidating than most.)


    මෙය අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.​