ශාසනය රැක ගන්න ඕනෙද?

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මේක බෞද්ධ රටක් වුනේ මිහිඳු හාමුදුරුවෝ ආවට පස්සේ නෙමේ,බුදුහාමුදුරුවෝ තුන් වරක් වැඩම කළ රට මේක,කවදහරි බුද්ධාගම රැක ගන්නෙත් මේ රට කියලා දේශනා කලෙත් ඒකයි.ඔය කතෝලික ඈයොත් පරම්පරා ගානකට කලින් බෞද්ධ අයනේ.ඒකයි මුකුත් මම කියන්නෙ නැත්තේ.කුරුසය ලොකු කරගත්තට කමක් නැහැ,මේ රටට ආදරය කරපල්ලා.මේ රටෙ තියෙන දේවල් විකෘති නොකර හිටපන්
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බ්‍රහ්මජාල සුත්‍රයේදී බුදුන් වහන්සේ මෙවැනි ලාමක විද්‍යා මිත්‍යා ජීවිකතා ලෙස ප්‍රතික්ෂේප කල සේක
    සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යාජීවිකාවෙන් ජීවිකාව කෙරෙත්. එනම්-
    (
    )සාමුද්‍රිකා ශාස්ත්‍රය නිමිත්තෙන් ශුභ අශුභ කීම උත්පාතය කීම, ස්වප්ණ ශාස්ත්‍රය, ලක්‍ෂණ ශාස්ත්‍රය, මූසික ශාස්ත්‍රය, ගිනිපිදීම, යාග කිරීම, අංග විද්‍යාය සොහොනෙහි ශාන්ති කරන භූත විද්‍යාය, මන්ත්‍ර විද්‍යාය, විෂ ශාස්ත්‍රය,...."

    එවන් පැහැදිලි බුද්ධ දේශනාවන් පවත්තිදී දැඩි භක්තියෙන් නැකත් අනුව යමින් කෙරෙන් බමුණන්ගේ මත කොතරම් බෞද්ධයන්ට ගැලපේද?

    නක්ඛත්තං පතිමානෙන්තං අත්ථො බාලං උපච්චගා අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා

    නැකැත් බලමින් කළ යුත්ත පසු කරන්නා වූ මෝඩයා හට අර්ථය ඉක්ම යන්නේ ය. බලාපොරොත්තු වන අර්ථය සිදු වේ නම් එයම නැකත ය. අහසේ තරු කුමක් කෙරේද?

    ඔන්න ඕකයි බුද්ධ දෙශනාව.
    ත්‍රෙඩ් එකේ කරුණු වලට එකඟයි ඔය ක්වොට් කරපු ටිකට ඇරෙන්න. මේවට කලින් පිළිතුරු දුන්න දියරකුස්ට රෙද්ද පල්ලෙන් ගූ බේරෙන්න. අන්තිමට මගේ පෝස්ට් වලට පිළිතුරු දීලා තිබුනේ නැහැ මෙයා. මම ත්‍රිපිටකයේ තියන කරුණු අරගෙනම පැහැදිලි කළා බුදුන්වහන්සේ ජෝතිෂ්‍යය වගේම වෙදකම, නීති විද්‍යාව වගේ ශාස්ත්රත් මේ සුත්‍රයේදී පහත් ලාමක විද්‍යා ලෙස අර්ථ දක්වල තියනව කියල.. තවත් උදාහරණ ගොඩක් පෙන්නුව.ඒ නිසා මේකට ආයෙ පිළිතුරු දෙන්න යන්නැහැ. දාපු පිළිතුරු බලාගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මේ ත්‍රෙඩ් එක අන්තිම වෙනකං බලන්න.

    අනික තමයි කසිප්පු ගහල බයිට් එකට ගන්න ඒවා කතා කරන මිනිස්සු ශාසනේ ගැන කතා කරන එක ගැනනම් විහිළුවක්. ඉස්සල්ල පන්සිල්වත් රැකලා හිටපන් ශාසනේ ආරක්ෂා කරගන්න නම් :lol:
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629

    ඔන්න තවත් පූන නූලක් දාගත්ත බමුනෙක් ඇවිත්.ඔයාගෙ මොනවටද උත්තර දුන්නේ නැත්තෙ කියල මට නම් මතක නෑ.උඹ මුල ටිකට එකග ලු මේ quote කරපු ටිකට එකග නැතිලු. මහත්තයො මුල ටික ලිව්වෙ මම. ඔය quote කරල තියෙන්නේ බුද්ධ වචනය.උඹ වගේ බුද්ධ වචනය ප්‍රතික්ශේප කරන එවුන්ගෙන් තමයි ශාසනය රැක ගන්න ඕනෙ.
    බ්‍රහ්මජාල සුත්‍රයම මම කියවලා තියෙනවා.උඹ ඔය කියන නීති සාස්ත්‍රයෙන්වත් ,වෙදකමෙන්වත් බුද්ධ ශාසනයට අනතුරක් දැනට නෑ. අනතුරු තියෙන්නේ මිනිස්සුන්ගෙ මොලේ මොට්ට කරල තෙරුවන් සරණින් මිනිස්සු ඈත් කරල බහිරවයො සරණ යන්න උගන්වන උබල වගේ එවුන් ගෙන්.
    0000b69a_medium.jpeg

    උඹ ශුද්ද වූ අලු ටිකකින් පොඩි නම්බර වැලි කොලයක් දාල මොලේ සුමට කර ගනින්.
    :lol:
     
    බේබදු මහත්තයෝ මෙන්න ඔයා කසිප්පු බීල බයිට් එක කන ගමන් බ්‍රහ්මජාල සුත්‍රය කියවල අර්ථය වරද්දල තියන හැටි. ඔබේ වචන රතු පාටින් දැක්වේ.

    1.
    බ්‍රහ්මජාල සුත්‍රයම මම කියවලා තියෙනවා.උඹ ඔය කියන නීති සාස්ත්‍රයෙන්වත් ,වෙදකමෙන්වත් බුද්ධ ශාසනයට අනතුරක් දැනට නෑ. අපේ බේබදු බෞද්ධ තුමා මෙයින් අදහස් කරන්නෙ බ්‍රහ්මජාල සුත්‍රයේ පහත් ලාමක විද්‍යාවන් ලෙස සඳහන් කර තිබෙන නිසා "නීති ශාස්ත්‍රය, ශල්‍යකර්ම, දරු වෙදකම, බෙහෙත් මගින් කරන වෙදකම" දැනට බුද්ධ ශාසනයට අනතුරක් නොවුනත් අනාගතයේදී එම ශාස්ත්‍ර වලින් බුද්ධ ශාසනයට අනතුරක් ඇතිවිය හැකියි කියන ඒකයි. තවත් අර්ථයක් ඉස්මතු කරනවා ජෝතිෂ්‍ය වැනි විද්‍යාවන් බ්‍රහ්මජාල සුත්‍රයේ පහත් ලාමක විද්‍යාවන් ලෙස සඳහන් කර තිබෙන්නේ එම විද්‍යාවන්ගෙන් බුදුදහමට අනතුරක් වන නිසා කියල.

    2. නමුත් බ්‍රහ්මජාල සුත්‍රයේ පහත් ලාමක විද්‍යාවන් පෙන්වලා තියෙන්නෙ ඒවායින් බුද්ධ ශාසනයට අනතුරක් වෙන නිසාද? මේ සුත්‍රයේ කොතැනක හරි එහෙම කියල තියනවද? එහෙම තියනවනම් පෙන්වන්න පුලුවන්ද? බ්‍රහ්මජාල සුත්‍රයේ නම් එහෙම කියල නෑ. එහෙනම් අපේ බේබදු බෞද්ධ මහතා "
    ශාසනය රැකගන්න ඕනෙද?" නම් මාතෘකාව යටතේ බ්‍රහ්මජාල සුත්‍ර පාඨ උපුටා දක්වලා තියෙන්නෙ ඇයි? අන්න ඒකයි quote කරල තියන ටිකට එකඟ නැත්තේ. තේරුනාද?

    3. එහෙනම් බ්‍රහ්මජාල සුත්‍රයේ පහත් ලාමක විද්‍යාවන් දක්වලා තියෙන්නෙ ඇයි? හේතුව
    කෙලෙස් සහිත මිනිසුන් බුදුරජානන් වහන්සේගේ ගුණ කියන්නේ හෝ අගුණ කියන්නේ නම් එම ගුණ වැනුම් වලින් උද්දාම වීම හෝ නුගුණ කීමෙන් කෝප ගැනීම නුසුදුසුය. කෙලෙස් සහිත මිනිසුන් බුදුන්ගේ ගුණ වනන එක ආකාරයක් තමයි මේ උඹ අල්ලාගෙන කෑගහන්නෙ. කෙලෙස් සහිත මිනිසුන් කියනවා සමහර බමුණන් ශ්‍රද්ධාවෙන් දෙන දානය ගෙන මෙවැනි වූ පහත් ලාමක විද්‍යාවන්ගේ යෙදනවා නමුත් බුදුරදුන් මෙවැනි පහත් ලාමක විද්‍යාවන් වල යෙදෙන්නෙ නෑ කියල තමයි ඔය පහත් ලාමක විද්‍යාවන් සෙට් එක දාල තියෙන්නෙ. ඊට පස්සෙ බුදුරදුන් දේශනා කරනවා මේ ගුණ වැනීම ප්‍රීතියෙන් උදාම වීමට කරුණක් නොවන බව. මොකද මේක සුළු ගුණයක්. ඊට වඩා වටිනාකමින් වැඩි ගුණ බුදුරදුන් ගාව තියනවා එම ගුණ දත්තෝ එම ගුණ මේසේ කියති යනුවෙන් දේශනා කොට කරුණු 4ක් දක්වා තිබෙනවා. මෙම සුත්‍රයට අනුව බුදුරදුන් පහත් ලාමක ජීවිකා වලින් වැලකි සිටීම උද්දාමයට කරුණක් නොවේ.

    හැමදාම වගේ ඉන්ටර්නෙට් ඒකෙන් ෆොටෝ ටිකක් හොයල කමෙන්ට් එකට එකතු කලහම ඔයාගෙ කමෙන්ට් එක කැපිල පේනවා. ඒත් ඒ කමෙන්ට් ඇතුලෙ තියන අදහස් වල අර්ථය නම් පුස්. හරියට ඔබතුමාගෙ ඔය බේබදු මොලේ වගේ.

    දැන් මාතෘකාවට අදාළ නොවන දේවල්(පුණ නුලයි, නිගන්ටයින්ගේ ෆොටෝයි) දාල ප්‍රශ්නයෙන් පැන යන්නෙ නැතිව, මෙන්න අභියෝගය:- මම ඉහත සඳහන් කළ බ්‍රහ්මජාල සුත්‍රයේ පහත් ලාමක විද්‍යාවන් දැමීමට හේතුව(දුඹුරු පැහැයෙන් දක්වා ඇත) ඇත්තද? බොරුද? කියන එකයි. බොරුනම් හේතුව බ්‍රහ්මජාල සුත්‍රයේ පාඨ ඇසුරින්ම විස්තර කරපන්.

    උඹට බීපු වෙලාවට ඕනෙ දෙයක් දාගනින්. හැබැයි මේ බුදුබණ නම් අර්ථ විකුර්ති කරල කියන්න යන්න එපා. බොහොම කරුණාවෙන් කියන්නෙ.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බේබදු මහත්තයෝ මෙන්න ඔයා කසිප්පු බීල බයිට් එක කන ගමන් බ්‍රහ්මජාල සුත්‍රය කියවල අර්ථය වරද්දල තියන හැටි. ඔබේ වචන රතු පාටින් දැක්වේ.

    1.
    බ්‍රහ්මජාල සුත්‍රයම මම කියවලා තියෙනවා.උඹ ඔය කියන නීති සාස්ත්‍රයෙන්වත් ,වෙදකමෙන්වත් බුද්ධ ශාසනයට අනතුරක් දැනට නෑ. අපේ බේබදු බෞද්ධ තුමා මෙයින් අදහස් කරන්නෙ බ්‍රහ්මජාල සුත්‍රයේ පහත් ලාමක විද්‍යාවන් ලෙස සඳහන් කර තිබෙන නිසා "නීති ශාස්ත්‍රය, ශල්‍යකර්ම, දරු වෙදකම, බෙහෙත් මගින් කරන වෙදකම" දැනට බුද්ධ ශාසනයට අනතුරක් නොවුනත් අනාගතයේදී එම ශාස්ත්‍ර වලින් බුද්ධ ශාසනයට අනතුරක් ඇතිවිය හැකියි කියන ඒකයි. තවත් අර්ථයක් ඉස්මතු කරනවා ජෝතිෂ්‍ය වැනි විද්‍යාවන් බ්‍රහ්මජාල සුත්‍රයේ පහත් ලාමක විද්‍යාවන් ලෙස සඳහන් කර තිබෙන්නේ එම විද්‍යාවන්ගෙන් බුදුදහමට අනතුරක් වන නිසා කියල.

    2. නමුත් බ්‍රහ්මජාල සුත්‍රයේ පහත් ලාමක විද්‍යාවන් පෙන්වලා තියෙන්නෙ ඒවායින් බුද්ධ ශාසනයට අනතුරක් වෙන නිසාද? මේ සුත්‍රයේ කොතැනක හරි එහෙම කියල තියනවද? එහෙම තියනවනම් පෙන්වන්න පුලුවන්ද? බ්‍රහ්මජාල සුත්‍රයේ නම් එහෙම කියල නෑ. එහෙනම් අපේ බේබදු බෞද්ධ මහතා "
    ශාසනය රැකගන්න ඕනෙද?" නම් මාතෘකාව යටතේ බ්‍රහ්මජාල සුත්‍ර පාඨ උපුටා දක්වලා තියෙන්නෙ ඇයි? අන්න ඒකයි quote කරල තියන ටිකට එකඟ නැත්තේ. තේරුනාද?

    මේ සුප්පිය පිරිවැජියා නොයෙක් ආකාරයෙන් බුදුරදුන්ට ධර්මයට සංඝයාට දොස් පවරයි. ඔහුගේ අතවැසිවූ බඹදත් නම් මාණවකයා නොයෙක් ආකාරයෙන් බුදුගුණ දහම් ගුණ සඟගුණ කියයි.

    ´´මහණෙනි, අනුන් මාගේ හෝ නුගුණ කියද්ද, ධර්මය ගැන හෝ නුගුණ කියද්ද, සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණයෙහි තොප විසින් කෝප නොකොට යුත්තේය, අමනාප නොඉපදවිය යුත්තේය, සිත් අසතුටු නොකටයුත්තේය."

    ´´මහණෙනි, අනුන් මාගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ නුගුණ කියද්ද, එවිට තොප විසින් මෙය, මේ හෙයින් වෙන්ට නුපුළුවන. මෙය මේ නිසා අසත්‍යය. මෙය අප කෙරෙහි නැත. මෙය අප කෙරෙහි දකින්ට නැත. බොරුව බොරුව මෙන් එළිදරවු කළ යුතුය´´.

    ´´ශ්‍රමණ භවත් ගෞතමයෝ ප්‍රාණඝාතය අත්හැර දමා ප්‍රාණයකට හිංසා කිරීමෙන් සම්පූර්ණයෙන් වැළකුණාහ. දඬු මුගුරු නොමැත්තෙක් වේ. පාපයට ලජ්ජා ඇත්තෙකි.......

    බුදු හාමුදුරුවො මෙතනදී කියනවා මේ වගේ ගුන සමුදායක් ඇති හින්දා මේ වගෙ අපහාස හමුවේ නොසැලි ඉන්න ලෙස.... ඒ වගේම තවත් අන්යාගමික ශ්‍රමන බමුනන්ට නැති ගුන විදිහට තමයි මේ පහත් ලාමක විද්යාවල් නොයෙදීම ආදිය දේශනා කරන්නේ...

    ´´සමහර පින්වත් මහණ බමුණෝ ශ්‍රද්ධාවෙන් දෙන කෑම කා මෙවැනි පහත් ලාමක විද්‍යාවෙන් මිථ්‍යාජීවිකාවෙන් ජීවිකාව කෙරෙත්. එනම්- (ෂ)සාමුද්‍රිකා ශාස්ත්‍රය නිමිත්තෙන් ශුභ අශුභ කීම උත්පාතය කීම, ස්වප්ණ ශාස්ත්‍රය, ලක්‍ෂණ ශාස්ත්‍රය, මූසික ශාස්ත්‍රය, ගිනිපිදීම, යාග කිරීම, අංග විද්‍යාය වාස්තු විද්‍යාය, නීති ශාස්ත්‍රය, සොහොනෙහි ශාන්ති කරන භූත විද්‍යා................................................................................................
    එවැනි ලාමක පහත් විද්‍යාවෙන් කරන මිථ්‍ය ජීවිකාවෙන් සම්පූර්ණයෙන් වැළකුණෝ ශ්‍රමණ ගෞතමයෝය.

    මේ සුත්‍රයෙදී බුදුහාමුදුරුවො කියල නෑ මෙවන් ලාමක විද්යාවන් ගෙන් වෙන් විය යුත්තේ ශාසනයට අනතුරක් වෙන නිසා කියල. නමුත් මේව තමයි බුදු හාමුදුරුවො වෙනත් ආගමික ශ්‍රමනයන්ගෙන් වෙන් වෙන ලක්ශන. එහෙම නැත්නම් අන්යාගමිකයන්ගේ අපහාස වලට බුදුන් වහන්සේ ලක් නොවන්නේ මේ වගේ ගුන තියෙන නිසා.ඉතින් බුදු හාමුදුරුවන් ලග තිබ්බ ගුණ දැන් භික්ශූන් ලග තියෙන්න ඕනෙ නැද්ද? ගිහියො අනුගමනය කරන්න ඕනේ නැද්ද?
    එහෙම නොකලම අන්යාගමිකයන්ගේ අපහාස අපිට ලැබිය යුතුයි නේද? මෙහම යනකොට ශාසනය පිරිහෙන්නෙ නැද්ද?මහත්තයාට දැන් පැහැදිලි ඇති මෙවාගේ යෙදීම බුදුන් වහන්සේ ප්‍රතික්ශෙප කල බව. ඔයා එකග නැති වුනාට කමක් නෑ. ඔය වැනි ලාමක විද්යා පිහිට සරණ යන්නේ තිසරණ සරන ප්‍රමානවත් නැති අයට. බුද්ධ ධර්මය ලෝකයට පහල වෙන්න කලින් මිනිස්සු ගස් ගල් සරණ ගියෙත් ඔය නිසා.
    දැන් උඹ ට්‍රැක් මාරු කරල කියයි වැඩක් පොලක් කර ගන්න ඔව්වා පාවිච්චි කරාට කමක් නෑ කියල. බුදු හාමුදුරුවො "කින් කරිස්සන්ති තාරකා" කිව්වට "නත්ථි කරිස්සන්ති තාරකා " කියල කිව්වෙ නැතෙයි කියයි.

    3. එහෙනම් බ්‍රහ්මජාල සුත්‍රයේ පහත් ලාමක විද්‍යාවන් දක්වලා තියෙන්නෙ ඇයි? හේතුව කෙලෙස් සහිත මිනිසුන් බුදුරජානන් වහන්සේගේ ගුණ කියන්නේ හෝ අගුණ කියන්නේ නම් එම ගුණ වැනුම් වලින් උද්දාම වීම හෝ නුගුණ කීමෙන් කෝප ගැනීම නුසුදුසුය. කෙලෙස් සහිත මිනිසුන් බුදුන්ගේ ගුණ වනන එක ආකාරයක් තමයි මේ උඹ අල්ලාගෙන කෑගහන්නෙ. කෙලෙස් සහිත මිනිසුන් කියනවා සමහර බමුණන් ශ්‍රද්ධාවෙන් දෙන දානය ගෙන මෙවැනි වූ පහත් ලාමක විද්‍යාවන්ගේ යෙදනවා නමුත් බුදුරදුන් මෙවැනි පහත් ලාමක විද්‍යාවන් වල යෙදෙන්නෙ නෑ කියල තමයි ඔය පහත් ලාමක විද්‍යාවන් සෙට් එක දාල තියෙන්නෙ. ඊට පස්සෙ බුදුරදුන් දේශනා කරනවා මේ ගුණ වැනීම ප්‍රීතියෙන් උදාම වීමට කරුණක් නොවන බව. මොකද මේක සුළු ගුණයක්. ඊට වඩා වටිනාකමින් වැඩි ගුණ බුදුරදුන් ගාව තියනවා එම ගුණ දත්තෝ එම ගුණ මේසේ කියති යනුවෙන් දේශනා කොට කරුණු 4ක් දක්වා තිබෙනවා. මෙම සුත්‍රයට අනුව බුදුරදුන් පහත් ලාමක ජීවිකා වලින් වැලකි සිටීම උද්දාමයට කරුණක් නොවේ.

    ගුණ කිය කියා උද්දාම වෙන්න ඕනෙ නැති බව ඇත්ත. නමුත් වල පල්ලට යනකොට කියල දෙන්න වෙනවා මෙන්න මේවා තම්යි ගුණ මේවා තම්යි නුගුණ කියල.
    දැන් උඹ කියන්නේ මේක බුදු හාමුදුරුවන් ගේ සුලු ගුනයක් ඕක අල්ලා ගෙන ඔච්චර නහින්නේ නැතුව ස්කිප් කරලා දාමු කියල. අනේ අනිච්චන්.....

    අභියෝගය:- මම ඉහත සඳහන් කළ බ්‍රහ්මජාල සුත්‍රයේ පහත් ලාමක විද්‍යාවන් දැමීමට හේතුව(දුඹුරු පැහැයෙන් දක්වා ඇත) ඇත්තද? බොරුද? කියන එකයි. බොරුනම් හේතුව බ්‍රහ්මජාල සුත්‍රයේ පාඨ ඇසුරින්ම විස්තර කරපන්.
    උඹේ අභියොගය පුස්සක් නේ. කොටිනම් අබ්යොගය වැරදියි. උඹේ අබියොගයට මම කොල පාටින් ලකුනු කරල තියෙන ටික හරි. අනික් ටික වැරදියි කියනව නෙමෙයි නමුත් අභියොගයට අදාල නෑ. පොඩ්ඩක් රට පටල ගන්නේ නතුව අග මුල ගලපලා අභියොගයක් කරපන්.
    ඔන්න උඹ වගේ එවුන්ටත් බරහ්ම ජාල සුත්‍රයේ එන පාඨයක් දැම්මා...

    ´´තුන්වැනිවද මහණෙනි, මෙහි යම් මහණෙක් හෝ බමුණෙක් හෝ මේ කුසල්යයි හරි ආකාර නොදනියි. මේ අකුසල්යයි හරි ආකාර නොදනියි. මහණෙනි අමරා වික්‍ෂෙපකවූ සමහර බමුණෝ යම් කරුණකට පැමිණ යමක් හේතුකොට ගෙන ඒ ඒ තැනදී ප්‍රශ්න ඇසූ කල වචන දමා ගැසීම නම් වූ අමරා වික්‍ෂෙපයට පැමිණෙත්ද, මේ ඒ තුන්වැනි කරුණයි´´.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔයාට වෙනද වගේම අදත් පොඩි ළමයෙක්ට වගේ ඇඟිල්ලෙන් ඇන ඇන පැහැදිලි කරන්න වෙනව. කමක් නැහැ. උඹ මෙතන අදහස් දක්වන්නෙ "සාමුද්‍රිකා ශාස්ත්‍රය නිමිත්තෙන් ශුභ අශුභ කීම උත්පාතය කීම, ස්වප්ණ ශාස්ත්‍රය, ලක්‍ෂණ ශාස්ත්‍රය" වැනි විද්‍යාවන් පමණක් පහත් ලාමක විද්‍යාවන් කියන පදනමේ ඉඳන් විතරයි. නමුත් "නීති ශාස්ත්‍රය, ශල්‍යකර්ම, දරු වෙදකම, බෙහෙත් මගින් කරන වෙදකම, ගණිත ශාස්ත්‍රය, කාව්‍ය ශාස්ත්‍රය" වැනි විද්‍යාවනුත් පහත් ලාමක විද්‍යාවන්. ඒ අනුව මම උඹේ අදහස එම විද්‍යාවන්ට ගලපලා මම පහතින් දාල තියනව(උඹේ වචන රතුපාටින් තියනව). මොකද උඹ "සාමුද්‍රිකා ශාස්ත්‍රය නිමිත්තෙන් ශුභ අශුභ කීම උත්පාතය කීම, ස්වප්ණ ශාස්ත්‍රය, ලක්‍ෂණ ශාස්ත්‍රය" වැනි විද්‍යාවන් උපුටා දක්වන්නෙත් බ්‍රහ්ම ජාල සුත්‍රයෙන්. එලෙසින්ම එහි ඇති අනෙකුත් පහත් ලාමක විද්‍යාවන්ද උඹේ අදහසට ඇතුලත් විය යුතුයි. නැතිව උඹට පහත් ලාමක විද්‍යා වලින් තෝරාගත් කොටසක් පමණක් අරගෙන මේ අදහස ගන්න බැහැ. බුදුහාමුදුරුවන් මේ සියලුම පහත් ලාමක විද්‍යාවන්ගෙන් වෙන්වූ කෙනෙක්.පැහැදිලියි නේද?

    මේ සුත්‍රයෙදී බුදුහාමුදුරුවො කියල නෑ මෙවන් ලාමක විද්යාවන් ගෙන් වෙන් විය යුත්තේ ශාසනයට අනතුරක් වෙන නිසා කියල. නමුත් මේව තමයි බුදු හාමුදුරුවො වෙනත් ආගමික ශ්‍රමනයන්ගෙන් වෙන් වෙන ලක්ශන. එහෙම නැත්නම් අන්යාගමිකයන්ගේ අපහාස වලට බුදුන් වහන්සේ ලක් නොවන්නේ මේ වගේ ගුන තියෙන නිසා.ඉතින් බුදු හාමුදුරුවන් ලග තිබ්බ ගුණ දැන් භික්ශූන් ලග තියෙන්න ඕනෙ නැද්ද? ගිහියො අනුගමනය කරන්න ඕනේ නැද්ද?
    එහෙම නොකලම අන්යාගමිකයන්ගේ අපහාස අපිට ලැබිය යුතුයි නේද? මෙහම යනකොට ශාසනය පිරිහෙන්නෙ නැද්ද?
    බුදුන් වහන්සේ "නීති ශාස්ත්‍රය, ශල්‍යකර්ම, දරු වෙදකම, බෙහෙත් මගින් කරන වෙදකම, ගණිත ශාස්ත්‍රය, කාව්‍ය ශාස්ත්‍රය" වැනි පහත් ලාමක විද්‍යාවන්ගෙන් වෙන්වූ උතුමෙක්. මේව තමයි බුදු හාමුදුරුවො වෙනත් ආගමික ශ්‍රමනයන්ගෙන් වෙන් වෙන ලක්ශන. එහෙම නැත්නම් අන්යාගමිකයන්ගේ අපහාස වලට බුදුන් වහන්සේ ලක් නොවන්නේ මේ වගේ ගුන තියෙන නිසා.ඉතින් බුදු හාමුදුරුවන් ලග තිබ්බ ගුණ දැන් භික්ශූන් ලග තියෙන්න ඕනෙ නැද්ද? (භික්ෂුන් ජෝතිෂ්‍ය තබා කැඩුම් බිඳුම් වෙදකම කිරීමවත් සුදුසු නැහැ. භිෂුන් මෙවැනි විද්‍යා හැදෑරීමෙන් ශාසනයට අනතුරක් තියනව)ගිහියො අනුගමනය කරන්න ඕනේ නැද්ද? (නමුත් උඹ මේ කියන විදිහට ගිහියෝ මේවයින් ඈත් උනොත් උඹේ ළමයට ගණිතය උගන්වන්නේ කවුද? ළමය අසනීප උනහම බේත් ගන්නෙ කොහොමද? ඉස්පිරිතාලෙකට ගිහින් සැත්කමක් කරන්නෙ කොහොමද? ඇස් අමාරුවක් ආවම බේත් ගන්නෙ කොහොමද? උඹ ත්‍රෙඩ් වල කවි ලියල දානව ඉතින් යකෝ ඒකත් පහත් ලාමක විද්‍යාවක් නේ...) එහෙම නොකලම අන්යාගමිකයන්ගේ අපහාස අපිට ලැබිය යුතුයි නේද? මෙහම යනකොට ශාසනය පිරිහෙන්නෙ නැද්ද? (ඔය විද්‍යාවන් පහත් ලාමක විද්‍යාවන් ලෙස මෙම සුත්‍රයේ දැක්වූ නිසා මේවයින් ගිහියන් වැළකුණේ නැතිනම් අපිට අන්‍යාගමිකයින් ගෙන් අපහාස ලැබෙනවද? ශාසනය පිරිහෙනවද?)

    මහත්තයාට දැන් පැහැදිලි ඇති මෙවාගේ යෙදීම බුදුන් වහන්සේ ප්‍රතික්ශෙප කල බව. ඔයා එකග නැති වුනාට කමක් නෑ. ඔය වැනි ලාමක විද්යා පිහිට සරණ යන්නේ තිසරණ සරන ප්‍රමානවත් නැති අයට.
    :lol: දැන් මොකද කියන්නෙ ඔය මහත්තය??? ළමයට ගණන් උගන්නන්නෙ නැතිව ඉන්නවද? ලෙඩ උනහම බේත් අරන් දෙන්නෙ නැතිව ඉන්නවද? ඔපරේෂන් එකක් කරන්න උනොත්? ඇස් ලෙඩක් ආවොත්? ත්‍රෙඩ් එකක කවියක් ලියන්න හිතුනොත්? ඒවත් පහත් ලාමක විද්‍යාවන් තමයි. තේරුම් ගනින්. මේවයින් වලකින්න ඕනෙ නිසා නෙමෙයි මේ සුත්‍රයට මේ විද්‍යාවන් ලිස්ට් එක දැම්මේ.

    ගුණ කිය කියා උද්දාම වෙන්න ඕනෙ නැති බව ඇත්ත. නමුත් වල පල්ලට යනකොට කියල දෙන්න වෙනවා මෙන්න මේවා තම්යි ගුණ මේවා තම්යි නුගුණ කියල.
    දැන් උඹ කියන්නේ මේක බුදු හාමුදුරුවන් ගේ සුලු ගුනයක් ඕක අල්ලා ගෙන ඔච්චර නහින්නේ නැතුව ස්කිප් කරලා දාමු කියල. අනේ අනිච්චන්.....
    මම නෙමෙයි සුළු ගුණයක් කියන්නෙ. බ්‍රහ්ම ජාල සුත්‍රයේම තමයි එහෙම තියෙන්නෙ. ඔක්කොටම කලින් සුත්‍රය කියවල වරෙන්. අනික තමයි මචං මම මේ එකම උත්තරය තමයි කරකව කරකව උඹට කියන්නෙ. පහත් ලාමක විද්‍යාවන් යනු ඔය උඹ හිතන් ඉන්න ටික විතරක් නෙමෙයි. උඹ සුත්‍රය කියවල තියෙන්නෙ බාගෙට. ඒ මදිවට උඹ කියනව මේ විද්‍යාවන්ගෙන් වැළකිය යුතු නිසයි මේ ලිස්ට් එක දාල තියෙන්නෙ කියලත්.

    උඹේ අභියොගය පුස්සක් නේ. කොටිනම් අබ්යොගය වැරදියි. උඹේ අබියොගයට මම කොල පාටින් ලකුනු කරල තියෙන ටික හරි. අනික් ටික වැරදියි කියනව නෙමෙයි නමුත් අභියොගයට අදාල නෑ. පොඩ්ඩක් රට පටල ගන්නේ නතුව අග මුල ගලපලා අභියොගයක් කරපන්.
    උඹ කියනවා මගෙ අභියෝගය පුස්සක්ලු. නමුත් පළමු කරුණ තමයි උඹ පිළිගත්ත මම දාපු බ්‍රහ්මජාල සුත්‍රයේ පහත් ලාමක විද්‍යාවන් ලිස්ට් එකක් දැමීමට හේතුව. දෙවැනි කරුණ තමයි උඹ උඹේ හේතුව (මේ විද්‍යාවන්ගෙන් වැළකිය යුතු නිසයි මේ සුත්‍රයට මේ විද්‍යාවන් ලිස්ට් එක දාල තියෙන්නෙ)බ්‍රහ්ම ජාල සුත්‍රය ඇසුරින් තහවුරු කලේ නැහැ. උඹේ හිතට එන පලියට එහෙම කියනවා පමණයි. ඉතින් උඹ ඒ අභියෝගය පරාදයි.

    ඔන්න උඹ වගේ එවුන්ටත් බරහ්ම ජාල සුත්‍රයේ එන පාඨයක් දැම්මා...
    ත්‍රෙඩ් එකේ මාතෘකාවට නොගැලපෙන සුත්‍ර පාඨයක් දැම්ම වගේ තමයි මේකත්. ගැලපෙන්නෑ. ආයෙ ට්‍රයි කරපං.
     
    Last edited:
    • Like
    Reactions: MihiCherub

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔයාට වෙනද වගේම අදත් පොඩි ළමයෙක්ට වගේ ඇඟිල්ලෙන් ඇන ඇන පැහැදිලි කරන්න වෙනව. කමක් නැහැ. උඹ මෙතන අදහස් දක්වන්නෙ "සාමුද්‍රිකා ශාස්ත්‍රය නිමිත්තෙන් ශුභ අශුභ කීම උත්පාතය කීම, ස්වප්ණ ශාස්ත්‍රය, ලක්‍ෂණ ශාස්ත්‍රය" වැනි විද්‍යාවන් පමණක් පහත් ලාමක විද්‍යාවන් කියන පදනමේ ඉඳන් විතරයි. නමුත් "නීති ශාස්ත්‍රය, ශල්‍යකර්ම, දරු වෙදකම, බෙහෙත් මගින් කරන වෙදකම, ගණිත ශාස්ත්‍රය, කාව්‍ය ශාස්ත්‍රය" වැනි විද්‍යාවනුත් පහත් ලාමක විද්‍යාවන්. ඒ අනුව මම උඹේ අදහස එම විද්‍යාවන්ට ගලපලා මම පහතින් දාල තියනව(උඹේ වචන රතුපාටින් තියනව). මොකද උඹ "සාමුද්‍රිකා ශාස්ත්‍රය නිමිත්තෙන් ශුභ අශුභ කීම උත්පාතය කීම, ස්වප්ණ ශාස්ත්‍රය, ලක්‍ෂණ ශාස්ත්‍රය" වැනි විද්‍යාවන් උපුටා දක්වන්නෙත් බ්‍රහ්ම ජාල සුත්‍රයෙන්. එලෙසින්ම එහි ඇති අනෙකුත් පහත් ලාමක විද්‍යාවන්ද උඹේ අදහසට ඇතුලත් විය යුතුයි. නැතිව උඹට පහත් ලාමක විද්‍යා වලින් තෝරාගත් කොටසක් පමණක් අරගෙන මේ අදහස ගන්න බැහැ. බුදුහාමුදුරුවන් මේ සියලුම පහත් ලාමක විද්‍යාවන්ගෙන් වෙන්වූ කෙනෙක්.පැහැදිලියි නේද?

    බුදුන් වහන්සේ "නීති ශාස්ත්‍රය, ශල්‍යකර්ම, දරු වෙදකම, බෙහෙත් මගින් කරන වෙදකම, ගණිත ශාස්ත්‍රය, කාව්‍ය ශාස්ත්‍රය" වැනි පහත් ලාමක විද්‍යාවන්ගෙන් වෙන්වූ උතුමෙක්. මේව තමයි බුදු හාමුදුරුවො වෙනත් ආගමික ශ්‍රමනයන්ගෙන් වෙන් වෙන ලක්ශන. එහෙම නැත්නම් අන්යාගමිකයන්ගේ අපහාස වලට බුදුන් වහන්සේ ලක් නොවන්නේ මේ වගේ ගුන තියෙන නිසා.ඉතින් බුදු හාමුදුරුවන් ලග තිබ්බ ගුණ දැන් භික්ශූන් ලග තියෙන්න ඕනෙ නැද්ද? (භික්ෂුන් ජෝතිෂ්‍ය තබා කැඩුම් බිඳුම් වෙදකම කිරීමවත් සුදුසු නැහැ. භිෂුන් මෙවැනි විද්‍යා හැදෑරීමෙන් ශාසනයට අනතුරක් තියනව)ගිහියො අනුගමනය කරන්න ඕනේ නැද්ද? (නමුත් උඹ මේ කියන විදිහට ගිහියෝ මේවයින් ඈත් උනොත් උඹේ ළමයට ගණිතය උගන්වන්නේ කවුද? ළමය අසනීප උනහම බේත් ගන්නෙ කොහොමද? ඉස්පිරිතාලෙකට ගිහින් සැත්කමක් කරන්නෙ කොහොමද? ඇස් අමාරුවක් ආවම බේත් ගන්නෙ කොහොමද? උඹ ත්‍රෙඩ් වල කවි ලියල දානව ඉතින් යකෝ ඒකත් පහත් ලාමක විද්‍යාවක් නේ...) එහෙම නොකලම අන්යාගමිකයන්ගේ අපහාස අපිට ලැබිය යුතුයි නේද? මෙහම යනකොට ශාසනය පිරිහෙන්නෙ නැද්ද? (ඔය විද්‍යාවන් පහත් ලාමක විද්‍යාවන් ලෙස මෙම සුත්‍රයේ දැක්වූ නිසා මේවයින් ගිහියන් වැළකුණේ නැතිනම් අපිට අන්‍යාගමිකයින් ගෙන් අපහාස ලැබෙනවද? ශාසනය පිරිහෙනවද?)

    :lol: දැන් මොකද කියන්නෙ ඔය මහත්තය??? ළමයට ගණන් උගන්නන්නෙ නැතිව ඉන්නවද? ලෙඩ උනහම බේත් අරන් දෙන්නෙ නැතිව ඉන්නවද? ඔපරේෂන් එකක් කරන්න උනොත්? ඇස් ලෙඩක් ආවොත්? ත්‍රෙඩ් එකක කවියක් ලියන්න හිතුනොත්? ඒවත් පහත් ලාමක විද්‍යාවන් තමයි. තේරුම් ගනින්. මේවයින් වලකින්න ඕනෙ නිසා නෙමෙයි මේ සුත්‍රයට මේ විද්‍යාවන් ලිස්ට් එක දැම්මේ.

    මම නෙමෙයි සුළු ගුණයක් කියන්නෙ. බ්‍රහ්ම ජාල සුත්‍රයේම තමයි එහෙම තියෙන්නෙ. ඔක්කොටම කලින් සුත්‍රය කියවල වරෙන්. අනික තමයි මචං මම මේ එකම උත්තරය තමයි කරකව කරකව උඹට කියන්නෙ. පහත් ලාමක විද්‍යාවන් යනු ඔය උඹ හිතන් ඉන්න ටික විතරක් නෙමෙයි. උඹ සුත්‍රය කියවල තියෙන්නෙ බාගෙට. ඒ මදිවට උඹ කියනව මේ විද්‍යාවන්ගෙන් වැළකිය යුතු නිසයි මේ ලිස්ට් එක දාල තියෙන්නෙ කියලත්.

    උඹ කියනවා මගෙ අභියෝගය පුස්සක්ලු. නමුත් පළමු කරුණ තමයි උඹ පිළිගත්ත මම දාපු බ්‍රහ්මජාල සුත්‍රයේ පහත් ලාමක විද්‍යාවන් ලිස්ට් එකක් දැමීමට හේතුව. දෙවැනි කරුණ තමයි උඹ උඹේ හේතුව (මේ විද්‍යාවන්ගෙන් වැළකිය යුතු නිසයි මේ සුත්‍රයට මේ විද්‍යාවන් ලිස්ට් එක දාල තියෙන්නෙ)බ්‍රහ්ම ජාල සුත්‍රය ඇසුරින් තහවුරු කලේ නැහැ. උඹේ හිතට එන පලියට එහෙම කියනවා පමණයි. ඉතින් උඹ ඒ අභියෝගය පරාදයි.

    ත්‍රෙඩ් එකේ මාතෘකාවට නොගැලපෙන සුත්‍ර පාඨයක් දැම්ම වගේ තමයි මේකත්. ගැලපෙන්නෑ. ආයෙ ට්‍රයි කරපං.
    මම සරලව කියන්නම්. දැන් උඹ මාත් එක්ක වාදෙට ආවේ මම ජොතිශ ,යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පස්සේ බෞද්ධයො යන එක සාසනේ පිරිහෙන්න හේතුවක් කියල මම කියපු නිසානේ.
    මම පැහැදිලිව කිව්වා බුදු හාමුදුරුවො මෙවා ලාමක විද්යා කියල ගරහපු ජාතියක්ය බුදු හාමුදුරුවොම "නැකත් තරු කුමක් කෙරෙයිද" කියල දේශනා කරපු බවත්.
    මිනිස්සු ජොතිශ පස්සේ ගිහින් ග්‍රහ පූජා, දෙව පූජා පස්සේ ගිහාම මිනිස්සු ඒ දෙව්යොම සරණ යනවා.එහෙම මිනිස්සුන්ට වෙච්ච හින්ද තමයි මිනී ඔලු ගත්තු යක්කු බුදු මැදුරටත් රින්ග ගත්තෙ.මේක ඕන මොඩයෙකුට තෙරෙනවා . ඉතින් ඒක සනාත කරන්න ,බුදු හාමුදුරුවො මෙවාට ගරහපු බව පෙන්වන්න බුද්ධ පාඨ දෙකක් මම දැම්මා.
    මගේ මාතෘකාව තමයි සාසනේට තියෙන අනතුරු පෙන්වීම. දැනට උඹ කියන ගනිතය, නීතියෙන් මගේ මාතෘකාවට විශය වෙන අනතුරක් නෑ.කවද හරි මිනිස්සු ගනිතය ඉගෙන ගෙන අයිසැක් නිවුටන් වන්දනාමාන කරන්න නිව්ටන්ට පුද පූජා තියන්න අරන් තෙරුවන් සරණින් ඈත්වෙන දවසක ඔන්න මට කියන්න පුලුවන් " ඔකත් ලාමක විද්යාවක් ඕක ගනන් හදන්න ගත්තට ඔක සරණ යන්න එපා කියල."හද පෙන්නුවාම ඇගිල්ල දිහා බලනවා වගේ උඹ මෙතන දගලනවා.

    බුදු හමුදුරුවො කේසි සුත්‍රයෙ කිව්වනෙ බුදුහාමුදුරුවන්ටත් හදන්න බැරි කට්ටිය ඉන්නවා කියල. ඒ වගෙ තමයි උඹටත් කියන දෙය තෙරෙන්නේ නෑ තෙරුම් කරන්නත් බෑ.උඹෙ ගොන් තර්ක වලට උත්තර ලියල නිකම් කාලේ කන්න මට බෑ.
    ඉස්සෙල්ලම මට කියපන් බලන්න මිනිස්සූ මෙ බුතවිද්යා අනම් මනන් පස්සේ ගිහින් එවගෙ ඉන්න දෙවියොයි බූතයොයි බුදු මදුර ඉස්සරහටම ගත්තම සාසනේ විනාස වෙන්නෙ නැද්ද කියල.
     
    උඹ ජෝතිශ්‍යයට, යන්ත්‍ර, මන්ත්‍ර වලට කොච්චර බැන්නත් මට කිසිම ප්‍රශ්නයක් නැහැ මචං. නමුත් උඹ උඹේ අරමුණට ගත්තු සෝර්ස් එකයි මට තියන ප්‍රශ්නය. සෝර්ස් එක බ්‍රහ්මජාල සුත්‍රය. ඒක තේරුම් ගනින්කො ගනින්කො බන් මෙච්චර පැහැදිලිව කියද්දිත්.

    අන්තිමට මට මේ දේ විතරක් කියපන් ඒ දේශනාව තුලින් එම පහත්ලාමක විද්‍යාවන් ගිහියන්ට හදාරන්න හෝ හදාරන්න එපා කියල තියනවද? එහෙම කියල නැද්ද?

    උඹට දෙන්න වෙන්නෙ එහෙම කියල නැහැ කියන පිළිතුරයි. ඉතින් බුදුහාමුදුරුවන් එම සුත්‍රයේ එහෙම දෙයක් කියල නැතිනම් මේ ත්‍රෙඩ් එකට බ්‍රහ්මජාල සුත්‍රයේ උඹ දාල තියන පාඨය ගැලපෙන්නෙ කොහොමද? ඒකයි මම මෙච්චර වෙලා කියන්නෙ.

    උඹේ ත්‍රෙඩ් එක කියවන අන්‍යාගමිකයෙක් බ්‍රහ්මජාල සුත්‍රය අරගෙන බලනවා ඒකෙ තියන පහත් ලාමක විද්‍යාවන් ටික විතරක්. එතකොට එයා ගන්නෙ වැරදි අර්ථයක්. බුදුහාමුදුරුවෝ ගණිතය, නීති විද්‍යාව, සැත්කම්, ඇස් වෙදකම, දරු වෙදකම, කාව්‍ය ශාස්ත්‍රය වගේ ඒවත් පහත් ලාමකයි කියල ප්‍රතිෂේප කරලනේ කියලයි එයා අර්ථය ගන්නෙ. ඒත් සුත්‍රයෙන් කියන්නෙ වෙන දෙයක්. ඒක තේරුම් ගනින්. මම ඒ වැරැද්ද පෙන්වනකොට උඹ කියන්නෙ වෙන මගුලක්. දැන් කවුද හඳ පෙන්වනකොට ඇඟිල්ල දිහා බලන් කෑගහන්නෙ කියල තේරෙනවද?????

    මෙච්චර පැහැදිලිව කරුණු පෙන්වද්දිත් ඒවා පිළිනොගෙන ගොන් තර්ක කියල මගහැරීම උඹට උන වැරැද්ද පිළිගැනීමට තියන ලැජ්ජාව කියල මම හිතාගන්නම්. මොකද මම පෙන්වපු කරුණු පැහැදිලියි. අනික මම මගෙ හිතලු නෙමෙයි මෙතන ඉදිරිපත් කලේ. අතින් දාපු දේවල් බුද්ධ වචනයට කලවම් කරල නෙමෙයි ඉදිරිපත් කලේ. හරියට උඹ ලාමක විද්‍යාවන්ගෙන් උඹට හිතෙන ටිකක් තෝරාගෙන ඒවා ගිහියන්ට ප්‍රතිෂේප කරන්න කියල බුදුහාමුදුරුවන් දෙසූ බව කිව්වා වගේ.

    අන්තිමට කියන්නම් ශාසනේ විනාශවෙන්නෙ කොහොමද කියල බුදුහාමුදුරුවන් කිව්ව විදිය. මම කියන විදිහ මට හිතෙන විදිහ නෙමෙයි.මෙන්න මේ පහ අන්තර්ධාන උනාම තමයි ශාසනේ විනාස වෙන්නෙ.

    01)ප්‍රතිවෙධ අන්තර්ධානය
    02)ප්‍රතිපත්ති අන්තර්ධානය
    03)පර්‍යප්ති අන්තර්ධානය
    04)ලිංග අන්තර්ධානය
    05)ධාතු අන්තර්ධානය
     
    Last edited:

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ithin tho bawudda ne palako indiyawata..... :lol::lol::lol::lol: umbalage kattiyath ekka......

    දැන් දීපල්ලකෝ උත්තර,හරි උරුමය කියලා දුන්නත් මේකේ ඉන්න ගොඩක් එවුන්ට ඒක තේරුම් ගන්න බෑ
     
    • Like
    Reactions: jkdtharindu

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    දැන් දීපල්ලකෝ උත්තර,හරි උරුමය කියලා දුන්නත් මේකේ ඉන්න ගොඩක් එවුන්ට ඒක තේරුම් ගන්න බෑ
    මේ ඉන්න මීවනපලානේ ගොලයා....
    දැන් උඹ කියන්නේ බුදු හාමුදුරුවො ඉපදුනේ ලන්කාවෙ කියලද එකට උත්තරෙත් එක්කම සාකච්චාව පටන් ගමු... මාරු වෙලා එහෙම යන්න එපා.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    උඹ ජෝතිශ්‍යයට, යන්ත්‍ර, මන්ත්‍ර වලට කොච්චර බැන්නත් මට කිසිම ප්‍රශ්නයක් නැහැ මචං. නමුත් උඹ උඹේ අරමුණට ගත්තු සෝර්ස් එකයි මට තියන ප්‍රශ්නය. සෝර්ස් එක බ්‍රහ්මජාල සුත්‍රය. ඒක තේරුම් ගනින්කො ගනින්කො බන් මෙච්චර පැහැදිලිව කියද්දිත්.

    අන්තිමට මට මේ දේ විතරක් කියපන් ඒ දේශනාව තුලින් එම පහත්ලාමක විද්‍යාවන් ගිහියන්ට හදාරන්න හෝ හදාරන්න එපා කියල තියනවද? එහෙම කියල නැද්ද?

    "මිනිස්සු ගනිතය ඉගෙන ගෙන අයිසැක් නිවුටන් වන්දනාමාන කරන්න නිව්ටන්ට පුද පූජා තියන්න අරන් තෙරුවන් සරණින් ඈත්වෙන දවසක ඔන්න මට කියන්න පුලුවන් " ඔකත් ලාමක විද්යාවක් ඕක ගනන් හදන්න ගත්තට ඔක සරණ යන්න එපා කියල."හද පෙන්නුවාම ඇගිල්ල දිහා බලනවා වගේ උඹ මෙතන දගලනවා."

    ආයෙ කලින් උත්තරයම දැම්මා තෙරෙනවද බලපන්
     
    johnd82

    Member
    Oct 3, 2013
    128
    10
    0
    බුදු දහම කියන්නෙ සංයමයෙන් සහ මධ්‍යම ප්‍රතිපදාවෙන් ජීවත් වීමයි.ඊට වඩා දෙයක් නැත.නිර්වාණය ,රහත් බව කියන දේවල් බුදුන් වහන්සේ දේශනා කරපු ඒවා නෙවෙයි.ඒවා පස්සෙ එකතු කරපු දේවල්.අධි මානසික බලයන්, අධිස්වභාවික දේවල් ගැන කිසිම දෙයක් කියලා නැත. ලෝකය සහ ලෝකයේ ස්වභාවය ගැන දේශනා කරලා තියෙනවා. ලෝකයට ඇලී ගැලී ජිවත් නොවීම සහ සරලව ජීවත්වීම වඩා වැදගත් කියලා තමයි මූලික හරයන්.අපායන් දිව්‍යලෝක දෙවියන් යකුන් ගැන බුදුන් වහන්සේ දේශනා කරලා නැත.එවැනි දේවල් පවතින්න තියෙන ඉඩකඩ අවම බව ප්‍රකාශ කර ඇත.:angry:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    "මිනිස්සු ගනිතය ඉගෙන ගෙන අයිසැක් නිවුටන් වන්දනාමාන කරන්න නිව්ටන්ට පුද පූජා තියන්න අරන් තෙරුවන් සරණින් ඈත්වෙන දවසක ඔන්න මට කියන්න පුලුවන් " ඔකත් ලාමක විද්යාවක් ඕක ගනන් හදන්න ගත්තට ඔක සරණ යන්න එපා කියල."හද පෙන්නුවාම ඇගිල්ල දිහා බලනවා වගේ උඹ මෙතන දගලනවා."

    ආයෙ කලින් උත්තරයම දැම්මා තෙරෙනවද බලපන්
    උඹට කියන්න පුළුවන් දේ ගැන මට ප්‍රශ්නෙකුත් නෑ. වැඩකුත් නෑ. නමුත් බුදුහාමුදුරුවන් නොකී දෙයක් කිව්වා කියල පට්ට පල් කෙබර කියන ඒකයි මට ප්‍රශ්නේ.

    අන්තිමට මට මේ දේ විතරක් කියපන් ඒ දේශනාව තුලින් එම පහත්ලාමක විද්‍යාවන් ගිහියන්ට හදාරන්න හෝ හදාරන්න එපා කියල තියනවද? එහෙම කියල නැද්ද?
    කිව්වද? නැද්ද? එතනින් මේ කතාව ඉවරයි.

    උඹේ ත්‍රෙඩ් එක කියවන අන්‍යාගමිකයෙක් බ්‍රහ්මජාල සුත්‍රය අරගෙන බලනවා ඒකෙ තියන පහත් ලාමක විද්‍යාවන් ටික විතරක්. එතකොට එයා ගන්නෙ වැරදි අර්ථයක්. බුදුහාමුදුරුවෝ ගණිතය, නීති විද්‍යාව, සැත්කම්, ඇස් වෙදකම, දරු වෙදකම, කාව්‍ය ශාස්ත්‍රය වගේ ඒවත් පහත් ලාමකයි කියල ප්‍රතිෂේප කරලනේ කියලයි එයා අර්ථය ගන්නෙ. ඒත් සුත්‍රයෙන් කියන්නෙ වෙන දෙයක්. ඒක තේරුම් ගනින්. මම ඒ වැරැද්ද පෙන්වනකොට උඹ කියන්නෙ වෙන මගුලක්. දැන් කවුද හඳ පෙන්වනකොට ඇඟිල්ල දිහා බලන් කෑගහන්නෙ කියල තේරෙනවද?????
    මෙච්චර පැහැදිලිව කරුණු පෙන්වද්දිත් ඒවා පිළිනොගෙන ගොන් තර්ක කියල මගහැරීම උඹට උන වැරැද්ද පිළිගැනීමට තියන ලැජ්ජාව කියල මම හිතාගන්නම්.
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බුදු දහම කියන්නෙ සංයමයෙන් සහ මධ්‍යම ප්‍රතිපදාවෙන් ජීවත් වීමයි.ඊට වඩා දෙයක් නැත.නිර්වාණය ,රහත් බව කියන දේවල් බුදුන් වහන්සේ දේශනා කරපු ඒවා නෙවෙයි.ඒවා පස්සෙ එකතු කරපු දේවල්.අධි මානසික බලයන්, අධිස්වභාවික දේවල් ගැන කිසිම දෙයක් කියලා නැත. ලෝකය සහ ලෝකයේ ස්වභාවය ගැන දේශනා කරලා තියෙනවා. ලෝකයට ඇලී ගැලී ජිවත් නොවීම සහ සරලව ජීවත්වීම වඩා වැදගත් කියලා තමයි මූලික හරයන්.අපායන් දිව්‍යලෝක දෙවියන් යකුන් ගැන බුදුන් වහන්සේ දේශනා කරලා නැත.එවැනි දේවල් පවතින්න තියෙන ඉඩකඩ අවම බව ප්‍රකාශ කර ඇත.:angry:
    හෙතු වාදියෙක්ද උඹ? කොවුර් අනුගමිකයෙක් වගේ....
     
    johnd82

    Member
    Oct 3, 2013
    128
    10
    0
    හෙතු වාදියෙක්ද උඹ? කොවුර් අනුගමිකයෙක් වගේ....

    නැත.මම සැබෑ මිත්‍යදෘෂ්ඨියෙන් තොර වුන බෞද්ධයෙක්.සම්‍යක්දෘෂ්ඨිකයෙක්.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    එවැනි දේවල් පවතින්න තියෙන ඉඩකඩ අවම බව ප්‍රකාශ කර ඇත.:angry:
    මං ඔයාගෙන් එකම එක ප්‍රශ්නයයි අහන්නෙ රත්තරනේ. මෙන්න මේ මම ක්වොට් කරපු ටික උඹ ඉගනගත්තේ කොතනින්ද? Source please???:lol::lol::lol:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    උඹට කියන්න පුළුවන් දේ ගැන මට ප්‍රශ්නෙකුත් නෑ. වැඩකුත් නෑ. නමුත් බුදුහාමුදුරුවන් නොකී දෙයක් කිව්වා කියල පට්ට පල් කෙබර කියන ඒකයි මට ප්‍රශ්නේ.

    කිව්වද? නැද්ද? එතනින් මේ කතාව ඉවරයි.

    මෙච්චර පැහැදිලිව කරුණු පෙන්වද්දිත් ඒවා පිළිනොගෙන ගොන් තර්ක කියල මගහැරීම උඹට උන වැරැද්ද පිළිගැනීමට තියන ලැජ්ජාව කියල මම හිතාගන්නම්.

    අපේ ගෙවල් පැත්තේ හරකෙක් ඉන්නවා ඌට උනත් දෙතුන් පාරක් කියල දුන්නම යමක්කමක් තේරෙනවා...

    "මිනිස්සු ගනිතය ඉගෙන ගෙන අයිසැක් නිවුටන් වන්දනාමාන කරන්න නිව්ටන්ට පුද පූජා තියන්න අරන් තෙරුවන් සරණින් ඈත්වෙන දවසක ඔන්න මට කියන්න පුලුවන් " ඔකත් ලාමක විද්යාවක් ඕක ගනන් හදන්න ගත්තට ඔක සරණ යන්න එපා කියල."

    උඹට සින්හල තෙරෙනවනම් මේක කියවපුවාම මම කියන දේ තෙරෙන්න ඕනේ. මම කියල නෑ ගිහියො ඔය ලාමක විද්යා වලින් සම්පුර්නයෙන්ම අත් මිදෙන්න කියල. ඒක තමා

    "
    ඔකත් ලාමක විද්යාවක් ඕක ගනන් හදන්න ගත්තට"

    කීයල තියෙන්නේ. ඔන්න ආයේ කියනවා බලා ගන්න....

    ගනන් හදන්න ගත්තට ගනිතයේ සරණ යන්න ඒපා.
    ඒ වගේම ජොතිශ ඇත්ත කියල හිතනෙවානම් වැඩක් පොලක් කරගන්න ගත්තට ඒකෙ ඉන්නතරමක් දෙවියොයි,බූතයොයි සරණ යන්න එපා. තේරුනාද.......?ආයේ කියන්නද....
    do-you-understand.gif

    ඔන්න තේරුනානම් ආයෙ "
    කිව්වද? නැද්ද? "වගේ ගොන් ප්‍රශ්න අහන්න එපා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    චගු;16272767 said:
    මේ ලියන්නෙ තමන් සිංහල බෞද්ධ (මමත් ඇතුළුව ) කියන අය සඳහා මයි:

    අපි මේ භවයෙ සිංහල බෞද්ධ අම්ම කෙනෙකුට දාව ඉපදුනේ අපි ගිය භවයෙ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, සීලයත්, සමාධියත්, ප්‍රඥාවත් වඩපු නිසා මයි..
    ගිය භවයෙ අපි දන් දුන්නා, අනිත් අය කෙරෙහි මෛත්‍රී කලා.. භාවනා කරල සමථ, විදර්ශනාව වැඩුවා. ඒ නිසා ම අපි මේ මනුශ්‍ය භවයෙ සිංහල අම්ම තාත්ත ලැබුවා..

    නමුත් දැන් මේ ඉපදිලා ඉන්න භවයෙදි අපි ශ්‍රද්ධාවෙන් දුර්වල නම්,, සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් දුර්වල නම්.. ලෝභය, ද්වේශය, මෝහය වඩනව නම්..
    අපි ඊලඟ භවයෙ මනුස්සයෙක් උනත් අපි බෞද්ධ වෙන්නෙ නෑ.. අපි උපදින්නෙ අබෞද්ධ පවුලක.

    ඉතින් දැන් බෞද්ධාගම, සිංහල ජාතිය බිලි ගන්නවා කිය කියා අනුන් ට බැනල වැඩක් තියෙනවද ? (බනින්න ඕනි අවස්ථා ඕනි තරම් තියෙනව.. මම මේ කියන්නෙ ඒ අසාධාරණ කම් වලට එරෙහි වීම නෙවෙයි. බෞද්ධ කියල කියා ගන්නව නම් අපෙන් විය යුතු දේ මතක් කර දීම පමණයි)

    වර්ථමාන සිංහල බෞද්ධයා වඩන්නෙ අබෞද්ධ කම නම්.. අපේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය අපිට ඉක්මනින් අහිමි වේවි. මෙහෙම ගියොත් ආයෙමත් බෞද්ධ වෙලා අපි උපදින්නෙ නැති නිසා..

    අන්තිමට බැලුවාම බෞද්ධ ජනගහනය අඩු කර ගන්නෙ අපි ම නේද ?

    අපි අපෙන් වෙන්න ඕනි දේ නියම බෞද්ධයෝ විදියට කරනවද ? මේකද බෞද්ධ ජීවිතය ?

    මේ කියන්නෙ කාව වත් සුද්ධ කරන්න නෙවෙයි.. අපි අපි දිහා හැරිල පොඩ්ඩක් බලමු.. අපි නියම බෞද්ධයෝ ද ?
    මේකෙ ඉන්න උන්ට තරක කරගන්න බැරි උන ගමන් කියන්නෙ අපි බෞද්ධ උනේ අම්ම තාත්ත බෞද්ධ උන නිසයි කියන එකනෙ.. පට්ට 8+