ශ්‍රී ලාංකීය අපරාධ ඉතිහාසයෙන් - ඇල්ෆ්‍රඩ් සොයිසා
1960 දශකයේ දී අනුරාධපුර ප්‍රදේශයේ වාසය කළ වෛද්‍යවරයෙකුත් රට පුරා ප්‍රසිද්ධියට පත්වුණා. ඒ, කලැත්තෑව ප්‍රදේශයේ සිදුවුණු අපරාධ දාමය නිසා යි. 1969 වසරේ දී එම වෛද්‍යවරයා ඇතුළු පිරිසට එරෙහිව නඩු විභාගය ආරම්භ වුණා. වෛද්‍ය ඇල්ප්‍රඩ් සොයිසාගේ ඉරණම ලියැවී තිබුණේ අහුගේ අවසානනය පෝරකයෙන් හමාර වීමටයි. මෙතැන් සිට ඔබට ඉදිරිපත් කරන්නේ ඇල්ප්‍රඩ් සොයිසාගේ කතාව යි.
සිය පාසල් කාලය තුළ හොඳින් ඉගෙනීම් කටයුතුවල නිරත වුණු සොයිසා පසුකලෙක ඇමරිකාව බලා ගියේ හෝමියෝපති වෛද්‍ය විද්‍යාව පිළිබඳව හැදෑරීම සඳහා යි. ඉන්පසුව ඇමරිකාවේ හෝමියෝපති වෛද්‍ය ආයතනයට බැඳුණු සොයිසා එහි දී දක්ෂ ලෙස අධ්‍යාපන කටයුතුවල නිරත වුණා. 1940 වසරේ දී යළි ලංකාවට පැමිණියේ හෝමියෝපති වෛද්‍යවරයෙකු ලෙස යි. ලංකාවට පැමිණි සොයිසා ජා ඇල රජයේ බෙහෙත් ශාලාවේ හෝමියෝපති වෛද්‍යවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළා.
වසර 2ක පමණ කාලයක් රජයේ බෙහෙත් ශාලාවේ සේවය කළ මෙම වෛද්‍යවරයා ඉන් ඉවත්වීමට තීරණය කළේ මහන්සියට සරිලන වැටුපක් නොලැබුණු නිසා යි. ඔහු ගම්පහ දෙල්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික බෙහෙත් ශාලාවක් ආරම්භ කළා. හෝමියෝපති වෛද්‍යවරයෙකු වශයෙන් පෙන්වූ දක්ෂතාවය නිසා සොයිසා වැඩි කලක් යන්නට පෙර එම ප්‍රදේශයේ ජනප්‍රිය පුද්ගලයෙකු බවට පත්වුණා. එසේම සොයිසාගේ අපූරු කතා විලාශය නිසා මිතුරන් රැසක් ඔහු වටා එකතු වුණා.
ඔසී කොරයා
වෛද්‍ය වෘත්තිය මඟින් යහමින් මුදල් සෙවූ සොයිසා ඊළඟට අවතීර්ණ වුණේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට යි. ඔහුව ඒ සඳහා පොළඹවාගත්තේ ඔසී කොරයා නම් ව්‍යාපාරිකයා යි. එම අවධියේ දී දාමරිකයෙකු වශයෙන් ද ප්‍රසිද්ධව සිටි කොරයා පසුකලෙක බණ්ඩාරනායක ඝාතනයටත් සම්බන්ධ වුණු බවට රාවයක් පැතිරුණා. ඒ අනුව 1958 වසරේ දී තැබෑරුම් ව්‍යාපාරයට අතගැසූ සොයිසා එමඟින් විශාල ලාභයක් උපයාගත්තා. වෛද්‍ය වෘත්තියේ යෙදීමෙන් ලබන ආදායමට වඩා තැබෑරුම් ව්‍යාපාරයෙන් වැඩි ආදායමක් ලැබූ නිසා ඔහු වෛද්‍ය ජීවිතයට සදහටම නැවතීමේ තිත තැබුවා. ඇල්ප්‍රඩ් සොයිසා නම් වෛද්‍යවරයා යටපත් වී ඇල්ප්‍රඩ් සොයිසා නම් අපරාධකරුවා මතුවන්නේ ඉන් පසුව යි.
පැරණි තැබෑරුමක් (Facebook)
සොයිසා විශාල සේවක පිරිසක් මෙහෙයවමින් සිය ව්‍යාපාර සාර්ථකව කරගෙන ගියා. විශාල ධනවතෙකු බවට පත්වුණු සොයිසා කලත්තෑව ප්‍රදේශයේ ස්ථීර වාසස්ථානයක් සාදාගත්තා. එවකට මහා ඝන වනාන්තරයෙන් වැසී තිබුණු කලත්තෑව ප්‍රදේශයේ අක්කර 400ක පමණ භූමි ප්‍රදේශයක් මිලට ගත් සොයිසා එහි ගොවිපොළක් ආරම්භ කිරීමට තීරණය කළා. ඒ වන විට රජයේ ඉහළ නිලධාරින් හඳුනාගෙන සිටි නිසා රජයේ සහාය ද ඇතිව ඔහුට ගොවිපොළ ආරම්භ කිරීමට හැකිවුණා. ඔහු වටා සිටි මිතුරන් පිරිස ලබාදුන් සහාය නිසා වැඩිකල් යන්නට පෙර සොයිසාගේ ගොවිපොළ දියුණු තත්ත්වයකට පත්වුණා.
අනුරාධපුර නගරයේ පැරණි ඡායාරූපයක් (Lankapura)
1966 වසරේ දී සොයිසාගේ කොල්ල කල්ලිය මංකොල්ලකෑම් කිහිපයක් සිදුකළා. ඒ අතුරින් විශාලතම සිදුවීම් දෙක බවට පත්වුණේ කාර් රථයක් මංකොල්ලකෑම සහ යාපනයේ තැබෑරුම් ව්‍යාපාරිකයෙකු සතුව තිබුණු මුදල් මංකොල්ලකෑම යි. සොයිසා සිය විරුද්ධවාදීන්ව ඝාතනය කිරීම සඳහා විෂඝෝර සර්පයන් ලවා දෂ්ඨ කරවීම වැනි කුරිරු ක්‍රම ද භාවිතා කර තිබුණා. අනුරාධපුර ප්‍රදේශයම භීතියට පත්කරමින් සොයිසා සිදුකළ මැර ක්‍රියාවල අවසානය උදාවුණේ ද්විත්ව ඝාතනයක් නිසා යි.
එම අවධියේ දී සොයිසා ළඟ සේවය කළ පෙරේරා නම් සේවකයා සුරාවට ලොල්වී සිටියා. දිනක් ඔහු බීමතින් සිටි අවස්ථාවක පවසා සිටියේ අළුත් පොලිසියේ නිලධාරීන් නිසා අපේ ලොක්කාගේ සෙල්ලම් ළඟදීම ඉවර වනු ඇති බව යි. පෙරේරා පැවසූ වදන් පෙළ අසාගෙන සිටි කළු ඇල්බට් නම් සේවකයා වහාම සොයිසා හමුවීමට ගොස් සිදුවුණු දේ පවසා සිටියා. එය ඇසීමෙන් දැඩිලෙස කෝපයට පත්වුණු සොයිසා තම සේවකයාව මරු තුරුළට යැවීමට සැලසුම් සකස් කළා.
තමා කී දේවල් සොයිසාට ආරංචි වුණු බව දැනගත් පෙරේරා හැකි ඉක්මනින් සිය ගම රට බලා පිටත්ව ගියා. ඊට ටික දිනකට පසුව සොයිසාගේ කසිප්පු තිත්පොළක් පොලිස් නිලධාරින්ගේ ග්‍රහණයට නතුවුණා. පෙරේරා පොලිස් නිලධාරින්ට ඔත්තුවක් ලබාදෙන්නට ඇති බවට සැකයක් සොයිසාගේ සිතෙහි ඇතිවුණා. එය සිදුවී මාස කිහිපයක් යනවිට පෙරේරාගේ නිවසේ ආර්ථික තත්ත්වය අයහපත් අතට හැරුණා. සිය සේවකයාව පරළොව යැවීමට නම් තමා ළඟට යළි ගෙන්වාගත යුතු බව සොයිසාට වැටහුණා. එම නිසා සොයිසා සිය සේවකයෙකු අත පෙරේරාගේ මාස කිහිපයක පඩි සල්ලි යවා, යළි සේවයට එන ලෙස ඔහුට ආරාධනා කළා. සොයිසාගේ එම ශූර උපායට පෙරේරා හසුවුණා. එම නිසා ටික දිනකින් යළි කලත්තෑවට පැමිණියා. පෙරේරා සේවයට පැමිණ ටික දිනක් යන විට සොයිසා ඔහුට සමීප වුණා.
දිනක් සොයිසා, පෙරේරා, සහ කළු ඇල්බට් මත්පැන් පානය සඳහා වාඩියට ගියා. එදා පමණ ඉක්මවා මත්පැන් පානය කළ පෙරේරාට අවට වටපිටාවේ සිදුවුණු දේවල් ගැන අවබෝධයක් තිබුණේ නැහැ. පෙරේරා පදමට වෙරි වී සිටින බව තහවුරු කරගැනීමෙන් පසුව සොයිසා කළු ඇල්බට්ට සංඥාව ලබාදුන්නා. එවිට කළු ඇල්බට් එල්ල කළ මෝල්ගස් පහර පෙරේරාගේ හිස මතට පතිත වුණා. ඉන්පසුව සොයිසා සහ කළු ඇල්බට් එකතු වී පෙරේරාගේ සිරුර රහසිගත ස්ථානයක සඟවනු ලැබුවා.
ජූලියන් සන්දරසාගර ද සොයිසා ළඟ සේවය කළ පුද්ගලයෙක්. ඔහුට නියමිත පඩි මුදල් නොලැබීම නිසා සොයිසා සමග දරුණු වාදයකට පැටළුණා. එහි දී ඔහු සොයිසාට පරුෂ වචනයෙන් බැන වදින්නට වුණා. ඉන් පසුව රැකියාවෙන් ඉවත් වී සිය නිවස බලාගිය සන්දරසාගර සොයිසා සතුව තිබුණු වටිනා ටයරයක් රැගෙන යන්නට අමතක කළේ ද නැහැ. සිය සේවකයාගේ හැසිරීම තමන්ට අභියෝගයක් බව තේරුම්ගත් සොයිසා චාටුවෙන් ඔහුවත් යළි සේවා ස්ථානයට ගෙන්වා ගත්තා. ඉන් පසුව කළු ඇල්බට් සහ විලී මාමාව යොදවා ඔහුවත් පරළොව යැවීමට තරම් සොයිසා සාහසික වුණා.
පෙරේරාගේ සහ සන්දරසාගරගේ පවුල්වල උදවිය ඔවුන්ගේ අතුරුදහන්වීම් පිළිබඳව පොලිසියට පවසා සිටියා. ඒ වන විටත් සොයිසාගේ අපරාධ ගැන අනුරාධපුර පොලිසියට ඉවවැටී තිබුණා. එම නිසා ඔවුන් ඉතාමත් සූක්ෂම අයුරින් සොයිසා වටා දැල එලන්නට පටන් ගත්තා
අවසානයේ දී පොලිසියට සොයිසා කළ අපරාධ සියල්ල අනාවරණය කරගැනීමට හැකියාව ලැබුණා. වැඩ වැරදීගෙන එන බව තේරුම්ගත් සොයිසා දන්නා හඳුනන පුද්ගලයෙකුගේ වෙළඳසැලක් තුළ රහසිගතව සැඟවී සිටියා. නමුත් ඔහුට වැඩිකලක් පොලිසිය සමග හැංගිමුත්තන් කිරීමට හැකිවුණේ නැහැ. එම නිසා සොයිසා ඉක්මනින්ම පොලිස් අත්අඩංගුවට පත්වුණා.
ඇල්ප්‍රඩ් සොයිසා, කළු ඇල්බට් සහ විලී මාමා යන තිදෙනාට නඩු පවරනු ලැබුවා. එම නඩු විභාගය ආරම්භ වුණේ 1969 ඔක්තෝබර් 28 වැනිදා යි. එදා සොයිසාට එරෙහිව සාක්ෂ්‍ය ලබාදෙන්නට 189 දෙනෙකු ඉදිරිපත් වී තිබුණා. එසේම නඩු භාණ්ඩ 274ක් ඉදිරිපත් කර තිබුණා. එම නිසා සොයිසා ඇතුළු අනිකුත් අපරාධකරුවන්ට කිසිදු ගැලවීමක් තිබුණේ නැහැ. මාස 9කට ආසන්න කාලයක් පුරා පැවති නඩු විභාගයෙන් පසුව අවසන් තීන්දුව 1970 මැයි 12 වැනිදා ප්‍රකාශයට පත්කළා. එම තීන්දුවට අනුව ඔවුන් තිදෙනාම වරදකරුවන් වුණා.
ඇල්ප්‍රඩ් සොයිසා තීන්දුව අභියෝගයට ලක්කරමින් ඇපෑලක් ඉදිරිපත් කළා. නමුත් තීන්දුවෙහි කිසිදු වෙනසක් සිදුවුණේ නැහැ. 1972 වසරේ පෙබරවාරි 5 වැනිදා උදෑසන 8.05ට ඇල්ප්‍රඩ් සොයිසාව එල්ලා මරා දමනු ලැබුවා. ඔහු මහ හඬින් කතෝලික ගීතිකා ගයනා කරමින් පෝරකය වෙත ගිය ආකාරය දැක එහි සිටි සියලුදෙනාම මවිතයට පත්වුණා. අවසානයේ දී අනුරාධපුර ප්‍රදේශය හොල්ලාගෙන සිටි මහා අපරාධකරුවෙකු අවසන් ගමන් ගියා. ඉතාමත් යහපත් ජීවිතයක් ගතකිරීමට හැකියාවක් තිබුණු සොයිසාට වැරදි මිතුරන් ආශ්‍රය සහ අධික තණ්හාව නිසා එවැනි ඛේදජනක ඉරණමකට මුහුණදීමට සිදුවුණා.
මුලාශ්‍ර:
බ්ලොගර් - නදුන් ලියනගෙදර
රෝර්මිඩියා
චායාරුප අන්තර්ජාලයෙනි
dinamina.lk
1960 දශකයේ දී අනුරාධපුර ප්‍රදේශයේ වාසය කළ වෛද්‍යවරයෙකුත් රට පුරා ප්‍රසිද්ධියට පත්වුණා. ඒ, කලැත්තෑව ප්‍රදේශයේ සිදුවුණු අපරාධ දාමය නිසා යි. 1969 වසරේ දී එම වෛද්‍යවරයා ඇතුළු පිරිසට එරෙහිව නඩු විභාගය ආරම්භ වුණා. වෛද්‍ය ඇල්ප්‍රඩ් සොයිසාගේ ඉරණම ලියැවී තිබුණේ අහුගේ අවසානනය පෝරකයෙන් හමාර වීමටයි. මෙතැන් සිට ඔබට ඉදිරිපත් කරන්නේ ඇල්ප්‍රඩ් සොයිසාගේ කතාව යි.
සොයිසා වෛද්‍යවරයෙකු වුණු ආකාරය
1915 වසරේ දී කඳාන ප්‍රදේශයේ රෝමානු කතෝලික පවුලක උපත ලද ඇල්ප්‍රඩ් සොයිසා කුඩකල සිට සුඛෝපභෝගි ජීවිතයක් ගත කළා. එකල රාගම ප්‍රදේශයේ කීර්තියට පත්ව සිටි සොයිසා පරපුරේ පුරුකක් වුණු ඇල්ප්‍රඩ්ට ළමා කාලයේ සිටම උගත් බුද්ධිමතුන් ඇසුරු කිරීමට අවස්ථාව ලැබුණා. එම නිසා ළමා කාලයේ සිටම ඔහු සිහින දුටුවේ වෛද්‍යවරයෙකු වීමට යි.
සිය පාසල් කාලය තුළ හොඳින් ඉගෙනීම් කටයුතුවල නිරත වුණු සොයිසා පසුකලෙක ඇමරිකාව බලා ගියේ හෝමියෝපති වෛද්‍ය විද්‍යාව පිළිබඳව හැදෑරීම සඳහා යි. ඉන්පසුව ඇමරිකාවේ හෝමියෝපති වෛද්‍ය ආයතනයට බැඳුණු සොයිසා එහි දී දක්ෂ ලෙස අධ්‍යාපන කටයුතුවල නිරත වුණා. 1940 වසරේ දී යළි ලංකාවට පැමිණියේ හෝමියෝපති වෛද්‍යවරයෙකු ලෙස යි. ලංකාවට පැමිණි සොයිසා ජා ඇල රජයේ බෙහෙත් ශාලාවේ හෝමියෝපති වෛද්‍යවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළා.
වසර 2ක පමණ කාලයක් රජයේ බෙහෙත් ශාලාවේ සේවය කළ මෙම වෛද්‍යවරයා ඉන් ඉවත්වීමට තීරණය කළේ මහන්සියට සරිලන වැටුපක් නොලැබුණු නිසා යි. ඔහු ගම්පහ දෙල්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික බෙහෙත් ශාලාවක් ආරම්භ කළා. හෝමියෝපති වෛද්‍යවරයෙකු වශයෙන් පෙන්වූ දක්ෂතාවය නිසා සොයිසා වැඩි කලක් යන්නට පෙර එම ප්‍රදේශයේ ජනප්‍රිය පුද්ගලයෙකු බවට පත්වුණා. එසේම සොයිසාගේ අපූරු කතා විලාශය නිසා මිතුරන් රැසක් ඔහු වටා එකතු වුණා.
අපරාධ ලෝකයට පිවිසීමේ පළමු පියවර තැබීම
සිය පෞද්ගලික බෙහෙත් ශාලාවේ දිගු කාලයක් සේවය කළ සොයිසාට විශාල ධනයක් උපයාගැනීමට හැකි වුණා. රටේ බොහෝ ප්‍රදේශවලින් පැමිණි රෝගීන් ඔහුගෙන් ප්‍රතිකාර ලබාගත්තා. ඒ වන විට මෙම වෛද්‍යවරයාගේ මිතුරන් ගොන්නට මැරයන් කිහිපදෙනෙකු ද එකතු වී සිටියා. රාගම ජයලත්, ගම්පහ ඩැනී, කිරිඳිවැල නෙල්සන්, රදාවානේ ජයවර්ධන, සහ කඳානේ ජෝශප් එම මිතුරන් අතරින් කිහිපදෙනෙක්.
ඔසී කොරයා
වෛද්‍ය වෘත්තිය මඟින් යහමින් මුදල් සෙවූ සොයිසා ඊළඟට අවතීර්ණ වුණේ ව්‍යාපාරික ක්ෂේත්‍රයට යි. ඔහුව ඒ සඳහා පොළඹවාගත්තේ ඔසී කොරයා නම් ව්‍යාපාරිකයා යි. එම අවධියේ දී දාමරිකයෙකු වශයෙන් ද ප්‍රසිද්ධව සිටි කොරයා පසුකලෙක බණ්ඩාරනායක ඝාතනයටත් සම්බන්ධ වුණු බවට රාවයක් පැතිරුණා. ඒ අනුව 1958 වසරේ දී තැබෑරුම් ව්‍යාපාරයට අතගැසූ සොයිසා එමඟින් විශාල ලාභයක් උපයාගත්තා. වෛද්‍ය වෘත්තියේ යෙදීමෙන් ලබන ආදායමට වඩා තැබෑරුම් ව්‍යාපාරයෙන් වැඩි ආදායමක් ලැබූ නිසා ඔහු වෛද්‍ය ජීවිතයට සදහටම නැවතීමේ තිත තැබුවා. ඇල්ප්‍රඩ් සොයිසා නම් වෛද්‍යවරයා යටපත් වී ඇල්ප්‍රඩ් සොයිසා නම් අපරාධකරුවා මතුවන්නේ ඉන් පසුව යි.
අනුරාධපුරයේ පදිංචියට යාම
පුත්තලමෙන් ආරම්භ වුණු සොයිසාගේ තැබෑරුම් ව්‍යාපාරය කෙටි කලක් යනවිට අනුරාධපුරය දක්වා ව්‍යාප්ත වුණා. ව්‍යාපාර කටයුතු ඉක්මනින්ම වර්ධනය වුණේ ඔහුගේ දාමරික මිතුරන් ලබාදුන් සහයෝගය නිසා යි. එම කාල සමයේ දී සොයිසා තවත් ව්‍යාපාරයකට සම්බන්ධ වුණා. ඒ, රජරට වැව් ප්‍රතිසංස්කරණය කර රජයට භාරදීම යි. එකල ඔහු සතුව තිබුණු කැටපිලර්, බුල්ඩෝසර් ඇතුළු යන්ත්‍ර සූත්‍ර සියල්ලම එම කාර්යයන් සඳහා භාවිතා කළා.
පැරණි තැබෑරුමක් (Facebook)
සොයිසා විශාල සේවක පිරිසක් මෙහෙයවමින් සිය ව්‍යාපාර සාර්ථකව කරගෙන ගියා. විශාල ධනවතෙකු බවට පත්වුණු සොයිසා කලත්තෑව ප්‍රදේශයේ ස්ථීර වාසස්ථානයක් සාදාගත්තා. එවකට මහා ඝන වනාන්තරයෙන් වැසී තිබුණු කලත්තෑව ප්‍රදේශයේ අක්කර 400ක පමණ භූමි ප්‍රදේශයක් මිලට ගත් සොයිසා එහි ගොවිපොළක් ආරම්භ කිරීමට තීරණය කළා. ඒ වන විට රජයේ ඉහළ නිලධාරින් හඳුනාගෙන සිටි නිසා රජයේ සහාය ද ඇතිව ඔහුට ගොවිපොළ ආරම්භ කිරීමට හැකිවුණා. ඔහු වටා සිටි මිතුරන් පිරිස ලබාදුන් සහාය නිසා වැඩිකල් යන්නට පෙර සොයිසාගේ ගොවිපොළ දියුණු තත්ත්වයකට පත්වුණා.
අනුරාධපුරය පුරා පැතිර ගිය භීෂණය
මුල් කාලයේ දී වෛද්‍ය වෘත්තිය, ව්‍යාපාර ආදියෙන් මුදල් සෙවූ සොයිසා පසුකලෙක ගණන්කාරකමින් මුදල් සෙවීමට පෙළඹුණා. වැඩි කලක් යන්නට පෙර ඔහු සිය මැරයන් යොදවා මුදල් මංකොල්ලකන්නට පටන් ගත්තා. ප්‍රදේශයේ පොලිස් නිලධාරින් ද ඒ වන විට සොයිසාගේ මුදල් බලය හමුවේ දණ නමා තිබුණා. එම නිසා සොයිසාට කිසිදු ගැටළුවකින් තොරව සිය කටයුතු කරගෙන යාමට අවශ්‍ය වටපිටාව සැකසී තිබුණා.
අනුරාධපුර නගරයේ පැරණි ඡායාරූපයක් (Lankapura)
1966 වසරේ දී සොයිසාගේ කොල්ල කල්ලිය මංකොල්ලකෑම් කිහිපයක් සිදුකළා. ඒ අතුරින් විශාලතම සිදුවීම් දෙක බවට පත්වුණේ කාර් රථයක් මංකොල්ලකෑම සහ යාපනයේ තැබෑරුම් ව්‍යාපාරිකයෙකු සතුව තිබුණු මුදල් මංකොල්ලකෑම යි. සොයිසා සිය විරුද්ධවාදීන්ව ඝාතනය කිරීම සඳහා විෂඝෝර සර්පයන් ලවා දෂ්ඨ කරවීම වැනි කුරිරු ක්‍රම ද භාවිතා කර තිබුණා. අනුරාධපුර ප්‍රදේශයම භීතියට පත්කරමින් සොයිසා සිදුකළ මැර ක්‍රියාවල අවසානය උදාවුණේ ද්විත්ව ඝාතනයක් නිසා යි.
සොයිසාගේ අවසන් ඉරණම තීන්දු කළ ද්විත්ව ඝාතනය
1968 වසර පමණ වන විට අනුරාධපුර ප්‍රදේශයට දක්ෂ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු පැමිණියා. ඔවුන් අවංක නිලධාරීන් වුණු නිසා සොයිසාට සුපුරුදු පරිදි සිය ජාවාරම් කරගෙන යාමට හැකිවුණේ නැහැ.එම අවධියේ දී සොයිසා ළඟ සේවය කළ පෙරේරා නම් සේවකයා සුරාවට ලොල්වී සිටියා. දිනක් ඔහු බීමතින් සිටි අවස්ථාවක පවසා සිටියේ අළුත් පොලිසියේ නිලධාරීන් නිසා අපේ ලොක්කාගේ සෙල්ලම් ළඟදීම ඉවර වනු ඇති බව යි. පෙරේරා පැවසූ වදන් පෙළ අසාගෙන සිටි කළු ඇල්බට් නම් සේවකයා වහාම සොයිසා හමුවීමට ගොස් සිදුවුණු දේ පවසා සිටියා. එය ඇසීමෙන් දැඩිලෙස කෝපයට පත්වුණු සොයිසා තම සේවකයාව මරු තුරුළට යැවීමට සැලසුම් සකස් කළා.
තමා කී දේවල් සොයිසාට ආරංචි වුණු බව දැනගත් පෙරේරා හැකි ඉක්මනින් සිය ගම රට බලා පිටත්ව ගියා. ඊට ටික දිනකට පසුව සොයිසාගේ කසිප්පු තිත්පොළක් පොලිස් නිලධාරින්ගේ ග්‍රහණයට නතුවුණා. පෙරේරා පොලිස් නිලධාරින්ට ඔත්තුවක් ලබාදෙන්නට ඇති බවට සැකයක් සොයිසාගේ සිතෙහි ඇතිවුණා. එය සිදුවී මාස කිහිපයක් යනවිට පෙරේරාගේ නිවසේ ආර්ථික තත්ත්වය අයහපත් අතට හැරුණා. සිය සේවකයාව පරළොව යැවීමට නම් තමා ළඟට යළි ගෙන්වාගත යුතු බව සොයිසාට වැටහුණා. එම නිසා සොයිසා සිය සේවකයෙකු අත පෙරේරාගේ මාස කිහිපයක පඩි සල්ලි යවා, යළි සේවයට එන ලෙස ඔහුට ආරාධනා කළා. සොයිසාගේ එම ශූර උපායට පෙරේරා හසුවුණා. එම නිසා ටික දිනකින් යළි කලත්තෑවට පැමිණියා. පෙරේරා සේවයට පැමිණ ටික දිනක් යන විට සොයිසා ඔහුට සමීප වුණා.
දිනක් සොයිසා, පෙරේරා, සහ කළු ඇල්බට් මත්පැන් පානය සඳහා වාඩියට ගියා. එදා පමණ ඉක්මවා මත්පැන් පානය කළ පෙරේරාට අවට වටපිටාවේ සිදුවුණු දේවල් ගැන අවබෝධයක් තිබුණේ නැහැ. පෙරේරා පදමට වෙරි වී සිටින බව තහවුරු කරගැනීමෙන් පසුව සොයිසා කළු ඇල්බට්ට සංඥාව ලබාදුන්නා. එවිට කළු ඇල්බට් එල්ල කළ මෝල්ගස් පහර පෙරේරාගේ හිස මතට පතිත වුණා. ඉන්පසුව සොයිසා සහ කළු ඇල්බට් එකතු වී පෙරේරාගේ සිරුර රහසිගත ස්ථානයක සඟවනු ලැබුවා.
ජූලියන් සන්දරසාගර ද සොයිසා ළඟ සේවය කළ පුද්ගලයෙක්. ඔහුට නියමිත පඩි මුදල් නොලැබීම නිසා සොයිසා සමග දරුණු වාදයකට පැටළුණා. එහි දී ඔහු සොයිසාට පරුෂ වචනයෙන් බැන වදින්නට වුණා. ඉන් පසුව රැකියාවෙන් ඉවත් වී සිය නිවස බලාගිය සන්දරසාගර සොයිසා සතුව තිබුණු වටිනා ටයරයක් රැගෙන යන්නට අමතක කළේ ද නැහැ. සිය සේවකයාගේ හැසිරීම තමන්ට අභියෝගයක් බව තේරුම්ගත් සොයිසා චාටුවෙන් ඔහුවත් යළි සේවා ස්ථානයට ගෙන්වා ගත්තා. ඉන් පසුව කළු ඇල්බට් සහ විලී මාමාව යොදවා ඔහුවත් පරළොව යැවීමට තරම් සොයිසා සාහසික වුණා.
සොයිසාගේ අපරාධ හෙළිවෙයි
මැදවච්චිය මංකොල්ලය සම්බන්ධව පරීක්ෂණ කටයුතු පවත්වමින් සිටියදී උප පොලිස් පරීක්ෂක දෙල්ගොඩ ඇතුළු නිලධාරීන් කණ්ඩායම සොයිසාගේ කලත්තෑව රජදහනට කඩා පැන ඔහුගේ හොර මත්පැන් නිෂ්පාදනාගරය වටලා නීතියේ රැහැනට හසුකිරීම නිසා මෙතෙක් සොයිසා රජරට පුරා ගොඩනගාගෙන සිටි දැවැන්ත ප්‍රතිරූපය ඉරිතලා යන්න පටන් ගත්තා . පී. කේ. ඩී. පෙරේරා ඝාතනයට ප්‍රධානම හේතුව වූයේ ද මෙම දැවැන්ත වැටලීම බව පසුව කරන ලද පරීක්ෂණ වලදී පැහැදිලිව අනාවරණය උනා . මෙම වැටලීම හේතුවෙන් සොයිසාගේ අධිරාජ්‍යයට දැවැන්ත අභියෝගයක් එල්ලවූවා සේම සොයිසා සමඟ කිට්ටු සම්බන්ධතාවක් පැවැත්වූ උසස් පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා කළාපයට ද කණ කොකා හැඬුව. අනුරාධපුර ශුද්ධ වූ නගරය ආසන්නයේ මෙවැනි දැවැන්ත හොර මත්පැන් නිෂ්පාදනාගරයක් පවත්වාගෙන යනතුරු ඇස් කන් පියාගෙන සිටි සොයිසාගේ මිතුරු පොලිස් ලොක්කන් විසිහතර පැයක් ගතවන්නට ප්‍රථම පොලිස් මූලස්ථානයට මාරුකර යැවීමට එවකට පොලිස්පති ධූරය දැරූ ඇලරික් අබේගුණවර්ධන මහතා අතින් සිදුවිය.
පෙරේරාගේ සහ සන්දරසාගරගේ පවුල්වල උදවිය ඔවුන්ගේ අතුරුදහන්වීම් පිළිබඳව පොලිසියට පවසා සිටියා. ඒ වන විටත් සොයිසාගේ අපරාධ ගැන අනුරාධපුර පොලිසියට ඉවවැටී තිබුණා. එම නිසා ඔවුන් ඉතාමත් සූක්ෂම අයුරින් සොයිසා වටා දැල එලන්නට පටන් ගත්තා
අවසානයේ දී පොලිසියට සොයිසා කළ අපරාධ සියල්ල අනාවරණය කරගැනීමට හැකියාව ලැබුණා. වැඩ වැරදීගෙන එන බව තේරුම්ගත් සොයිසා දන්නා හඳුනන පුද්ගලයෙකුගේ වෙළඳසැලක් තුළ රහසිගතව සැඟවී සිටියා. නමුත් ඔහුට වැඩිකලක් පොලිසිය සමග හැංගිමුත්තන් කිරීමට හැකිවුණේ නැහැ. එම නිසා සොයිසා ඉක්මනින්ම පොලිස් අත්අඩංගුවට පත්වුණා.
සොයිසාව එල්ලා මරා දමයි

Last edited: