ශ්‍රිලනිපය කියන්නේ අතහැරල දාපු මී වදයක්
ශ්‍රිලනිපය කියන්නේ අතහැරල දාපු මී වදයක්
කිරුළපන මැයි රැළියෙන් පස්සේ මහින්දගේ ශ්‍රිලනිපයත් මෛත්රීපාලගේ ශ්‍රිලනිපයත් තම තමන්ගේ අනන්‍යතාවයන් සලකුණු කර ගනීවි. ඊට පස්සේ තවදුරටත් එක් දේශපාලන ව්‍යාපාරයක් විදියට යන්න පුළුවන් වෙයි ද කියන එක බරපතළ ප්‍රශ්නයක්. දැනටත් එහෙම නැහැ තමයි. නමුත් ඒක නිල වශයෙන් ම වෙන්න පුළුවන්. කොහොමත් මෛත්රීපලගේ ශ්‍රිලනිපය දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි. ඒක දේශපාලන බලය මත ක්‍රියාත්මක වෙන ගණුදෙනුවක් විතරයි. ගණුදෙනුවක් ඒක ඉවර වුනාට පස්සේ පවතින්නේ නැහැ. පවතින්න හේතු නැහැ. ශ්‍රි ලංකා කාරයින්ට මහින්ද එක්ක තියෙන්නෙ ගණුදෙනුවක් නෙමෙයි. ඒකයි පැරදුනත් ඔවුන් මහින්ද හැර නොගියේ. අනික ජනපතිවරණයේ දී කිසිවෙක් මහින්ද සමග නොමනාප ව මෛත්‍රීපාල තෝරගත්ත නම් ඒ හැම දෙනාම අද මහින්ද ගාවට ඇවිත්. යමෙක් මහින්ද ව අත හැරියේ මෛත්‍රීපාලට තිබෙන විශේෂ ආදරයක් හින්දා නෙමෙයි, මහින්දට නොහැකි වූ යමක් මෛත්‍රීපාලගෙන් කරගන්න. දැන් මෙහෙම හිතපු අයට වුනේ තමන් ආදරය කරපු රට හදපු මහින්ද නැතිකර ගැනීම විතරයි කියන සිතුවිල්ලේ ඉන්නේ. ඒ කියන්නේ මුළු ශ්‍රිලනිපය ම තියෙන්නෙ මහින්ද ගාව. එහෙම බැලුවාම මෛත්රීපාලගේ ශ්‍රිලනිපය දැන් නිකං අතහැරල දාපු මී වදයක් වගේ. වදේ පේන්න තියෙනවා. මැස්සො නැහැ. අතහැරපු මී වදයක් ආපහු ගොඩගන්නත් බැරි එකේ රජා සිටින තැන මීය අළුතෙන් ම හැදෙයි. දේශපාලනයට වුනත් ස්වභාව ධර්මයට පිටු පාන්න බැහැ.
Mahinda Pathirana