ශ්‍රී ලංකාවේ විශිටතම දේශපාලකයා
මංගල සමරවීර මහතා දකුණු පළාතේ මාතරදී උපත ලැබුවේ 1956 අප්‍රේල් මස 21 දිනය. ඔහු දකුණේ ප්‍රසිද්ධ දේශපාලන පවුලකින් පැවත එයි. ඔහුගේ පියා වූ මහනාම සමරවීර මැතිතුමා ගරු එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ සහ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරයකු වූයේය. ඔහුගේ මව වූ කේමා සමරවීර මැතිණිය 1950 ගණන්වල මාතර නගර සභාවේ ප්‍රථම සභිකාවක් වූවාය.
කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ මංගල අධ්‍යාපනය සඳහා ලන්ඩන් නුවරට ගියේය. එහිදී ලන්ඩන් නුවර සුප්‍රසිද්ධ සෙන්ට්‍රල් ශාන්ත චාමින්ස් ආයතනයෙන් විලාසිතා සහ පේෂකර්ම මෝස්තර ආයතනයෙන් මූලික උපාධිය ලබාගත්තේය. 1982 දී නැවත ශ්‍රී ලංකාවට පැමිණි මංගල සෞන්දර්ය අධ්‍යාපන ආයතනයේ සහ කැළණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු වූයේය. ඒ අතරතුර පේෂකර්ම දෙපාර්තමේන්තුවේ උපදේශකවරයකු වශයෙන් දේශීය සළුපිළිවලට බටහිර වෙළෙදපොල නතු කර ගැනීමේ ප්රයත්නයක යෙදී සිටියේය.
1988 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායිකාව වූ ගරු සිරිමාවෝ බණ්ඩාරණායක මැතිණියගේ ආරාධනයෙන් 1989 මහා මැතිවරණයට තරග කොට මාතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රිවරයා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත්විය. එදා සිට අද දක්වා දකුණේ ජනතාව නියෝජනය කරමින් අඛණ්ඩව පාර්ලිමේන්තුවේ සේවය කරන ජ්‍යෙෂ්ඨතම පාර්ලිමේන්තු නියෝජිතයා වන්නේය.
source mangalasamaraweera.com/sin/biography/

?