ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණයෙන&

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,065
    3,791
    113
    මුහුද පැත්තේ..
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණයෙන&

    සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (15) දකුණු අප්‍රිකාවේ සෙන්චුරියන් හිදී අරම්භවීමට නියමිතව ඇත.


    ලෝක කුසලාන තරගාවලියෙන් පසු කණ්ඩායමක් වශයෙන් දිගින් දිගටම අසාර්ථක වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය, ඔස්ට්‍රේලියාව හා පකිස්ථානය හමුවේ තරගාවලි පරාජයන්ට ලක්විය. කෙසේ වෙතත් මෙම තරගාවලියේ අවසන් ප්‍රතිපලය ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස හා පිතිකරුවෙක් ලෙස දිගින් දිගටම අසාර්ථක වූ තිලකරත්න ඩිල්ෂාන් හට නිසැකයෙන්ම ප්‍රබල බලපෑමක් ඇති කරනු ඇති බව ක්‍රිකට් ක්‍රීඩා විචාරකයින්ගේ මතය වී ඇත.










    කෙසේ වෙතත් වේග පන්දු යවන්නන්ට වඩාත් උචිත තණතිලි වලින් සමන්විත දකුණු අප්‍රිකානු ක්‍රීඩාංගනයන් හි ක්‍රීඩා කිරීමට උචිත ශ්‍රී ලංකික වේග පන්දුයවන්නන් සැලකිය යුතු පිරිසක් අබාධයන්ට ලක්වීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මහත් අසීරු තත්වයකට පත්ව ඇත. නුවන් කුලසේකර , සුරංග ලක්මාල්, ශාමින්ද එරංග සහ නවක ක්‍රීඩක නුවන් ප්‍රදීප් මෙසේ අබාධයන්ට ලක් වූ වේග පන්දු යවන්නන් වේ. මේ අනුව බොහෝ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන් සේම ක්‍රිකට් විචාරකයිගේද අදහස වී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන තත්වය හමුවේ තරගවලිය ජයග්‍රහණය කිරීමේ වැඩි වාසි දකුණු අප්‍රිකානු කණ්ඩායම සතු බවය. මෙම මතයන් පිලිබදව මාධ්‍ය හමුවන් හිදී අදහස් දැක වූ තිලකරත්න ඩිල්ෂාන් , කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන පවසා සිටියේ එම මතයන්ට සුදුසු පිළිතුරු දිමට තම කණ්ඩායම සුදානම් බවයි.


    පුහුණු තරගයේදී ආබාධයට ලක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමට සුදුසු යහපත් සෞඛ්‍ය මට්ටමක සිටින බවත් ඔහු පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කරනු ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.










    ශ්‍රී ලංකා කණ්ඩායම,


    තිලකරත්න ඩිල්ෂාන් (නායක), ඇන්ජලෝ මැතිව්ස්, දිල්හාර ප්‍රනාන්දු , රංගන හේරත්, මහේල ජයවර්ධන, දිමුත් කරුණාරත්න, අජන්ත මෙන්ඩිස්, තරංග පරණවිතාන, තිසර පෙරේරා, තිලාන් සමරවීර, කුමාර් සංගක්කාර, කෞශල්‍ සිල්වා, ලහිරු තිරිමාන්න, චානක වෙලගෙදර.

     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,829
    3,412
    113
    අන්න අදත් කා ගත්තා..:dull::no:
    අද over confident වෙලා..:rolleyes:
     

    x260515x

    Member
    Sep 3, 2009
    133
    5
    0
    Bowling Green, KY, USA
    Dilshan kisima wedak ne test team ekata. harinam test tem wala inna one game eka himita gahana un. Dilshan wage eikmanata lakunu goda gahena un newe. Ape mulu team ekama eke opposite eka. Test team eka harinam India test team eka widiata hadanne one. Okkoma older players thamai eke inne. eka hinda un unge experience eka pawichchi karala match dinanawa. Aluthen ena unwa and hema ball ekakatama gahena unwai thami ODI and T20 team walata danne thinne.
     

    x260515x

    Member
    Sep 3, 2009
    133
    5
    0
    Bowling Green, KY, USA
    දිල්හාරයත් නැතුවම බෑ නේද ??

    කාලයක් අර ජෙහාන් මුබාරකයා හුරතල් කර කර හිටිය

    නොදෝමකින්

    මොකද බං ජෙහාන් මුබාරක්ටය් මහරූෆ්ටය් උනේ. උන දැන් පැත්තපලාවකවත් නැහැනේ?:confused::confused: