මෙහෙමයි මචන්, ඔය ප්රාන්ත සන්කල්පේ තමයි ඊලමට තිබිරිගෙය. නැවක් ඉල්ලුවහම බොට්ටුවක් දෙන නියාය දැන් මිනිස්සු දන්නවා. ඒ හින්දා බොට්ටු ඔනා උනාම ඉල්ලන්නේ නැව. මගේ මතේ දෙමල සන්දානෙට වඩා වෙනස්. මොකද මට මතක ඇති කලේ මම ජීවත් උනේ වැල්ලවත්තේ. සින්හල මිනිස්සු කඩ ගිනි තිබ්බට, අප්ප මැරුවට, අම්මයි අක්කයි අන්තිමට රෙෆුජී ගන්නකන් ජතීවදී සින්හල උන්ගෙන් බේරගෙන උන්නෙත් සින්හල මනුස්සයෙක්.. ඒ නිසා සින්හල මිනිස්සු එක්ක යාපනේ වේවා, වැල්ලවත්තේ වෙවා, මාතර ගාල්ල වෙවා එකට ජීවත් වීමේ මට ගැටලුවක් නැ. කුකුල් කොටුවට, ඌරු කොටුවට ගාල් කරනවා වගේ ප්රාන්තවලට කොටු වෙලා, සින්හලයා එහේ අපි මෙහේ, මේක අපේ සයිඩ් එක කියන තැනට මම විරුද්දයි. සින්හල මිනිහට තියෙන්න ඔනේ යාපනේ ජීවත් වීමේ අයිතිය. දෙමල එකාට තියෙන්න ඔනේ ගාල්ලේ ජීවත් වීමේ අයිතිය. මුස්ලිම් සම්බන්දව මම කියන්නේ නැ මොකද ඒක වෙනම අවුලක්..