මේ ලියන්නෙ තමන් සිංහල බෞද්ධ (මමත් ඇතුළුව ) කියන අය සඳහා මයි:
අපි මේ භවයෙ සිංහල බෞද්ධ අම්ම කෙනෙකුට දාව ඉපදුනේ අපි ගිය භවයෙ තෙරුවන් කෙරෙහි ශ්රද්ධාවෙන්, සීලයත්, සමාධියත්, ප්රඥාවත් වඩපු නිසා මයි..
ගිය භවයෙ අපි දන් දුන්නා, අනිත් අය කෙරෙහි මෛත්රී කලා.. භාවනා කරල සමථ, විදර්ශනාව වැඩුවා. ඒ නිසා ම අපි මේ මනුශ්ය භවයෙ සිංහල අම්ම තාත්ත ලැබුවා..
නමුත් දැන් මේ ඉපදිලා ඉන්න භවයෙදි අපි ශ්රද්ධාවෙන් දුර්වල නම්,, සීලයෙන්, සමාධියෙන්, ප්රඥාවෙන් දුර්වල නම්.. ලෝභය, ද්වේශය, මෝහය වඩනව නම්..
අපි ඊලඟ භවයෙ මනුස්සයෙක් උනත් අපි බෞද්ධ වෙන්නෙ නෑ.. අපි උපදින්නෙ අබෞද්ධ පවුලක.
ඉතින් දැන් බෞද්ධාගම, සිංහල ජාතිය බිලි ගන්නවා කිය කියා අනුන් ට බැනල වැඩක් තියෙනවද ? (බනින්න ඕනි අවස්ථා ඕනි තරම් තියෙනව.. මම මේ කියන්නෙ ඒ අසාධාරණ කම් වලට එරෙහි වීම නෙවෙයි. බෞද්ධ කියල කියා ගන්නව නම් අපෙන් විය යුතු දේ මතක් කර දීම පමණයි)
වර්ථමාන සිංහල බෞද්ධයා වඩන්නෙ අබෞද්ධ කම නම්.. අපේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය අපිට ඉක්මනින් අහිමි වේවි. මෙහෙම ගියොත් ආයෙමත් බෞද්ධ වෙලා අපි උපදින්නෙ නැති නිසා..
අන්තිමට බැලුවාම බෞද්ධ ජනගහනය අඩු කර ගන්නෙ අපි ම නේද ?
අපි අපෙන් වෙන්න ඕනි දේ නියම බෞද්ධයෝ විදියට කරනවද ? මේකද බෞද්ධ ජීවිතය ?
මේ කියන්නෙ කාව වත් සුද්ධ කරන්න නෙවෙයි.. අපි අපි දිහා හැරිල පොඩ්ඩක් බලමු.. අපි නියම බෞද්ධයෝ ද ?