ශ්‍රී දළදා පෙරහරේ වගකීමට උරදී සිටින සද්ද&#3505

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ශ්‍රී දළදා පෙරහරේ වගකීමට උරදී සිටින සද්ද&#3505

    මෙවර ඇසල පෙරහර මංගල්‍යය උදෙසා නැකත් ප්‍රකාශයට පත්කළ දිනයේ සිට පෙරහර සංවිධායකයින් ඉදිරියේ මතු වූ ප්‍රධානම ගැටලුව වුයේ රුහුණු මහා කතරගම දේවාලයේ පෙරහර මහනුවර පෙරහර යෙදී ඇති දිනවලටම යෙදී තිබීමයි. මේ හේතුවෙන් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර කරඩුව වැඩමවීමට සුදුසුකම් සපුරා ඇති ප්‍රධානතම හස්තියෙකු වන රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා හස්තියා මහනුවර පෙරහර සහභාගී කරවා ගැනීමට නොහැක. ඒ වාසනාට කතරගම පෙරහර මංගල්‍යයේ රාජකාරි පැවරී තිබීමයි. නැදුම්ගමුව රාජා හස්තියා අවසාන රන්දෝලි පෙරහර හා බොහෝ විට තවත් පෙරහර එකක් හෝ දෙකක් පමණක් පෙරහර කරඩුව වැඩමවද්දී අනෙක් පෙරහර බොහොමයකට පෙරහර කරඩුව වැඩම වීම මෙන්ම නැදුන්ගමුව රාජා සමග දෑලේ ඇතෙකු ලෙසද වාසනා භාවිතා කරයි.

    ගැටලුව තවත් තීවුර කරමින් නැදුන්ගමුව රාජා හස්තියා අනපේක්‍ෂිත ලෙස මදකිපිමට ලක්වී ඇත මේ හේතුවෙන් නැදුන්ගමුව රාජා ඇසල පෙරහර මංගල්‍යයට සහභාගී නොවනු ඇත. මේ ආකාරයට මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ කරඩුව වැඩමවීමට සුදුසු ජේෂ්ඨ ඇතුන් සිව්දෙනාගෙන් දෙදෙනෙක්ම අහිමි වී ඇත.

    පවතින තත්වය යටතේ පෙරහර කරඩුව වැඩමවීම ඉතිරි ජේෂ්ඨ ඇතුන් දෙදෙනා වන මිල්ලන්ගොඩ ජයන්ති හස්තියා සහ ශ්‍රී දළදා මාලිගාවේ ඉන්දි රාජා වෙත සහ පෙරහර කරඩුව වැඩමවා වසර කිහිපයක පළපුරුද්ද ඇති ශ්‍රී දළදා මාලිගාවේ සිංහ රාජා මෙන්ම ගිය වසරේ පළමු වතාවට පෙරහර කරඩුව වැඩමවූ ශ්‍රී දළදා මාලිගාවේ බුරුම රාජා වෙත පැවරී ඇත. මේ එම ඇතුන් සිව් දෙනා පළිබද කෙටි සටහනකි.

    මිල්ලන්ගොඩ ජයන්ති
    20246352_1919088561680971_7365366481377402625_n.jpg

    එස් ආර් මිල්ලන්ගොඩ මහතාට අයත් මිල්ලන්ගොඩ පොඩි රාජා නැත්නම් ජයන්ති පෙරහර කරඩුව වැඩමවීමට සුදුසුකම් ඇති ජේෂ්ඨ හස්තීන් සිව්දෙනාගෙන් එක් හස්තියෙකි. දැනට වයස අවුරුදු 55ක් පමණ වන මෙම හස්තියා 2500 වන සම්බුද්ධ ජයන්ති උත්සවය පැවති වසරේ මිල්ලන්ගොඩ වලව්වට රැගෙන එම හේතුවෙන් ජයන්ති ලෙස නම් කරනු ලැබ ඇත. පසුගිය වසරේද පෙරහර කරඩුව වැඩමවීමට දායක වූ ජයන්ති මෙවරද ඇසල පෙරහර මංගල්‍යයේ වැඩි වගකීමක් දරනු ඇති බව අපගේ විශ්වාසයයි.

    ඉන්දි රාජා
    20264951_1919087241681103_5596179308660766537_n.jpg

    ඉන්දියාවේ අලි ඇතුන් පිළිබද මධස්තනයකදී උපත ලද ඉන්දි රාජා හස්තියා ගේ මුල් නම වන්නේ බෂීර් ය, ඉන්දියාවේ හිටපු අගමැති දිවංගත රජිව් ගාන්ධි මැතිතුමාගේ උපදෙස් පරිදි ශ්‍රී දළදා මාලිගාවට පරිත්‍යාග කරන ලද මෙම හස්තියා තරුණ වයසේදීම පෙරහර කරඩුව වැඩමවීම සදහා සුදුසුකම් ලැබුවෙකි. මාලිගාවේ රාජා හස්තියාගේ ගතිගුණ ප්‍රකට කරන ඉන්දි රාජා කරඩුව වැඩමවන විට පාවඩ නොමැතිව ඉදිරියට ගමන් නොකරන බව ප්‍රකට කරුණකි. ශ්‍රී ලංකාවේ භාවිතා වන අලි භාෂාව, ඉන්දියාවේ අලි භාෂාව මෙන්ම සාමාන්‍ය සිංහල භාෂාවටද මෙම හස්තියා ප්‍රතිචාර දක්වයි. තරමක් සැර ගති ගුණ ඇති නමුත් පෙරහර රාජකාරියේදී ඉතාමත් සන්සුන්ව කටයුතු කරන බව 2013 වර්ෂයේ පෙරහර කරඩුව වැඩමවද්දී දෑලේ ඇතෙකු කරනලද පහර දීමට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සන්සුන්ව සිටීමෙන් ප්‍රකට කරන ලදී. ඉන්දි රාජා මෑතකදී තරමක අසනීප තත්වයකින් පසු වුවත් මේ වන විට සතුටුදායක ලෙස සුවය ලබමින් සිටි එමෙන්ම බොහෝදුරට මෙවර ඇසල පෙරහර මංගල්‍යයේ අවසාන රන්දෝලි පෙරහරේ පෙරහර කරඩුව වැඩම වීම ඉන්දි රාජා සිදු කරනු ඇත.

    සිංහ රාජා
    20264869_1919087228347771_177288209005214844_n.jpg

    ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්තියට අයත් සිංහ රාජා හස්තියා වසර කිහිපයකම පෙරහර කරඩුව වැඩමවා පළපුරුදු හස්තියෙකි. පසුගිය යුද සමයේ කුඩා ඇත් පැටවකු ලෙස යුධ අවදානම් පැවති කැලෑ ප්‍රදේශයක අතරමංව සිටියදී ශ්‍රී ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ භට පිරිසකට හමු මෙම හස්තියා සිංහ රෙජිමේන්තුවේ භටයන් විසින් සිංහ රාජා ලෙස නම් කරන ලදී. ඉතාමත් කීකරු හස්තියෙකු වන මෙම හස්තියා ඕනෑම අවස්ථාවක පෙරහර කරඩුව වැඩමවීමට යොදා ගත හැකි හස්තියෙකු බවට විශ්වාසය දිනාගෙන ඇත. පසුගියදා අවාසනාවන්ත ලෙස අප අතරින් වියෝ වූ නෙලමේ නැත්නම් එක දන්ත හස්තියා ගේ ඉතාමත් කුළුපග සගයා වූ සිංහ රාජා වෙත එකදන්ත ගෙන් පුරප්පාඩු වූ දවල් පෙරහර රාජකාරිය මෙවර පැවරෙනු ඇත.

    බුරුම රාජා
    20374266_1919087255014435_20048034051864174_n.jpg

    මියන්මාර රජයෙන් ශ්‍රී දළදා මාලිගාවට පරිත්‍යාග කරන ලද ඇතුන් දෙදෙනාගෙන් එක් ඇතෙකු වන බුරුම රාජා හස්තියා පසුගිය වසරේ පළමු වරට පෙරහර කරඩුව වැඩමවීමේ භාග්‍ය උදා කරගන්නා ලදී. කළු ඇතා යන සුරතල් නාමයෙන් හදුන්වන මෙම හස්තියා තවමත් ඉතා තරුණ වයසක පසුවන්නෙකි. සිය සහෝදර හස්තියා වන මියන් රාජා හස්තියා දැලේ ඇතෙකු ලෙසයොදා ගනිමින් බුරුම රාජා මෙවර පෙරහර කිහිපයකම පෙරහර කරඩුව වැඩමවීමට සිදු වන බව අපගේ බලාපොරොත්තුවයි.

    මිට අමතරව වෙනත් වසර වල මද කිපීම හේතුවෙන් පෙරහර සදහා යොදා ගැනීමට නොහැකි වන ශ්‍රී දළදා මාලිගාවට අයත් විජය රාජා නැතහොත් තායි ඇතා මෙන්ම ජන රාජා හෙවත් අරිට්ඨ හස්තියද මෙවර තවමත් මද කිපිමට ලක් වී නොමැති බැවින් බොහෝවිට පෙරහරට සහභාගී වනු ඇත.

    ඉදිරියේ ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර කරඩුව වැඩමවීමේ වගකීම භාරගැනීම උදෙසා රාජු, සින්දු, මියන් කුමාර, අභය රාජා, මිහින් රාජා, ඇතුළු ඇත්පැටවුන් සිටියත් මෙවර ඇති වූ ඇතුන්ගේ හිගය වැනි අවස්ථාවන් ඉදිරියේ ඇති නොවීමට රජයේ මැදිහත් වීමෙන් විදේශයකින් තරුණ හස්තීන් කිහිප දෙනෙකු ආනයනය කිරීම කාලින අවශ්‍යතාවයක් වී ඇත.
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හිටහන්කො හෙට දිහැ ෆොටො ටිකක් දාන්න. මලිගාව ලගට යන්න වෙලාවක් නැ. නැත්තම් මේ දවස්වල බඩු ඇති..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අලි ඇතුන් රැකගන්න ඕනා උන්ට දස්වදදෙන්වා කියන බල්ලියෝ ටික නැද්ද මේ පාර
    සමහරවිට දැන්ම ඉදන් කැමරා අම්පන්න ටික රෙඩි කරන ඇති
     
    • Like
    Reactions: DangerMan119

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අලි ඇතුන් රැකගන්න ඕනා උන්ට දස්වදදෙන්වා කියන බල්ලියෝ ටික නැද්ද මේ පාර
    සමහරවිට දැන්ම ඉදන් කැමරා අම්පන්න ටික රෙඩි කරන ඇති
    පෙරහැරෙන් හොදටම හම්බ කරන්නේ හම්බයො බන්. වටේම කඩවල් අයිති උන්ට පුටුවක් 10000යි-15000යි විකුනන්නේ. උබ කියන්නේ කැතම හෙවිල්ලක් හොයනවා බන්. ඊට පස්සේ බනිනවා අලි වද දෙනවා කියලා. එහෙම අලි කේස් එකක් න බන්. හැම අලියෙක්/ඇතෙක්ම පේරාදෙනියේ පශු එකේ උන් රෙකමන්ඩ් ෆිට්නස් බලලා තමා හැමදාම පෙරහැරේ යවන්නේ, අනිත් එක දම්වැල් දාලා තිබ්බට උන්ට ඒක ගානක් නැ මද කිපිල නැත්තම්. අපිට අතේ බ්‍රේස්ලට් එකක් වගේනේ බන් උන්ගේ ශරිරේ හැටියට.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,137
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සිංහ රාජා,මිල්ලන්ගොඩ ජයන්ති දෙන්නගෙ පෙනුම හොඳයි
    නැදුන්ගමුව රාජා නම් මාර පෙනුමක් තියෙන්නෙ(දේහ ලක්‍ෂණ) ගියපාර පෙරහැර ඉවර වෙලා ආය ඇතා ගමට යන වෙලාවෙ මම දැක්ක.

    colsri_0968_1-copy145940153_5783976_07072017_EMT.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සිංහ රාජා,මිල්ලන්ගොඩ ජයන්ති දෙන්නගෙ පෙනුම හොඳයි
    නැදුන්ගමුව රාජා නම් මාර පෙනුමක් තියෙන්නෙ(දේහ ලක්‍ෂණ) ගියපාර පෙරහැර ඉවර වෙලා ආය ඇතා ගමට යන වෙලාවෙ මම දැක්ක.

    colsri_0968_1-copy145940153_5783976_07072017_EMT.jpg

    මේපාර නැදුන්ගමුව රාජා ට අසනීපයිලු. ඉක්මන් සුවය පතමු මේ පිංවත් දැවැන්තයට.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,137
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේපාර නැදුන්ගමුව රාජා ට අසනීපයිලු. ඉක්මන් සුවය පතමු මේ පිංවත් දැවැන්තයට.

    :yes: ඇතා ලොරියක ගෙනල්ල අනතුරක් වෙයි කියල බයටලු පයින්ම යන එන එක කරන්නෙ මේ පාර පෙරහැරට එන්නෙ නැතිවෙයි වගේ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes: ඇතා ලොරියක ගෙනල්ල අනතුරක් වෙයි කියල බයටලු පයින්ම යන එන එක කරන්නෙ මේ පාර පෙරහැරට එන්නෙ නැතිවෙයි වගේ.
    උබ ගියාද මාලිගාව පැත්තේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මෙවර ඇසල පෙරහර මංගල්‍යය උදෙසා නැකත් ප්‍රකාශයට පත්කළ දිනයේ සිට පෙරහර සංවිධායකයින් ඉදිරියේ මතු වූ ප්‍රධානම ගැටලුව වුයේ රුහුණු මහා කතරගම දේවාලයේ පෙරහර මහනුවර පෙරහර යෙදී ඇති දිනවලටම යෙදී තිබීමයි. මේ හේතුවෙන් ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර කරඩුව වැඩමවීමට සුදුසුකම් සපුරා ඇති ප්‍රධානතම හස්තියෙකු වන රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා හස්තියා මහනුවර පෙරහර සහභාගී කරවා ගැනීමට නොහැක. ඒ වාසනාට කතරගම පෙරහර මංගල්‍යයේ රාජකාරි පැවරී තිබීමයි. නැදුම්ගමුව රාජා හස්තියා අවසාන රන්දෝලි පෙරහර හා බොහෝ විට තවත් පෙරහර එකක් හෝ දෙකක් පමණක් පෙරහර කරඩුව වැඩමවද්දී අනෙක් පෙරහර බොහොමයකට පෙරහර කරඩුව වැඩම වීම මෙන්ම නැදුන්ගමුව රාජා සමග දෑලේ ඇතෙකු ලෙසද වාසනා භාවිතා කරයි.

    බුදුන්ට වඩා දෙයියන් ලොකු වූ අරුමය