ශ්‍රිලනිපය කියන්නේ අතහැරල දාපු මී වදයක්

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ශ්‍රිලනිපය කියන්නේ අතහැරල දාපු මී වදයක්

    13015480_10208087568799658_3152796915249487706_n.jpg

    ශ්‍රිලනිපය කියන්නේ අතහැරල දාපු මී වදයක්
    කිරුළපන මැයි රැළියෙන් පස්සේ මහින්දගේ ශ්‍රිලනිපයත් මෛත්‍රීපාලගේ ශ්‍රිලනිපයත් තම තමන්ගේ අනන්‍යතාවයන් සලකුණු කර ගනීවි. ඊට පස්සේ තවදුරටත් එක් දේශපාලන ව්‍යාපාරයක් විදියට යන්න පුළුවන් වෙයි ද කියන එක බරපතළ ප්‍රශ්නයක්. දැනටත් එහෙම නැහැ තමයි. නමුත් ඒක නිල වශයෙන් ම වෙන්න පුළුවන්. කොහොමත් මෛත්‍රීපලගේ ශ්‍රිලනිපය දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි. ඒක දේශපාලන බලය මත ක්‍රියාත්මක වෙන ගණුදෙනුවක් විතරයි. ගණුදෙනුවක් ඒක ඉවර වුනාට පස්සේ පවතින්නේ නැහැ. පවතින්න හේතු නැහැ. ශ්‍රි ලංකා කාරයින්ට මහින්ද එක්ක තියෙන්නෙ ගණුදෙනුවක් නෙමෙයි. ඒකයි පැරදුනත් ඔවුන් මහින්ද හැර නොගියේ. අනික ජනපතිවරණයේ දී කිසිවෙක් මහින්ද සමග නොමනාප ව මෛත්‍රීපාල තෝරගත්ත නම් ඒ හැම දෙනාම අද මහින්ද ගාවට ඇවිත්. යමෙක් මහින්ද ව අත හැරියේ මෛත්‍රීපාලට තිබෙන විශේෂ ආදරයක් හින්දා නෙමෙයි, මහින්දට නොහැකි වූ යමක් මෛත්‍රීපාලගෙන් කරගන්න. දැන් මෙහෙම හිතපු අයට වුනේ තමන් ආදරය කරපු රට හදපු මහින්ද නැතිකර ගැනීම විතරයි කියන සිතුවිල්ලේ ඉන්නේ. ඒ කියන්නේ මුළු ශ්‍රිලනිපය ම තියෙන්නෙ මහින්ද ගාව. එහෙම බැලුවාම මෛත්‍රීපාලගේ ශ්‍රිලනිපය දැන් නිකං අතහැරල දාපු මී වදයක් වගේ. වදේ පේන්න තියෙනවා. මැස්සො නැහැ. අතහැරපු මී වදයක් ආපහු ගොඩගන්නත් බැරි එකේ රජා සිටින තැන මීය අළුතෙන් ම හැදෙයි. දේශපාලනයට වුනත් ස්වභාව ධර්මයට පිටු පාන්න බැහැ.

    Mahinda Pathirana
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මට පරණ සින්දුවක් මතක් උනා...
    ළිදෙන් වතුර බීලා..
    එයින් වතුර නාලා..
    ළිඳට ගල් ගසාලා..
    වතුර බොර කරයි මිනිසා..
    වතුර බොර කරයි මිනිසා
    ගඟට ආවඩයි..

    ගහේ වැල එතීලා යාවී හැදී..
    පසුව මිලින වීලා සාරේ අදී..
    කාලා බීලා නිදලා කාලේ ගෙවයි..
    කාපු තැනද වනසා මිනිසා දුවයි..

    ළිදෙන් වතුර බීලා...

    ඉණිමන් තබාලා නැගීලා බලයි..
    එයට පහර දීලා කඩාලා දමයි..
    අතීතේ නසාලා දිනුවා සිතයි..
    තිබූ තැනද නැතිවී පරාදේ වැටේ..
     
    • Like
    Reactions: ransing

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,666
    949
    113
    Australia
    ඔය මොන දේ වුනත් අන්තිමේදි වෙන්නෙ මෛත්‍රී, රනිල්, මහින්ද සියලු දෙනාටම පාර්ලිමේන්තුවේ ඉන්න අවස්ථාවාදී බහුතරය ගහන පදේට නටන්න තමයි.
    ලංකාවෙ අද දේශපාලන පක්ෂ කියන්නෙ තනිකරම අච්චාරු හැලියක්. වාසි පැත්තට ඇදෙන කාන්දමක්.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේකේ මම දාපු කමෙන්ට් එකට එකෙක්ට ගොඩක් රිදිල... කුණුහරුපත් කියල මගේ රෙපුත් කපල....
    ඌට තියන්න තියෙන්නෙ... ආයෙමමත් ඒ සින්දුවම තමයි....
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මේකේ මම දාපු කමෙන්ට් එකට එකෙක්ට ගොඩක් රිදිල... කුණුහරුපත් කියල මගේ රෙපුත් කපල....
    ඌට තියන්න තියෙන්නෙ... ආයෙමමත් ඒ සින්දුවම තමයි....
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    ඔය මොන දේ වුනත් අන්තිමේදි වෙන්නෙ මෛත්‍රී, රනිල්, මහින්ද සියලු දෙනාටම පාර්ලිමේන්තුවේ ඉන්න අවස්ථාවාදී බහුතරය ගහන පදේට නටන්න තමයි.
    ලංකාවෙ අද දේශපාලන පක්ෂ කියන්නෙ තනිකරම අච්චාරු හැලියක්. වාසි පැත්තට ඇදෙන කාන්දමක්.

    :yes::(
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    විධායක බලය අතේ තියනකම් මෛත්‍රි ශක්තිමත්. මෛත්‍රිගේ මැයි රැළියට ආපු නැති අයගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරයි. ඊට පස්සේ වෙන කට්ටියක් පාර්ලිමේන්තුවට පත් කරයි.
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    විධායක බලය අතේ තියනකම් මෛත්‍රි ශක්තිමත්. මෛත්‍රිගේ මැයි රැළියට ආපු නැති අයගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරයි. ඊට පස්සේ වෙන කට්ටියක් පාර්ලිමේන්තුවට පත් කරයි.
    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::angry:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    විධායක බලය අතේ තියනකම් මෛත්‍රි ශක්තිමත්. මෛත්‍රිගේ මැයි රැළියට ආපු නැති අයගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරයි. ඊට පස්සේ වෙන කට්ටියක් පාර්ලිමේන්තුවට පත් කරයි.
    :yes: