ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පැරැදවීම ඓතිහා&

Oct 27, 2010
1,996
200
0
Colombo 7
ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පැරැදවීම ඓතිහා&

IMG_7913.jpg.JPEG


ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පැරැදවීම ඓතිහාසිකයි. ‘ත්‍රස්තවාදය පරාජය කිරීමේ අත්දැකීම්’ සමුළුවේ දී ගෝඨාභය කියයි



* වසර 30ක් ත්‍රස්තවාදය ක්‍රියාත්මක වුණා

* ජනාධිපතිවරයකු ඝාතනය කළා

* හාමුදුරුවරු-ප්‍රභූවරු මරා දැම්මා

* ජනාධිපතිවරු 4ක් යුද්ධ කළා

* සාම සාකච්ඡා විටින් විට පැවැත්වුවා
 
Last edited:
Oct 27, 2010
1,996
200
0
Colombo 7
Gotabhaya_Rajapaksa_300.jpg

මානුෂීය මෙහෙයුමක් සිදු කරමින් ත්‍රස්තවාදය පරාකළ ලෝකයේ පළමු රට ශ්‍රී ලංකාව බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය පරාජයට පත් කිරීම ඓතිහාසික සිද්ධියක් බව ආරක්ෂක ලේකම්වරයා හඳුන්වයි.‘වසර තිහකට අධික කාලයක් ත්‍රස්තවාදය පැවතුණා. ජනාධිපතිවරුන් සිව් දෙනෙක් ත්‍රස්තවාදය විනාශ කිරීමට උත්සාහ ගත්තා. එල්. ටී. ටී. ඊ. ය සමග සාකච්ඡා කළා. සාම සාකච්ඡා වලට ගියා. එහෙත් ඒ කිසිවක් සාර්ථක නොවූ බව, රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

ත්‍රස්තවාදය පරාජය කිරීමේ ශ්‍රී ලංකාවේ අත්දැකීම් ලෝකයට බෙදා දීමට කොළඹ දී පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුව අමතමින් ආරක්ෂක ලේකම්වරයා එම අදහස් පළ කළේය. කොළඹ ගලධාරී හෝටලයේදී ආරම්භ වූ මෙම සමුළුව දින දෙකක් පැවැත්වේ. ජපානය, චීනය, රුසියාව, එංගලන්තය ඇතුªළු ලෝකයේ ප්‍රබල රටවල් 42 ක ආරක්ෂක අංශ නියෝජිතයෝ මෙම සමුළුවට සහභාගී වී සිටිති. ඒ රටවල හමුදාවල කර්නල් නිලයේ සිට හමුදාපති දක්වා තනතුරුවල වූ හමුදා නිලධාරීහුද ආරක්ෂක ප්‍රධානීහුද මෙයට සහභාගී වී සිටිති.

මෙහිදී ආරම්භක දේශනය කළ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එල්. ටී. ටී. ඊ. ය ගත වූ වසර තිහ තුළ ශ්‍රී ලංකාවේ සිදු කළ ඝාතන සිද්ධීන් රැසක් පිළිබඳ තොරතුරු හෙළි කළේය. එල්. ටී. ටී. ඊ. ය මෙරට එක් ජනාධිපතිවරයෙකු ඝාතනය කළා. කොටින්ට විරුද්ධ වූ දෙමළ නායකයන්, ඇමැතිවරුන්, ප්‍රභූවරුන්, බුද්ධිමතුන් සහ සාමාන්‍ය ජනතාවද ඝාතනය කළ බව රාජපක්ෂ මහතා කීය. කොටි ත්‍රස්තවාදීන් මෙරට කුඩා දරුවන්, ගැබිනි මවුවරුන්, සිවිල් වැසියන්, භික්ෂූන් වහන්සේලා ඇතුළු ආගමික නායකයන් සහ ප්‍රභූවරුන් ඝාතනය කළ බවත් ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානවලට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ බවත් ප්‍රකාශ කළේය.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ප්‍රහාර එල්ල කළා. එමෙන්ම රටේ ආර්ථික මර්මස්ථාන විනාශ කළා. ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදීන් බවට පත් වෙමින් ගුවන්, නාවුක, පාබල හමුදා පවත්වාගෙන ගිය එකම ත්‍රස්තවාදී කණ්ඩායම බවට එල්. ටී. ටී. ඊ. ය පත්වූ බවට ද ආරක්ෂක ලේකම්වරයා පැවැසුවේය. ආරක්ෂක ලේකම්වරයා මෙසේද කීය. 2006 දී මාවිල්ආරු සොරොව්ව වසා දමමින් ගොවීන්ට ජලය සැපයීම නතර කළා. එදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැගෙනහිර මානුෂීය මෙහෙයුම ඇරඹුවා. ඉතා කෙටි කලකදී අපි මානුෂීය මෙහෙයුම ජය ගත්තා. උතුරේත් මානුෂීය මෙහෙයුම දියත් කොට ජය ගත්තා.

අපේ ත්‍රිවිධ හමුදාව විශේෂ කැපකිරීම් සිදු කරමින් මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක වෙද්දී ජාත්‍යන්තර ප්‍රජාව හරහා දෙමළ ඩයස්පෝරාව එම මෙහෙයුම නවත්වාලීමට කටයුතු කළා. එහෙත් මේ සියල්ල ජයග්‍රහණය කළා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවැරදි දේශපාලන නායකත්වය ගැන ත්‍රිවිධ හමුදාව විශ්වාසය තැබුවා. එපමණක් නොව කොටි ග්‍රහණයේ සිටි දෙමළ වැසියන් ද ජනාධිපතිවරයා පිළිබඳ විශ්වාසය තැබුවා. අද ජාත්‍යන්තරව ත්‍රස්තවාදය ක්‍රියාත්මක වෙනවා. අප සියලු දෙනා එක්ව එය පරාජය කළ යුතුයි. ත්‍රස්තවාදයේ කුරිරු අත්දැකීම් ශ්‍රී ලංකාව සතු බව කී ආරක්ෂක ලේකම්වරයා ලෝකයේ කිසිම රටක් ත්‍රස්තවාදයට ගොදුරු නොවේවායි ප්‍රාර්ථනා කළේය.


http://dinamina.lk/2011/06/01/_art.asp?fn=n1106011
 

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    * හමුදාපතිව හිරේ දැම්ම කිව්වේ නැද්ද දන්නෑ:eek:
     
    • Like
    Reactions: WICKILEAKS
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    නිවැරැදි නායකත්වය-මෙහෙයවීම ත්‍රස්තවාදය &

    නිවැරැදි නායකත්වය-මෙහෙයවීම ත්‍රස්තවාදය පරාජය කළා

    මානුෂික මෙහෙයුමට නායකත්වය දුන් සේනාංකාධිපතිවරු පවසති


    නිවැරැදි දේශපාලන නායකත්වය සහ නිවැරැදි මෙහෙයවීම ත්‍රිවිධ හමුදාවට ලැබීමෙන් කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකි බව ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය මෙහෙය වූ සේනාංකාධිපතිවරු ප්‍රකාශ කරති.

    ත්‍රිවිධ හමුදාවට ඍජු තීරණ ගැනීම මෙන්ම මුළු රටම එකම ලෙස එක්වී යුද්ධ පරාජය කිරීමට පවුරක් තනාදීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හැකි වූ බවද ඔවුහු පෙන්වා දුන්හ.

    “ත්‍රස්තවාදය පරාජය කිරීම ගැන ශ්‍රී ලංකාවේ අත්දැකීම් ලෝකයාට බෙදාදීමේ කොළඹ සමුළුවට පැමිණ සිටින ලෝකයේ රටවල් 41ක ආරක්ෂක අංශ ප්‍රධානීන්ට යුද හමුදා නිලධාරීන් මේ කරුණු ඊයේ (01) අවධාරණය කළහ.

    මේජර් ජනරාල් නන්දන උඩවත්ත මේජර් ජනරාල් ජගත් ඩයස්, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, මේජර් ජනරාල් චාගි ගාල්ලගේ, මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා, බ්‍රිගේඩියර් නිශාන්ත වන්නිආරච්චි, බ්‍රිගේඩියර් ජී. ආර්. රවිප්‍රිය, බ්‍රිගේඩියර් වික්‍රමරත්න, බ්‍රිගේඩියර් සත්‍යප්‍රිය ලියනගේ, බ්‍රිගේඩියර් රාජපතිරණ, බ්‍රිගේඩියර් ජී. ආර්. රවිප්‍රිය යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සම්මන්ත්‍රණයේදී අදහස් පළ කළහ.

    කොළඹ ගලදාරි හෝටලයේ පැවැත්වෙන මේ සම්මන්ත්‍රණයේ දෙවැනි දිනය ඊයේ (01) වූ අතර එහිදී යුද හමුදා ප්‍රධානීන් යුද්ධයේ අත්දැකීම් විස්තර කළහ.

    යුද්ධය පැවැති සමයේදී 58, 57, 59, 53, 55 සේනාංක මෙහෙය වූ සේනාධිපතිවරුන් සහ කාර්ය සාධක බළකා 2, 3, 4, 5, 6, 7, 8, 9 මෙහෙය වූ සේනාංකාධිපතිවරු සිය යුද අත්දැකීම් ඡායාරූප සහිතව මෙහිදී විස්තර කළහ. සිවිල් ජනතාවට කිසිදු අනතුරක් නොකර ඔවුන්ව කොටි ග්‍රහණයෙන් මුදාගන්නා ආකාරය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරමින් උපක්‍රම රැසක් යෙද වූ ආකාරය ගැන මෙහිදී හමුදා ප්‍රධානීන් සිහිපත් කළහ. තම සේනාංක යටතේ සිටි සෑම නිලධාරියෙක් මෙන්ම සෑම සෙබළෙක්ම ජීවිතය පරදුවට තබමින් මෙහෙයුම්වල නිරත වූ බවත්, ඔවුන් සිවිල් ජනතාවට සහන රැසක් පෞද්ගලිකවම ලබාදීමට කටයුතු කළ බවත් එවකට සේනාංකාධිපතිවරුව සිටි නිලධාරීන් සම්මන්ත්‍රණයට සහභාගි වී සිටින විදේශ හමුදා නිලධාරීන්ට පෙන්වා දුන්හ.

    මේ සම්මන්ත්‍රණය අදින් (02) අවසන් වන අතර අද දවසේ ද ත්‍රිවිධ හමුදා නිලධාරීන් සම්මන්ත්‍රණයේ දේශන පැවැත්වීමට නියමිතය.
     

    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23
    0
    යුද්දේ කාලේ රටින් පෑනල ගිහිල්ලා .. දෑන් පොර ටෝක් දෙනවා.. :lol: :lol: