ශ්‍රියාලතා ගේ අභිරහස
==============
වීදී පහනින් එළිය වූ මිනිස් පුළුටක් හෝ පෙනෙන්නට නොතිබූ කොම්පඤ්ඤ වීදීයේ මූසල නිහැඬියාව බිඳිමින් හෝම්ස් කටහඬ අවදි කළේය.
" බලන්න වොට්සන් අද පත්තරේ හෙඩ්ලයින් එක"
" ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරීනිය ගේ සිද්ධිය රටට කළු පැල්ලමක් "
" අපේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා එහෙම හොයන්නේ බලන්නේ නැතුව ගොං කතා කියන පුද්ගලයෙක් නෙමෙයි නිසා මේ සිදුවීම පිටිපස්සේ මොකක් හරි අභිරහසක් තියෙන්න ඕන."
හෝම්ස් පයිප්පයේ දුම් දෙවරක් පිටකරමින් තියුණු බැල්මක් මා දෙස හෙළුවේය. ඔහු මෙලෙස මා දෙස බලන්නේ ඒ සිදුවීම පිළිබඳ මාගේ අදහස දැනගැනීම බව මා අත්දැකීමෙන් දනී. මේ අතර හඩ්සන් මහත්මිය ද පැමිණ තේ බඳුනක් මේසය මත තබා පිටව ගියාය. කල්පනාවක නිග්මව සිටි හෝම්ස් පුටුවෙන් නැගිට කඩිමුඩියේ කබායත්, තොප්පියත් පැළඳ කාමරයෙන් පිටට ගිය අතර කිසිවක් සිතාගත නොහැකි වු මම ද ඔහු පස්සේ යාමට තීරණය කළෙමි.
හෝම්ස් කතාබහක් නොමැතිව කඩිමුඩියේ ගමන් කරන්නේ ස්විස් තානාපති කාර්යාලය පිහිටි ආර්.ජී සේනානායක මාවතට බව මට පසක් විය. විනාඩි විස්සක පමණ ගමනකින් පසු අප සිටියේ ස්විස් තානාපති කාර්යාලය ඉදිරිපිට බව පැරණි වලව් පන්නයේ විශාල නිවෙසෙන් මට තේරුම්ගත හැකිවිය. හෝම්ස් තාමත් කතාබහක් නැත. හෝම්ස් විටෙක තානාපති කාර්යාලය දෙසත් විටෙක පාර දෙපසත් බලමින් කිසියම් සමීකරණයක් විසඳන්නට උත්සාහ දරණු පෙනේ. මාර්ගය දෙපස ඇති ගස්වල කොළ ද නිරීක්ෂණය කරයි. පැය බාගයකට පමණ පසු හෝම්ස් කටහඬ අවදි කළේ ජයග්‍රාහී ස්වරයෙනි.
" වොට්සන් අපි යමු"
හෝම්ස් සොයාගත්තේ කුමක්දැයි මට නොවැටහුණත් ඔහු යමක් සොයාගෙන ඇති බව පැහැදිලිය.
" වොට්සන්, මේ තානාපති කාර්යාලයේ වැඩකරපු ශ්රියාලතාව පැහැරගත්ත පිරිසකුත් නැත්නම්, CCTV දර්ශනත් නැත්තම්, අතවරයක් වෙලත් නැත්නම්, කටට දීපූ පිස්තෝලේ හොයාගන්නත් නැත්නම්, ඒත් පැහැරගත් තැනැත්තිය ඉන්නෙත් බිය වෙලානම් එකක් පැහැදිලියි ! වොට්සන් දන්නවද? තානාපති කාර්යාලයේ ඉස්සරහා තිබුණ කොට්ටම්බා ගහේ කොළවල අධි විකිරණශීලි මූලදව්ය තැවරිලා තිබුණා. අධෝරක්ත කිරණ කඳම්භයක් හරහා පැමිණි පිටසක්වල යානයකින් පැමිණි පිරිසක් තමයි මේ පැහැරගැනීම කරලා තියෙන්නේ. ඒක නිසා CCTV දර්ශන වගේ පරිවේෂණීය සාක්ෂි මේ සිද්ධියට අදාළව හොයාගන්න බෑ. මේක පිටසක්වල ජීවින් පිරිසක් මුල්වෙලා හොඳට සැලසුම් සහගතව කරපු කරපු පැහැරගැනීමක්. හැබැයි මේකෙදී පිටසක්වල ජීවින්ටත් වැරදුනා වොට්සන්...ඒගොල්ලෝත් හිතුවේ ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් කියලා නම තියෙන කොට ශ්‍රියාලතාත් ස්විස් කාන්තාවක් කියලා. ඒක තමයි ඇයව මගදි ඇතෑරලා යන්නත් හේතුව. "
" විශිෂ්ටයි හෝම්ස්...අති විශිෂ්ටයි !" මට මෙවැනි විශිෂ්ටයෙකු ඇසුරු කරන්නට ලැබීම ද මහත් භාග්‍යයක් සේ දැනේ.
" ඒත් හෝම්ස් පිටසක්වල ජීවින්ට මේ වගේ පැහැරගැනීමක් කරන්න තියෙන උවමනාව මොකක්ද? " මම ඇසුවෙමි.
" මොන පිටසක්වල ජීවියද ස්විට්සර්ලන්තයට වීසා ගන්න අකමැති වොට්සන්?"
" ටැක්සි..." මම ටැක්සිකට අත දැමූවෙමි.
================
සොනාල ගුණවර්ධන
උපුටාගැනීමකි
පාලමේ අභිරහස මෙතැනින්
------ Post added on Jul 15, 2023 at 1:42 PM