ශ්‍රි ලංකාවේ සාර්ථකම ව්‍යාපාරිකයින්

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ශ්‍රි ලංකාවේ සාර්ථකම ව්‍යාපාරිකයින්

    මහපොළොවෙන් සිටුමැදුරට – ගමෙන් බිහිවූ ලංකාවේ සාර්ථකම ව්‍යාපාරිකයින් 5 දෙනෙක්

    1. වික්ටර් හෙට්ටිගොඩ – සිද්ධාලේප සමුහ ව්‍යාපාර

    wwHWI75.jpg

    1937 දී ඉමදුවේ කනංකේ නම් ගමේ ඉපදිලා මාතර රාහුලයෙන් අධ්‍යාපනය ලබපු හෙට්ටිගොඩ මහත්මයා ව්‍යාපාරයක් විදියට සිද්ධාලේප නිෂ්පාදනය කරන්නට පටන් ගත්තේ 1971දීයි. පාරම්පරික ආයුර්වේද වෙදමහත්මයෙක් ගේ පුතෙක් වුන හෙට්ටිගොඩ මහත්මයා තම පියාගෙන් ලැබුණ බෙහෙත් වට්ටෝරුවකින් තමයි සිද්ධාලේප නිපදවනවා යයි පැවසෙන්නේ. වාර්තමානය වන විට සේවකයින් 1500ක් සේවය කරන සමාගම් 11ක් සහ රටවල් 40කට අධික ප්‍රමාණයක පැතුරුණු නිෂ්පාදන ජාලයක් ඔහු සතුයි. මේ සමාගම් 11 අතර රෝහල්, හෝටල්, බෙහෙත් නිෂ්පාදන, සහ අපනයන හැසිරවීම් කරන සමාගම් ඇතුලත්.

    2. හේමචන්ද්‍ර වෑගපිටිය – ලාෆ්ස් සමුහ ව්‍යාපාර

    3zehIwb.jpg

    2500කට වඩා වැඩි සේවක මණ්ඩලයක් සහ 15කට අධික සමාගම් ප්‍රමාණයක් හිමි ලාෆ්ස් ව්‍යාපාරයේ හිමිකරු වන වෑගපිටිය මහතා නොපසුබසින උත්සාහය ගැන දක්වන්නට පුළුවන් හොඳම උදාහරණයක් කියලා කියන්නට පුළුවන්. බලන්ගොඩටත් කිලෝමීටර් 7ක් ඈතින් පිහිටි වෑගපිටිය ගමේ, දරුවන් නව දෙනෙක් ගෙන් යුතු පවුලක බාලයා වී ඉපදී මොරහැළ බන්ඩාරනායක විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා විශ්ව විද්‍යාලයට තේරීපත් වන්නට වාසනාවන්ත වුනා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු පළමු රැකියාව කලේ නැව් සංස්ථාවේ පුහුණු සේවකයෙකු ලෙස දවසකට රුපියල් 20ක පඩියකට යි. කෙමෙන් සිය කුසලතා වර්ධනය කරගනිමින් ලංකාවේ බලශක්ති ව්‍යාපාරයට ඇත ගැසු ඔහු අද පුද්ගලික අංශයෙන් බලශක්ති ව්‍යාපාරයට සම්බන්ධව සිටින ප්‍රධානතම සමාගමේ සාඩම්බර හිමිකරුවායි.

    මීට අමතරව ලාෆ්ස් සමාගමේ නාමය පිටුපස අපුරු රහසක් සැඟවී පවතිනවා. ඔහු ව්‍යාපාරයට අත ගැසූ මුල් කාලයේ ඔහුට මෙවැනි ව්‍යාපාර හසුරවන්නට නොහැකියි කියා ඔහුගේ තරඟකරුවන් උපහාසයෙන් සිනාසී තිබෙනවා. බොහෝ අයගේ බලාපොරොත්තුවක් වී ඇත්තේ වෑගපිටියගේ බලශක්ති සමාගම් සිහිනය, සිහිනයක්ම වේවි කියලයි. එහෙත් තරඟකරුවන්ගේ ඇස් පනාපිටම ලාෆ්ස් සමාගම වැඩෙන්නට වුයේ මහා ගසක් පරිද්දෙන්. වර්තමානයේ ලාෆ්ස් සමාගමේ 2014/2015 මුල්‍ය වර්ෂයේ ආදායම රුපියල් බිලියන 11.5ක් වීමම ඔහු ලබා ඇති සාර්ථකත්වයට නිදසුනක්.

    3. ආරියසීල ද සිල්වා වික්‍රමනායක – මාස්ටර් ඩයිවර්ස් සමාගම සහ මවුබිම ලංකා පදනම

    GXWPZjX.jpg

    ගාල්ලේ බද්දේගම ඉපිද ලක් පොළොව ජයගත් කිහිපදෙනාගෙන් එක් අයෙක් වන ආරියසීල මහත්මයාගේ මුල්ම ව්‍යාපාරයේ සේවය කලේ සේවකයින් දෙදෙන්. ඔවුන් ගෙන් ඒක අයෙක් තමා ආරියසීල මහත්මයා. ඔහු ළඟ වර්තමානයේ සේවය කරන ප්‍රමාණය සේවකයින් 10000කට අධිකයි. සියලුම නාවික අවශ්‍යතා සිදුකරන ලංකාවේ එකම පුද්ගලික සමාගමේ හිමිකරු වන ආරියසීල මහතා වර්තමානය වන විට ලංකාවේ සිටින පළපුරුදු කිමිදුම් කරුවන් කිහිපදෙනාගෙන් කෙනෙක් බව කිසිවෙකු නොදන්නා තරම්. පැලවත්ත සීනි කර්මාන්ත ශාලාව වර්තමානය වන විට ඔහු සතුයි.

    4. එච්. කේ. ධර්මදාස – නවලෝක සමුහ ව්‍යාපාර

    BEnP5bN.jpg

    මාතර සුල්තානාගොඩ ඉපිද නවලෝකයෙන් ව්‍යාපාරික ලොව ජයගත් ධර්මදාස මහත්මයා, සිය ව්‍යාපාරික ජීවතය පටන් ගත්තේ කොන්ත්‍රාත් කරුවන්ට අවශ්‍ය භාණ්ඩ සැපයීමෙන්. නවලෝක ලීමෝල, රෝහල සහ අනුබද්ධ සමාගම් 20ක හිමිකරුවෙක් වුනත් ඔහු දානපතියෙක් ලෙසයි වඩා ප්‍රසිද්ධ. 2011 අගෝස්තු 10 වෙනිදා මෙලොවින් සමුගත්තත් ඔහුගෙන් වූ සේවය අපට තවමත් ධර්මදාස නොඑසේනම් නවලෝක මුදලාලි කියන නම මතක් කරවනවා.

    5. දයා ගමගේ – දයා සමුහ ව්‍යාපාර

    oec6L5R.jpg

    තිරාණගම දරුවන් 6 දෙනෙකුගෙන් යුත් පවුලක 5 වැනියා ලෙස උපත ලැබූ දයා ගමගේ මහතා, සිය ව්‍යාපාර අරඹන්නේ ඔහුගේ පාසල් කාලයේදී ම වූ හදිසියේ වූ සිය පියාගේ අභාවයෙන් පසුවයි. හිමිවීම් වලට වඩා අහිමිවීම් වැඩි ජීවිතයක උරුමකරුවෙක් වූ දයා ගමගේ මහතා අද වනවිට වල් වැදී තිබු තමන්ගේ පාරම්පරික දේපල සහ සිය මහන්සියෙන් උපයාගත් ධනයෙන් ගොඩ නැගු සිය සමුහ ව්‍යාපාරය තැනී ඇත්තේ 20කට අධික සමාගම් ප්‍රමාණයක් එකට එකතුවීමෙන්. මේ සමාගම් අතර ගුවන් සේවා, ඇඟලුම් කම්හල්, කොන්ත්‍රාත් සමාගම් වැනි විශාල පරාසයක් පැතිරුණුව්‍යාපාර ජාලයක හිමිකරු වන දයා ගමගේ වර්තමානයේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය ධුරය හොබවනවා

    http://www.aniwa.lk/2016/01/24/5-sri-lankan-entrepreneurs-who-emerged-from-the-village/
     
    Last edited:
    • Like
    Reactions: Wild Cat and D_Mad

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,172
    1,303
    113
    ගඟ ළඟ
    5. දයා ගමගේ – දයා සමුහ ව්‍යාපාර

    oec6L5R.jpg

    තිරාණගම දරුවන් 6 දෙනෙකුගෙන් යුත් පවුලක 5 වැනියා ලෙස උපත ලැබූ දයා ගමගේ මහතා, සිය ව්‍යාපාර අරඹන්නේ ඔහුගේ පාසල් කාලයේදී ම වූ හදිසියේ වූ සිය පියාගේ අභාවයෙන් පසුවයි. හිමිවීම් වලට වඩා අහිමිවීම් වැඩි ජීවිතයක උරුමකරුවෙක් වූ දයා ගමගේ මහතා අද වනවිට වල් වැදී තිබු තමන්ගේ පාරම්පරික දේපල සහ සිය මහන්සියෙන් උපයාගත් ධනයෙන් ගොඩ නැගු සිය සමුහ ව්‍යාපාරය තැනී ඇත්තේ 20කට අධික සමාගම් ප්‍රමාණයක් එකට එකතුවීමෙන්. මේ සමාගම් අතර ගුවන් සේවා, ඇඟලුම් කම්හල්, කොන්ත්‍රාත් සමාගම් වැනි විශාල පරාසයක් පැතිරුණුව්‍යාපාර ජාලයක හිමිකරු වන දයා ගමගේ වර්තමානයේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය ධුරය හොබවනවා

    දයා ගමගේ ලබපු ලොකුම ලබය තමයි සෙවනගල සිනි කර්මාන්ත ශාලව මිලදී ගැනීම 2002
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ආරියසීල ද සිල්වා වික්‍රමනායක - මෙතුමා වික්ටොරියා ඩෑම් එකේ අඩි 350ක් යටට කිමිදුනා ඩෑම් එක හදිසි අවස්තාවකදිඅනතුරකට පත් වෙන්න ගියාම. තමන්ගේ එක් කුස උපන් සහොදරයා තමයි වයර් එක අල්ලගෙන ඉදියේ මෙතුමා ඒ කාර්යය කරනකන්. ප්‍රොජෙක්ට් එකෙ සුද්දො මෙතුමගෙ දක්ශ කම් ගැන පුදුම උණා.
    මෙතුමගේ ජිවිත කතාව ඇහුවොත් පිස්සු හැදෙනවා...:yes:
    ලංකාවේ ඉදපු හොදම කිමිදුම කාරයා මෙතුමා...:yes::yes:

    දයා ගමගෙල පොලිටික්ස් ගේම් තමා ඉතින් :no:
     
    ow mchn man, ratata sahenna deyak karapu minihek.....

    daya gamage gana nam danne na bn, miniha business karala neda politics valata basse ?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Arpiko owner-------Sena Yakdehigama, Engineer ,innovator,had patent for a valuable part of a vehicle Engine.He got profit share of selling vehicle where ever the world.He is from Galle.
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ආරියසීල ද සිල්වා වික්‍රමනායක - මෙතුමා වික්ටොරියා ඩෑම් එකේ අඩි 350ක් යටට කිමිදුනා ඩෑම් එක හදිසි අවස්තාවකදිඅනතුරකට පත් වෙන්න ගියාම. තමන්ගේ එක් කුස උපන් සහොදරයා තමයි වයර් එක අල්ලගෙන ඉදියේ මෙතුමා ඒ කාර්යය කරනකන්. ප්‍රොජෙක්ට් එකෙ සුද්දො මෙතුමගෙ දක්ශ කම් ගැන පුදුම උණා.
    මෙතුමගේ ජිවිත කතාව ඇහුවොත් පිස්සු හැදෙනවා...:yes:
    ලංකාවේ ඉදපු හොදම කිමිදුම කාරයා මෙතුමා...:yes::yes:

    දයා ගමගෙල පොලිටික්ස් ගේම් තමා ඉතින් :no:
    :yes::yes::yes: