ගොඩක් කාර්ය බහුල වෙලාවක උනත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට මේ වෙච්ච විනාසය දැකල වචනයක් මේකේ දාල යන්න හිතුන.
හැමෝම ක්‍රීඩකයන්ට බනිද්දි මටනම් පැහැදිලිවම තේරෙන්නේ මේක පරිපාලනේ අවරුදු 10 කට වඩා ඉදල ගත්ත වැරදි තීන්දු නිසා වෙච්ච දෙයක් කියල. මේ විනාසෙට හේතු වෙච්ච කරුණු මන් මෙහෙම ලියන්නම්.
1. දේශපාලන අත ගැසීම් (එදා ඉදලම තිබ්බ ගොඩක්ම 2000 න් පස්සේ තමා)
2. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය කරන නිලධාරින් අතිශය දුෂිත වීම.
96 න් පස්සේ ක්‍රිකට් වලට සල්ලි එන්න ගත්ත ගමන් තිලංග වගේ උන්ට තේරුනා මේක සල්ලි උල්පතක් කියල. ඒ කාලේ ඉදල ක්‍රිකට් බෝඩ් එකට එන්න තිබ්බ මාර්ගය ක්‍රීඩා සමාජ චන්දය. මුන් මොකක්ද කලේ ක්‍රීඩා සමාජ වල ඉන්න ලොක්කෝ ටික සල්ලි දීලා අල්ලාගෙන වෝට් අරන් ක්‍රිකට් බෝඩ් එකේ මුල් පුටු වලට ආව. ක්‍රිකට් ක්‍රීඩාව කරපු කෙනෙක් විදියට මන් දන්නවා අපේ ක්ලබ් සිස්ටම් එක 2005 න් පස්සේ වගේ ගොඩක් වැටෙන්න ගත්ත කාටවත් නොපෙනුනාට. හේතුව උනේ ක්ලබ් වල ලොක්කෝ ක්‍රිකට් දියුණු කරනවා වෙනුවට හම්බෙන සල්ලි යටි මඩි ගහගත්තා. ඒ කලේ එච්චර ඒවා පෙනුනේ නෑ මොකද ඒ වෙනකොටත් සංගා, මහේල, ඩිල්ෂාන් වගේ අය ඒ කාලේ වෙනකොටත් ලංකාවට සෙල්ලම් කරන නිසා. ක්ලබ් වලින් අලුතෙන් එන ක්‍රීඩකයෝන්ගේ අඩු පාඩුත් වැහිලා ගියා ජාතික කණ්ඩායමේ දක්ෂතා වලින්. උදාහරනෙකට කණ්ඩම්බි ට වෙච්ච දේ හැමෝම දන්නවා. ඒ කාලේ ඒවා කතා කලේ නෑ වැඩිය හොයන්නත් කව්රුවත් නෑ . වැඩිය ඕනේ නෑ ලංකාවේ ක්‍රිකට් සමාජ තියනවා ග්‍රවුන්ඩ් එකක් නැති. ඕවා ඔක්කොම තිලංගලා වගේ පල් හොරුන්ගේ බලේ ඉන්න උවනාවට හදාගත්තු දේවල්.
3. චාලි ඔස්ටින් වගේ මැනේජර් කියාගත්ත උන් ක්‍රිකට් වලට රිංගීම.
මේකට ගොඩක් චෝදනා එල්ල උනේ මහේලට, සංගක්කාරට. චාලි ඔස්ටින් හොදට හම්බ කරගත්ත, ලංකාවේ කොම්පැනි දාගත්ත. කොටින්ම සංගක්කාරට හම්බෙන බැට් එක චාලි ඔස්ටින්ගේ අතට යන්නේ. තමන් යටතේ ඉන්න ක්‍රීඩකයෝ කොහොම හරි ඇතුලට රිංගවන එක තමා මුන් කලේ. ඇයි ඉතින් හොද කුට්ටියනේ. කුසල් මෙන්ඩිස් එහෙමත් චාලි ඔස්ටින් ගේ ගෝලයෙක් කියලයි ආරංචි.
4. පුහුණු කරු අර්බුදය
මේකත් ස්කුල් ක්‍රිකට් ඉදලම හොද කුට්ටියක් ලැබෙන ජොබ් එකක් උනා. හතු පිපෙනවා වගේ කෝච් ලා බිහි වෙන්න ගත්ත. කිසිම පුහුණුවක් නෑ. ළමයිගේ දෙමව්පියෝ කොච්ට තෑගී බෝග දීල ළමයව කණ්ඩායමට දානවා. මැච් ගහද්දි ෆීල්ඩ් එක හදන්නෙත් අම්මල. එකෙන් දක්ෂ ළමයි කැපුන. නැෂනල් ටීම් එකටත් උනේ ඕකමයි. හතුරුසිංහ ගෙනාව ලංකාවේ කාලකන්නි බෝඩ් එකේ පදේට නැතුව, අන්තිමට ක්‍රීඩකයෝ ලොකු ටෝක් දුන්න. මිකී ලොක්කට උනෙත් කුණු ගොඩට වැටෙන්න උනා. බෝඩ් එකේ. තේරීම් කමිටුවේ කුක්කෙක් උනා. කොහොමත් පොරගේ කිසිම වැඩක් නෑ. ලොකු ටෝක් විතරයි.
5. බොර්න් අගේන් - කොච්චර නෑ කිව්වත් මේක තමා මෑත කාලයේ ක්‍රිකට් වලට ආපු ලොකුම හෙනය- බෝඩ් එකේ ඉදන් ප්ලේයර්ස් ල වෙනකම් අල්ලන් ඉවරයි. සල්ලි තමා.
6. වැදගැම්මකට නැති පළමු පෙළ තරගාවලිය සහ ප්‍රිමිය ලිග් නැති කම.
ක්ලබ් සිස්ටම් එකේ අවුල තමා පළමු පෙළ තරගාවලිය මෙලෝ රහක් නැති දෙයක් කලේ. ඇෆ්ගනිස්තනෙත් ප්‍රිමිය ලිග් ගහද්දි. ලංකාවේ එවුන් මෙලෝ රහකට නැති පළාත් තරග ගහනවා. ජාත්‍යන්තර තරගයි ඩොමේස්ටික් අහසයි පොලවයි වගේ.
7. ස්කුල් ක්‍රිකට් අවුල් වීම
මේකට කොච් ලගේ අවුලයි, හැමෝම ක්‍රීඩාවට ඇගිලි ගහපු එකයි හේතු උනා. දක්ෂයෝ එළියේ ඉද්දි, කිසිම දෙයක් හිතන්න බැරි ක්‍රීඩකයෝ ටීම් වල ඉන්නවා.
8 අන්තිමට ක්‍රීඩකයෝ අපතයෝ වීම, විනයක් නැති කම. සහ දක්ෂයෝ කැපිලා යාම
මේකනම කියන්න ඕනේ නෑනේ. විනය කියන්නේ අංක එක ක්‍රීඩාවේ. සෙල්ලම් කරපු අය දන්නවා ඉස්සර කොහොමද විනය කියල. කුසල් මෙන්ඩිස්, දික්වැල්ල වගේ උන් ගත්තම හිතාගන්න පුළුවන්නේ. කිසිම ස්කිල් ,එකක් හිතන්න මොලයක් නෑ. සල්ලි හොයන්න ක්‍රිකට් ගහනවා. බඩු ගහනවා, බොනවා ඕක තමයි. ගොට්ට අල්ලලා ටීම් එකට එනවා. කුසල් මෙන්ඩිස් පස්සේ ඉන්න ලොක්ක කවුද කියල තාම දන්නේ නෑ. හිතහන්කෝ එක දිගට ෆේල් වෙලා මෙහෙම ස්කොඩ් එකේවත් ඉන්නවා කියන්නේ. ශාමින්ද එරංග, අසේල, විකුම්, මුණවීර වගේ අයට වෙච්ච අසාදරණේ. අනික දක්ෂ යට තැන නෑ .
කොහොම උනත් රටේ හැමදේම වගේ ක්‍රිකටුත් ලංකාවේ විනාස වෙලා ඉවරයි. ආයිත් මේක ගොඩගන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක්