ශාපලත් භාණ්ඩ

බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,339
    1,540
    113
    32
    Earth-Cj025
    අපේ රටේ විතරක් නෙවෙයි ලෝකයේ අනෙක් රට වලත් සමහර උදවිය තමන්ට වාසනාව ලැබේ යයි බලාපොරොත්තුවෙන් විවිධ භාණ්ඩ තමන් ළඟ තියාගන්නවා. අපේ රටේ බොහෝ දෙනා අපල උපද්‍රව වලින් සහනය ලබා ගන්නට විවිධ මැණික් වර්ග පළඳිනවා. කවුරුවත් තමන්ට අවාසනාව ගෙන එන දෙයක් නම් ළඟ තබා ගැනීමට කැමති වෙන්නේ නැහැ. ඒත් අහම්බයකින් එවැන්නක් තමන් ළඟ තිබුණොත්?

    ඒ වගේ තම හිමිකාරයාට අවාසනාව විතරක් නෙවෙයි මරණය පවා ළඟා කර දුන්නා ‍යැයි සැලකෙන වටිනා භාණ්ඩ කීපයක්ම ඉතිහාසය පිරික්සීමේදී අපට හඳුනාගන්නට පුළුවන්.

    හුදු අහඹු සිදුවීම් වලට එහා ගොස් සිදු වී තිබෙන විවිධ සිදුවීම් නිසා හා ඒ ඒ අවස්ථා වල ඒ ඒ භාණ්ඩ ඒ සිදුවීම් කෙරෙහි සම්බන්ධව තිබූ ආකාරයේ යම් කිසි අත්භූත සමානකම් නිසා මිනිසුන් ඒවා ශාපලත් භණ්ඩ යැයි සලකන්නට පටන් ගත්ත එකට එක එල්ලේම දොස් නඟන්නත් බැහැ. මේවා වල සත්‍ය අසත්‍ය කෙසේ වෙතත් ලඟ තබා ගැනීමෙන් අවාසනාව ලඟා වෙනවා යැයි හංවඩු ගැසුණු භාණ්ඩ කීපයක් ගැන විස්තරයි මේ.

    පිලි ගැනීම නොපිළිගැනීම ඔබට බාරයි , හැබැයි මෙහෙම දේවලුත් වෙලා තියෙනවා කියන එක අමතක කරන්න එපා !!!

    " උපුටා ගැනීමකි සත්‍ය අසත්‍යතාවය තීරණය කිරීම ඔබට බාරයි ...."

    1. හෝප් දියමන්තිය

    20597304_1515854711786003_2550195527758189554_n.jpg




    මේ වටිනා දියමන්තිය මීට අවුරුදු බිලියන 1.1 කටත් වඩා පෙරාතුව නිර්මාණය වූ බවට සැළකෙනවා. මෙහි වර්තමාන වටිනාකම ශ්‍රී ලංකා රුපියල් බිලියන 30ත් 37.5 ත් අතර අගයක් ගන්නවා. ලෝකය පුරා කරක් ගසමින් විවිධාකාර පුද්ගාලයන් අතට පත්වූ මෙය වර්තමානය වන විට වොෂින්ටනයේ ස්වභාවික ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරයේ නිසොල්මන්ව තැන්පත්ව තිබෙනවා.

    බරින් කැරට් 45.52ක් වන මෙහි ශාපයක් ගැබ්ව ඇතැයි සමහරු තාරායෙම විශ්වාස කරනවා. මෙය අයිතිව තිබූ පුද්ගලයින් ගණනාවක්ම දික් කසාද, සිර ගත වීම්, වද හිංසා වලට ලක් වීම්, බංකොළොත් වීම් වලට පමණක් නොවෙයි ජීවිත හානි වීම් වලට පවා ලක් වී ඇති බව ඉතිහාසයේ සඳහන් වෙනවා. නමුත් ඉතිහාසඥයින් පවසන්නේ මේ ශාපය පිළිබඳ කතාව දියමන්තියේ වටිනාකම වැඩි කිරීම සඳහා ගෙතූ එකක් බවයි...

    2. බසානෝ මල් බඳුන

    20638934_1515855435119264_1763315689986170029_n.jpg




    බසානෝ බඳුන රිදියෙන් සාදා තිබෙන්නේ 15 වෙනි ශතවර්ශයේදියි. ඒ ඉතාලියේ ජීවත් වූ කාන්තාවක් සිය විවාහ දින රාත්‍රියේදීයි. එදිනම ඇය ඝාතනය වී තිබියදී සොයා ගන්නවා. ඒ වන විට ඇය මේ බඳුන බදා ගෙන සිටියා. මේ බඳුන ඇගෙන් පසු ඇගේ පවුලේ සාමාජිකයන්ට හිමි වූ අතර සියළු දෙනා මෙහි හිමිකාරීත්වය තිබියදීම මිය යන්නේ අකාලයේ. අවසානයේ මෙය සඟවා දමනු ලබනවා.

    අවාසනාවට නැවතත් 1988 දී මේ බඳුන කිසිවෙක්ට හමු වෙනවා. ඒ මරණය පිළිබඳ අනතුරු ඇඟවෙන කොළ කැබැල්ලක්ද සමඟ. ඉන් අනතුරුව පෙර පරිදිම බඳුනේ හිමිකාරීත්වය ඇති තැනත්තා මිය යනවා. මේ බඳුන විවිධ කෞතුකාගාර වලට දෙන්නට උත්සාහ කළත් කිසිවක් විසින් එය බාර නොගන්නේ ශාපයට ඇති බිය නිසා. වර්තමානය වන විට නැවතත් එය හඳුනාගත නොහැකි ස්ථානයක වළ දමා තිබෙනවා.

    3. බස්බි ගේ පුටුව

    20621987_1515855488452592_8928359646317074840_n.jpg




    ඉංග්‍රීසි ජාතික සුරා සොඬෙක් වුණු තෝමස් බස්බි නැමැත්තෙක්ක් සිය මාමණ්ඩියව 1702 දී ඝාතනය කරනවා. මේ නිසා ඔහුට මරණ දඬුවම ලබා දුන් අතර එය ක්‍රියාත්මක වූ ස්ථානය ඉදිරියේ නවාතැන් පොළක් තිබී තිබෙනවා. තානායමේ සිට බස්බිට මරණ දඬුවම ලබා දෙනු හොඳින්ම පෙනෙන ස්ථානයක තිබූ පුටුවක් ඔහුගේ ශාපයට ලක් වී ඇති බව වැඩි කල් නොගොස්ම එහි ජනතාව තීරණය කරනවා.

    කිසිවෙක් මෙහි වැරදීමකින් හෝ හිඳ ගතහොත් ඔහු ඉතා අසාමාන්‍ය හදිසි අනතුරකට ලක්ව මිය ගොස් ඇති බව ඉතිහාසයේ සඳහන් වෙනවා. කෙසේ හෝ 1978 වසරේදී මෙම පිටුව ත්‍රිර්ස්ක් කෞතුකාගාරයට ලබා දී ඇති අතර අද එය පවතින්නේ උස් තාප්පයක් ඇති කුටියකයි. කිසිවෙක්ට දැන් එහි හිඳ ගන්නට බැහැ.

    4. ‘Hands resist him’ චිත්‍රය

    20604497_1515855585119249_25123684396889446_n.jpg




    ශාපලත් චිත්‍ර පිළිබඳ විවිධ විශ්වාස ලෝකයේ තිබෙනවා. මේ මෑත කාලයේ සිදු වුණු එවැන්නක්. මේ චිත්‍රය අඳින ලද්දේ කැලිෆෝනියාවේ චිත්‍ර ශිල්පියෙක් වූ බිල් ස්ටෝන්හැම් විසින්. ඒ 1972 දී. මෙහි අන්තර්ගත වෙන්නේ ගැහැණු බෝනික්කෙන් අසල සිටින පිරිමි ළමයෙක් ජනේලයක් අසළ සිටගෙන සිටින ආකාරයයි. මෙය 2000 වසරේ eBay හි වෙන්දේසි කරෙනවා. ඒ වන විට දැනුවත් පරිදි අවසානය හිමිකාරීත්වය දැරුවේ 1984 වසරේ මිය ගිය රංගන ශිල්පී ජෝන් මාලි සතුවයි.

    මේ කාලයේදීම මෙය ශාපලත් එකක් බව කියවුණා. මෙය වෙන්දේසි කළ නිර්නාමික වෙළෙන්දන් පැවසුවේ ඔවුන්ට එය හමු වූයේ පැරැණි ඉස්කාගාරයක් පසුපස අත හැර දමා තිබියදී කියායි.

    එක් වෙළෙන්දෙක් විසින් එය නිවසට ගෙන ඒමෙන් අනතුරුව රාත්‍රියේදී එහි අත් සෙළවුණු බවත්, කොටින්ම පිරිමි ළමයා ඉවතට එන්නට හැදූ බවත් සිය කුඩා දියණිය ප්‍රකාශ කළ බවත් තව දුරටත් ඔවුන් විසින් ප්‍රකාශ කර තිබුණා. ශාප වල ඇත්ත නැත්ත කෙසේ වෙතත් මේ කතා නිසා චිත්‍රයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 1025 දක්වා ඉහළ නැග්ගා.

    5. අඬන ළමයාගේ චිත්‍රය

    20638601_1515855805119227_5357751842242404568_n.jpg




    මේ තවත් ශාපලත් යැයි සැළකෙන චිත්‍රයක කතාවක්. 1950 දශකයේ බෲනෝ ඇමඩියෝ විසින් අඳින ලද ‘The crying Boy’ නම් චිත්‍රයේ දැක්වෙන්නේ හැඬුම් බර මුහුණකින් බලා සිටින ළමයෙකුගේ රුවක්.

    සමහරුන්ගේ විශ්වාසයට අනුව මේ සේයාරුව නිසා ගිනි අනතුරු ඇති වෙනවා. 1985 වසරේ සැප්තැම්බර් 4 වැනි දින ‘The Sun’ නම් පුවත්පතක දැක්වුණේ එක් යුවලකට අයත් නිවසක් සම්පූර්ණයෙන් දැවී අළු වී ඇති අතර මේ චිත්‍රය පමණක් නිරුපද්‍රිතව ඉතිරි වී ඇති බවයි.

    මේ අතර තුර එක් ගිනි නිවන භටයෙක් මාධ්‍යයට ප්‍රකාශ කළේ මේ හා සමාන සිද්ධීන් කිහිපයක්ම තමන් අත්දැක ඇති බවයි. එනම් මේ පින්තූරය ඉතිරි වුණු සම්පූර්ණයෙන්ම දැවී ගිය නිවාස තමන් දැක ඇති බවයි. මේත් සමඟ මේ චිත්‍රයට ඈඳුණු ශාපයේ කතාවට තටු ලැබුණා.

    6. ටූටන්කාමන් ගේ සොහොන

    20604668_1515855888452552_388430314060230136_n.jpg




    ශාපලත් ‍යැයි සැලකෙන දේවල් අතුරින් ලොව වැඩිම දෙනා බියක් දක්වන හා ප්‍රසිද්ධම ස්ථානය හෝ භාණ්ඩය තමයි ටූටන්කාමන්ගේ සොහොන් ගැබ. මිය යන විට 19 වි‍යැති වූ මේ පාරාවෝ රජුගේ සොහොනට ඇතුළු වෙන ඕනෑම අයෙකුට පාරාවෝ වරුන්ගේ ශාපය වැදී අවාසනාවන්ත කම, ලෙඩ දුක් හෝ මරණය උරුම වන බව විශ්වාස කෙරෙනවා.

    ක්‍රි. ව 1922 හොවාඩ් කාටර් විසින් පළමු වරට මෙම සොහොන් ගැබ විවෘත කිරීමෙන් පසුව මුලින්ම අද්භූත ලෙස මිය යන්නේ සොහොනට මඟ කිවු කැනරි කුරුල්ලායි. ඉන් අනතුරුව මදුරු දෂ්ඨනයක් විෂ වීමෙන් හොවාඩ් ගේ මූල්‍ය සැපයුම් කරු මිය යනවා.

    1935 වන විට මේ සොහොනට ඈඳුණු මරණ සංඛ්‍යාව 20ක් පමණ වී තිබුණා. සමහරු පවසන්නේ මේ මරණ වලට හේතුව ඒක්කෝ අහම්බයක් බවයි. නැතහොත් සොහොන් බිමේ තිබූ මරණීය දිලීරයක් බවයි.

    7. +359 888 888 888 දුරකථන අංකය



    දුරකථන අංකයක් ශාපලත් එකක් වෙන්නේ කොහොමද කියලා කෙනෙක් විමසන්නට පුළුවන්. නමුත් බල්ගේරියාවට අයත් මේ අංකය හිමිව තිබූ කීප දෙනෙක්ටම අත් වූ ඉරණම දෙස බලන විට කෙනෙක් එහෙම හිතීම ගැන එක එල්ලේ දොසක් කියන්නත් බැහැ. මුලින්ම මේ අංකය හිමිව තිබූ තැනැත්තා අකාලයේ මිය යන අතර පසුව සමාගම් ප්‍රධානියෙකුට අයත්ව තිබුණා.

    ඔහු අවුරුදු 48 දී පිළිකා රෝගයෙන් මිය යනවා. ඉන් අනතුරුව මෙම අංකය පත් වන්නේ මාෆියා කණ්ඩායමකටයි. එය අයත්ව තිබූ මාෆියා මහ මොළකරු හා ඉන්පසුව අයත් ව තිබූ කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවා වෙඩි වැදී මිය යනවා. අවසාන මරණ 3 ම සිදු වන්නේ අවුරුදු 4ක් ඇතුලත් වීම විශේෂත්වයක්. ඉන් අනතුරුව දුරකථන සමාගම එම අංකය භාවිතයෙන් ඉවත් කරනවා


    මූලාශ්‍ර
    Dinindu Ekanayake
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නියමයි....ඔය අඬන ළමයාගේ චිත්‍රෙ අපේ නැන්දා කෙනෙක්ගේ ගෙදර ඉස්සර තිබ්බා.....දැන් නම් නෑ.


    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to බෙන් 10 again.
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,339
    1,540
    113
    32
    Earth-Cj025
    tfs
    wendesi karana item wala.price wadi karanna folk tales mawanawa godak un.

    ඔව් එකනම් ඇත්ත. හුගක්ම ඒවා ඒ වගේ ඒවා තමා. අනතුරක් වුණාම ඒක ගානට Curse එකක් විදිහට මුලින්ම හදා ගන්න ඇති. පස්සේ ඒවා ඒ විදිහට දිගටම යන්න ඇති. නිකන් හිතපන් අවුරුදු 100 විතර පරණ දෙකට තියෙන්නේ සිදුවීම් 5-10 අතර ගානක්. ඒ කලේ අතර සිදුවීම් මොකුත් නැහැ.

    නියමයි....ඔය අඬන ළමයාගේ චිත්‍රෙ අපේ නැන්දා කෙනෙක්ගේ ගෙදර ඉස්සර තිබ්බා.....දැන් නම් නෑ.


    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to බෙන් 10 again.

    අපරාදේ තිබුණානම් මේ වගේ Test එකක් කරලා බලන්න තිබුණා.
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    අඬන ළමයාගේ එක නම් ඒක ඒ දවස්වල print කරපු italian company එක භාවිතා කරපු කොළ වර්ගය ගිනිගන්නෙ නැති එකක්ලු, ඒක england වල ගොඩක් ගෙවල් වල තිබිලා තියෙනවා.
    ඉතින් ගෙවල් ගන්න එක සාමාන්‍යයි,ගිනිගත්ත ගෙවල් වල අර පින්තූරය තිබුණොත් ඒක ගිනිගන්නෙ නැති නිසා ඉතිරි වෙනවා.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ


    5. අඬන ළමයාගේ චිත්‍රය ලංකාවේ බොහෝ ගෙවල් වල තිබෙනවා මම දැකලා තියනවා.



    20638601_1515855805119227_5357751842242404568_n.jpg
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,339
    1,540
    113
    32
    Earth-Cj025
    අඬන ළමයාගේ එක නම් ඒක ඒ දවස්වල print කරපු italian company එක භාවිතා කරපු කොළ වර්ගය ගිනිගන්නෙ නැති එකක්ලු, ඒක england වල ගොඩක් ගෙවල් වල තිබිලා තියෙනවා.
    ඉතින් ගෙවල් ගන්න එක සාමාන්‍යයි,ගිනිගත්ත ගෙවල් වල අර පින්තූරය තිබුණොත් ඒක ගිනිගන්නෙ නැති නිසා ඉතිරි වෙනවා.

    එහෙමත් වෙන්න පුළුවන් තමා. Thank මචන් දැනුවත් කරාට



    5. අඬන ළමයාගේ චිත්‍රය ලංකාවේ බොහෝ ගෙවල් වල තිබෙනවා මම දැකලා තියනවා.



    20638601_1515855805119227_5357751842242404568_n.jpg

    සුද්දගේ කලේ ලංකාවට ආපු ඒවා වෙන්න ඇති නේද බන් ඒවා. මොකද පස්සේ කලේ ඇව ඒවා Chip ඒවා කියලා තමා අහන්න ලැබුණේ.