ශවේන්ද්‍ර නක දී පුසී!
පසුගිය 12 වැනිදා පළ කළ ගෝඨාභයගේ මැතිවරණ ප්‍රචාරක දැන්වීමකට වත්මන් යුද හමුදාපතිවරයා පෙනී සිටීම සම්බන්ධයෙන් හමුදාපතිවරයා මහජනතාව වෙත ප‍්‍රකාශයක් කළ යුතුව ඇති බවත්, එසේ ප‍්‍රකාශයක් ලබා නොදෙන්නේ නම් එය ඔහුගේ අනුදැනුම මත කළ දැන්වීමක් බවට සිතා ගතහැකි බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.
මහින්ද දේශප‍්‍රිය මහතා මේ බව පවසා සිටියේ අද (16) මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවකදී යුද හමුදාපතිවරයා මැතිවරණ දැන්වීමකට පෙනී සිටිම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විමසු ප‍්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමිනි.
"මේ පිලිබඳ පැමිණිල්ලක් ඉකුත් 12 වෙනි දිනම ලැබුණා. අපි ඒ ගැන අදාල පක්ෂ නියෝජිතයටත්, පක්ෂ ලේකම්වරයටත්, ජනමාධ්‍ය ලේකම්වරයාටත්, ජනාධිපති ලේකම්වරයාටත් දන්වලා කරුණු සහිත ලිපියක් ඉල්ලා තියෙනවා. නමුත් තාම ලැබුණේ නැහැ. යුද හමුදාපතිවරයෙක් මෙලෙස දේශපාලන සංස්කෘතියකට අනුගත වෙමින් පෙනී සිටිම සුදුසු නැහැ.
සේවයේ නියුතු අයෙක් විතරක් නෙමේ විශ‍්‍රාමික යුද හමුදාපතිවරයෙකුටවත් නිල ඇදුමින් සැරසි ඉන්න ඡයාරූප පාවිච්චි කරලා මැතිවරණ කටයුතු වල යෙදෙන්න බැහැ.
ඒ වගේම අපි මේ පිලිබඳ දේශපාලන හා අපේක්ෂකයින්ගේ ආචාර ධර්ම පද්ධතියේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. යුද ජයග‍්‍රහණය, වීරත්වය පක්ෂයකට පමණක් සීමා වු දෙයක් නෙමේ. ඒක මුලූ රටටම අයිති දෙයක්. ඒ වගේම තති කෙනෙකුට පමණක් අයත් දෙයක් නෙමේ. ඒ නිසා මේ පිලිබඳ අපි කරුණු සහිත වාර්තාවක් ඉල්ලා තිබෙනවා" යි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.
පුවත් පත් වල දැන්වීම් අංශ බාර ප්‍රධානීන්ගේ නියමයන් අනුව මැතිවරණ දැන්වීමක දී භාවිතා කරන පුද්ගල ඡායාරූප සහ අත්සන් පිළිබඳ ඒවායේ පෙනී සිටින සහ සඳහන් පුද්ගලයන්ගේ කැමැත්ත ලිඛිතව අදාල ආයතන වෙත දැන්වීම් සපයන්නා විසින් ලබා දිය යුතුය. නොඑසේව දැන්වීම ප්‍රචාරය කරන්නේ නැත. ඒ අනුව මෙහි පෙනී සිටින විශ්‍රාමික හමුදාපතිවරුන්ගේ සහ වත්මන් හමුදාපතිවරයාගේ කැමැත්ත ලිඛිතව අදාල පුවත්පත් වෙත ලබා දී තිබිය යුතුය. මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රකාශය අනුව මෙකී දැන්වීමේ පෙනී සිටින වත්මන් හමුදාපති ශවේන්ද්‍ර පමණක් නොව විශ්‍රාමික හමුදාපතිවරුන් වන වසන්ත කරන්නාගොඩ, රොෂාන් ගුණතිලක සහ දයා රත්නායක ද සිදුකර ඇත්තේ බරපතල විෂමාචාරයකි. ගෝඨාභය රාජපක්ෂ විනය ගරුක රටක් හදන්නේ මේ ආකාරයේ විෂමාචාර කරමින්දැයි නීති ගරුක රටවැසියෝ ප්‍රශ්න කරති
අදාල නීති විරෝධී දැන්වීම මෙහිදැක්වේ.

Im sorry, I must be hearing things wrong, You mean උඔ වාගේ බෙට්ටත් චන්දෙ දෙන උන්ද? 